ආයෙමත් දවසක – 5 කොටස

4 වෙනි කොටස මෙතනින් කියවන්න

5 කොටස

බොස්ගෙ දුවට තියෙනව ක්‍රේල් කොණ්ඩයක්, තළෙළු හමක්, පිරිපුන් අඟපසඟ එක්ක සිරියාවන්ත මූණක්. නමක් දන්නෙත් නෑ. අශිනිගෙන් වැඩි විස්තරයක් අහන්නත් බෑ. මොකද නදිකගෙ හිත ඇතුළෙ අශිනි ගැනත් පොඩි ආසාවක් තිබුණා. හැමදාම ආදරය කරපු විදියට නැතුව අවුරුදු අටක් වයස ගැහැණියකගෙන් ඩොමිනේට් වීමේ ආසාවක්. ඒක සිද්ධ වෙන්න ඕන එයා තමුන් මහා ධනස්කන්ධයක් හිමි, තම රැකියා ස්ථාන හිමියාගේ ළඟම මිතුරෙක් වෙච්ච තරුණයෙක් බව දැනගෙන නොවෙයි. තමුන් යට‌තේ අලුතින් වැඩට පැමිණි, තමුන් නැතිනම් කිසිත් කරගත නොහැකි තරුණයෙකු විදියටයි. ඒක තමයි නදිකගෙ හීනෙ. බොස්ගෙ දුව ගැන හිතනව ඊට පස්සෙ.

අශිනි කියන්නෙ කචකචයක් නෙමෙයි. නදික ඒ දේට කැමතියි. නදිකට ඒක තේරුණේ නදික අශිනිට කියපු බොරුවක් නිසා.

“අක්කට මං දෙයක් කියන්නද?”

“මොකද්ද?”

“අද මගේ බර්ත්ඩේ එක”

“නෑ…. මෙනි හැපි රිටර්න්ස් මල්ලි”

“ඉතිං ඇයි ඕක හොරෙන් කිවුවෙ”

“කට්ටියට ට්‍රීට් දෙන්න තරං මගේ අතේ සල්ලි නෑ”

“ඕකට එච්චර ගාණක් යන්නෙ නෑ… ඕනනං මං දෙන්නං”

“එහෙම එපා. කලින් දවසෙ බර්ත්ඩේ එකකට දුන්නෙ පීට්සානෙ”

“තමුන් පාටි දෙන්න ඕන තමුන්ට පුළුවන් විදියටනෙ”

“ඒකට කමක් නෑ. ලබන අවුරුද්දෙම දෙමු”

“හරි දැන් ඉතිං හංගන්න ඕනනං ඇයි මට ඕක කිවුවෙ?”

“මං ඔයාට ට්‍රීට් එකක් දෙන්න හිතුවා”

“ඒ මොකෝ?”

“ඔයා මගේ බොස්නෙ”

“ගොට්ට අල්ලන්නද?”

“කැමති විදියකට හිතාගන්න”

“හරි දැන් මොනවද දෙන්නෙ?”

“අද හවස යමු එහා පැත්තෙ වොෆල්ස් ජොයින්ට් එකට”

“හරි”

“අක්කගෙ බෝයිෆ්‍රෙන්ඩ් අවුලක් යන්නෙ නැතිවෙයි නේද?”

“ඒ මොකටද?”

“ඔෆිස් එකේ කොල්ලෙක් එක්ක කෝපි බොන්න යනවට?”

“මගේ අෆයා එක මාසෙකට කලින් බ්‍රේක් වුනා මල්ලි”

“නියමයිනෙ”

“ඒ මොකෝ?”

“නෑ ඉතිං අපි දෙන්නටම බයක් නැතුව කෝපි බොන්න ‌පුළුවන්නෙ”

“ඒක මිසක්”

වොෆල්ස් කන ගමන් නදිකගෙ තොල අග ගෑවුණු චොකලට් සෝස් ටිකක් අශිනි එයාගෙ අතින්ම පිහිදැම්මා. රසම රස වීඩියෝවක් නදිකගෙ හිතේ ප්ලේබැක් වුනා. නදික හිතුවා ඒ ගත්තු චොකලට් සෝස් ටික අශිනි දිවේ ගාගනීවි කියල. හැබැයි අශිනි ඒක ටිෂූ එකක පිහිදැම්මා.

“අක්කට අෆයා එක නැතිවුනාට දුක නැද්ද?”

“දුකයි”

“ඒකට කොහොමද හිත හදාගන්නෙ?”

“කොල්ලටත් හිතේ අමාරුව හින්දද එහෙම දෙයක් ඇහුවෙ”

“ඇයි එහෙම අහන්නෙ?”

“මං හිතුවෙ ඔයා‌ගෙ හිතේ අමාරුව නැති කරගන්න විදියක් හිතනව කියල”

“එහෙම නෑ අක්ක”

“මං ආසා නෑ හැම දේම කියන්න එන පිරිමින්ට.”

“එතකොට?”

“මං හිතන්නෙ මට හරියන්නෙ මොකුත් නොදන්න පොඩි එකෙක්”

“හ්ම්ම්…”

“ඔයාට අෆයා එකක් තිබිලම නැද්ද?”

“හිටියා. අක්ක කෙනෙක්. හයක් වැඩිමල්.”

“ඒකට මොකෝ වුනේ?”

