කම්මැලිකමට නොකර ඉඳලා පසුතැවෙන්න වෙන සුළු වැඩ

මිනිස්සු අතරෙ බහුලවම කම්මැලියො දකින්න පුළුවන්. ඔය අතරෙ ඉන්නව මොළකාර කම්මැලියෝ සහ මෝඩ කම්මැලියෝ කියල දෙගොල්ලක්. අපි මේ කියන්නෙ මෝඩ කම්මැලියෝ පමණ නොදැන කරන කම්මැලිකම්වලින් අමාරුවේ වැටෙන හැටි ගැනයි. මේවා කියෝලා මොකක් වුනත් අපේ කම්මැලිකම අපිට සැපයි කියලා ඉන්නෙ නැතුව, කම්මැලි නැති මනුස්සයෙක් වෙන්න බැරිමනං අඩුම තරමෙ නුවණක්කාර කම්මැලියෙක් වෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

 

1. වෙලාවනං මොනාද බ්‍රෝ

Image Source – celestinevision.com

ලොකු බඩගින්නක් එනවා. බිත්තියෙ එල්ලලා තියෙන ඔරලෝසුවෙ වෙලාව හයයි. දැම්ම ‌උදේට කන්න වෙලාව වැඩි වුනත් බඩගිනි නිසා ඔන්න ඔහේ ගිහින් කාලා එනවා. කාලා ඇවිල්ලා පොඩි ඇලට් එකක් දාලා කරන්නෙ මොනවද කියලා කල්පනා කරද්දි නිකමට ඔරලෝසුව දිහා බැලෙනවා. දෙයියනේ. ‌එතකොටනෙ දන්නෙ. එතකොටත් වෙලාව හයයි. ඔරලෝසුව වැඩ නෑ. අද සෙනසුරාදා. හෙට ඉරිදා. කරන්න මහ වැඩකුත් නෑ. පුටුවක් තියලා ඕකට නගින්නත් කම්මැලි නිසා ඔන්න ඔහේ හෙටම බැටරිය දානව කියල හිතල නිකං ඉන්නව. සාමාන්‍යයෙන් ඔෆිස් යන්න ඇහැරෙන්නෙ හයහමාරට. සඳුදා උදේ නිකමට ඇහැරිලා ඔරලෝසුව දිහා බැලුවම උදේ හයයි වෙලාව. තවත් පැය බාගයක් තියෙන නිසා අනිත් පැත්තට හැරිලා නිදා‌ගත්තම ටිකකින් අම්ම කතාකරනව උදේට කන්න. නිදිමතේම සාලෙට යද්දි ඇහිච්ච දෙබසට තමයි ඔක්කොම තේරෙන්නෙ. “දිගටම නිදි හින්දා අද නිවාඩු කියල හිතුවෙ. කලින් දන්නවනං උදේට කන්න කිරිබත් හදනවනෙ.”

 

2. සාක්කුවට ලේන්සුවක් දාගන්න

Image Source – huffingtonpost.com

කම්මැලිකම කියන්නෙ මනුස්සයෙක්ව ලේසියෙන්ම අන්තෙටම වට්ටන්න පුළුවන් දෙයක්. උදේ පොඩි හෙම්බිරිස්සා ගතියක් දැනිච්ච නිසා කෝකටත් කියලා විටමින් සී එකක් බොනවා. සාමාන්‍යයෙන් රස්සාවට යද්දි ලේන්සුවක් ගෙනියන්නෙ නැතත් හෙම්බිරිස්සාව නිසා ලේන්සුවක් දාගන්න හිතුනට ආයෙ මේ හදිස්සියෙ අල්මාරිය අදින්න හිතෙන්නෙ නෑ. අල්මාරිය වහන්නත් බිත්තර දෙකක විතර හයියක් ඕන. ඒ හින්දම ලේන්සු නැතුව ඔෆිස් ගියාම තමයි කෙලිය තේරෙන්නෙ. ඒසීවලට සෙම වැඩිවෙලා, පිහිදාගන්න විදියක් නෑ, වැඩ වැඩි නිසා සැරින්සැරේ වොෂ්රූම් යන්නත් බෑ, මූණම හෝදලා කොයිවෙලෙත් අත් දෙකේ වතුර, ඒ වතුර පිහදාගන්න විදියකුත් නැහැ. පොඩි කම්මැලිකමක් හින්දා දවසම චාටර්.

 

3. චූ බේරේ

Image Source – blog.thebrick.com

කට්ටිය කම්මැලිකමෙන් වැඩිපුරම අපහසුතාවයට පත්වුනේ මේ නිසා වෙන්න පුළුවන්. ඇඳට වැටිලා මිනිත්තු හතලිස්පහකුත් ගියාට පස්සෙත් නින්ද ගියේ නෑ. ඉතිං කේන්තියි. කරන්න දෙයක් නැති කමට ඇඳ එහා පැත්තෙ තියෙන වතුර බෝතලෙන් ලොකු උගුරු තුනක් විතර බීලා නින්දට සෙට් වෙනවා. යාන්තං මිනිත්තු දහයක් යද්දි නිවිහැනහිල්ලේ ඇස් දෙක පියවුනාට පැයක් යද්දි අමාරුයි. වෙන මොකුත් අමාරුවක් නෙමෙයි, මුත්‍රාශය පිරිලා කියල මොලේට ටුයිං ටුයිං ගාලා සිග්නල් යනව ඇපලෝ මිෂන් එක දවසෙ නාසා එක ඇතු‌ළෙ වගේ. කරන්න දෙයක් නෑ. දැන් වොෂ් රූම් එකට ගියොත් මේ ආතල් නිදිමත නැති වෙනවා. කොහොමහරි ඉවසගෙන නිදාගන්නව කියල හිතල ඉන්නව. ‌නොදැනිම නින්ද යනව. ඊටපස්සෙ ඇහැරෙන්නෙ ඇඳ තෙත් වෙච්ච නිසා.

