තනියම ගෙදර ඉන්න වෙලාවට ගෙදර ගිනි තියන්නේ නැතුව හදාගන්න පුළුවන් සරල කෑම

ගෙදර තනියම ඉන්න වෙලාවට දැනෙන බඩගින්න එක්ක ඩීල් කරන්න හරි අමාරුයි. කඩේකට ගිහින් මොනවා හරි ගන්නවා වගේ නෙවේ උණු උණුවේ මොනා හරි බඩට දාගන්න තිබ්බා නම්. හැබැයි එහෙමයි කියලා උයන්න ගියාම හත්පොළේ ගාගෙනත් බැහැ. කාගෙන්වත් වචනයක් අහන්නේ නැතුව, කුස්සියට බරපතල හානි නොකර ඔයාටත් ලේසියෙන් හදාගන්න පුළුවන් කෑම වර්ග කීපයක් තමයි මේ.

 

1. ෆ්‍රෙන්ච් ටෝස්ට්

Image Source – saudereggs.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. බිත්තර 3ක්
  2. කිරි කෝප්පයක් (ෆ්‍රෙෂ් මිල්ක් නම් වඩාත් හොඳයි)
  3. ලුණු ස්වල්පයක්
  4. ගම්මිරිස් ස්වල්පයක්
  5. පාන් පෙති
  6. චීස් පෙත්තක් (අවශ්‍ය නම්)

 

  • බිත්තර ගසාගන්න. එයට කිරි, ලුණු සහ ගම්මිරිස් එකතු කර හොඳින් කවලම් කරන්න. ඉන්පසු පාන්පෙති එම ද්‍රාවණයේ දමා හොඳින් පොඟවාගන්න.
  • සෝස්‌පෑන් එකකට බටර් ස්වල්පයක් දමා පාන් පෙති රන්වන් පාට වනතුරු දෙපැත්ත මාරු කරමින් යන්තම් බැදගන්න. එහෙමම ආහාරයට ගන්නත් පුළුවන්. මැදට චීස් පෙත්තක් දාලා කන්න තිබ්බා නම් පංකාදුයි.

 

2. ටෝස්ටර් රොටී

Image Source – elevenia.co.id

අවශ්‍ය ද්‍රව්‍ය

  1. පිටි 150g
  2. බේකින් පවුඩර් තේ හැඳි 1/2ක්
  3. ලුණු
  4. බටර් මේස හැඳි 3/4ක්
  5. සුදු ළූණු බික් 1
  6. ලොකු ළූණු ගෙඩියක්
  7. කෑලි මිරිස්  තේ හැඳි 1/2ක්
  8. තුනපහ තේ හැඳි 1/2ක්
  9. කහ
  10. කරපිංචා
  11. ලුණු අවශ්‍ය පදමට
  12. බිත්තරයක්

 

  • ඉස්සෙල්ලා ම පිටි මෝලිය හදාගෙන ඉන්න ඕනි. ඒකට පිටි, බේකින් පවුඩර්, ලුණු සහ බටර් ටික එකට කලවම් කරගන්න. (ඉස්සෙල්ලාම වතුර දාන්න යන්න නම් එපා) මේ මිශ්‍රණය අනන ගමන් හිමීට වතුර එකතු කරගන්න.
  • මේ විදියට හදාගත්තු මෝලියෙන් ගුලි හදලා පැත්තකින් තියන්න.
  • සුදු ළූණු, ලොකු ළූණු, කරපිංචා තෙලට දාන්න. මේකට පිරවුමට සුදුසු සොසේජස් හෝ එවැනි දෙයක් දාලා කෑලි මිරිස්, තුනපහ, කහ, ලුණු සහ බිත්තරය එකතු කරගන්න.
  • ඊට පස්සේ පිටි ගුලියක් අරගෙන අවශ්‍ය හැඩයකට හදලා පිරවුමෙන් පුරවගෙන ටෝස්ටර් කරගන්න.
  • බටර් ටිකක් මතුපිටින් තවරා ආහාරයට ගන්න.

 

3. සොසේජ් චීස් බෝල

Image Source – carolinapride.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. සොසේජස් 4
  2. චොප් කරගත් ළූණු
  3. තම්බා පොඩි කරගත් අල ගෙඩියක්
  4. ලීක්ස් ස්වල්පයක්
  5. බිත්තරයක්
  6. පාන් පිටි
  7. මොසරැල්ලා චීස් මේස හැඳි 3ක්

 

  • සොසේජස් ටික කැබලි කරගන්න.
  • චොප් කරගත් ළූණු සහ ලීක්ස් සමග අල සහ මොසරැල්ලා චීස් ටික එකතු කරගන්න.
  • කැමති ප්‍රමාණයට බෝල කරගත් සොසේජස් බෝල බිත්තර සාරුවල දවටා, පාන්පිටිවල තවරා ගැඹුරු තෙලේ බැදගන්න.

