සල්ලි හදිස්සියක් කියන එක ඕන මිනිහෙකුට ඇතිවෙන්න පුළුවන්. එහෙම වෙලාවට කරන්න බොහෝමයක් දේවල් තියෙනවා. තමුන්ගෙ දිගු දුර බලාපොරොත්තුවක් වෙනුවෙන් කළ ඉතුරුමකින් ඒ මුදල ගන්න එක, ගෙදරින් මුදල සපයාගැනීම, වටිනා යමක් උකස් කිරීම, සැලරි ඇඩ්වාන්ස්, මිතුරෙකුගෙන් අතමාරුවක් වගේම ණයක් ලබාගැනීමත් ඒ විදියට දක්වන්න පුළුවන්. හැබැයි මේ අන්තිම කාරණා දෙක සිද්ධ වුනාම ණය දීපු කෙනා ඒ ණය ඉල්ලද්දි, ණය ගත්තු කෙනා ඒක මගහරින අවස්ථා බොහෝමයක් තියෙනවා. අන්න ඒ වෙලාවට මෙන්න මේ උත්තර පාවිච්චි කරන්න පුළුවන්.
1. මොකද මාව සැකද?

Image Source – huffingtonpost.com
මේ කතාව තමයි ගොඩක් වෙලාවට අහන්න වෙන කතාව. “මොකද මාව සැකද?” කියල ඇහුවම ණය ගත්තත් ඒ අය ආත්මාභිමානයක් තියෙන මිනිස්සු බවත්, කිසිදා කිසිවකුට හොර නොකෙරූ බවත්, අපිටත් හොර නොකරන බවත් කියවෙනවා. ඒ වගේම ඒක කියවෙන්නෙ තරමක් සැරපරුෂ ගතියකින් නිසා ඇතැම්විට ණය දීපු මනුස්සයා වුනත් ඒ ප්‍රකාශයෙන් මානසිකව වැටෙන්නට පුළුවන්. ඒ නිසාම තමුන්ගෙ නිර්දෝෂීභාවය සහ අභිමානය පෙන්වන්නට, දීපු ණය ඉල්ලගෙන එන මනුස්සයෙකුගෙ මූණටම මේක කියන්න පුළුවන්.
2. තව දවස් දෙකකින් සල්ලිත් අරං ගෙදර එන්න හිටියෙ

Image Source – mrpelacus.blogspot.com
මේ කතාව කිවුවම මම පරක්කු වුනා නෙමෙයි, ඔබ හදිස්සි වුනා, කියන අදහස ණය දීපු මනුස්සයට මූණටම කිවුවා වෙනවා. ලබන සති අන්තයේ සල්ලිත් අරගෙන ගෙදරටම එන්න හිටපු මිනිහට නේද මම මේ දවස් දෙකක් තියෙද්දි ගිහිල්ලා කරදර කළේ කියල වරදකාරී හැඟීමකුත් ණය දීපු මනුස්සයාගෙම හිතට ඇතිවෙන්න පුළුවන්. අන්න ඒ තරමට අසරණ කරාම දීපු ණයක් වුනත් අතෑරලා දාන්න හිතෙන තරම් හිත පහළට වැටෙනවා.
3. මටත් ණයක් එන්න තියෙනවා

Image Source – medium.com
හදිස්සියට ණයක් ගත්තට අපි බොලාට වඩා පොරවල් කියන දේ පෙන්නන්න පුළුවන් නම් ඒක වැදගත්. අන්න ඒක පෙන්නන්න පුළුවන් දෙයක් තමයි වහෙන් ඔරෝ තමුන්ගෙ ගැන මේ විදියෙ ස්ටේට්මන්ට් එකක් නිකුත් කරන එක. ඕනනං මේකට අගය වැඩි කරවන කෑල්ලක් දෙකකුත් දාන්න පුළුවන්. “කඩේ මුදලාලි මගෙන් අලුතෙන් කෑල්ලක් ගහන්න ඕන කියල සල්ලි ටිකක් ණයට ඉල්ල ගත්තා. ඒ ටික ලබන සතියෙ ලැබෙයි. එතකොට මම ඕක දීලා දාන්නං”. වගේ කතාවක් කිවුවම හන්දියේ මුදලාලි පවා තමුන්ගෙන් ණය ගන්න බවත්, දීලා දාන්නං වගේ වචනයකින් ඔය ණය මට මහ කජ්ජක් නොවෙන බවත් කියන්න පුළුවන්.
4. මගේ බිස්නස් එකේ අලුත් බඩු ටික නැවෙන් බාපු ගමන් දෙන්නං

Image Source – unsplash.com
මේකත් ලොකුකමෙන්ම යට ගහන්න පුළුවන් කතාවක්. කොහොමත් හිතවත්කමට ණයක් දීපු මනුස්සයා ඒක ඉල්ලන්න එන්නෙත් හිතවත්කමින්. අන්න ඒ වෙලාවට ඒ හිතවත්කං ටිකක් යටපත් කරලා ලොකුකං උඩට අරගන්න පුළුවන් නං ඒක වටිනවා. නැවුවලින් බිස්නස් කරන උන් එක්ක බලද්දි මං මේ දීපු ණය මොකද්ද කියල ණය දීපු මිනිහට හිතෙන්නෙ එතකොටයි.
5. මං මේ උඹෙන් තව දහදාහක් ඉල්ලන්න හිටියෙ

Image Source – wikihow.com
මේක සල්ලි දෙන එක යටගහන්න පුළුවන් තවත් විදියක්. දැන්මම සල්ලි දෙන්න මගේ කිසිම සූදානමක් තිබුනෙ නෑ කියල කියන්න මේක හොඳ විදියක්. ලොකුකමෙන්ම මම තවත් දහදාහක් ඉල්ලන්නයි හිටියෙ කියල කිවුවම ණය දීපු මනුස්සයා උත්සාහ කරන්නෙ ඒක නොදී ඉන්න බොරුවක් කියන්න මිසක් දීපු ණය ගන්න විදියක් හිතන එක නෙමෙයිනෙ. අන්න ඒ වගේ මයින්ඩ් ගේම්ස්වලින් තමයි වැඩදාන්න ඕන.
6. දරුවට අසනීපයි බං

Image Source – healthblog.uofmhealth.org
මානුෂීය ලයින් එකක් අල්ලන එකත් වැදගත්. මෙහෙම කතාවක් කියන්න ඕන ණය දීපු මනුස්සය දුර ඉඳන් එනවා දැක්ක ගමන්මයි. නැත්තං පොරත් ඇවිල්ල මෙහෙම දෙයක් කිවුවෝතින් අපි හිරවෙනවා. අනික මේ වගේ දේකදි කොහොමහරි සල්ලි දීපං කියල කිවුවොත් ඒ බුවා අමානුෂික බුවෙක් විදියට කෙලින්ම ඒ අවස්ථාවේ සිට හංවඩු ගැහීමේ හැකියාව තියෙනවා.
7. කලින්ම දෙන්න හිටියෙ

Image Source – saintmichaelschurch.org
“මං දවස් දෙකකට කලින් ඒ සල්ලි දෙන්න කතා කළා. කොහෙද ඉතිං ෆෝන් ආන්සර් කරන්නෙ නැහැනෙ ඔයාලා. ඒ සල්ලි ඉතිං දැන් වියදං වුනා. ආයෙ සල්ලි සෙට් වෙච්ච ගමන් දෙන්නං” කියලා වරද ඒ ණය දීපු මනුස්සයා පිටින්ම යවන්නත් පුළුවන්. එතකොට පොරට දෙවනි පාරක් ඇවිල්ල ඔය ගැන අහන්න හිත හදාගන්නත් අමාරුයි. අනික ඕනම වැරැද්දක් ටෙලිකොමිනිකේෂන්වලට පටවන්න පුළුවන් නිසා මට කෝල් ඇවිත් තිබුනෙ නැහැනෙ කිවුවත් මහ ප්‍රශ්නයක් ඇතිවෙන්නෙ නෑ.
අපි මේ කියලා තියෙන කතා පාවිච්චි කරලා කවදාවත් තමුන්ව විශ්වාස කරලා ණයක් දීපු මනුස්සයෙකුව රවට්ටන්න තරම් නිහීනයෙක් වෙන්නෙපා කියන එකත් මතක් කරන්න ඕන. ලයිෆී පාඨකයන් එහෙම නොවෙන වග සහසුද්දෙන්ම දන්නවා වුනත්, ඔබ දන්නා එහෙම කෙනෙකුට පේන්න මේක ෂෙයා කරන්න කියල ඉල්ලන්නෙත් ඒ නිසාමයි.
Cover Image Source – nkartravelhouse.com/barrons.com/kveller.com
Leave a Reply