මහත ඩයල් එකකට සෙක්ස් ලයිෆ් එක අවුලක් කර නොගන්න අපෙන් උපදෙස්

Fat sex

දැන් ඔය මහත දෙහෙත සරීර තියෙන උදවිය ඉන්නවනේ. ඔය මහත හාදයොන්ට සහ හාදියන්ට ජීවිතේ ප්‍රශ්න තියෙනවා. කෙට්‍ටු එවුන්ටත් ප්‍රශ්න තියෙනවා තමයි, හැබැයි මහත එවුන්ට කෙට්‍ටු එවුන්ට නැති ප්‍රශ්න තියෙනවා. උදාහරණයක් විදියට කිවුවොත් ඇඳුම් හොයන්න ගියහම මාර කට්ටක් කන්න වෙන්නේ මහත ඩයල් එකකට. එතකොට බස් එකක සීට් එකේ ඉඳගත්තත් එහෙමයි. ලංකාව වගේ රටක නම් මහත එකෙක්  පාරට බැස්සත් මිනිස්සු බලනවා, සමහරු කෙට්‍ටු වෙන්න ක්‍රම කියලා දෙනවා, තවත් සමහරු මහත ඇයි කියලා අහනවා. ඔය වගේ දාහක් ප්‍රශ්න. වෙන එකක් තියා මහත ඩයල් වලට සෙක්ස් කරන්න ගියත් ප්‍රශ්න. හැබැයි එහෙමයි කියලා මහත ඩයල් එකක් සෙක්ස් නොකර ඉන්න ඕනෑද? නැහැ මහත පිංවතුනි, එහෙම ඉන්න අවශ්‍ය නෑ. ඒත් විශේෂයෙන්ම මහත මනුස්සයන්ට විශේෂිත සෙක්ස් සම්බන්ධ ටිප්ස් ටිකක් අපි කියලා දෙන්නේ, මහත නිසා ඇඳේදී වෙන ප්‍රශ්න අවම කරගන්න උදවු කරන යහපත් චේතනාවෙන් තමයි!

 

1. තමන් මහතයි කියන එක පිළිගන්න ඕන

Image Source – nbcnews.com

සමහරු මහත් වෙන්නේ ශරීරය ගැන තියෙන නොසැලකිල්ල නිසා. සමහරු මහත් වෙන්නේ ජානමය හේතු නිසා. තවත් සමහරු වෙනත් ගැටළු නිසා මහත් වෙන්නත් පුලුවන්. මහතට ඉන්න එක අවුලක්ද? තමන්ගේ ශරීරයේ හැටියට බරක් තියෙනවා නම් සාමාන්‍ය ප්‍රමාණයට වඩා බෝලයි කියන එක ලොකු ගැටළුවක් නෑ. හැබැයි එහෙම නැතුව තරබාරු වෙන එක අවුලක් තමයි. ඒ ගැන අපි පසුවට කතා කරනවා. හැබැයි තරබාරුකම අවුලක් කියලා එක ‍රැයින් කෙට්‍ටු වෙන්න බැහැනේ. කෙට්‍ටු වෙනකල් සෙක්ස් නොකර ඉන්නත් බැහැනේ. ආන්න ඒ නිසා තමන් මහතයි කියන එක මුලින් පිළිගන්න වෙනවා. දෙවෙනියට තමන්ගේ ශරීරය ගැන තමන්ගේ හිතේ තියෙන අප්සට් එකෙන් මිදෙන්න වෙනවා. ඒකට කරන්න වෙන්නේ තමන්ගේ ශරීරයේ මහත, හැඩයක් නැති කම ප්‍රශ්නයක් කර නොගන්න සහකරුවෙක් හෝ සහකාරියක් ‍තෝරගැනීමත් එක්ක තමයි. ඒ එක්කම තමන් ගැන හොඳ ආත්ම විශ්වාසයකුත් තියෙන්න ඕන. අන්න එතකොට තමන්ගේ තරබාරු ශරීරය එක්ක වුනත් තවත් කෙනෙක් ඉස්සරහා නිරුවත් වෙන එක අවුලක් වෙන්නෙ නෑ. ඇත්තටම මේ ස්ටෙප් එක සාක්ෂාත් කර නොගත්තොත් මෙතනින් එහාට ආටිකල් එක කියවලා වැඩකුත් නෑ!

 

2. කැඩෙන බි‍ඳෙන දේවල්!

ඔව්. මේක ටිකක් හිනායන සීන් එකක් තමයි. හැබැයි ප්‍රැක්ටිකලි අනිවාර්යයෙන්ම මහත ඩයල් එකක් අත්දැකලා තියෙන දෙයක්. සරලවම කිවුවොත් මහත ඩයල් එකකට පුලුවන්ද දුවගෙන ඇවිත් ඇඳට පනින්න? පුලුවන්, හැබැයි ඇඳ පොලු කීපයක් කැඩෙන එක නවත්තන්න හම්බුවෙන්නෙ නෑ. දැන් සෙක්ස් කරනවා කියන්නේ ඇඳකට නැගලා සීරුවට නිදාගන්නවා වගේ සීන් එකක් නෙවෙයිනේ. ඇඳක සෙක්ස් කරනකොට ඇඳේ එහාට මෙහාට පෙරලෙන්න වෙනවා, කැරකෙන්න වෙනවා, අන්තිමට ඇඳේ උඩ පනිනවා වගේ සීන් වුනත් සිද්ධ වෙනවා. ඕක ඇඳක විතරක් නෙවෙයි, පු‍ටුවක, සෝෆාවක වුනත් එච්චර තමයි. ආන්න ඒ නිසා මහත දෙහෙත උදවිය සෙක්ස් කරනකොට තමන් ඉන්නේ කොහෙද කියන එක ගැන පොඩ්ඩක් ප්‍රවේසම් වෙන්න වෙනවා. හොඳම දේ තමයි තමන්ගේ ශරීර ප්‍රමාණයට ගැලපෙන හොඳ ඉඩ තියෙන, සවිශක්තිය තියෙන ඇඳක් ගන්න එක.

ඒ විතරක් නෙවෙයි, කෙට්‍ටු කෙනෙක් එක්ක මහත ඩයල් එකක් සෙක්ස් කරනවා නම් තමන්ගේ කෙට්‍ටු පාට්නර්ගේ කැඩෙන බි‍ඳෙන දේවල් ගැනත් පොඩ්ඩක් අවධානයෙන් ඉන්න එක හොඳයි!

 

3. දඟලන්න අමාරුයිද?

Image Source – losebabyweight.com.au

සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක්ගේ හිතේ තියෙන විශ්වාසයක් තමයි මහත ඩයල් සෙක්ස් කරනකොට ටිකක් කම්මැලියි කියන එක. ඒ කියන්නේ තමන් ඉන්න විදියෙන් හෙලවෙන්න, පොඩ්ඩක් දඟලන්න අකමැතියි කියන එක. මේකේ ඇත්තක් නැත්තේමත් නෑ. ඇඟ මහත දෙහෙත වෙනකොට දඟලන, පෙරළෙන වැඩ ටිකක් අමාරුයි. හැබැයි ඒකෙන් මිදෙන්න බැරි නෑ. සරලවම කිවුවොත් තමන්ගේ පාට්නර් හැමදේම කරලා දෙනකල් බලාගෙන ඉන්නේ නැතුව පොඩ්ඩක් චලනය වෙන්න මතක තියාගන්න ඕන. සෑහෙන්න ලොකු ජිම්නාස්ටික් වැඩවලට යන්න ඕන නෑ. හැබැයි ඇඳේ බෑවිලා හැමදේම පාට්නර් කරනකල් බලාගෙන ඉන්න එක අප්සට්නේ. ඒ නිසා පුලුවන් තරම් තමන්ට පහසු ඉරියවු වලින් චලනය වෙන්න. අසීරු ඉරියව් වලට ගිහින් කොන්දේ අමාරු, කෙණ්ඩා පෙරළීම් වගේ ඇබැද්දි කර නොගන්න.

 

4. පිරිසිදු බව අනිවාර්යයි

Image Source – youtube.com

සාමාන්‍යයෙන් සමාජයේ තියෙන දුර්මතයක් තමයි මහත ඩයල්ස් ගාව පිරිසිදුකම අඩුයි කියන එක. ඒක මිත්‍යාවක්. මහත වුනත්, නැති වුනත් කෙනෙක් අපිරිසිදුවට ඉන්න පුලුවන්. මහත කෙනෙක්ට, සාමාන්‍ය ශරීරයක් තියෙන කෙනෙක්ට වඩා තමන්ගේ ශරීර කොටස් පිරිසිදු කරගන්න සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා. මොකද ශරීරයේ එල්ලෙන මස් පිඬු වැඩියෙන් තියෙනවා කියන්නේ ආවරණය වෙලා තියෙන, බැක්ටීරියාවන්ට සෙල්ලං දාන්න තියෙන තැන් වැඩියි කියන එක. හැබැයි ඉතින් නිරන්තරයෙන් පිරිසිදුව ඉන්න හුරු වෙලා තියෙන ඩයල් එකක් කොච්චර මහත් වුනත් මේක ගැටළුවක් නෙවෙයි. ඒ නිසා ඇත්තටම මේ පිරිසිදු කම කියන කාරණාව මහත අයට විතරක් විශේෂ සෙක්ස් ටිප් එකක් නෙවෙයි. ඒත් ඉතින් ඔන්න පොදුවේ කියනවා. සෙක්ස් කරනවා නම් පිරිසිදුකම අනිවාර්යයි කියලා!

 

5. ඕරල් සෙක්ස් ඇතුළු තවත් ට්‍රික්ස්

Image Source – newsfeed.time.com

මේකත් මහත අයට විතරක් වැදගත් කාරණයක් නෙවෙයි. ඒත් මහත ඩයල්ස් මේක අනිවාර්යයෙන්ම හිතේ තියාගෙන ඉන්න එක හොඳයි. පළවෙනි කාරණාව සෙක්ස් කියන්නේ පෙනට්‍රේෂන් එක, එහෙම නැතිනම් යෝනියට හෝ වෙනත් ස්ථානයකට පුරුෂ ලිංගය ඇතුළු කිරීම නෙවෙයි. ඒක සෙක්ස් කරනකොට කරන එක දෙයක් විතරයි. හැබැයි ඒක අවශ්‍ය එක දෙයක්. ගොඩක් වෙලාවට ශරීරය මහත වෙනකොට තියෙන ගැටලුවක් තමයි ඉක්මනින් මහන්සි දැනෙන එක. එක ඉරියව්වකින් ගොඩක් වෙලා සෙක්ස් කරන්න බැරි එක. එතකොට පෙනට්‍රේෂන් එකට ඒක සෘණාත්මකව බලපානවා. හැබැයි ඒකට උත්තරේකුත් තියෙනවා.

එකක් තමයි ෆෝර්ප්ලේ එහෙම නැතිනම් පෙනට්‍රේෂන් එකෙන් වැඩේ ඉවර කරන්න කලින් කරන දහසකුත් එකක් දේවල් වැඩි වැඩියෙන් කරන එක. මේක ඇත්තටම මහත වුනත් නැති වුනත් ඕනෑම කෙනෙක්ට වටිනා අදහසක්. ඒ කියන්නේ තමන්ගේ පාට්නර්ව ලිංගිකව උත්තේජනය කරන්න සිදුකරන්න පුලුවන් මුඛ සංසර්ග ක්‍රියාවන්, සිපගැනීම්, අතගෑම්, ස්පර්ෂයන් වගේ එකී මෙකී නොකී දේවල් නිරන්තරයෙන්ම කරන එක. කොටින්ම කිවුවොත් තමන්ගේ අත් දිව විතරක් නෙවෙයි කකුල් පවා කොයි මොහොතකවත් නිකම් තියාගෙන ඉන්නේ නැතුව පාවිච්චි කරන්න පුලුවන් නම් සුපර්. මේ විදියේ කොලිටි ෆෝර්ප්ලේ එකක් නැතිනම් පූර්ව ලිංගික සංසර්ගීය ක්‍රියාවන් පාවිච්චි කරනවා කියන්නේ පෙනට්‍රේෂන් එකේ තියෙන මදිපාඩුව කවර කරගන්න පුලුවන් කියන එක.

ඒ වගේම පෙනට්‍රේෂන් එක හෙවත් සංසර්ගය රිද්මයානුකූලව, සෑහෙන්න ලොකු මහන්සියක් නොදැනෙන විදියට නවත්ත නවත්තා කරන එකත් උදවුවක් වෙයි.

හැබැයි ඔය මොනදේ වුනත් අපේ අන්තිම ටිප් එක මෙතනදී සෑහෙන්න වැදගත් වෙනවා කියලත් කියන්න ඕන.

 

6. පෙනට්‍රේෂන් අමාරුයිද? වෙන පොසිෂන් එකක් බලමුද?