 

4. ක්‍රීම් ක්‍රැකර් කට්ලට්

Image Source – youtube.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. ක්‍රීම් ක්‍රැකර් බිස්කට් 6ක්
  2. පොඩි කරගත් සැමන් මේස හැඳි 3ක්
  3. තම්බා පොඩි කරගත් අල ගෙඩියක්
  4. ලොකු ළූණු ගෙඩියක්
  5. කරපිංචා
  6. අමුමිරිස් කරලක්
  7. කෑලි මිරිස් අවශ්‍ය තරමට
  8. ලුණු අවශ්‍ය තරමට
  9. බිත්තරයක්
  10. බිස්කට් කුඩු
  11. තෙල්

 

  • පෑන් එකකට තෙල් ස්වල්පයක් දාලා ලොකු ළූණු, කරපිංචා, අමුමිරිස් දාලා තෙම්පරාදු කරගන්න.
  • ඒකට සැමන් සහ අල එකතු කරගන්න. ඊට පස්සේ කෑලි මිරිස් සහ ලුණු එකතු කරගන්න.
  • බිස්කට් දෙකක් අරගෙන ඉස්සෙල්ලා හදාගත්ත මිශ්‍රණය පුරවලා, බිත්තර සාරුවේ පොඟවලා, බිස්කට් කුඩුවල තවරලා ගැඹුරු තෙලේ බැදගන්න.

 

5. බතල බයිට්

Image Source – tastykitchen.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. බතල ගෙඩි අවශ්‍ය පමණට
  2. ලුණු කුඩු අවශ්‍ය පමණට
  3. මිරිස් කුඩු අවශ්‍ය පමණට

 

  • බතල සිහින්ව කපාගන්න. පිරිසිදු පොට්ටනියක බැඳලා උණු වතුරේ විනාඩි 2ක් තැම්බෙන්න ඉඩ හරින්න.
  • සීතල වතුරේ විනාඩි 15ක් පමණ තබන්න. තෙත මාත්තු කරගෙන ගැඹුරු තෙලේ බැදගන්න.  බාපු ගමන්ම ලුණු සහ මිරිස් එකතු කරගන්න.

 

6. අනියන් රින්ග්ස්

Image Source – friendlysrestaurants.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. ලොකු ළූණු ගෙඩියක්
  2. පාන් පිටි 50
  3. කෝන් ෆ්ලාර් මේස හැඳි 1ක්
  4. බිත්තර 1ක්
  5. ලුණු අවශ්‍ය පමණට
  6. ගම්මිරිස් අවශ්‍ය පමණට
  7. බිස්කට් කුඩු
  8. තෙල්

 

  • බැටර් එකයි ඉස්සෙල්ලාම හදාගන්නේ. පාන්පිටි, කෝන් ෆ්ලාර්, බිත්තර, ලුණු සහ ගම්මිරිස් දාලා බැටර් එක හදාගන්න.
  • ඊට පස්සේ පෙති කපාගෙන, රවුම් වෙන්කරගත් ළූණු බැටර් එකේ පොඟවාගන්න.
  • බිස්කට් කුඩුවල තවරා ගැඹුරු තෙලේ බැදගන්න.

 

7. නූඩ්ල් පැටී

Image Source – foodrepublic.com

අවශ්‍ය ද්‍රව්‍ය

  1. ක්ෂණික නූඩ්ල්ස් පැකට් 1ක්
  2. අල ගෙඩි 1ක්
  3. චොප් කරගත් ළූණු ගෙඩි 1ක්
  4. අමු මිරිස් කරලක්
  5. ලුණු සහ ගම්මිරිස් අවශ්‍ය තරමට

 

  • නූඩ්ල්ස් පැකට් එක තම්බා වතුර පෙරා ඉවත් කරගන්න. අල තම්බා පොඩි කරගන්න.
  • ඊට පස්සේ ඉතිරි අමුද්‍රව්‍ය සියල්ලත් සමග ඒවා එකතු කර කුඩා පැතලි රවුම් සාදා පෑන් එකක දාලා දෙපැත්තම රන්වන් පාට වෙනකන් බැදගන්න.

 

Cover Image Source –  findmyrecipes.com/10superfoods.com

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *