හස්බන්ඩ්ගෙ මත්පැන් බීම නවත්තන්න වයිෆ්ට කරන්න පුළුවන් දේවල් 7ක්

කොයි වයිෆ්ද කැමති තමුන්ගෙ හස්බන්ඩ් බොනවට. ඔය කිවුවට හස්බන්ඩ් බොනවට අවුලක් නැති, හස්බන්ඩ් එක්කම හීනියට ෂොට් එකක් දාන වයිෆ්ලත් ඉන්නවා. හැබැයි අපි මේ කියන්නෙ හබියා බොනවට අකමැති වයිෆ්ලාට තමුන්ගෙ හබියා සහ අරක්කු අතර තියෙන බන්ධනය විමලෙයි විජාතික කුමන්ත්‍රණයි තරමට විරසක කරන්න පුළුවන් ක්‍රම ටිකක්. හස්බන්ඩ් වුනත් මේ ආටිකල් එක කියවන්න ඉඩ තියෙන නිසා කරන දෙයක් පරිස්සමෙන් කරන්න. අන්තිමට බෝතල්වලින් ගහමරාගන්න තැනට මේ ප්‍රශ්නෙ ගෙනියන්න එපා. ප්ලීස්!

 

1. දෙන්න කැමරාවක්

Image Source – negativespace.co

හබියට කැමරාවක් අරං දෙන්න. වයිෆ්ලා දැන් උඩ බිම බලයි කොහොමද කැමරාවක් අරං දීලා බීම නවත්තන්නෙ කියල. බොන්න සල්ලි තියෙන්නෙපැයි මහත්තයො. කොහොමද වයිල්ඩ් ලයිෆ් ෆොටෝවලට හුරු වෙලා යාල ගිහින් දවස් තුනක් ඉඳලා ආවම. එතකොට හබියට තේරෙනව මේ ලෙන්ස් එක මදියි කියල. හප්පටසිරි හොඳ සූම් ලෙන්ස් එකක් ගත්තම මාස පහකට විතර බොන්න වෙන්නෙ නෑ. මාසෙන් මාසෙට කැලේ ට්‍රිප් යන්නයි, බයිනොකියුලර්ස්, සිරා ට්‍රයිපොඩ්ස්, ලෙන්ස් ෆිල්ටර්ස්, තවත් දිගුදුර විහිදුම් ලෙන්ස්, කැමා කවර්ස් ගන්නයි, කැමරා රෙපෙයාර් කරන්නයි, ලෙන්ස් සුද්ද කරන්නයි ගියාම ජීවිත කාලෙම ඉතිං බොන්න වෙන්නෙ නෑ තමයි.

 

2. මස්කට් පැණි බූන්දි

Image Source – jewcy.com

හරි අපි කියන්න යන කතාව කට්ටියට තේරෙනවනෙ. මේ කියන්න යන්නෙ තුන් ලෝකයටම අග්‍ර වූ පත්‍ර ගැන තමයි. හබියගෙ ඔලුවට හෙමිහිට මේ අයිඩියා එක දාන්න. පොල්ලෙන් ගහනව වගේ කියන්න එපා. සමහර විට එයා දැනටමත් ඔයාට හොරෙන් මේවා පාවිච්චි කරනවා ඇති. අන්න නෝනෙ මේකට හුරුකරවන්න නියම කාලෙ. මොකද ඉතිං මේකට හුරු වුනා කියන්නෙ අක්මාවට අමාරු නෑ, පිස්සු නටන්නෙ ගහන්නෙ බනින්නෙ නෑ, වැඩි සීනි තේකක් බීලා සනීපෙන් ඉඳීවි. අරක්කුවල පැත්ත බලන්නෙ නෑ මේකෙ රහ දැනිච්ච මිනිහෙක්.

 

3. එන්ජීඕ තියරි

Image Source – rickthomas.net

සාමාන්‍යයෙන් ඔය රාජ්‍ය නොවෙන සංවිධාන තියෙනවනෙ. ඒ අය බොහෝමයක් ඉන්නෙ සුළු ජාතියෙ ප්‍රශ්න වෙනුවෙන් පහන් පත්තු කරන්න, කානු කපන්නෙ ඔහොම නෙමෙයි මෙහෙමයි කියන්න, සම ලිංගිකයොන්ට අඩු ගාණට රූම් හොයලා දෙන්න, පවුල් කඩන්න, ළමයි හැදිල්ල නවත්තන්න, කාන්තාවො උයන්න හොඳ නෑ කියල කියන්න වගේ දේවල් කරන්න විතරයි. ඉතිං ඒ අය සැමියා බීමට ඇබ්බැහි වුණු කාන්තාවන්ට දෙන උපදෙස තමයි ඔයා බොනවනං මටත් බොන්න ගේන්න කියල කියන්න පුරුදු කරවීම. ඕක ඇහුවම හබියට මරු ත්‍රිල් එකක් යනවනෙ. ඊට ටිකකට පස්සෙ කෝල් එකක් දීලා ඔය ගමන්ම ළමයින්ටත් අරක්කු ගේන්න කියල කියන්න කියනවා. අන්න පුතෝ හස්බන්ඩ් හිර වෙනවා. බොනවනං පවුලම බොමු කියලා මනස වැට්ටවීම තමයි එතනදි කරන්නෙ. වැඩේ ගොඩ යන බව මෙච්චර කල් කැඩිච්ච පවුල් සහ දිදුලන NGO ටිකෙන් පේනවනෙ.

 

4. කහට වතුර

Image Source – themanual.com

මනුස්සයා එහෙ මෙහෙ වෙන වෙලාවක් බලලා බෝතලේට පොඩි මික්ස් එකක් දාන්න බැරි කමක් නෑ. හැබැයි ඉතිං ඕනම පැෂනේට් බොන කන පිරිමියෙකුට තමන්ගෙ බෝතලේ ඉතුරු වෙලා තිබුණු ප්‍රමාණෙ මතකයි. අන්න ඒ නිසා හැම දෙයක්ම ගාණට මිම්මට කරන්න හිතේ තියාගන්න ඕන. ඒ වගේම වැදගත් දේ තමයි මික්ස් කරන්නෙ මොනවද කියන එක. සාමාන්‍යයෙන් නං වතුර තමයි දාන්න ලේසිම. හැබැයි වතුර දැම්මම රස අඩු වෙනවා වගේම පාට අඩු වෙනවා. එහෙමත් නැත්තං කහට. හැබැයි ඉතිං හබියට හිතාගන්න බැරි විදියට කරන්න. මොකද අපේ උත්සාහය මේ අරක්කුවල තියෙන සැර ගතිය කොහෙන් ගියාද යකෝ? කොච්චර බිවුවත් වදින්නෑනෙ යකෝ? ආයෙ මේ මළ ජරාව බොන්නෙ නෑ යකෝ කියන හැඟීම ස්වාමිපුරුෂයාගෙ හිතේ ඇති කිරීම විතරයි. ඒ වෙනුවෙන් කරන දේ පරිස්සමට කරන්න.

 

5. දෙහි

Image Source – seriouseats.com

දැකල තියෙනවද අඩියක් ගහන වෙලාවට ළඟ තියෙන ස්මාට්ෆෝන් එකකට වුනත් දෙහි දාන ඩයල් එකක්. බැදපු මස් කෑල්ලක් නං කමක් නැති වුනත්, ඔබේ ස්වාමිපුරුෂයා අල පෙත්තක් පවා දෙහි දාලා කන්න හදන තරමට වසූරිය උත්සන්න වෙච්ච බුවෙක් නං මේක කරලා හරියන්නෙ නෑ. මොකද අපි මේ අරක්කු පිළියම කරන්නෙ දෙහි වලින්. සාමාන්‍යයෙන්නං දෙහිවලට වෙරි බහිනව. අන්න ඒ නිසා ඔබේ සැමියාට උදේ කෑමට පසු, හවස ගෙදර ආවම, රෑට නිදියන්න කළින් රසම රස දෙහි වීදුරුවක් හදලා දීලා එයාව දෙහි එකට ඇබ්බැහි කරවන්න. ඇයි ඒයි මෙච්චර දෙහි කියල ඇහුවොත් එයාට කියන්න දෙහි බිවුවම ඔයා ඇඳේදි ෂෝක් වෙනවා ඒයි කියලා. කොහොමින් කොහොම හරි ඔහොම කරලා ඇඟේ දෙහි සංයුතිය වැඩි කළොත් ඉතිං කොච්චර ගැසුවත් වදින්නැති තත්ත්වෙකට ඇවිල්ලා හබියම වැඩේ අතාරියි.

 

6. බොරු කෝල්

Image Source – dissolve.com

හස්බන්ඩ් බොන්න යනකොට කිසිම දෙයක් කියන්න එපා. සතුටෙන් එයාව පිටත් කරන්න. එයාගෙ ආතල් එක ඉහළ නංවන්න. එයා ඩ්‍රින්ක් එක දාන්න පටන්ගන්නකං සද්දයක්වත් එපා. ඒ වෙලාවට එයා “මගේ ගෑණිනං මං බොන වෙලාවට කිසිම ලෙඩක් අදින්නැති රත්තරං ගෑණි” කියලා යාළුවොන්ට කියලත් ඉවරයි. අන්න දැන් ඔය කෝල් එක දෙන්න වෙලාව. කිසිම ලෙඩක් අදින්නෙපා. එයාගෙ පිටට වගකීමක් පටවන්න. ගෑස් එක ඉවරයි, කරන්ට් කපලා පොඩි එකා අඬනවා, මාව වොෂ් රූම් එකේ ලිස්සලා වැටුනා. එහා ගෙදර අක්කා ඇවිල්ලයි නැගිට්ටුවෙ වගේ ටෝක්ස් එකක් දාන්න. ඕක කියල ටක් ගාලා ෆෝන් එක තියන්න. ඊට විනාඩි දහයකට පස්සෙ හබියා ආයෙ ෂොට් එකක් දාගත්තම sms එකක් දාන්න. Api methana awulen. Oyanan yaluwo ekka hodata bonawa neda? ඕක දවස් තුනක් කරානං ඇති.

 

7. නෝ කෝල්

Image Source – phone.com

උඩින් කියපු ට්‍රබල් කෝල් එකට හපං මේ කියන නෝ කෝල්. මේ කියන්නෙ එළවළුව ගැන නෙමෙයි. කරන්න තියෙන්නෙ මෙච්චරයි. හස්බන්ඩ් එළියට බැහැපු ගමන්ම ගෙදර ෆෝන් එකේ රිසීවර් එක පැත්තකින් තියන්න. ජං‌ගම දුරකතනෙට එන කෝල් ආන්සර් නොකර ඉන්න. ගෙදර විස්තර දැනගන්නැතුව හස්බන්ඩ්ට නිදහසේ බොන්න බෑ. නිදහසේ නොබොන බීමෙන් ඇති වැඩකුත් නෑ. ඉතිං ටික දවසකින් ඔයා දිනුම්!

 

Cover Image Source – coach.nine.com.au/ videoblocks

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *