Facebook ෆ්රෙන්ඩ් රික්වෙස්ට් එකක් ආවම කෙල්ලෙක් හිතන්න කරන්න ඕන දේවල්

ලස්සන ගෑණු ළමයින්ට ෆේස්බුක් එක තරමක් කරදරකාරී තැනක්. ලයික්, චැට්, කමෙන්ට්වල තියෙන කතා ගැන හිතන්න වෙනවා වගේම සාමාන්‍ය ජීවිතේ නිදහස් පිට ඉන්නත් මේක බාධාවක්. ඇයි ඉතිං මොක්කුද ඉන්නෙ මොනවද කරන්නෙ කියලවත් හොයාගන්න සෝෂල් මීඩියා ඇතුළෙ ටූල් එකක් නැහැනෙ. ඉතිං ඕන කෙනෙකුට බොරු කරන්න පුළුවන්. කොහොමින් කොහොම හරි ගෑණු ළමයෙකුට ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් එන එක මේ නිසාම විමර්ෂණය කළ යුතු කාර්යයක් බවට පත්වෙලායි තියෙන්නෙ. මේ කියන්න යන්නෙ ඔය කියන ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් ආවම කරන්න කියන්න ඕන දේවල් ටිකක්.

 

1. එක්ස් අවතාර

Image Source – blog.oxforddictionaries.com

ගෑණු ළමයින්ට එන රික්වෙස්ට් අතරේ ඇත්තටම තියෙන්නෙ එයාගෙ පෙනුමට ආශා වෙච්ච මිනිස්සු එවන ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් වෙන්න පුළුවන්. හැබැයි ඔය අතරේ පරණ පෙම්වතාගේ අවතාරත් ෆේක් අකවුන්ට්ස් විදියට හැංගිලා එන්න පුළුවන්. දැන් එයාට ‌කොල්ලෙක් ඉන්නවද? එයා මං නැතුව සතුටෙන් ඉන්නවද? මං දුකෙන් ඉන්න නිසා එයාගෙ වැරදි හොයලා පලිගන්න ඕන, කවුද එයාට වැඩිපුරම කමෙන්ට් කරන්නෙ? එයා කාටද වැඩිපුරම කමෙන්ට් කරන්නෙ වගේ අනවශ්‍ය දේවල් හොයන්න සහ හිතන්න මෙන්න මේ විදියෙ අය ඔයාගෙ ප්‍රොෆයිල් එකට රිංගන්න පුළුවන්. අන්න ඒ නිසා ඇක්සෙප්ට් බොත්තම ඔබන්න කලින් දෙවරක් හිතන්න.

 

2. ට්‍රයි අවතාර

Image Source – pixfeeds.com

ලස්සන ගැහැණු රූපය දුරින් ඉඳන් දකින අයනං ළංකරගත්තත් කමක් නෑ. හැබැයි ක්ලාස්වලදි, ඔෆිස් එකේදි, බස් එකේදි වාත වෙවී ට්‍රයි කරලා ජීවත් වීමත් එපා කරවපු අය ෆේස්බුක් එකේ ෆේක් එකවුන්ට්ස් හරහා එන්න ඉඩ තියෙනවා. උදාහරණෙකට එයාලා එන්නෙ ඔයා ගැන විස්තර හොයන්න සහ ඇලර්ට් එකේ ඉන්න. ඔයා යාලුවොත් එක්ක හැම සෙනසුරාදම ෆිල්ම් බලන්න යද්දි ෆේස්බුක් අප්ඩේට් කරනවානම් ඔයාත් නොදැන එයා ඊළඟ සෙනසුරාදට ෆිල්ම් හෝල් එකට එන්න ඉඩ තියෙනවා. ඉතිං නිදහසේ ෆිල්ම් එක බලලත් ඉවරයි. එහෙමත් නැත්තං මෙහෙම අහන්නත් ඉඩ තියෙනවා. ඔයා මං කොටයි කියලයි මට කැමති නැති වුනේ… එහෙනං ඇයි අර කොට කොල්ලෙකුගෙ කරට අත දාගෙන ෆොටෝ ගත්තෙ?

 

3. ඕප අවතාර

Image Source – wikihow.com

ගෑණුන්ට වැඩිපුරම ඉරිසියා කරන්නෙ ගෑණුම බව අමුතුවෙන් කියන්නෙ ඕන නැහැනෙ. මුලින්ම ඒ අයට ඉරිසියා කරන්න ගන්නෙ එයාලගෙ යාලුවොන්ගෙ අම්මලා, ඊටත් පස්සෙ අම්මලාගෙ යාලුවො, ඊටත් පස්සෙ දන්න අඳුරන ගෑණු ළමයි. ඉතිං ඔහොම අය කෙල්ලොන්ගෙ වැරදි හොයන්න හොර අල්ලන්න එයා‌ලගේ නොවටිනා කාලයෙන් වැඩි වෙලාවක් නාස්ති කරන්න දෙපාරක් හිතන්නෙ නැහැ. ඒ වගේම ඔය විදියට හොයාගන්න දේවල් තැන තැන කියලා ඔයාව අපහසුතාවයට පත් කරන්නත් මේ ඕප අවතාර දෙපාරක් හිතන්‌නෙ නෑ.

 

4. මියුචුවල් ෆ්‍රෙන්ඩ්ස්

Image Source – facebook.com

ඉතිං ඔන්න ඔය කියන විදියෙ විවිධ අවතාර අතරේ තමුන්ට එන ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක වාතයක් නොවෙන, තමුන් හැබැවින්ම දන්න අඳුරන කෙනෙකුගේ ප්‍රොෆයිල් එකක්ද? (කාලෙකට කලින් දැන අඳුනගෙන ඉඳපු අමතක වුණු අයත් ඉන්නවනෙ) කියන එක කන්ෆර්ම් කරගන්න පුළුවන් තැනක් තමයි මියුචුවල් ෆ්‍රෙන්ඩ්ස්ලා කියන්නෙ. උදාහරණෙකට මේ ක්‍රමය නිසා ඔයාට අමතක වෙලා ගිය මිතුරන්ටත් රික්වෙස්ට් කරන්න පුළුවන්කම තියෙනවා. එනිසා මියුචුවල් ෆ්‍රෙන්ඩ්ස්ලා අතරේ ඉන්නේ කවුද කියන එක හෙවුවොත් වඩා හොඳයි.

 

5. අතීතෙ

Image Source – facebook.com

රික්වෙස්ට් එක එවපු ප්‍රොෆයිල් එකේ අතීතයට පොඩ්ඩක් එබිකම් කරලා බලන්න. එකවුන්ට් එක හදපු ගමන් රික්වෙස්ට් කරපු මුල්ම පනස් දෙනා අතරේ ඔයත් ඉන්නවනම් ඒක ඉතිං ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ වගේම ෆේස්බුක් අතීතෙ හොයාගෙන යන එකෙන් යම් පුද්ගලයෙකුගේ ජීවිත කතාව හරි එයා ලෝකෙට පෙන්නන්න හදන ජීවිත කතාව හරි ඇත්තටම දැනගන්න පුළුවන්. කොහොමවුනත් සමහරවිට ඔයාට එයාව මිතුරෙක් විදියට පිළිගන්නකම්ම ඒක නොපෙන්වන්න ඉඩ තියෙනවා. ඒ නිසා සැක කටයුතු ප්‍රොෆයිල් එකක් ඇක්සෙප්ට් කරලා බලලා නොගැලපෙනවානම් ඉවත් කරන්නත් පුළුවන්නෙ.

 

6. කොමන් බැක්ග්‍රවුන්ඩ්

Image Source – facebook.com

මිතුරන් ඇතිවෙන තවත් ක්‍රමයක් තමයි කොමන් බැක්ග්‍රවුන්ඩ් කියන්නෙ. දෙන්නම රොක් මියුසික්වලට ආසයි නම්, කොන්සර්ට්වලදි හමුවෙලා, වෙන්වෙලා තියෙනවානම්, දෙන්නට දෙන්නා ෆොටෝග්‍රැෆිවලට ආසයි නම්, වර්ක්ෂොප්වලදී හමුවෙලා, වෙන්වෙලා තියෙනවානම්, දෙන්නාම කෑම ගැන පැෂනේට් නම් එහෙම අයත් තමුන්ගෙ කොමන් බැක්ග්‍රවුන්ඩ් එක නිසාම මිතුරන් වෙන්න තියෙන ඉඩ වැඩියි. අන්න ඒ නිසා රික්වෙස්ට් එකක් එවුවම නොදන්න කෙනෙක් කියලා අහක් කරන්න කලින් ඒ අයගෙ තමුන්ට කොමන් බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙනවද කියලත් හිතන්න.

 

7. ඩිරෙක්ට් ආස්කිං

Image Source – facebook.com

මේ කිසිවක් නොදන්න භූතාත්මයක් නං, හිතේ සැකයත් තියෙනවනං, ඒක මගහැරවගන්න හොඳ විදිය තමයි ‘හවු ඩූ යූ නෝ මී?’ කියලා කෙලින්ම මෙසේජ් එකක් දාන එක. එතකොට එයා ඇත්තටම මිතුරෙක්නං මම අසවලා බව එයා කියාවි. එහෙම නැත්තං ගොලු වේවි. ඒක තමයි කොන්ද පණ ඇති ගෑණු දරුවෙකුට කරන්න හොඳම දේ.

Cover Image Source – mobileadvertisingwatch.com/ gsb.stanford.edu