ලංකාවේ දෙපිල බෙදිලා ගහගැනීම සහ දෙපැත්තක ඉඳන් විරුද්ධ පාර්ශවයන්ට කෑගහන එක ලොකුවටම සිද්ධ වෙනවානෙ. හැබැයි මේ අය මුහුණට මුහුණ ගැටීමක් සිද්ධ වෙන්නේ නැති තරම්. මේකට අපි හිතන විදියටනම් තියෙන්නෙ එක හේතුවයි. ඒ තමයි දෙපිලේම නිරුවත එළිවීමට තියෙන ඉඩ කියන කාරණේ. ඉතිං ඔය මොනවා වුනත් නැතත් මේ අයගෙ ප්‍රශ්න හින්දා ලංකාවෙ අහිංසක මිනිස්සුත් දෙපිළ බෙදිලා තමුන්ගෙ අදහස් කිය කිය මරාගන්නවා. ඒ අයගෙ පවුවලට මේ අය කරගහන්න ඕන නැහැනෙ මහත්තයො. අන්න ඒ නිසාමයි අපි මේ ලංකාවේ ප්‍රසිද්ධියේ පැවැත්විය යුතු සංවාද හතක් ගැන සටහනක් තියන්නෙ. තවත් ප්‍රසිද්ධ විය යුතු විවාද තියෙනවනං අපිට කියන්නත් අමතක කරන්නෙපා.
1. රනිල් වික්‍රමසිංහ – මහින්ද රාජපක්ෂ
අපේ වර්තමාන අගමැතිවරුන් දෙදෙනා ගැන කතන්දර බොහෝමයක් අහන්න දකින්න තියෙනවා. අනෙකා හොඳයි කියන්නත්, දෙදෙනාම නරකයි කියන්නත්, දෙදෙනාම කපටියි කියන්නත් සරිලන බොහෝ කතා මිනිසුන් අතරේ හුවමාරු වෙනවා. මේ අතරේ දෙදෙනා දෙදෙනාටම ප්‍රසිද්ධියේ චෝදනා කරගන්නවා. නමුත් මිනිසුන්ගේ විශ්වාසය වෙන්නේ මේ දෙදෙනාම ගජ මිතුරන් විත්තියයි. මේ මිතුරුකම නිසාම තමුන්ගේ යාලුවාට කරදරයක් නොවෙන විදියට මාර්ග දෙකේ යන දේශපාලන ගමන ෂේප් එකේ කරගෙන යනවා කියලයි කට්ටිය කියන්නෙ. මේ දෙදෙනාටම බරපතල මූල්‍ය අපරාධ ගැන චෝදනා විරුද්ධ පාක්ෂිකයන් එල්ල කරනවා. කොහොමින් කොහොමහරි මේ දෙන්නා නිසා රටේ අහිංසක මිනිස්සු සැළකිය යුතු ප්‍රමාණයක් එකිනෙකා එක්ක කාකොටාගන්න බව පැහැදිලිවම පේන්න තියෙනවා. ඉතිං ඔවුන්ගේ ප්‍රසිද්ධ වාදයකින් මිනිස්සුන්ට ඇත්ත කරුණු දැනගන්න පුළුවන් වේවි නේද?
2. සිරි සමන්තභද්‍ර හිමි – කිරිබත්ගොඩ ඥානානන්ද හිමි
පිටිදූවේ සිරිධම්ම හිමි කියන්නෙ කාලෙකට කලින් ලංකාවේ බණට වඩින්න අති ප්‍රසිද්ධ හාමුදුරු නමක්. කිරිබත්ගොඩ ඥානානන්ද හිමිත් රන් ආසන පනවලා කෙරෙන ධර්ම දේශනාවන් පැවැත්වූවෙක්. මේ ස්වාමීන්වහන්සේ දෙදෙනා දෙදෙනාට ප්‍රසිද්ධියේ පරිභව කරගත්තත් තවමත් ප්‍රසිද්ධ වේදිකාවක එකිනෙකාගේ අදහස් පවසාගෙන නැහැ. සංඝ භේදය කියන්නෙ පවුකාර වැඩක් වුණත්, තනි ආගමක් නිසාම දෙපිල බෙදෙන මිනිස්සු දකිද්දි මේ විවාදය තියෙන්න ඕනම බවයි අපේ අදහස.
3. උදය ගම්මන්පිල – පාඨලී චම්පික රණවක
දෙදෙනා කාලයක් ගජ මිතුරෝ. දෙදෙනාම ලංකාවේ බිහිවුණු අති දැවැන්ත උගත්තු දෙන්නෙක්. පක්ෂ විපක්ෂ දෙකේම ඉඳපු, දැන් දෙපැත්තට වෙලා ඉන්න, එකම විදියට අඳින, ඇල්වතුරත් නිවලා බොන මේ දෙන්නම බලයට එන්නෙ තනි පක්ෂයකින් සිංහල බෞද්ධකම ගැන මැවූ සිහිනයක් සමග. ඒත් දැන් දෙපිලේ ඉන්න මේ දෙන්නා, සීතල වගේම උණුසුම් යුද්ධ ගණනාවකට එකිනෙකා නොගැටී මුහුණ දුන්නත්, මේ දෙදෙනා දරණ මතය ගැන දැනගන්න මිනිස්සුන්ට අවශ්‍යතාවයක් තියෙනවා. 2014දි රාජපක්ෂ ආණ්ඩු ඇමතිකම් හැරදාලා එළියට ආපු මේ දෙන්නගේ විවාදයක් උවමනා වෙන්නෙ එනිසායි.
4. තිලංග සුමතිපාල – අර්ජුන රණතුංග
ලංකාවෙ ක්‍රිකට් ගැන මිනිස්සුන්ගෙ ආශාව තුරන් වෙමින් යන්නෙ. බඩේ බත් වගේ ෂුවර් පිට දිනපු මැච් දිහා දැන් බලන්නෙ විශාල අවිනිශ්චිත බවකින්. මේකට ක්‍රිකට් ක්‍රීඩකයො වගේම ක්‍රිකට් පරිපාලනයත් වගකියන්න ඕන බව බැලූබැල්මටම පේන්න තියෙනවා. ඒ තරමටම ක්‍රීඩාව තුළ දුවන දේශපාලනය මේ පරාජයට හේතුවෙන ප්‍රධානම පිල්ලිය වෙලා. ඉතිං දෙදෙනාට දෙදෙනා චෝදනා කරගන්න දේශපාලනයේ වගේම ක්‍රිකට්වලත් තාමත් නියැලී ඉන්න මොවුන් තනි පුටුවේ ඉඳගෙන මාධ්‍ය ප්‍රකාශ පැවැත්තුවා ඇති කියන එකයි අපේ අදහස. ඔවුන් ප්‍රසිද්ධ විවාදයකට පැමිණියොත් රටේ ක්‍රිකට් ගැන මිනිස්සු නොදන්න කාරණා රැසක් එළිවේවි.
5. ගලගොඩඅත්තේ ඥානසාර හිමි – ජමියතුල්ලා උලමා සංවිධානය
ගලගොඩඅත්තේ ඥානසාර හිමි මේ වෙද්දි වසර හයක සිරදඬුවමක් විඳිමින් ඉන්නෙ. මේ සම්බන්ධව උන්වහන්සේට ජනාධිපති සමාව අවශ්‍ය බවයි බොදු බල සේනා සංවිධානය පවසන්නේ. කොහොමවුනත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වුණු උන්වහන්සේ වගේම ජමියතුල්ලා උලමා සංවිධානයත් පොදුවේ පෙනී සිටින ස්ථාවරයක් විදියට ජාතිවාදයේ සහ ආගම්වාදයේ අන්තවාදී බව දක්වන්න පුළුවන්. තමුන්ගේ ජාතිය සහ ආගම සම්බන්ධයෙන් මේ දෙපාර්ශවයම කරන උසිගැන්වීම් නිසා මේ දෙපිරිසටම අයත්වෙන ආගමිකයින් අතරේ ගැටුම් ඇතිවීම වළක්වන්න බැහැ. එනිසාමයි ඔවුන් ප්‍රසිද්ධියේ වාදයකට පැමිණ, මෙම තත්ත්වයට නිවැරදි තීරණයක් ගන්නට පොදු මහජනයාට අවකාශ සැලසිය යුත්තෙත්.
6. දුමින්ද සිල්වා – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
දැනට සති කිහිපයකට පෙරාතුව ලංකාවේ හිට්ම නිවුස් එකක් විදියට මොවුන් දෙදෙනා ගැන කරුණු දකින්නට ලැබුණා. දුමින්ද සිල්වා වැරදිකරු යැයි නැවත උසාවිය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව ඔහු කඳුළු සැලූ හැටිත්, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තමන්ට ඇති ප්‍රශ්න ගැන පාර්ලිමේන්තුවේ කළ සංවේදී ප්‍රකාශයන් ගැනත් මිනිසුන් දෙපිල බෙදී තමුන්ගේ අදහස් දැක්වුවා. මේ කිසිවකුත් එක් අයෙක් හරි හෝ දෙදෙනාම වැරදියි යන්නට හැර දෙදෙනාම හරි කියන කරුණ පෝෂණය කළේ නැහැ. එනිසාම මේ පිළිබඳ නිවැරදි තීන්දුවකට එන්නට ඔවුන් දෙදෙනා එක් ප්‍රසිද්ධ වේදිකාවක පෙනී සිටිය යුතු බව අපේ අදහසයි.
Leave a Reply