ගෑණු ළමයෙකුට කැමතියි කියලා එයාට අඟවන්නෙ කොහොමද?

බොරු කියන්න ඕන නැහැනෙ. පිරිමි ළමයින්ට හිත ගිය ගෑණු ළමයෙක් ඉන්නවම තමයි. සමහර වෙලාවට හිත ගිය දෙතුන් දෙනෙක්ම ඉන්නත් පුළුවන්. කොහොම වුනත් හිත ගිය අය හිතේ විතරක් තියාගෙන ඉන්න අමාරුයි කියල අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. මේ වෙලාවට හිතෙනව විරහව සැපක් කියලා. නොලැබෙන බව දැනගෙන ඉන්න එක ලේසියි කියල කොල්ලොන්‌ට හිතෙන්නෙ මේ වෙලාවටනෙ. අන්න ඒ නිසායි අපි මේ ක්‍රම ටික කියන්නෙ. හරිම ලේසියි. මේකෙන් ක්‍රම එකක් හෝ කිහිපයක් ඔයාටත් ඔයාගෙ හිතේ හිර කරගෙන තියෙන දේ එයාට කියන්න උදවුවක් වේවි.

 

1. නිරුවත් වෙන්න

Image Source – q2woman.com

හෝවු හෝවු! රෙදි ගලවන්න යන්නෙපා. නිරුවත් වෙන්න කියන්නෙ භෞතිකව නෙමෙයි, ආධ්‍යාත්මිකව. ඔයාගෙ හැම දේම එයා ඉස්සරහ දිගාරින්න. ඔයාගෙ වැරදි, ඔයාගෙ අතීතෙ, ඔයාගෙ බලාපොරොත්තු ව‌ගේ හැමදේම. එතකොට එයාටම හිතෙන්න ගන්නවා මේ යකා මොකද මෙච්චර දේවල් මට කියන්නෙ කියල. හැබැයි එයා කවදාවත් ඔයාගෙන් ඇයි මේවා මට කියන්නෙ කියල අහන්නෑ. ඒ ඔයාගෙ හිත රිදෙන නිසා. අන්න පුතෝ ඒක මේ වැඩේට හොඳ ප්‍රවේශයක්. මේකෙන් නිරුවත් වෙන්න කියල අදහස් කරන්නෙ එක දෙයයි. ඔයාට එයා ගාව ෆුල් රිලැක්ස් වෙන්න, ඕපන් වෙන්න පුළුවන් කියන දේ එයාට පෙන්නන්න. කොච්චර හොඳ යාළුවෙක් වුනත් කෙල්ලෙක් සහ කොල්ලෙක් අතර තිබිය යුතු දුරස්ථ බව එයා ඉස්සරහ බිඳෙන බව නොකියා කියන්න.

 

2. නන්ස්ටොප්

Image Source – pond5.com

දෙන්න අතරේ යන කතාබහකදි ඒ කතාව බිඳෙන්න දෙන්න එපා. ‌කතාවෙ රිදම් එක, ෆ්ලෝ එක කැඩෙන දේවල් කරන්නෙපා. කිසිම මොහොතක අනපේක්ෂිත දේවල් එක්වරම කියන්නෙපා. බැක්ග්‍රවුන්ඩ් සර්ච් එකකින් පස්සෙ කියන දෙයක් කියන්න. ඒ වගේම කතාව ආයාසයකින් තොරව කන්ටිනියු වෙන්න දෙන්න. ප්‍රශ්නයකින් ප්‍රශ්නයකට යන්න. එයාටත් බෝරිං නොවෙන්න, ප්‍රශ්න අහලා, ජෝක් දාලා ගේම් එක ගොඩ දාන්න. මේ විදියට කතා කරගෙන ගිහින් වඩා කුතුහලය දනවන තැනකින් ඒ කතාව ඉවර කරන්න. ෆෝන් එකෙන්ද මූණට මූණද කියල අදාළම නෑ. වෙන්න ඕන එයාව ඔයාගෙ කතාවට ආශක්ත කරගන්න එක විතරමයි.

 

3. සේම් බෝට්

Image Source – newlovetimes.com

හරි. දැන් ඔය කියපු කතාව අතරෙ වැඩිපුර කතා කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි එයා කැමතිම දේවල්. පොඩි ෆේස්බුක් සර්ච් එකකින් හොයාගන්න පුළුවන් ඒ දේවල්. උදාහරණෙකට එයා ඇක්ටිවු පිට ඉන්න ගෲප් එකක එයාගෙ නමෙන්ම සර්ච් එකක් දාලා, එයා වැඩිපුර කතා කරලා තියෙන දේවල් බලන්න. සාහිත්‍යයද? කලාවද? හැම දේම ගැන හිතන්න. ඔයාගෙ කතාව ඇතුළෙ අන්න ඒ විදියෙ දේවල්වල ඉන්ටරෙස්ටිං ෆැක්ට්ස් ටිකක් ඇතුළු කරන්න. එයාට ඔයාගෙ කතාවෙන් ගන්න දෙයක් ඉතුරු කරන්න. ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලන ගෑණු ළමයෙක්ද? ලතින් ඇමරිකානු නවකතාවල පරිවර්තන කියවන ගෑණු ළමයෙක්ද? කියන එකට අනුව ඔයා හැඩගැහෙන්න.

 

4. හිනාගස්සන්න

Image Source – newlovetimes.com

ලංකාවේ අසහාය ජෝකර්ස්ලාගෙ විදියට කාර් පස්සෙ වැටි වැටි දුව දුව, ඔලුවෙ බිත්තර ගහගෙන තමුන්ම හිනාවෙන ජෝක්ස් දාන්නෙපා. තමුන්ව පහළ වට්ටගෙන ඒකෙන් එයාව සතුටු කරවන්න එපා. ගොං සහ වැරදි ජෝක්ස් දාන්න එපා. එහෙම කියලා එයාටවත් නොතේරෙන සාරදර්භ ජෝක්ස් දාන්නත් එපා. සරල, ලා ඩබල් මීනිං පාරක් තියෙන ජෝක්ස් දාන්න. ජෝක් එක කොට වුනත් දිග වුනත් කමක් නෑ. ගොං නැත්තං එච්චරයි.

 

5. නොදැනෙන්න… නොතේරෙන්න

Image Source – rawpixel.com

එයාට මහා දෙයක් නොවෙන විදියට නොදැනුවත්වම දෙ‌න්නගෙ ස්පර්ශය වැඩි කරන එක තමයි ඊළඟ කාර්යය. උදාහරණෙකට දැනට එයා යාළුවෙක්නෙ. යාළුවෙක් නිසා කරට අත දාගෙන මචං කරගන්න යන්නෙපා. ඒක ඔයාට අවාසියක්. ෂේක් හෑන්ඩ් එක, අත අල්ලගෙන පාර පැන්නුම්, නළලට වැටෙන කොණ්ඩය සැකසීම්, කෑම කටක්, ඇඳුමේ ඇදයක් වගේ දෙයක් නොදැනිම අත අල්ලගෙන කතා කරන තැනකට, උරිස්සට ඔලුව තියාගන්න තැනකට ගෙනියන්න. ඉන වටේ අත දාන්න එයා ඉඩ දුන්නා කියන්නෙ වැඩේ හරි. දැන් කෙලින්ම වචනෙන් අහලා ට්‍රයි එක දෙන්න.

 

6. මිතුරන් කෙරේ…

Image Source – theodysseyonline.com

සාමාන්‍යයෙන් කොල්ලෙක් තමුන් සීරියස් පිට ආශ්‍රය නොකරන කෙල්ලෙක් ගැන ලෝකයාට දැන ගන්න ඉඩ තියන්නෙ නෑ. ඊටපස්සෙ අවට ලෝකයෙනුත් ඒ ගෑණු ළමයට අනපේක්ෂිත වචන වැටෙන්න ඉඩ තියෙනවනෙ. ඒ නිසා කොල්ලෙක් තමුන්ගෙ කෙල්ල කියලා ලෝකෙට පෙන්නන්නෙ සීරියස් ලවු එක. අන්න ඒක නිසා එයා නොදැනුවත්වම එයා ගැන ඔයාගෙ යාලුවොන්ට කියලා තියන්න වගේම එයාටත් ඒක දනවන්න. මුලින්ම යාළුවො එයා ගැන දන්නෙ ඇයි කියලා එයත් පුදුම වේවි. හැබැයි පස්සෙ එයා ඔයාගෙ හිතේ තියෙන ස්ථීරත්වය ගැන දැනගනීවි.

 

7. අති සාර්ථකම ක්‍රමය

Image Source – hawaiian-stereo.cf

හරි මහත්තයො. මේක තමයි ලොවෙත් අතිසාර්ථකම ක්‍රමය. ගෑණු ළමයි ආසයි කෙලින් කතා කරන පිරිමින්ට. එයා යාලුවෙක් වුනත් නැතත් යන්න එයා ගාවට. මං ඔයාට ආසයි. ඔයත් මට කැමතියි නං අපි අෆයා එකක් පටන් ගමු. ඔයාට කොල්ලෙක් ඉන්නවනං, කොල්ලෙක් නැතත් ඔයා කැමති නැත්තං ඒක අවුලක් නෑ. ඔයාගෙ උත්තරේ මොකද්ද කියල කෙලින්ම අහන්න. හිතේ පැල් බැඳගෙන වේලි වේලි ඉන්නව වගේ නෙමෙයි. ඔයාගෙ හිතත් සුද්දයි. එයාත් ඔයාට කැමති වෙන්න තියෙන ඉඩ හොඳටම වැඩියි.

 

Cover Image Source – hookup-club2.com

 

 

One response to “ගෑණු ළමයෙකුට කැමතියි කියලා එයාට අඟවන්නෙ කොහොමද?”

  1. AD says:

    Try karala balamu

Leave a Reply

Your email address will not be published. Required fields are marked *