ජීවත් වෙනවා කියන්නෙ සෙල්ලමක් නෙවෙයි මචං. ඒක තේරෙන්න රස්සාවක් කරලා, තමන්ගේ ජීවිතේ වගකීමවත් අතට ගන්න ඕන. ඔන්න පවුලක් පන්සලක් එහෙම වුනා නම් ජීවිතේ බර සුපිරියටම දැනෙන්න පටන් ගන්නවා. ඉස්සර වගේ නෙවෙයි. දැන් ජීවන වියදම වැඩියි. රටේ ආර්ථිකේ විතරක් නෙවෙයි, ලෝක ආර්ථිකේත් ටොයිලට් එකේ තියෙන්නේ. ඉතින් එහෙම කාලෙක වුනත් අපි කොහොමහරි ජීවත් වෙන්න ඕනනේ. නිකම්ම ජීවිත කාලේම බර අදින බූරුවෝ වගේ ජීවත් වෙලා හරියන්නෙත් නෑ. ජීවත් වෙනවා කියලා දැනෙන්න ජීවිතේ ආතල් එකකුත් අරගෙනම ජීවත් වෙන්න ඕනනේ. ආන්න එහෙම ජීවිතේ ආතල් එකත්, ජීවන බරත් බැලන්ස් කරගෙන ජීවත් වෙන්න නම් මේ උපදෙස් කීපය කියවලා බලන්න.
1. විකල්ප බලශක්ති විසඳුම් වලට යමුද?

Image Source – compelo.com
මේක නම් සරල ටිප් එකක් නෙවෙයි. හැබැයි හිතන්න, විදුලි බිල් වලට ගහන ටැක්ස් දිනෙන් දින වැඩිවෙනවා මිසක් අඩුවෙන්නෙ නෑ නේද? හැබැයි දැන්ම තියාම සූර්ය බලශක්ති පද්ධතියකට ආයෝජනය කළොත් ඒකෙන් සැලකිය යුතු වෙනසක් සිදුකරගන්න පුලුවන්. සෝලාර් සිස්ටම් එකකට යන වියදම බැංකු ණයක් විදියට දෙන ක්‍රම එහෙමත් දැන් තියෙනවා. හැබැයි ඉතින් සැලකිල්ලෙන් ගණන් හදලා බලන්න ඕන මාසෙකට ගෙවන්න ඕන වාරිකය සහ නිවසේ විදුලි බිල අතර පරතරය, ගෙවලා ඉවර වෙනකොට කොයි තරම් වාසි සහගත වෙයිද වගේ කාරණා ගැන.
2. බොන පාටි

Image Source – videoblocks.com
දැන් ඉතින් අපි හැමෝම කන බොන මිනිස්සුනේ. එතකොට ගොඩක් දෙනෙක් ඉන්නවා සතියකට දවස් දෙක තුනක් පොඩි බියර් අඩියක් එහෙම ගහන්න කැමති. දැන් බොන එක නවත්තන්න කියලද අපි කියන්නේ? නෑ. අපි කියන්නේ බොන එක ආතල් කරගන්න කියලා. ඒ කියන්නේ මෙහෙමයි. අපි කියමු සතියකට දෙකකට සැරයක් සති අන්තේ සම්පූර්ණයෙන්ම නිවාඩු තියෙන දවසක් කියලා. ආන්න ඒ වගේ දවසක හවස් අතේ යාලුවෙක් එක්ක සෙට් වෙලා, එහෙම නැතිනම් ආස සිංදුවක් එහෙම දාගෙන බියර් එකක් ගහන එකේ වෙනම කලාවක්, ආතල් එකක් තියෙනවා. හැබැයි ඒ ආතල් එක අර දවසම වැඩ කරලා ඉවරවෙලා හදිසියට බාර් එකට ගිහින් බොන බියර් එකකින් ලැබෙන්නේ නෑ.
3. එලියෙන් කෑම

Image Source – dissolve.com
මේක ගොඩක් වෙලාවට බලපාන්නේ අලුත බැඳපු කපල් වලට සහ තනියෙන් ඉන්න කෙල්ලන්ට සහ කොල්ලන්ට තමයි. ඒ තමයි උයන්න කම්මැලි නිසා එලියෙන් කන එක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. එලියෙන් කනකොට සෑහෙන්න වැඩි ගාණක් වියදම් වෙනවා. විශේෂයෙන්ම පීසා පාරක් එහෙම දානවා කියන්නේ වියදම උපරිමයි. අනික ශරීර සෞඛ්‍යයට ඒ තරම් හොඳත් නැහැ. ආන්න ඒ නිසා එළියෙන් කන එක මාසෙකට දවසක් හෝ දෙකක් උපරිම කරන්න තියාගන්න. අනික් දවස් වලට උයන්න කම්මැලී වගේ හිතුණොත් වෙනස් විදියේ රෙසිපියක් අත්හදා බලන්න. ඒක වෙනම ආතල් එකක් බ්‍රෝ!
4. හස්ත කර්මාන්ත!

Image Source – caleidoscope.in
දැන් අපි හැමෝටම විනෝදාංශ තියෙනවනේ. හැබැයි ගොඩක් දෙනෙක්ට අද කාලේ තියෙන්නේ මෙලෝ රහක් නැති ලොන්ත විනෝදාංශ. එක්කෝ කියයි ටීවී බැලීම කියලා. නැත්තං නිදාගැනීම කියලා. මොන ජීවිතද අයිසෙ මෙව්වා. ඒ නිසා ඔය වගේ මැන්ටල් විනෝදාංශ වෙනුවට පටන් ගන්න මොනවා හරි හස්ත කර්මාන්තයක් ඉගෙන ගන්න. ඒ කියන්නේ එක්කෝ රේන්ද ගොතන එක වෙන්න පුලුවන්, ෆැබ්‍රික් පේන්ටින්ග් වෙන්න පුලුවන්, වඩු වැඩ වෙන්න පුලුවන්, අර ලී වලින් පොඩි නැව් හදන එක වෙන්න පුලුවන්, යකඩ වැඩ වෙන්න පුලුවන්. ඇත්තටම මේ වගේ දෙයක් කරන එකේ තියෙන මානසික සුවය අපමණයි. ඒ විතරක්ද, අමතර ආදායම් මාර්ගයකුත් එතනම තියෙනවා!
5. සැටලයිට්/කේබල් ටීවී/ටෙලිෆෝන්

Image Source – alamy.com
පොඩ්ඩක් එක මාසෙක ටීවී සහ ෆෝන් බිල් අතට අරගෙන බලන්න. දැන් බලන්න ඒකේ තමන්ට වුවමනා නැති වියදම් මොනවද ලැයිස්තු ගත කරලා තියෙන්නේ කියලා. උදාහරණයක් විදියට සමහරුන්ගේ ලෑන්ඩ් ලයින් වල CLI වලට ගාණක් එකතු වෙනවා. හැබැයි ගෙදර තියෙන ලෑන්ඩ් ෆෝන් එක CLI පේන මොඩ්ල් එකේ එකක් නෙවෙයි. එහෙම නැතිනම් මොනවා හරි රින්ගින් ටෝන් වලට, දිනපතා එන සිත නිවන කතා වලට මොබයිල් ෆෝන් බිලේ ගණන් එකතු කරලා තියෙන්න පුලුවන්. වැඩක් නෑනේ. කාටවත් පලක් නෑනේ!
තව කාරණයක් තමයි දැන් ඔය සැටලයිට් හෝ කේබල් ටීවී බැලුවොත් අපි ජීවිතේට බලලා නැති චැනල් කීයක් තියේද? ඇත්තටම ගොඩක් ජීවිතේට බලන්නෙ නැති චැනල් දෙන්නේ නොමිලේ. ඒත් ගොඩක් දෙනෙක්ගේ සැටලයිට් හෝ කේබල් ටීවී එකේ මුදල් අය වෙන සමහර චැනල් තියෙනවා බලලා නැති. ඉතින් එහෙම ඒවා කැන්සල් කළොත් මොකද? ඕන නම් අර තමන්ට ඕන චැනල් ටික විතරක් බලන්න හදාගන්න ක්‍රමේකට යන්නත් පුලුවන්.
6. ට්‍රාන්ස්පෝට්

Image Source – elements.envato.com
අපිට ඇත්තටම ගමනාගමනයට මුදල් වැය වෙන්නේ බොහෝ විට කම්මැලි කම හෝ නොසැලකිල්ල හින්දා. එකක් තමයි හැමදාම පරක්කු වෙනකල් නිදාගෙන ඉඳලා පිස්සු හැදිලා වගේ වැඩට දුවනවා. ඉතින් ත්‍රීවිල් සරණං ගච්චාමි! එතකොට ඔෆිස් එකේ ඉඳන් කෑම එකක් ගන්න කිලෝමීටරයකටත් අඩු දුරක් යන්න කැමති නෑ, ඒකටත් ත්‍රීවිල් ඕන. ඇත්තටම සමහරු ගන්න පඩියට වඩා ත්‍රීවිල් වලට වියදම් කරනවා. හැබැයි යන හැම තැනකටම පොඩ්ඩක් කලින් යන්න පුරුදු වුනොත්, පොඩි දුරක් ඇවිදින්න තියෙන වෙලාවක කම්මැලි නැතුව ඇවිදින්න පුරුදු වුනොත් ඒකෙන් තියෙන වාසිය තමන්ටයි. සල්ලි ඉතුරු වෙන එක විතරක් නෙවෙයි, ඒකේ ආතල් එකකුත් තියෙනවා. බස් එකේ කෝච්චියේ යනවා නම් එහෙම යන ගැංසි තියෙනවා. සෙට් වෙන්න ඒ වගේ ඔෆිස් ගැන්සියකට. ගමනත් ආතල්, ගමනේ වෙහෙස දැනෙන්නෙත් නෑ. සූටි නංකියෙක්, සුදු අයියෙක් එහෙමත් අනිවා සෙට් වෙයි!
7. අමතර ආදායමක්!

Image Source – campuspress.yale.edu
දැන් කාලේ ඇත්තටම අපිට ඩොලර් වලින් උපයන්න පුලුවන් නම් වාසියි. ඉතින් ඇයි පාට් ටයිම් වැඩක් පටන් ගන්නේ නැත්තේ? උදාහරණයක් විදියට www.fiverr.com වගේ වෙබ් අඩවියක රෙජිස්ටර් වෙලා පාට් ටයිම් වැඩ කරන්න පුලුවන්. ඒ වගේ වැඩ කරන්න තමන්ට කුසලතා නැහැයි කියලා හිතනවා නම්, ඒත් වැඩේ සරලයි. කුසලතා හදාගන්න පටන් ගමු. වෙබ් ඩිසයිනින්ග් එහෙම නොමිලේ ඉගෙන ගන්න පුලුවන් තැන් අන්තර්ජාලේ ඕන තරම් තියෙනවා. ඉතින් ඒ වගේ වෘත්තිය දැනුමක් ලබාගත්තට පස්සේ පාට් ටයිම් වෙබ් ඩිසයින් වගේ වැඩක් කරන එක ඇත්තටම ආතල්. මෙතනදී වෙබ් ඩිසයින්ම නෙවෙයි, තමන්ට ආතල් වෙන ක්ෂේත්‍රයක් තෝරගන්නත් පුලුවන්.
Cover Image Source – worldtravelguide.net
Leave a Reply