කහපාට දත් සෙට් එක ගෙදර ඉඳන්ම සුදු කරගන්න පුළුවන් ක්‍රම 7ක්

මොන තරම් ලස්සන මූණක වුනත් කට ඇරපු ගමන් තොරණක ගහපු බලුබ් පේළියක් වගේ කහපාට දත් සෙට් එකක් නම් තියෙන්නේ, ඒක හෙන අවුල් නේද? ඔය අවුල් ගතිය ඉහමොළවලට ගැහුවම තමයි දත් සුද්ධ කරගන්න ඕනා කියාගෙන ඩෙන්ටල් යන්නේ. ඒත් ඇත්තටම ඒක ගෙදරදීම කරගන්න පුළුවන් වැඩක්. ඒ සඳහා අත්හදා බලපු ක්‍රම කීපයක් තමයි මේ.

 

1. කෙහෙල් ලෙල්ල

Image Source – cosmopolitan.com

මෙතනදී වෙන්නේ කෙහෙල් ලෙල්ලේ ඇතුළු පැත්ත දත් සෙට් එකේ උලාගන්න එකයි. මෙතන දී කිසිම විදියක සීරීමක් වෙන්නේ නැහැ. මේ ලෙල්ලේ අඩංගු වන මැග්නීසියම් වගේ සංඝටක නිසා තමයි මේක සිද්ධ වෙන්නේ. කොරන්නේ මෙහෙමයි. ඉදුණු කෙහෙල් ගෙඩියක් අරගෙන යටිපැත්තේ ඉඳන් ලෙලි ගහනවා. ඒකෙ ඇති මැලියම් වගේ තට්ටුව සම්පූර්ණයෙන්ම දත් උඩ රැඳෙනකන් උලන්න ඕනි. ඊට පස්සේ දත්බුරුසුවක් අරගෙන (කියන දේ අහලා හෝදන්නවත් දත්බෙහෙත් දාන්නවත් එපා) හොඳින් මේ මැලියම් දත් සෙට් එක පුරා විහිදුවනවා. ඊට පස්සේ විනාඩි 10ක් විතර කට බලියාන ඉන්න ඕනි. එහෙම ඉඳලා සාමාන්‍ය විදියට දත්බෙහෙත් දාලා ආයෙත් දත් මදින්න. හැමදාම කරොත් සති දෙකකින් සුදු දත් සහතිකයි.

 

2. බේකින් සෝඩා සහ ලෙමන්

Image Source – rejuvage.com

බේකින් සෝඩා තේ හැඳි ස්වල්පයක් අරගෙන ඒක ලෙමන් යුෂ එක්ක මිශ්‍ර කරගන්න. එතකොට ලැබෙන මිශ්‍රණය දත්බුරුසුවකට අරගෙන පරිස්සමින් මැදගන්න. ශරීරයේ තියන සියලු ශක්තිය දාලා බේකින් සෝඩා පාවිච්චියේ දී මදින්න එපා. මෙහෙම මැද්දට පස්සේ විනාඩියක් විතර ඉන්න ඕනි. ලෙමන් වෙනුවට වතුර දැම්මා නම් විනාඩි 3ක් වගේ ඉන්න ඕනි. ඊට පස්සේ සෝදා හරින්න. සුදුයි කියලා දැනෙනකම් මේක කරන්න. හැමදාම කරන්න යන්න එපා. සතියට දෙපාරක් ඇති.

 

3. ස්ට්‍රෝබෙරි හෝ දොඩම්

Image Source – loxabeauty.com

ස්ට්‍රෝබෙරි ගෙඩි කීපයක් මිශ්‍ර කරලා තලපයක් හදාගෙන දවසට දෙපාරක් ඒක දත් සෙට් එකේ හොඳට උලාගන්න. ඊට පස්සේ නිකන්ම කට හෝදන්න තමයි තියෙන්නේ. දොඩම් පාවිච්චි කරනවානම්, දොඩම් ලෙල්ලෙන් හැමදාම රෑට දත් අතුල්ලගන්න. මේ ක්‍රියාකාරකම් දෙකම සමානයි. මොකද දත් සුදු කරන එකට මේ දෙකෙන් ම බලපාන්නේ ඒවායේ අඩංගු විටමින් සී නිසා.

 

4. සක්‍රීය අඟුරු

Image Source – medicalnewstoday.com

ලෝකයේ පිළිගත් මුඛ සෞඛ්‍යයට හිතකර පිළිවෙතක් විදියට සියුම්ව සකසන ලද පොල්කටු අඟුරු කුඩු හඳුන්වන්න පුළුවන්. මේවා සක්‍රිය කාබන් ඇති ඒවා වෙන්න ඕනි. නැති නම් දත් හීරෙන්න ඉඩ තියනවා. අපේ රටේ නම් පැරැන්නන් අඟුරු තමයි කොහොමත් පාවිච්චි කරේ. අපේ රට සිය රට දේවලින් සිරිසැප නොගත්තට මොකෝ අඟුරු ආශ්‍රය කරගෙන සක්‍රිය කාබන් පෙති මේ දත් කේස් එක නිසාම එක එක ව්‍යාපාර ආයතන විසින් නිර්මාණය කරලා තියනවා. කොහොමහරි කුඩු කරගත් අඟුරු දත්බුරුසුව මතට දාලා මදින්නයි තියෙන්නේ.

 

5. කිරිපිටි කුඩු

Image Source – livestrong.com

අපි කොහොමත් අහලා තියන විදියට කිරි බිව්වම දත් ශක්තිමත් වෙනවා කියනවනේ. ඒ විශේෂයෙන්ම කැල්සියම් අඩංගු වෙන නිසා. දත් සුදු කරගන්න මේක පාවිච්චි කරගන්නේ මෙහෙමයි. දත්බෙහෙත් දාපු දත්බුරුසුවක් උඩට කිරිපිටි කුඩු ඩිංගක් දානවා. ඊට පස්සේ සතියකට දෙවතාවක් විතර තමයි මදින්න තියෙන්නේ.

 

6. මුහුදු ලුණු සහ ලෙමන්

Image Source – wikihow.com

මුහුදු ලුණු, ලෙමන් සහ දත්බෙහෙත් කියන තුන එකතු වෙලා තමයි මේ සුදු කිරීම කරන්නේ. මුහුදු ලුණුවල තියෙනවා බැක්ටීරියාවන්ට එරෙහිව සටන් කිරීමේ හැකියාවක්. ලෙමන්වල විටමින් සී තිබෙනවා. මේ මිශ්‍රණය සතියකට දෙපාරක් භාවිත කිරීමෙන් ප්‍රතිඵල අත්විඳින්න පුළුවන්.

 

7. ලෙමන් සහ වතුර

Image Source – health.clevelandclinic.org.com

ලෙමන් යුෂ වතුර සමග මිශ්‍ර කරලා දත්වලට හොඳට වැදෙන්න සාමාන්‍ය විදියට විනාඩි 3ක් පමණ කට හෝදගන්න. ඊට පස්සේ දත්බෙහෙත් ආලේප කරපු බුරුසුවකින් හොඳින් මදින්න. මේ  ක්‍රමවේදය නැතුව වතුර සහ ලෙමන් මිශ්‍රණය දත්බෙහෙත් මතට දාලා මදින්නත් තිබ්බා. නමුත් එතැනදී ලෙමන් සහ වතුරවල මිශ්‍රණය ඒ තරම් බලපෑමක් කරන්නේ නැහැ.

 

සමහරු ඇපල් සයිඩර් විනාකිරි වගේම දත් සුදු කරගන්නයි කියලා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් එහෙමත් භාවිත කරනවා. සුදු කරගන්න ගියා වගේ නෙවේ මලේ මේවා නිසා දත් වහල්ලම ගැලවෙන්නත් පුළුවන්.

Cover Image Source – dhaa.info/ centurystonedental event.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *