ආහාර කියන්නේ එදිනෙදා ජීවත්වෙන්න අවශ්‍ය ශක්තිය සහ පෝෂණය සපයන දේවල් වලට නොවැ. ඒත් අපි කෑම ගන්නේ ඒ දේවල් වලට වුණාට, තරඟෙට කෑම කන කෑම දාසලත් ඉන්නවා මේ ලෝකේ. ලංකාවේ එච්චර ප්‍රකට නොවුණට “Eating Competitions” කියන්නේ බටහිර රටවල හොඳ තත්ත්වයක් තියෙන තරඟ වර්ගයක්. එක එක පළාත් වල ප්‍රසිද්ධ Eaters ලා ඉන්නවා. අපි අද මේ කියන්න යන්නේ අන්න එහෙම ප්‍රකට වුණු ලෝකයේ ඉන්න හොඳම ආහාර කන්නෝ හත් දෙනා ගැන.
1. ජෝසප් ක්‍රිස්ටියන්

Image Source – runnersworld.com
ජෝයි චෙස්ට්නට් කියලත් මෙයාට කියනවා. මෙයත් ඉතින් ඇමරිකාවේ තමා. වෘත්තියෙන් ඉදිකිරීම් ඉංජිනේරුවෙක්. ඒ උනාට කෑම සම්බන්ධ ලෝක වාර්තා දහයක් විතර මෙයාගෙ නමට ලියවිලා තියෙනවා දැනට. 1983දී ඉපදුණ ජෝසප් කිලෝ 104ක් බරයි. ඒ වගේම අඩි හයයි අඟලක් උසයි. හොට් ඩෝග් 74ක් මිනිත්තු 10කින් ආහාරයට ගැනීම, තම්බපු බිත්තර 141ක් මිනිත්තු අටකින් ආහාරයට ගැනීම වගේ වාර්තා අර කියපු වාර්තා ගොඩේ තියෙනවා.
2. පැට්‍රික් බර්ටොලෙටි

Image Source – youtube.com
මේ තව එක්කෙනෙක්. මෙයා ඇවිල්ලා ඇමරිකාවෙම චිකාගෝ වල කෑම දාස කෙනෙක්. පෙනුමෙනුත් නිකන් පේනවා චිකාගෝ වලමයි කියල නම්. මෙයාත් කෑමේ තරඟ ගණනාවකට සහභාගී වෙලා තියෙනවා වගේම, විශ්වාස කරන්න කෑම සම්බන්ධ ගිනස් වාර්තා 20කට වැඩි ප්‍රමාණයකට මෙයා හිමිකම් කියනවා. අඟල් 16 පීසා කෑලි 47 ක් මිනිත්තු දහයක් තුළ ආහාරයට ගැනීම, කුකුල් අඬු කිලෝ දෙකක් මිනිත්තු අටකින් ආහාරයට ගැනීම, ස්ට්‍රෝබෙරි කේක් කිලෝ 7ක් මිනිත්තු අටකින් කෑම වගේ වාර්තා ඒ අතරේ තියෙනවා. මෙයා වැඩියෙන් කන්න කැමති පැණි රස කෑම කියලයි කියන්නේ.
3. ෆියුරියස් පීට්

Image Source – furious-pete-2.myshopify.com
ෆියුරියස් පීට් කියලා කිවුවට මෙයාගෙ ඇත්තම නම නෙමෙයි ඒක. මෙයාගේ ඇත්ත නම පීටර් සීසර්වින්ස්කි. ඇමරිකානුවෙක්. මෙයා ඉතින් අසාමාන්‍ය කෙනෙක් පොඩි කාලේ ඉඳන්ම. දවසකට වේල් නමයක්ම කනවා කියනවනේ. කාලයක් යද්දී මෙයා කෑම ගන්න ඒවයේ වීඩියෝ යූ ටියුබ් එකේ මෙයාගේ චැනල් එකට දාන්න පටන් ගත්තා. මෙයා දැනට Eating Competitions 90කට විතර සහභාගි වෙලා තියෙනවලු. ඒ වගේම ගිනස් රෙකෝඩ් 14කටත් මෙයා හිමිකම් කියනවා. ඒ අතරේ තියෙනවා මිනිත්තු දෙකකින් කෙසෙල් ගෙඩි 17ක් ආහාරයට ගැනීම, මිනිත්තු දහයකින් හැම්බර්ගර් 15ක් ආහාරයට ගැනීම වගේ වාර්තාවන්. අන්න ඒ වගේ අයට නොවැ කෑම දාසලා කියන්නේ.
4. එරික් බුකර්

Image Source -giphy.com
එරික් බුකර් කියන්නේ ඇමරිකාවේ වෘත්තිමය රැප් ආටිස්ට් කෙනෙක්. ඒ උනාට සෙල්ලමට වගේ එයා කෑම තරඟවලට, ගිනස් වාර්තා තියන්න එහෙමත් සහභාගී වෙනවා. එහෙම සෙල්ලමට වගේ සහභාගී වෙලා මිනිහා තියපු වාර්තා එහෙම ලේසි පහසු නෑ. මිනි චීස් කේක් කෑලි 50ක් මිනිත්තු හයකින් බඩට යවපු එරික්, අමු ළූණු අවුන්ස 8.5ක් මිනිත්තුවක් ඇතුළත ආහාරයට ගන්නවා. ඩෝනට් 49ක් කෑමට ගන්නේ එරික්ට යන්නේ මිනිත්තු අටයි. නරක නෑ නේ. ලංකාවෙත් මේ තරඟ තිබ්බනම් මේ වාර්තා කඩන්න දක්ෂයෝ නැතුව නෙමෙයි.
5. ක්‍රේසි ලෙග්ස් කොන්ටයි

Image Source -en.wikipedia.org
මෙයාගෙ මුල් නම මේක නෙමෙයි. එයා නීත්‍යානුකූලව එයාගෙ මුල් නම වුණු ජේසන් කොන්ටයි කියන නම මේ නමට හරවගෙන තියෙනවා කියලයි කියන්නේ. කොහොම උනත් මෙයාත් ඇමරිකානුවෙක්. කෑම දාසලා ඔක්කොම වගේ ඇමරිකාවේ කියලා තමා පේන්නේ. මෙයා ඇවිල්ලා වාර්තාලාභියෙක්ට වඩා පොඩ්ඩක් පේන්න මේ වැඩේ කරන එක්කෙනෙක් කියලයි කියවෙන්නේ. හොට් ඩෝග් හයක් එක සැරේට කන්න මෙයාට පුළුවන්. මුහුදු බෙල්ලෝ 400ක් ආහාරයට ගෙන මෙයා එක් වරක් නිව් ඕලින්ස් ජනපදයේ තිබ්බ ආහාර තරඟයක් ජය ගෙන තියෙනවා. වැඩේ කියන්නේ මෙයා ගැන වාර්තාමය චිත්‍රපටයක් පවා නිර්මාණය වෙලා තියෙනවා 2004 අවුරුද්දෙදී.
6. ටිම් ජානස්

Image Source – choosingfigs.com
මෙයා ඇවිල්ලා කොන්ටි වගේම ජනප්‍රියත්වයට බර කෑම දාස මහත්මයෙක්. Eater X කියන කණ්ඩායමේ ප්‍රධානම සාමාජිකයෙක් විදිහට ටිම් කටයුතු කරනවා. Chili නමින් හඳුන්වන සැර ආහාරයෙන් ගැලුන් දෙකක් මිනිත්තු දොලහක් තුළ කාලා ඉවර කරලා මෙයා 2012දී වාර්තාවක් තබනවා. හරක් මස් රාත්තල් 7. 7ක් මිනිත්තු 12ක් තුළ කාලා වාර්තාවකට හිමිකම් කියන්නෙත් මේ මහත්තයමයි. මෙයා ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ප්‍රකට තරුවක්.
7. ටකෙරු කොබයාශි

Image Source – gettyimages.be
ඔන්න යන්තම් ඇමරිකානු කෑම ආධිපත්‍යය බිඳින්න ජපනෙක් ආවා. වයස 40යි. ගිනස් වාර්තා 10කට වඩා ඔහුගේ නම යටතේ ලියැවිලා තියෙනවා. හොට් ඩෝග් 110ක් මිනිත්තු 10කින් ආහාරයට ගැනීම, හොට් ඩෝග් 60ක් මිනිත්තු 2යි තත්පර 30කින් ආහාරයට ගැනීම, හරක් ගාත් 330ක් මිනිත්තු තිහකින් ආහාරයට ගැනීම වගේ යකාගේ වාර්තා තමයි මිනිහා තියලා තියෙන්නේ. වැඩේ කියන්නේ මෙච්චර කන මනුස්සයෙක් වෙලත් ටකෙරුගෙ බර කිලෝ 58යි. ශරීරයත් ගොඩක් කෙට්ටුයි.
ඔන්න ඔය විදිහට තමයි ලෝකය හොල්ලපු කෑම දාසලා ගැන විස්තර කියන්න වෙන්නේ. ඔයාටත් මීට වඩා කන්න පුලුවන්නම් ඒකත් කමෙන්ටුවකින් දාන්න අමතක කරන්න එපා.
Cover Image Source – timeout.com/ sports.yahoo.com
Leave a Reply