බාල කාලේ හැඩ කළ ළමා නලු නිලියෝ 7 දෙනෙක්

අපේ බාල කාලය හැඩ වුණේ එළිමහනේ කරපු ක්‍රීඩාවලින් වගේම, රූපවාහිනියෙන් රසවිඳපු ළමා ටෙලිනාට්‍ය වලින්. ඒ කාලේ ආපු ළමා ටෙලිනාට්‍ය එක්ක අද තියෙන්නේ මොනවද කියලත් හිතෙනවා. ටෙලිනාට්‍ය වගේම චිත්‍රපට වලින් අපව වැළඳගත්තු ළමා නලු නිලියෝ අපිත් එක්කම වයසට ගියා. ඉතින් ඒ විදිහට ලංකාවේ අපේ හිතේ තැන්පත් වුණු, කවදාවත් අමතක නොවන ළමා රංගන ශිල්පීන්, ශිල්පිනියන් කිහිපදෙනෙක් ගැන මතකය අවදි කරන්නයි මේ සූදානම.

 

1. නතාශා පෙරේරා

Image Source – entertainclub.wordpress.com

මතකද නතාශා පෙරේරව..? එඩ්වඩ් ජයකොඩි මහත්තයත් එක්ක කරපු සුළඟක් වී සින්දුවත් එක්කයි නතාශා කරලියට එන්නේ. ඒ කාලේ ඒ ගීතය අතිශය ජනප්‍රිය වුණා. මේ කෙල්ල නාලක ස්වර්ණතිලකයන්ගේ දඟමල්ල ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට පණ පොවමින් අපිව වසඟයට ගත්තේ ඊට පසු කාලෙක. ඒ කාලේ නොකඩවා බලපු මේ ටෙලිනාට්‍යයේ ආපු එලිසබත්ගේ චරිතයට නතාශා හොඳ සාධාරණයක් ඉෂ්ට කළා කියලනම් ස්ථිරවම කියන්න පුළුවන්. ඒ කාලේ ළමාකමින් අපේ හිත පුරවපු නතාශා දැන් නම් විවාහ දිවියටත් ඇතුල් වෙලා.

 

2. සරලා කාරියවසම්

Image Source – midcenturymodernmag.com

සරලා කියන්නේ පොඩි කාලේ අපි සනහපු පුංචි පැංචි වැඩසටහනේ ළමා නිවේදිකාවක්. ඇය ලංකාවේ නිර්මාණ වලට සම්බන්ධ නොවුනත් ලංකාවටත් ආඩම්බරයක් ගෙන දෙමින් ඉන්දියාවේ නිර්මාණයකට දායක වුණා. ඒකත් එසේ මෙසේ නිර්මාණයක් නෙමෙයි. සම්මානනීය නිර්මාණයක්. ඒ නිර්මාණය ‘වෝටර්’. අධ්‍යක්ෂණය කළේ සම්මානනීය ඉන්දියානු අධ්‍යක්ෂිකා දීපා මෙහ්තා. ලංකාවේ නිර්මාණවලට දායකත්වය නොදුන්නත් අපේ ආදරය දිනාගන්න සරලා සමත් වුණා.

 

3. සනා සඊඩ්

Image Source – pr24x7.wordpress.com

ඒ කවුද ඒ..? ඔබ හිතාවි. හැබැයි මම දැන් විස්තරේ කිවුවම ඔබට මතක් නොවී තියෙන එකක් නම් නෑ. ඇය තමයි ‘කුච් කුච් හෝතා හේ’ චිත්‍රපටයේ අංජලීගේ චරිතයට රඟපාන්නේ. ලොකු අංජලී නෙමෙයි, පොඩි අංජලී. ඔව් ඔව් අර අම්මගෙ ඉල්ලීමකට, තාත්තයි අංජලී ඇන්ටියි එකතු කරන්න මහන්සි ගන්න කෙල්ල. දැන් වයස තිහයි ඇයට. ඇය මෑතකදී රංගනයට ආපහු ආවේ කරන් ජොහාර්ගෙම ‘ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර්’ චිත්‍රපටයෙන්.

 

4. ඩැනියල් රැඩ්ක්ලිෆ්

Image Source – uk.starsinsider.com

මේ ඉන්නේ පොඩි කාලේ ඉඳල කෙල්ලොන්ගේ හීනවල ඉන්න කොල්ලෙක්. ඩැනියල් රැඩ්ක්ලිෆ්. ඊටත් වඩා හොඳට විස්තර කළොත් හැරී පොටර්. 1989 ඉපදුණු ඩැනියල්ට දැන් වයස 29 යි. හැරී පොටර් චිත්‍රපට මාලාවට රංගනයෙන් දායක වෙන්න පටන් ගනිද්දී ඩැනියල්ගේ වයස අවුරුදු දොලහයි. එදා ඉඳන් 2011 වෙනකන්, අවුරුදු 12 ඉඳන් 22 වෙනකම්ම ඩැනියල් හැරීගේ චරිතයට පණ පෙවුවා.

 

5. ශනුද්‍රි ප්‍රියසාද්

Image Source – alchetron.com

ශනුද්‍රි දැන්නම් පෙම්වතියගේ චරිතයට ඉතා ප්‍රසිද්ධයි. ඒත් ශනුද්‍රි ඒ කාලේ ළමා චරිත වලින් අපව පිනෙවුවා. ඒ කාලේ කිවුවේ ශනුද්‍රි පොඩිම කාලේ. බලලා තියෙද ‘බේබීස් ඩේ අවුට්’ චිත්‍රපටය අනුසාරයෙන් ලංකාවේ හදපු ‘ඔන්න බබෝ’ චිත්‍රපටය. ඒ විතරක් නෙමෙයි, රෝස කැලේ, අඟර දඟර වගේ චිත්‍රපට වලත් ශනුද්‍රි රංගනයෙන් දායක වුණා. ඔය ලොකු ලොකු චරිත කළාට ශනුද්‍රිට තාම වයස විසි එකයි වෙන්නේ.

 

6. එමා වොට්සන්

Image Source – hollywood.com

කෙල්ලොන්ගේ සිහින කුමරා ඩැනියල් වෙද්දී කොල්ලොන්ගේ සිහින කුමරිය වුණේ එමා. එහෙමත් නැත්නම් හැරී පොටර් චිත්‍රපට මාලාවේ මායා කුමරිය හර්මයිනි ග්‍රෙන්ජර්. එමා ඉපදෙන්නේ 1990 අවුරුද්දෙදියි. හැරී පොටර් කතාවේ රඟපාද්දී එමාට වයස අවුරුදු එකොලහයි. අනේ අර පොඩි හර්මයිනිගේ තිබ්බ හුරතලේට ඒ කාලේ පොඩි කොල්ලෝ වසඟ වෙලා බලන් හිටපු හැටි.

 

7. ඉශාම් සම්සුදීන්

Image Source – vodtv.vhx.tv

ඉශාම් කියන්නේ අපට කවදාවත් අමතක නොවන ළමා රංගන ශිල්පියෙක්. ඒ තරම් ඔහුගේ රංගන විලාසය හිත් ඇදගන්නා සුළුයි. ‘සිරි සිරිමල්’ ටෙලිනාට්‍යය මතකනම් ඔබට ඉශාම් අමතක වෙන්න විදිහක් නෑ. ඇයි ඒ විතරක් නෙමෙයි, ගොපලු යකාගේ කෙවිට අරගෙන වැඩ දාන කොල්ලො දෙන්නගෙ කතාව ‘රන් කෙවිට’. ඉශාම් කියන්නේ ළමා කාලේ සුන්දරත්වය ඒ විදිහටම අපට බෙදන්න සමත්කම් දක්වපු නලුවෙක්.

 

ඉතින් ඔය අපේ ළමා කාලේ හැඩ කළ ළමා නලු නිලියන්ගෙන් කිහිප දෙනෙක් විතරයි. තව ඔබට තවමත් මතක චරිත තියෙනවනම් කමෙන්ටුවකින් ඒ ගැන කියන්න අමතක කරන්න එපා.

Cover Image Source – bbc.com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *