ඩ්‍රින්ක් එකක් දාන්න යාලුවො සෙට් වුනාම යාලුවො අතරෙ ඔක්කොමලම අනිත් එකාගෙ ජීවිතේ ගැන සියළු විස්තර දන්න නිසා මෙහෙම දෙයක් සිද්ධ වෙන්නෙ නෑ. ඒ වුනත් එතරම් හිතමිතුරුකම් නැති ඩ්‍රන්ක් ටේබල්ස්වල නිතර එහා මෙහා වෙන දෙයක් තමයි ලොකු කතා සහ බොරු කියල කියන්නෙ. අපි මේ ලැයිස්තු ගත කරන්නෙ ඒ විදියට අපිට නිතර අහන්න ලැබෙන බොරු ටිකක්. මෙහෙම බොරුවක් කවුරුහරි කියද්දි ඒක වලක්වන්නෙ නැතුව ඇන්දුනා වගේ අහගෙන ඉඳලා, ඒ සතුට එයා වගේම ඔයාලත් විඳින්න කියලත් මතක් කරන්න ඕන.
1. ගෑණු ලවු

Image Source – jodistory.com
අම්මෝ කට්ටිය දෙකක් දාගත්තු වෙලාවට තමුන්ට නැති ගෑණු ගැන තමුන් නොදන්න අය ඉස්සරහ කියන කතා මාරයි. පාක් එකේ ලවු කරන ගමන් වෙනිං එකෙකුගෙ කෙල්ලෙක්ව සෙට් කරගත්තු හැටි. ඇන්ටිලා වගේම පුංචි නංගිලාත්, කැම්පස් එකේ ගුරුවරු වගේම, ලෙඩකට බෙහෙත් ගන්න ගියාම දොස්තර නෝනලාවත් සෙට්කරගත්තු හැටි ගැන පවා ඒ අය අරිනවා නයි. සාමාන්‍යයෙන් කරන මනුස්සයා ඕවා කියන්නෙ නැහැ. ෂේප් එකේ ඉන්නනෙ බලන්නෙ. ඔවුව කියවන්න ගියොත් අහිමිවෙන්න තියෙන ඉඩ වැඩියි කියලා එයා දන්නවා. අන්න ඒකට ඔවුව නොකරන මිනිස්සු කියවන්න ගියාම තමුංගෙ අම්මයි නංගියි ඇරෙන්න මේ ලෝකෙ වෙනිං කිසිම ගෑණු මනුස්සයෙක් පොරගෙන් බේරෙන්නෙ නෑ.
2. බොරු වෙරිය

Image Source – getdrawings.com
මේකත් බොන මේසෙක කරන බොරුම වැඩක්. ඒ තමයි තමුන්ට වෙරි කියලා බොරුවට අඟවන එක. මේ බොරුවට කරන ඇඟවීමෙන් එයාලා බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද කියන්න අපිට හරියටම තේරෙන්නෙ නෑ. හැබැයි මොකක් නමුත් බලාපොරොත්තු වෙන නිසා තමයි එයාලා තමුන්ගෙ වෙරිය ලොකුවට පෙන්නන්නෙ. සමහරවිට අවධානය දිනාගන්න වෙන්නත් පුළුවන්.
3. කලින් බීපුවා

Image Source – humor.gunaxin.com
දැන් ෂොට් දෙකක් ගහල වැටුනත් අපි ඉස්සර ගහපු විදිය පුහ්! කියල කියවන්න මිනිස්සු හරිම කැමතියි. ඇත්තටම උගුරු දෙකක් ගහද්දි බල්ලටත් සෑර් කියන මට්ටමට ඇදවැටුනට මොකද ඉස්සර විස්කි බෝතලයක් බීලා ඉවරවෙලා කටේ සැර යන්න රෙඩ් රම් බෝතලයක් අමුවෙන් බිවුව කියලයි කියන්නෙ. ඔය විදියෙ කතා ඇහුවම බොන ටේබල් එකේ සමහරුන්ට හිතෙනවා මෙයා වීරයෙක් කියල. තවත් සමහරුන්ට හිතෙනව ටිකක් වැඩිපුර කවලං කරලා මූට ෂොට් එකක් දීලා බලන්න.
4. චූටි කාලෙ බීපුවා