 

4. දිනක් පමා වුනා

Image Source – dailymotion.com

අද නං වැඩිපුර මිනිත්තු පහළොවක් නින්ද ගියා. ඒ කියන්නෙ ලෙක්චර්ස් යද්දි මිනිත්තු පහළොවක් පරක්කු වෙයි. ඒ කියන්නෙ උදේට කාලා වෙනදා වගේ කියව කියව ඉන්නෙ නැතුව ටක් ගාලා නැගිටලා දුවන්න වෙනවා. ඔන්නොහේ පරක්කු වෙච්ච එකේ අද දවස නිදාගන්නව ‌තව ටිකක්. හෙටම යනවා ලෙක්චර්ස්. ඔන්න ඔහොම වෙන සිද්ධි කොච්චර තියෙනවද? පහුවදා ලෙක්චර්ස් යනකොට තමයි සිද්ධිය තේරෙන්නෙ. ඊයෙ දවසෙ වැඩ ගොඩක් කරලා. අද ඒකෙන් ටෙස්ට් එකක්. දැන් ඉතිං ගොනෙක් වගේ බලං ඉන්නද? ලෙක්චර් හෝල් එක ගාවටම ගිහිල්ලා ආපහු හැරිලා ගෙදර ආවා. එදා පන්තියට දීපු ටෙස්ට් එකේ ලකුණුවලින් 20%ක් ෆයිනල් ටෙස්ට් එකට එකතු වෙනවලු. මේ ඔක්කොම පැය කාල නිසා උපන්න කම්මැලිකමටනෙ.

 

5. පොඩි අවුලක්

Image Source – alamy.com

ෆෝන් එකේ පොඩි අවුලක්. අරගෙන මාස දහයයි. හොඳ වෙලාවට වොරන්ටි පීරියඩ් එකේම අවුල ගියේ. නැත්තං සල්ලි දීලා හදන්න වෙනවනෙ. හැබැයි ඉතිං අරගෙන යන්න දවසක් තමයි නැත්තෙ. සෙනසුරාදට මොකක් හරි වැඩක් සෙට්වෙනවා. නිකං ගෙදර ඉන්න තියෙන එකම දවස වෙච්චි ඉරිදට ආයෙත් ඕක අරගෙන කොළඹ බඩගාන්නත් බෑ. ඔෆිස් වෙලාවෙත් ඕවට යන්න තරං විවේකයක් නැහැනෙ. ඔන්න ඔහොම නොදැ‌නිම මාස දෙකක් ගිහිල්ලා තමයි වොරන්ටි එක්ස්පයර් වුනේ.

 

6. මොනාද තියෙන්නෙ හෝදන්න?

Image Source – popsugar.com

වයිෆ් හෝදන්න තියෙන රෙදි ටික ඉල්ලුවම ඕක ආයෙ තෝර තෝර දෙන්න කම්මැලි නිසා මොකුත් නෑ කියල බොරුවක් ගහලා අනිත් පැත්ත හැරිලා නිදාගත්තා. සෙනසුරාදා දවසෙ විතරයි නිදාගන්න තියෙන්නෙ. එදාටත් ආයෙ ෂර්ට් තෝර තෝර ඉන්න කම්මැලියිනෙ. ඉරිදා හවස් වෙලා නිකමට අල්මාරිය ඇරලා බලද්දි තමයි දෙකොණ පත්තු වුනේ. සඳුදට අඳින්න ඇඳුමක් නැහැ. මේ වෙලාවෙ හේදුවත් වේලෙන්නෙත් නෑ. දැන් ඉතිං මේ මහ රෑ කඩේකට ගිහින් ආයෙ ඇඳුමක් අරන්න එන්න තමයි වෙන්නෙ.

 

7. බැරි චාජ් බැටරි චාජ්

Image Source – worklogichr.com

නිදියන්න යද්දි ෆෝන් එක ඇඳ ගාවට ගෙනියන එක සාමාන්‍ය තත්ත්වයක්. නින්ද යාගෙන එනකොට එලාම් එක තියන්න හදද්දි තමයි දකින්නෙ ෆෝන් එකේ බැටරි ලෝ කියල. දැන් ආයෙ චාජර් ඇදගෙන ඔවුව ගහන්නත් කම්මැලි නිසා ඔන්නොහේ නිදාගන්නව. උදේ ඇහැරෙන්නෙ අම්ම කෑගහද්දි. එලාම් එක වදින්නෙත් නැතුවම ෆෝන් එක ඕෆ් වෙලා. දැන් හදිස්සියෙ ඇඳගන්නව මිසක් ඔෆිස් එකට කෝල් දෙන්න වෙලාවකුත් නෑ. යන ගමන් පරක්කු වෙන බව කියන්න ඔෆිස් එකට කෝල් එකක් දෙන්න විදියකුත් නෑ, ඒ මදිවට ගිය ගමන් බොසුත් බැන්නෙ මීටිමට එන්න බැරිනං කෝල් එකක් දීලා කියන්න තිබුනේ නේද කියල අහලයි.

Cover Image Source – openclipart.org/ buzznigeria.com

 

 

zvr
Your Reaction

Comments