Image Source – kenyan-post.com

ඔව්, මහත ඩයල් වලට සංසර්ගය පොඩ්ඩක් අසීරුයි. හැබැයි හිතන්න එපා මහත නැති ශරීර තියෙන එවුන්ට ඇස් පියාගෙන ඔය සංසර්ගය කියන පාට් එක ගොඩදාගන්න පුලුවන් කියලා. සරලවම කියනවා නම් ඔය නිල් කෑලි වල පෙන්නන විදියට සංසර්ගය සරල නෑ. කෙට්‍ටු දෙන්නෙක් ගත්තත් එකිනෙකාගේ ශරීර ප්‍රමාණයන් වෙනස්, ලිංගිකාවයවයන්ගේ පිහිටීම් වෙනස්. අන්න ඒ නිසා කොහොමත් සංසර්ගයට එනකොට පොඩ්ඩක් එහෙට මෙහෙට ඇජස්ට් කරගෙන තමයි වැඩේ ගොඩදාගන්න වෙන්නේ. දැන් මහත කෙනෙක්ට තමන්ගේ ශරීරයේ මහත නිසාම ඔය ප්‍රශ්නෙට මුහුණ පාන්න සිද්ධ වෙනවා. හැබැයි ඒකටත් විසඳුම් තියෙනවා!

එක විසඳුමක් තමයි තමන්ගේ ශරීර ප්‍රමාණයත් එක්ක අසීරු ඉරියවු වලට යන්නෙ නැතුව, වඩාත් පහසු ඉරියව් ‍තෝරාගන්න එක. උදාහරණයක් විදියට කිවුවොත් මහත කොල්ලෙක්ට තමන්ගේ මහත නැති කෙල්ලත් එක්ක ‘ගර්ල් ඔන් ටොප්’ වගේ පොසිෂන් එකක ඉන්න එක වඩා පහසු වෙන්න පුලුවන්. එතකොට මහත ගෑණු ළමයෙක් එක්ක නම් සෙක්ස් කරන්නේ ‘ඩොගී ස්ටයිල්’, ‘මොඩිෆයිඩ් මිෂනරි’ වගේ පොසිෂන් එකක් පහසු වෙන්න පුලුවන්.

ඒ වගේම කොට්ට වලින් තමන්ගේ පොසිෂන් එක වඩාත් පහසු කරගන්න පුලුවන්. එතකොට සෝෆා එකක්, බිත්තියක් වගේ ලේසියෙන් සෙලවෙන්නේ නැති දෙයක් අල්ලාගෙන පෙනට්‍රේෂන් එකට සපෝට් එක ගන්න පුලුවන්.

 

7. එහෙමනම් මහතට හිටියට අවුලක් නෑනේ?

Image Source – pluspng.com

නෑ ඒක අවුල්. අපි මේ ටිප් එක අවසානයට තියාගත්තෙත් ඒකයි. මහතයි කියන එක අවුල් වෙන්නේ මූලිකවම සෞඛ්‍යය සම්බන්ධ කාරණා නිසා. ඊළඟට එනවා සමාජීය ගැටළු, මානසික ගැටළු වගේ දේවල්. අන්න ඒ නිසා තමන්ගේ ශරීරයේ උසට, පළලට ගැලපෙන බරක් තිබීම අනිවාර්ය දෙයක්. ඒ නිසා තමන් තරබාරුයි නම් කරන්න තියෙන්නේ ඒකට ප්‍රතිකර්ම හොයන එක. ගොඩක් දුරට ආහාර පාලනයෙන් සහ නිරන්තර ව්‍යායාම කිරීමෙන් තරබාරුකම නැතිකරගන්න පුලුවන්. තරබාරු නැති, සුඛනම්‍ය සහ තමන්ට සැහැල්ලු ශරීරයක් තිබීම ඇත්තටම සෙක්ස් ලයිෆ් එකට වුනත් අමතර වාසියක්. සෙක්ස් ලයිෆ් එකට ‍ෆිට්නස් කොයිතරම් දුරට ඕනෑද කියන එක ගැන අපි අමුතුවෙන් කියන්න ඕන නැහැනේ!

හොඳට මතක තියාගන්න. මනුස්සයෙක් ‘සෙක්සි’ වෙන්නේ කෙට්‍ටු වීමෙන් හෝ මහත් වීමෙන් නෙවෙයි. සෙක්සි වෙන්න ශරීරයේ ප්‍රමාණයට එහා ගියපු සෑහෙන්න දේවල් බලපානවා. හොඳ ‍ෆිට්නස් ලෙවල් එකක් තියෙන එකත් සෙක්ස් කියන දේ වඩාත් හොඳින් එන්ජෝයි කරන්න වැදගත්. ආන්න ඒ නිසා අපි කියපු අන්තිම පොයින්ට් එකත් ඔලුවේ තියාගෙන ෆුල් ආතල් සෙක්ස් ලයිෆ් එකක් ගෙනියන්න තමයි තියෙන්නේ. එහෙමනම් අපේ මහත කොල්ලන්ට කෙල්ලන්ට වාසනාව ලැබෙන සතියක් වේවා! 😉

Leave a Reply

Your email address will not be published. Required fields are marked *