Image Source – pajamaguy.blogspot.com
මේක තමයි අනිත් භීෂණේ. ශිෂ්‍යත්වෙ ලියල ඉවරවෙලා ඇවිල්ල පන්තියේ යාලුවො එක්ක ගල් බෝතල් දෙකක් ගහපු අතීතෙ ගැන සමහරු කතාවෙන්න ගන්නව. අනිත් අයට ඉතිං මෙහෙම බුවාලා මාර වීරයො වුනාට බොරුව දන්න ඈයො දන්නව රඟේ. කොච්චර චූටි කාලෙ ඉඳන් බිවුවත් නොබිවුවත්, හරියට බොන මනුස්සයා බොන්නෙ ෂෝ එකට නෙමෙයි. වෙරි වෙන්න. ඇඟට මෙච්චර අහිතකර ප්‍රතිඵල තියෙද්දි මිනිස්සු බොන්නෙ වෙරි වෙන එකේ සතුට අරගන්න මිසක් චූටි කාලෙ බීපු නොස්ටැල්ජියාවට යන්න නෙමෙයිනෙ.
5. බිස්නස් කතා

Image Source – videoblocks.com
තවත් යෝධයො ඉන්නව බිවුවම ලොකු ලොකු බිස්නස් කතා පටන්ගන්නව. මෙහෙම අය මෙයාලා ජාතියෙම අය එක්ක සෙට්වෙන්න තියෙන ඉඩ වැඩියි. එහෙම මොහොතක මේ කිසිත් නොදන්න තනි මිනිහෙක් එතනට සෙට් වුනොත් එයා හිතන්නෙ එයා මේ සහභාගි වෙන්නෙ ජී-7 සමුළුවට කියලයි. ඇයි ඉතිං වර්ල්ඩ් හංගර් නැති කරන්න, දුප්පත් පැතිවලට ඉස්කෝල හදන්න, අප්‍රිකාවට කරන්ට් එක දෙන්න, ලංකාවෙ ගණිකා වෘත්තිය නීතිගත කරන්න, හඳේ ශ්‍රී ලංකාවෙ කොඩියක් ගහන්න වගේ දේවල්නෙ ප්ලෑන් කරන්නෙ ඉතිං.
6. සම්බන්ධකං

Image Source – drunktalkshow.com
මෙවුව තමයි අහන් ඉන්න බැරි අනිත් කතා විශේෂය. ඒ තමයි දේශපාලනික සහ ව්‍යාපාරික වශයෙන් තමන් දන්න හඳුනන මිනිස්සු ගැන සහ ඒ මිනිස්සුන්ගෙයි තමුන්ගෙයි තියෙන අතිශය කිට්ටුවන්ත ආශ්‍රය ගැන කතාව. අම්බෝ ජනවාරි 08 පරාජයෙන් පස්සෙ හිටපු ජනාධිපතිට හෙලිකොප්ටරේ දුන්නෙ තමුන් කියල කියන ඈයොම ඉන්නව විස්සක් විතර. බලද්දි මනුස්සය තංගල්ලට යනකං හෝල්ට් 20ක විතර බැහැ බැහැ අලුත් හෙලිකොප්ටර්වල නැගල ගිහින්. තව ඉතිං තියෙනව ධම්මික තමුන්ට විස්කි ෂොට් එකක් වක්කරලා දීපු හැටි, අගමැති තමුන්ට කෝල් කරලා රාජ්‍ය තීරණ ගැන විසඳුම් ගන්න හැටි වගේ දේවල්.
7. ඊළඟට බොන දවස

Image Source – statefoodsafety.com
අර මුලින් කියපු ඔක්කොම බොරු අස්සෙ මේක තමයි ලොකුම බොරුව. ඒ තමයි ඊළඟට බොන දවස ප්ලෑන් කිරීම. මේකනං වැඩිපුරම කියවෙන්නෙ හොඳට දන්න යාලුවො අතරෙ. “අද රෑ වෙනකං බීලා, වෙරි බැස්සම හෙට හවසට හීනියට බියර් අඩියක් ගහලා, පෝයත් අල්ලලා නිවාඩුවක් දාලා දවස් තුනක් ට්‍රිප් එකක් යමං, ඊටපස්සෙ වයිෆ්ලා ෂේප් කරන්න ඩේ අවුට් එකක් ඊටපස්සෙ සතියෙ යමං” කියලයි කට්ටිය ප්ලෑන ගහන්නෙ. ප්‍රශ්නෙ කියන්නෙ මේ ප්ලෑන ගහන වෙලාවට කොච්චර ඇත්ත සිද්ධිය දන්නවා වුනත් එකෙකුටවත් හිනායන්නෙ නැති එක.
Cover Image Source – splimm.com/ fortune.com/ uk.businessinsider.com
Leave a Reply