අඩු වයසින් දිවි ගමනින් සමුගත් අපේ කලාකරුවෝ 7 දෙනෙක්

කෙනෙක් අඩු වයසින් මැරෙනව කියන්නෙ ළඟම අයට දරාගන්න බැරි දුකක් ඉතුරු කරන දෙයක්. ඒ වගේම තරුවක් අඩු වයසින් නිවී යනවා කියන්නේ ඊටත් වඩා රටේ මිනිස්සුන්ගෙ හිතට දුකක් ගෙන දෙන දෙයක්. තරුවක් කියලා මේ කිව්වේ අහසේ තියෙන තරු ගැන නම් නෙවෙයි. කලා තරු ගැන. හරි අද අපි මේ කියන්න යන්නේ අඩු වයසින් මෙලොවින් සමුගත්ත ලාංකික කලා තරු කිහිපයක් ගැන.

1. රමණි බර්තොලමියුස්

Image Source – gossip.hirufm.lk

මේ මරණය ගැන කතා කරන්න නම් ඔබව අපිට එක්කන් යන්න වෙනවා 1987 අවුරුද්දට. රමණි කියන්නේ 1985 අවුරුද්දේ ලංකාවේ රූ රැජිණ. 1987 වෙනකොට ඇගේ වයස අවුරුදු විසි එකයි. එවකට රමණිගෙ පෙම්වතා වෙලා හිටියේ ජනප්‍රිය නළු කමල් අද්දරආරච්චි. කමල් ඈ සමග බහින්බස්වීමක් ඇති කරගත් බවත්, පසුව කෝපයෙන් වාහනය එළවාගෙන එතැනින් පිටව යන්න හදද්දී එය වළක්වන්නට රමණී කමල්ගේ වාහනයට පැන්න බවත් වාර්තා වුණා. හිසට සිද්ධ වුණු බරපතල හානියකින් තමා ඇගේ මරණය උනා කියල කියන්නෙ. උසාවියෙන් නිර්දෝෂී වෙලා තිබුණත්, එකල මේ මරණයට බොහෝ දෙනා කමල්ට ඇඟිලි දිගු කරන්නට වුණා.

2. සාගරිකා ගෝමස්

Image Source – plus.google.com

සාගරිකා ගෝමස් කියන්නෙ අදටත් දේශපාලන වේදිකා වලදී ඔබට අපට අහන්න ලැබෙන නමක්. කවුද ඇය? ඇය ගුවන් විදුලිය හරහා ප්‍රකට වූ කලාකාරිණියක්. ගුවන් විදුලියේ නාට්‍ය වලට තම සුන්දර හඬ දායකත්වය ලබා දුන්නියක්. දක්ෂ නිවේදිකාවක්. ඒ වගේම නර්තන ශිල්පිනියක්. සාගරිකා ඝාතනය පිළිබඳ චෝදනාව යන්නේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට.  ඝාතනයට හේතුව සාගරිකා රාජ්‍ය මාධ්‍යයක සේවය කිරීම.  මිය යන විට ඇගේ වයස අවුරුදු 27 යි. ඇය මිය යන්නේ 1989 සැප්තැම්බර් 13 වෙනිදා.

3. ඉන්දික ගිනිගේ

Image Source – srilankamirror.com

ඉන්දික ගිනිගේ කියන්නෙ කාලයක් ලංකාවේ තරුණියන්ගේ සිහින කුමාරයා. ඔහු නලුවෙක් වගේම ගායකයෙක්. එහෙම වුණත් කාලෙක ඉඳලා ඔහු ගැන කිසිම කතාවක් නැති වෙනවා. එක පාරටම ඔහු ගැන කතා වෙන්න ගන්නේ 2018 ජූලි 24 වැනිදා සිද්ද වෙන ඔහුගේ මරණයත් එක්කයි. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 37ක් වුණා. ඒ වගේම ඔහු එක් දරු පියෙක්. ඖෂධ මාත්‍රාවක් අධික ලෙස ලබා ගැනීමෙන් ඔහුගේ මරණය සිද්ධ වුණා කියලයි කියවුණේ.

4. ග්‍රැන්විල් රුද්‍රිගූ

Image Source – facebook.com

ග්‍රැන්විල් අප අතරින් සමුගන්නේ 1999 අවුරුද්දෙ ජනවාරි 14 වෙනිදයි. කවුද මේ ග්‍රැන්විල්? අද තරුණ පරම්පරාවට දැනගන්නත් එක්ක ඔහු ගැන මෙහෙම කියන්නම්. ග්‍රැන්විල් කියන්නේ අති දක්ෂ රංගන ශිල්පියෙක්. සරත්චන්ද්‍රයන්ගේ සියලු නාට්‍ය වලත්, පුරන් අප්පු, හංස විලක්, කැඩපතක ඡායා වගේ චිත්‍රපට වලත් ඔහු රඟපෑවා. ඒ වගේම ඔහු ගායකයෙක්. මර මර ඔටා දමඥ්ඥා, චන්දන මල්දම් වගේ ගීත ඔහුගේ. ඉතින් මේ දක්ෂ කලාකරුවා වයස අවුරුදු 40 දි අපි අතරින් සමුගෙන යන්නම යනවා රිය අනතුරකට ලක් වීමෙන්.

5. දසුන් නිශාන්

Image Source – foodrepublic.com

මෑතකදී මිය ගිය ලාංකික තරුණ නලුවෙක් තමයි දසුන් නිශාන් කියන්නෙ. දසුන් ඔහුගේ සමකාලීන පරම්පරාවේ නලුවන්ගෙන් වෙන් වෙලා ඉහළට ආවේ ඔහුගේ රූපයේ තිබුණු ආකර්ෂණීය බවත්, ඔහුගේ රඟපෑමේ ප්‍රතිභාව හන්ද කියලත් පැහැදිලිවම කියන්න පුලුවන්. ඒත් දසුන් හදිසියේ මේ ලෝකෙන් යන්න තීරණය කරනවා. ඒ 2017 සැප්තැම්බර් 25 වැනිදා සියදිවි නසාගනිමින්. මව, බිරිඳ, පෙම්වතිය කියන සාධක තුනක් අතර හිර වෙලා හිටපු දසුන් මේ තීරණය ගන්න බලපෑවේ ඔවුනොවුන් අතර තිබූ ඝට්ටන කියලයි සඳහන් වුනේ. කොහොම උනත් නිරපරාදේ ලංකාවට වටිනා ජීවිතයක් අහිමි වුණා.

6. තරිඳු විජේසිංහ

Image Source – gossips.lkactress.com

තරිඳු විජේසිංහ කියන්නේ තමන්ගේ මාවත හදාගනිමින් සිටි තරුණ රංගන ශිල්පියෙක්. වයස අවුරුදු 27 යි. චාතුර්යා, සුදු සේල, කුරුළු පිහාටු වගේ ටෙලි වලට ඔහු සිය රංගන දායකත්වය ලබා දී තිබුණා. සුන්දර හිනාවෙන් සඟවාගෙන හිටපු ප්‍රශ්න ගොඩක් තරිඳුට තිබුණා. එකක් තමයි පවුල් ජීවිතයේ ගැටලු, අනික දියවැඩියාව. දියවැඩියාවෙන් බොහෝ ලෙස පීඩා වින්ද ඔහු 2011 අවුරුද්දෙදි මිය යන්නේ ඔහුගේ පෙම්වතියගේ නිවසේදීයි.

7. කවීශා අයේශානි

Image Source – gossip.hirufm.lk

ඇය නවක රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපණ ශිල්පිනියක්. බොහෝ සෙයින් කතා බහට ලක් වුණු පියුමි හංසමාලි නම් නිරූපණ ශිල්පිනියගේ සමීප මිතුරියක්. ඇය මිය ගියේ මෝටර් රථ අනතුරකින්. ඒ 2016 ඔක්තෝම්බර් 16 වෙනිදා උදෑසන. නුගේගොඩ දී තමයි මේ අනතුර සිදු වුනේ. කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පස්සෙ ඇය මිය ගියා කියලයි සඳහන් වුණේ.  ඇයගේ මරණය සැක සහිතයි කියලා බොහෝ දෙනා කිවුවත්, එය රිය අනතුරකින් සිදුවූවක් බව පසුව සනාථ වුණා.

බොහෝ වෙලාවට කලාකරුවො මිය යන්නේ අභිරහස් ගොඩක් ඉතුරු කරලයි. ඒ වගේම මරණය කාටත් පොදු බවට වන පණිවිඩයකුත් දීලයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *