කොල්ලෝ සෙක්ස් ලයිෆ් එකේදී තමන් ගැනම ඇඳගන්න කාරණා මේවා තමයි!

දැන් ඔය අපේ සමහර කොල්ලෝ ඉන්නවනේ. ගොඩක් වෙලාවට කොල්ලෝ කොල්ලෝ කතා කරන තැනකදී වුනත්, සමහර වෙලාවට කෙල්ලෙක්ට පැණි පාර දාන අතරේ ලාවට දාන පොර ටෝකක් අතරේදී වුනත් කොල්ලෙක් කියන දෙයක් තමයි තමන් සෙක්ස් ලයිෆ් එකේ කොයි තරම් කප් ගහපු ඩයල්ස් එකක්ද කියන එක. ඒ කියන්නේ මේ හාදයෝ කියන විදියට, මෙයාලා එක්ක එක පාරක් හිටපු කෙල්ලෙක් ආයෙ පිට යනවා බොරු. උන්ට ආයෙ වෙන කොල්ලෙක් වුවමනා වෙන්නේ නෑ. වෙන කොල්ලෙක්ව බැන්දත් මතක් වෙන්නේ මෙයාවම තමයි! ඔන්න ඔහොම සීන් එකක් තමයි සමහර වෙලාවට ජීවිතේට කෙල්ලෙක් එක්ක ඇඳකට නැගලා නැති පොඩි කොල්ලෝත් කියන්නේ. උන් එහෙම හිතාගන්නේ ඔය නිල් පාට වීඩියෝ කෑල්ලක් දෙකක් බලලා. ඇයි අර චක් නෝරිස් ඉන්න ‍ෆිල්ම් එකක් බැලුවහම අපිට හිතෙන්නේ අපිටත් චක් නෝරිස් වගේම තුන් හතර දෙනෙකුට උඩ පැනලා ෂොට් තුනහතරක් දීලා ගේම ක්ලෝස් කරන්න පුලුවන් කියලා! අන්න ඒ වගේ තමයි. හැබැයි ඉතින් ඇත්ත ජීවිතේදී වලියකට සෙට් වෙලා බලන්න ඕන. එහෙම ‍ෆිල්ම් එකකින් කරාටි ෂොට් ඉගෙන ගෙන ආපු උන්ට නැව් ගුටි කන්න වෙන්නේ, නැව් ගුටි.

ඉතින් අපි කියන්නේ මේකයි. අපි කවුරුවත් ජීවිතේ ඇඳගෙන ජීවත් වෙන්න ඕන නෑ. මොකද ඒකෙන් ඇත්තටම ‍රැවටෙන්නේ තමන් නිසා. ආන්න ඒ නිසා තමයි ‘සෙක්ස් ලයිෆ් එකේ පොරවල් තමා අපි’ කියලා ඉන්න මල්ලිලාට වැදගත් වෙන පොඩි ටියුෂන් පාරක් දාන්න හිතුවේ!

 

1. මගේ කාර් එක ලොකු නිසා මම සිරා ඩ්‍රයිවර්!

Image Source – netdoctor.co.uk

ඔන්න අපි කලිනුත් කරුණු කාරණා සහිතව පැහැදිලි කරපු පොයින්ට් එකක්. කාර් එක ලොකු වුනා කියලා මල්ලි ඩ්‍රයිවර් දක්ෂ වෙන්නේ නෑ. කාර් එක ලොකු වුණු පලියට රේස් යන්නත් බෑ. ඒ නිසාම කාර් එක ලොකු නිසා තමන් දක්ෂ රියැදුරෙක් කියලා පුරසාරම් කියන මල්ලිලා ආයෙමත් ඒ ගැන හිතලා බලන එක හොඳයි. ගොඩක් වෙලාවට මේ වැරදි මතය ඇතිවෙන්නත් නිල් පාට ‍ෆිල්ම් කෑලි හේතු වෙනවා. ඔය ‍ෆිල්ම් බලන එකට හෝ නොබලන එකට අපිට මුකුත් කියන්න බෑ. හැබැයි තේරුම් ගන්න ඕන දේ තමයි ඒක රංගනයක් මිසක් යතාර්ථයක් නොවෙන බව. ඒ නිසා ගැහැණියක් තෘප්තිමත් කරන්න වැදගත් වෙන එකම දේ වෙන්නේ සයිස් එක කියලා හිතාගෙන, ඉන්ටර්නෙට් එකෙන් ක්‍රීම් ජාති, වැකියුම් පම්ප් අනං මනං ගෙන්න ගෙන ට්‍රයි කරන මල්ලිලා සයිස් එක ගැන හිතීම පැත්තක තියලා තමන්ගේ ඩ්‍රයිවින්ග් හැකියාවන් තව දියුණු කර ගැනීම ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන එක හොඳයි!

 

2. ආදර පෑම් පටන් ගන්නේ ඇඳට ගොඩ වුණාට පස්සේ නෙවෙයි!

Image Source – kuala-lumpur.ws

ගොඩක් වෙලාවට පිරිමියෙක් නොදන්න හෝ අවධානය යොමු නොකරන කාරණාවක් තමයි මේ. ඒකට එක හේතුවක් තමයි වර්තමානේදී පෙම්වතුන් යුවළක් නම් ඉතින් ඔය කාරණාවට යන්නේ රූම් එකකට. එතකොට හොරෙන් හොරෙන් ගිහිල්ලා, වෙලාව ඉවර වෙන්න කලින් අදාළ වැඩ ටික කරගෙන එන එකට තමයි වැඩි වුවමනාව තියෙන්නේ. කසාද බැඳපු කපල් ගොඩක් වෙලාවට කල් යනකොට ඇල් මැරෙනවා. එතකොට ඉතින් ඔය කර්තව්‍යය ගත්තත් සිද්ධ කෙරෙන්නේ ඇඳට නැග්ගා, පුරුදු වැඩ ටික කළා, නිදාගත්තා ලෙවල් එකට. හැබැයි සෙක්ස් කියන්නේ ඒක නෙවෙයි. ආදරේ කරන දෙන්නෙක් සෙක්ස් කරන එකට “Making Love” කියලා කියන්නේ එතන ඊට එහා ගියපු දෙයක් තියෙන නිසයි.

උදාහරණයක් විදියට කිවුවොත් සෙක්ස් කරන්න ඇඳට යන්න කලින් ඉඳලම ඒකට අවශ්‍ය මූඩ් එක හදන්න පුලුවන්. රොමෑන්ටික් ඩිනර් එකක් වගේ දේවල් මරු, හැබැයි ඉතින් ඒවා හැමදාම කරන්න බැහැනේ. ඒත් ආදරබර වචන, පොඩි හුරතල් කිරීම්, කාටවත් නොපෙනෙන්න කරන අත පත ගෑම් වගේ දේවලින් අනිවාර්යයෙන්ම මේ මූඩ් එක ගාණට හැදෙනවා. විශේෂයෙන්ම වචන වලට සෑහෙන්න බලයක් තියෙනවා කියන එක කොල්ලෙක් තේරුම් ගන්න වුවමනායි.

 

3. ඇඳුමක් සිලෙක්ට් කරගන්නත් ඕන!

Image Source – qqtdd.com

ඇඳට යනවා කියන්නේ පාටියකට යනවා නෙවෙයිනේ. ඉතින් මොටදැයි අමුතුවෙන් ඇඳුම්? එහෙම නේද හිතුවේ? හරි, හැමදාමත් අමුතුවෙන් ඇඳුම් ඕන නෑ තමයි. හැබැයි හැමදාම සාමාන්‍යයෙන් අඳින ඇඳුම රෑට ඇඳට යන්නත් අඳින එක හරියන්නේ නෑ. දැන් අපි කියනවනේ ගෑණු පාර්ශවයේ අයට රෑට අඳින නයිට් ගවුම උදේටත් ඇඳගෙන, දවල්ටත් ඇඳගෙන වැඩ කරලා ආයෙමත් රෑටත් ඇඟට දාගන්න එපා කියලා. ඒකම තමයි පුරුෂ පාර්ශවේට කියන්න තියෙන්නේත්. එකම ඇඳගෙන ඉඳලා, ඒකම ඇඳගෙන ඇඳට එන්න එපා. නයිට් ඇඳුමක් දෙකක් වෙනම තියාගන්න. එතකොට ඒකේ විශේෂත්වයක් තියෙනවා. ඒ ඇඳුම අදාළ වෙන්නේ ඒ සුවිශේෂී කාරණාවට කියලා එතකොට අපේ හිත දන්න නිසාම, ඒ ඇඳුම ඇඳලා කොල්ලා හරි කෙල්ල හරි එනවා දකින එකම එකිනෙකාට ලිංගික උද්දීපනයක් වෙනවා.

ඔය අතරට ඉතින් ඇඳට එන්න විශේෂ ඇඳුමක් දෙකක් තිබුණට ඒත් කමක් නෑ. හැබැයි ඉතින් ඒ ඇඳුම් තීරණේ වෙන්නේ එකිනෙකාගේ ෆැන්ටසීන් සහ ආසාවන් සහ එකඟතාවයන් මත!

 

4. ඇඳට නැග්ගට පස්සෙත් මැච් එකට සූදානම් වෙන්න ඕන!

Image Source – wikitricky.com

ඇඳට නැග්ග ගමන් තියෙන්නේ කිස් එකක් දෙකක් දීලා ඇඳුම් ගලවන එකද? ආන්න වරද්ද ගන්න තැන. මුලින්ම තේරුම් ගන්න ඕන කාරණාව තමයි සෙක්ස් කියන්නේ තවදුරටත් වර්ගයා බිහිකරන්න සිද්ධ කරන කාර්යයක් නොවෙයි කියන එක. සෙක්ස් කියන්නේ ආට් එකක්. චිත්‍රයක් අඳිනවා වගේ, සංගීත භාණ්ඩයක් වාදනය කරනවා වගේ කලාවක්. ආන්න ඒ නිසා පැන්න ගමන් කොරහත් බිඳගෙන යන එක නෙවෙයි වෙන්න ඕනේ. කාන්තාවකට වුවමනා කරන්නෙත් ඒක නෙවෙයි. ඒ වෙනුවට හෙමි හෙමින් ආදරය පෑම් සිද්ධ කරන එක වටිනවා. ඔය Foreplay කියන ඒවා ගැන ටියුෂන් දෙන්න ඕන නෑනේ!

මතක තියාගන්න ඕන මූලිකම කාරණාව මේකයි. සෙක්ස් කරනවා කියන්නේ පැය බාගෙක වැඩක් නෙවෙයි. හරියට තෘප්තිමත් ලිංගික අත්දැකීමක් ලබාගන්න නම් ඒකට කල් ගතවෙනවා. ඒකට බොහොම ඉවසිලිවන්තව එකිනෙකාව සතු‍ටු කරන්න කාලය ගන්න ඕන. එහෙම නැතුව උඩින් පල්ලෙන් කිස් එකක් දෙකක් දීලා, ඉන් පස්සේ හැකිතාක් වෙර දාලා ගෑණු ළමයගේ ඇඟ උඩ ජිම්නාස්ටික් පෙන්නලා, වැරෙන් පහර දුන්නු නිසා එයා සතු‍ටු වුනාය කියලා හිතාගෙන ඉන්න කොල්ලෝ තේරුම් ගන්න ඕන එයා සතු‍ටු වෙන්නේ නැහැයි කියන එක! ඉඳලා හිටලා ඔය Quickies කියන ජාතියේ වැඩ වෙන්න පුලුවන්. හැබැයි Quickie එකකින් සතුටක් ලබන්නත්, සාමාන්‍යයෙන් දීර්ඝ ආදර පෑම් එක්ක ලිංගික ජීවිතයක් තියෙන්න ඕන. එතකොටනේ ඒක වෙනසක් වෙන්නේ!

 

5. වෙනසක් වෙනසක්, හැම වෙලාවේම වෙනසක්!

Image Source – rd.com

මෙන්න මේක ඔය තමන් මාස්ටර් ඩ්‍රයිවර් කියලා හිතාගෙන ඉන්න අයියලා අනිවාර්යයෙන්ම තේරුම් ගන්න ඕන දෙයක්. කොච්චර ආදරේ තිබ්බත් වැඩක් නෑ, තමන් කොච්චර වැඩ දන්නවා වුනත් වැඩක් නෑ, හැමදාමත් සිද්ධ වෙන්නේ එකම දේ නම්. හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයි වගේ තමයි, හැමදාම ඇඳට නැගලා කරන්නේ එකම දේ නම්, ඒක කොයි තරම් තෘප්තිමත් දෙයක් වුනත් කාලයක් යනකොට කම්මැලි වෙනවා. හැබැයි හැබෑවටම ඔය වාහනේ පදින සාස්තරේ දන්න ඩයල් එකක් නම් දන්නවා, සෙක්ස් ලයිෆ් එකේ මූලිකම කාරණාවක් තමයි මේ “වෙනස” කියන එක කියලා. ඒ කියන්නේ ලිංගික කර්තව්‍යය කරන්න ‍තෝරගන්න ස්ථානය, ඒ වෙනුවෙන් අඳින්නේ මොනවද, නව ආදරය පෑම් සොයාගන්නවද, නව ඉරියවු භාවිතා කරනවද කියන දේවල් වල ඉඳන්, සමස්තයක් විදියටම තමන්ගේ ලිංගික ජීවිතයට නවතාවයක් එකතු කරන්න පුලුවන් දේවල් හොයාගන්න එක. ඇත්තටම නිර්මාණශීලී කෙනෙක්ට මේක ලොකු අමාරුවක් නෙවෙයි. සරලවම කියනවා නම්, හැමදාමත් ඕක සිද්ධ වෙන ඇඳ වෙනුවට, සෝෆාව ‍තෝරාගන්න එක වෙනසක්. වැඩට යන්න කලින් Quickie එකක් අත්හදා බලන එක වෙනසක්. සෙක්ස් ටෝයිස් උපයෝගී කරගන්න එක වුනත් වෙනසක්!

 

6. ලබා ගැනීම වෙනුවට ලබා දීම

Image Source – firenewsfeed.com

මේක පිරිමියෙක්ට ඉතාම අසීරු කාරණාවක්. බොහෝ පිරිමින්ට එහෙමයි කියන්න පුලුවන්. ඇයි? ගොඩක් පිරිමි පුරුදු වෙලා ඉන්නේම සෙක්ස් කියන්නේ තමන් ගැන කාරණාවක් කරගන්න. ඒ කියන්නේ ගැහැණියක් එක්ක ඇඳට නගින එකේ ප්‍රධානතම අවශ්‍යතාවය වෙන්නේ තමන්ගේ සතුට. හරි ඒකේ වැ‍රැද්දක් නෑ. හැබැයි මේක ටීම් වර්ක් එකක් කියන එක අමතක කළ යුතු නෑ. අනෙක් කෙනා කියන්නේ තමන්ගේ සතුට ලබාගන්න පාවිච්චි කරන සෙක්ස් ටෝයි එකක් නෙවෙයි. ආන්න ඒ නිසා හැබෑවටම සෙක්ස් කියන ආට් එකේ අත්දැකීම් තියෙන පිරිමියෙක් නම් තමන්ගේ සතුට ලබාගැනීමට වඩා හිතන්නේ තමන්ගේ ආදරවන්තියට සතුට ලබාදීම ගැන. එහෙම පිරිමියෙක් තමන්ගේ කාන්තාව සතු‍ටු කරන්න සෑහෙන්න වෙලාවක් ගන්නවා. හැබැයි බෝනස් එක මේකයි. හොඳ ආදරවන්තියක් නම්, තමන් ගැන ඒ විදියට හිතන ආදරවන්තයාට ඒ සතුට ලබාදෙන්නේ බෝනස් එක්ක!

මතක තියාගන්න, සමහර වෙලාවට කාන්තාවක් කැමති වෙන්න පුලුවන් ඇඳේදී පිරිමියා තමන්ව පාවිච්චි කරලා සතුටක් ලබනවා කියන හැඟීමට. හැබැයි ඒ කියන්නේ පිරිමියා තමන්ගේ වැඩේ කරගන්න ඕන කියන එක නෙවෙයි. එහෙම හැඟීමකට ආස කාන්තාවක් වෙනුවෙන් පිරිමියෙක් කරන්න ඕන තමන්ගේ සතුට ඉෂ්ට කරගන්න ඇයව පාවිච්චි කරලා අත් අරින එක නෙවෙයි. ඒ විදියේ හැඟීමකට ආස, ඒ විදියේ ෆැන්ටසියක් තියෙන කාන්තාවක් සතු‍ටු කරන්නත් තමන්ගේ අවශ්‍යතාවයට කලින් ඇගේ අවශ්‍යතාවයට මුල් තැන දෙන්න ඕන. හැබැයි ඉතින් කලිනුත් කිව්වා වගේ එහෙම පරිත්‍යාගශීලී වෙන පිරිමින්ට අනිවා බෝනස් එක්කම ඒ සතුට ලැබෙනවා සත්තයි!

 

7. එයා තමයි කිවුවේ ‘මම තමයි බෙස්ට්’ කියලා!

Image Source – greenide.com

ඔව්, ගොඩක් තමන්ගේ ලිංගික කර්තව්‍යයේ හැකියාවන් ගැන ඇඳගන්න පිරිමි එහෙම අධිතක්සේරුවකට යන්නේ එක්කෝ තමන්ට කරන්න පුලුවන් කියලා හිතාගෙන ඉන්න දේවල් නිසා. එහෙම නැතිනම් “ඔයා හොඳයි” කියලා තමන්ගේ ආදරවන්තිය කියපු නිසා. මෙතනදී ගොඩක් වෙලාවට කාන්තාව මෙහෙම දෙයක් කියන්නේ පිරිමියා තොර‍තෝංචියක් නැතුව තමන් හොඳයිද කියලා අහන නිසා. හැබැයි මතක තියාගන්න. අපි ආදරේ කරන කෙනෙක්ගේ හිතක් රිද්දන්න කැමති නැහැනේ. ආන්න ඒ නිසා ඔය හොඳයි කියලා අහන්න ලැබෙන දේ ඇත්ත වෙන්න වගේම පොඩි බොරුවක් වෙන්නත් ඉඩක් තියෙනවා. ආන්න ඒ නිසා කාන්තාව එහෙම කියපු පළියට තමන් තරම් දක්ෂයෙක් තවත් නෑ කියලා හිතාගන්න ඉක්මන් වෙන්න හොඳ නෑ. ඒ වෙනුවට ඇගේ හැසිරීම, ශරීර ප්‍රකාශනයන් වගේ හැම දෙයක්ම අධ්‍යයනය කරලා එයා ඇත්තටම සතුටට පත් වුනාද කියන එක හොයාගන්න පුලුවන්. අනික “මම හොඳද” කියලා අහන්න යන්න එපා. ඒ වෙනුවට සෙක්ස් කියන ආට් එක ප්‍රගුණ කරලා හොඳටම හොඳ වෙන්න.

 

එහෙමනම් තමන් ගැන ඇඳගන්නේ නැතුව ආට් එකට ප්ලේ කරන්න කැමති වෙන කොල්ලන්ට කෙල්ලන්ට රොමෑන්ටික් දවසක්!

Cover Image Source – healthywomen.org/ kamasutra.com

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *