පළමු කොටස් 3 මෙතැනින් කියවන්න
4 කොටස
මුලින්ම රස්සාවට ගිය දවසෙ සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නෙ හිත් නොහොඳවීම් වුනත්, නදිකට එහෙම ප්‍රශ්නයක් වුනේ නෑ. සැර පරුෂ සුපවයිසර් කෙනෙක් බලාපොරොත්තුවෙන් ගිය නදික දැක්කෙ ලස්සන බෝලයක් වගේ අක්ක කෙනෙක්. ඇඟ දැක්ක ගමන්ම කෑමට ආසා මනුස්සයෙක් කියල තේරුණා. කෑමට බීමට ආසා මිනිස්සු හරි හොඳයි.
“නදික නේද?”
“ඔවු”
“මම අශිනි. පළවෙනි ජොබ් එකද?”
“ඔවු මිස්”
“අක්ක කියන්න. මේක ඇතුළෙ කවුරුත් එහෙමයි කතාකරගන්නෙ”
“හරි අක්කෙ”
“ගර්ල් කෙනෙක් ඉන්නවද?”
“නෑ”
“එතකොට බෙල්ල හීරුවෙ පූසද?”
නදිකට ඒ කතාවට උත්තර නැතිවුනා. හැබැයි ඒ වෙලාවෙ ඉඳන්ම හෂිනිව මතක් වුනා. එදා තමයි නදිකට අනුව හෂිනි එක්ක හිටපු හොඳම දවස.
“හරි මට ඔයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියට කමක් නැහැ. හැබැයි වැඩ පාඩු කරගන්න එපා.”
“හරි”
“මම දැන් ෆයිල් එකක් දෙන්නං. ඒකෙ වැරදි ටිකක් තියෙනව. ඒ ටික හරියට චෙක් කරන්න. රතු පෑනකින් වෙනස් කරලා මට දෙන්න. සතියක් ඩොකියුමන්ට්ස් එක්ක ඉඳලම එකවුන්ට්ස් ටික බලමු. එතකං කම්පියුටර් එකේ ෆේස්බුක් විතරක් ගියාම ඇති. එකවුන්ට් ෆයිල්ස්වලට අතගහන්නෙපා.”
උපදෙස් ගොඩයි. කවදාවත් අනුන් කියපු දෙයක් අහයි කියලා හිතපු නැති නදික ඒ දේවල් අහගෙන හිටියා.
“නදිකගෙ වයස කීයද?”
“22යි”
“හප්පා උස මහත වුනාට පොඩි කොල්ලෙක්නෙ. අටක්ම බාලයි”
ඒ විදියටයි අශිනි එයාගෙ වයස නදිකට කිවුවෙ.
එයාට දෙපාරක් විතර නදිකගෙ කකුල පෑගුණා.
නදික ඒ දේවල් සිද්ධ වුනේ වැරදිලා කියලා කීයටවත් හිතුවෙ නැහැ. සුබ සිහින හිතේ මවාගෙන ඉන්න එක තමයි නදිකගෙ පුරුද්ද.
එකවුන්ට්ස් ෆයිල් එකෙන් වැරදි ටිකකුත් හම්බුණා. ඒ ටික කරගෙන යද්දි ආයෙත් තට්ටුවක්.
“කෑම ගෙනාවද?”
“ඔවු.”
“කොල්ලො ටික තව ටිකකින් කන්න යයි. මං කියන්නං ඔයාව එක්කගෙන යන්න කියල”
“හරි”
“නැත්තං ඕනනං අපි එක්ක කන්නත් පුළුවන්. කෙල්ලො තුන්දෙනෙක් ඉන්නෙ”
“හා!”
“බෙල්ලෙ මාක් තියපු එක්කෙනා කැමති වෙයිද දන්නෙ නැහැ නේද?”
“කමක් නෑ අක්ක. මම අයියල එක්ක කන්න යන්නම්.”
“එයාට ඔච්චරටම බය… එයා එච්චරටම සැරයිද?”
“මට තාම අෆයා එකක් නෑ අක්කා”
“එතකොට බෙල්ල?”
“ඒක ඇඳ උඩ වැටිලා තිබ්බ බියර් මූඩියකට නින්දෙන්ම හීරිච්ච පාරක්”
“බොනවද? ගොඩක්?”
“ටිකක් විතර…”
“අම්මයි තාත්තයි?”
“මං කැමති නෑ අක්කා ඒ ගැන කතා කරන්න.”
දවල් බත් ටික දිගාරින්න කොල්ලො හත්දෙනෙක් සෙට් වුනා. නදික ආසම නැති කෑමක් වෙච්ච ලීක්ස් නියම රසට කරවල එක්ක බැදුමක් හදපු බත් එකක්, සැරට දෙල් උයපු කෑම එකක්, බයිට් එකට ගන්න ආසා හිතෙන තරමට ටෙන්ඩර් චිකන් එක්ක පරිප්පු උයලා එවපු වයිෆ් කෙනෙකුගේ පාන්දරට හදන්න ලේසි බත් එකකුත් නදිකගෙ හිතට වැදුනා. උන් කතා කළේ ඔෆිස් එකේ කෙල්ලො ගැන. නදික හිනාව දාගෙන හිටිය. නදිකගෙන් දුමක් දානවද කියල ඇහුවම නදික ඔවු කිවුවෙ හිතේ හීනි සතුටක් පුරවගෙන. හවස තේකට පල්ලෙහාට බහිමු කියලත්, පෙට්ටි කඩේ තියෙන රස පෑන් කේක් ගැනත්, ඉඟුරු දාපු ප්ලේන්ටිය ගැනත් කට්ටිය කතා වුනා.
බත් එකෙන් දැනගත්තු මිනිස්සු දුමෙන් ෆිට් වුනා. පඩි දවසෙ හවස අනිවා සෙට් වෙමු කියන ගිවිසුමත් එක්ක නදික උන්ගෙම එකෙක් බවට පත්වුනා. එතන එකෙක් අශිනිට ට්‍රයි. ඌ නදිකගෙන් ඇහුව නිතරම අශිනිට මෙසේජ් එනවද? හුරතල් කෝල් එනවද? කියල. එහෙම නැතත් නදික ඔවු කිවුව. ඒ ඇයි කියල නදිකට තේරුනෙත් නෑ.
එදා හවස ගියාම එක පාරටම අශිනි අහපු ප්‍රශ්නෙන් නදික ගැස්සුනා.
“ඔයා අපේ බොස්ව හොඳට අඳුරනවද?”
“ඇයි අක්කෙ?”
“බොස් කාවවත් ඉන්ටවිවු නොකර ගන්නෙ නෑ.”
“මාව බොස් ඉන්ටවිවු කරා.”
“දැන් බොස් කාවවත් ඉන්ටවිවු කරන්නෙත් නෑ. එකයි මං ඇහුවෙ.”
“මාව බොස්ට අඳුන්නලා දුන්නෙ බොස්ගෙ යාලුවෙක්. සමහරවිට ඒ නිසා වෙන්නැති.”
ඒ කතාව අස්සෙ නදිකට ඇස් එහාට ගන්න හිතෙන්නෙම නැති රූපයක් පාස් වුනා. නදිකගෙ ඇස් දෙකෙන්ම හොරේ අල්ලගත්තු අශිනිට හිනාවක් ගියා.
“එයා දිහා ඔහොම බලං හිටියොත් නං ලොක්කගෙයි ඔයාගෙයි යාලුකම වැඩි කාලයක් තියෙන එකක් නෑ.”
“ඇයි අක්කෙ ඒ?”
“ඒ බොස්ගෙ දුව.”
ආයෙමත් දවසක…
[…] 4 වෙනි කොටස මෙතනින් කියවන්න […]