“එයා යාලු වුනේ මං ඉස්කෝලෙ යන කාලෙ.”

“එයා?”

“එයා එතකොට කැම්පස්”

“ඊට පස්සෙ?”

“එයා ජොබ් එකකට ගියාම එතන අයියා කෙනෙක් එක්ක යාලු වෙලා මාව අතෑරියා”

“මාර කෙල්ලෙක්නෙ”

“හ්ම්ම්… මම පොඩියිනෙ. මොකුත් තේරෙන්නෙත් නැහැනෙ”

“අම්මෝ ඒක කියපු හැටි. මොකුත්ම තේරෙන්නෙ නෑ කියලනං තේරෙනව”

“නෑ අක්ක. මම කිවුවෙ ඒ කාලෙ”

“ඉතිං ඒ කාලෙ මො‌කෝ වුනේ?”

“එයා මාව ගෙදරට හොරෙන් එයාගෙ යාලුවොන්ගෙ ගෙවල් වලට එක්කගෙන ගියා”

“හප්පා… ඊටපස්සෙ?”

“ඊටපස්සෙ වෙච්ච හරිය කියන්න ඕන නැහැනෙ අක්කෙ”

“හ්ම්ම්ම්…”

නදිකට ඒ වෙලාවෙ හෂිනිගෙන් ටෙක්ස්ට් එකක් ආවා.

 

Missing you! <3 xoxoxox

I need to sleep tight with you

come over

Okay. With a chianti wine

Nice

mwah

loadz of ummmma baba

ඒ තමයි හෂිනි එක්ක ගිය චැට් එක. නදිකගෙ වට්ස්ඇප් චැට් එක ගැන අශිනිට වගක්වත් නෑ. එයා ජනේලෙන් එළිය බලාගෙන. සමහරවිට දෙන්නත් එක්ක මතක් කරපු අතීතෙ කිමිදෙනවා ඇති.

 

“අක්කා”

“කාත් එක්කද දිගටම ටෙක්ස්ට් කළේ?”

“ගෙවල් ගාව යාලුවො. අද බර්ත්ඩේ නිසා ඩ්‍රින්ක් එකක් දාන්න කතා කරනව”

“ඉතිං යනවද?”

“ඔවු යනව”

“සල්ලි?”

“සල්ලි තියෙනව අක්ක.”

“එහෙනං ඔෆිස් එකට ට්‍රීට් දෙන්න නෑ කිවුවෙ”

“ඒ බොරුවට. මට ට්‍රීට් එකක් දෙන්න ඕන වුනේ ඔයාට විතරයි.”

“අනේ අනේ”

“ඇයි?”

“නෑ මොකුත් නෑ. දැන් මොකද ඔච්චර බොන්නෙ?”

“ඔච්චරටම බොන්නෙ නෑ. ටිකයි!”

“හරි. ඇයි ටිකක් හරි බොන්නෙ?”

“තනියෙන් ඉන්න මං වෙනිං මොනවා කරන්නද අක්කා.”

“එහෙනං ගර්ල් කෙනෙක් එක්ක යාලු වෙන්න.”

“මම අර අෆයා එකට පස්සෙ ඒ ගැන හිතල බැලුව. ඒත් ඉතිං…”

“ඇයි ඒත් ඉතිං?”

“මට මගේ වයසෙ හරි.. පොඩි කෙල්ලෙක් හරි හරියන්නෙ නෑ අක්ක.”

“ඇයි ඒ?”

“කලින් එකට හුරුවෙච්ච තරම තමයි.”

“එතකොට?”

“මං ආසා මාව පාලනය කරන්න පුළුවන් වැඩිමල් කෙනෙකුට.”

“නෑ!”

“පුදුම හිතුනා නේද?”

“ඇයි ‌එහෙම ඇහුවෙ?”

“නෑ ඉතිං අක්ක හිතන දේයි… මං හිතපු දේයි… සමපාත වුනානෙ”

“ඔයා එ්ක හදලා කියන්න ඇති… මං කිවුව නිසා”

“අක්ක කැමති විදියකට හිතාගන්න. මං යනව!”

“මල්ලි!”

නදික හරි කැමතියි ගෑණුන්ගෙ හිතේ උභතෝකෝටික ඉතුරු කරලා යන්න. පොතේ හැටියට නං තව ටිකකින් එන්න ඕන එස්එම්එස් එකක්.

Tharahada?

na.

Ehenan giye?

Oya mama boru kiyanawa kiyala hithapu nisa

hmmm..

Api me dewal katha karanna ona na akka.

දැන් ඉතිං ෆෝන් එක ඕෆ් කරලා දාලා අද රෑ හෂිනි එක්ක වයින් බිබී බර්ත් ඩේ සමරනවා. හෙට උදේට ෆෝන් ඔන් කරද්දි අශිනිව කැමති වෙන තැනට එයාගෙ හිත නැමිලා තියෙයි කියන විශ්වාසෙ නදික ඇතුළෙ තිබුණා. මොකද නදික මේක පුරුදු වෙන්න කරන දෙයක් නෙමෙයි. එයාට ඇත්තටම අවුරුදු 6ක් වැඩිමල් අක්කි ලවු! එකක් තිබුණා.

ආයෙමත් දවසක…

One response to “ආයෙමත් දවසක – 5 කොටස”

  1. […] 5 වැනි කොටස මෙතනින් කියවන්න […]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *