මුත්‍රා කිරීම ගැන ඔබ දැන සිටිය යුතුම කරුණු කිහිපයක්

peeing

කට්ටිය පුංචි කාලෙ පිප්පි කළා, ඊටපස්සෙ මේ අයි ගෝ ටු ද ටොයිලට් ටීචර් වුනා, ඊටත් පස්සෙ චූ කරන්න ගියා, ඊටත් පස්සෙ පම්ප් එකක් දාලා එන්න තරමට දැන් ඇවිල්ලා තමයි මේ සටහන කියවන්නෙ. හැබැයි මේ ලියන්නෙ මුත්‍රා කිරීම ගැන ගැහැනු සහ පිරිමින් පොදුවේ දැන සිටිය යුතුම කරුණු කිහිපයක්. මේක අපහසුතා, අපවිත්‍රතා, අසනීප, රිදුම් වැනි සියළු දේ මගහරවගන්න උදවුවක් වේවි වගේම කොයිකටත් දැනගෙන ඉන්න එක හොඳයිනෙ.

 

1. පිරිමින්ගෙ ඉලක්කය

peeing

Image Source – gawker.com

පිරිමින් ඉඳගෙන මූත්‍රා කිරීම වාසිදායකයි කියලයි කියන්නෙ. එහි සුවිශේෂ වාසි කිහිපයක්ම ශරීර සෞඛ්‍යය අතින් සළකද්දි ඉදිරියට එනවා. මේ කියන්නෙ එයින් රැකෙන පිරිමින්ගේ ඉලක්කය ගැන. පිරිමින් මූත්‍රා කරද්දි හතර වටේ නොවැටෙන්නට මුත්‍රා කිරීම වැදගත්. එයට හොඳ පසුබිමක් ඉඳගෙන සිටීමෙන් ලැබෙනවා. වතුරට වැටීමෙන් නැගෙන ශබ්දය නොනැගෙන්නටත්, හදිසියේ මදුරුවෙක් විදීමෙන් හෝ ඇතිවෙන ගැස්සීමක ප්‍රතිඵලයක් ලෙස “මූත්‍ර විසර්ජන් කරූංගා” නොවී බේරෙන්නටත් මේ ඉඳගැනීම ප්‍රයෝජනවත්.

 

2. වාඩිවෙන පිරිමි

peeing

Image Source – youtube.com

වාඩිවෙලා මූත්‍ර කරන පිරිමින්ට තියෙන මූලිකම වාසිය ගැන අපි කියලා ඉවර නිසාම දැන් කියන්නම් එයින් තියෙන වෙනත් වාසි. සමහර පිරිමින්ට දැඩි ආයාසයකින් මූත්‍රා කරන්නට සිදුවීම දැඩි ප්‍රශ්නයක්. හිඳගෙන මුත්‍රා කිරීමෙන් එය වැළකෙනවා. ඒ වගේම හිඳගෙන මුත්‍රා කිරීමෙන් ඇති ‌ශරීර සෞඛ්‍ය වාසි නිසාම යුරෝපීයයන් එයට යොමු කරන්නට ටෙලිග්‍රාෆ් හී ලිපියක් පලවී ඇති අතර එහි පවසා ඇත්තේ හිඳගෙන මුත්‍රා කිරීමෙන් දිගු කාලයක් ආලිංගනයේ යෙදීමට හැකි වන බවයි. නමුත් එහි සැබෑවක් ඇත්තේ නැහැ. ඇත්තටම ඉක්මනින්ම මුත්‍රා කරන්නට හිටගැනීම පහසුවක් වුවත් හිඳගැනීම මගින් මුත්‍රා කිරීමේ ක්‍රියාවලිය අතිශය සැහැල්ලුදායක කටයුත්තක් බවට පත් කරනවා. පිරිමින්ට තියෙන ‌ලොකුම බයක් වෙන හදිස්සියට සිප් එකට හසුවීමේ ප්‍රශ්නයත් එයින් මගහැරෙනවානෙ.

 

3. ගැහැණුන්ට ගැජට්

peeing

Image Source – amazon.com

සාමාන්‍යයෙන් විනෝද චාරිකා වගේම විශේෂයෙන්ම කෑම්පින් වගේ යද්දි ගැහැණුන්ට එන විශාලතම ප්‍රශ්නයක් වෙන්නේ වැසිකිළි ප්‍රශ්නය. මෙහිදී මුත්‍රා කිරීමට බිම හිඳ ගැනීම ඇතැම් විට අර්බුදයක් ඇති කරන්නට පුළුවන්. එයට විසඳුමක් ලෙසින් ගැහැණුන්ට මෙවන් අවස්ථාවක පහසුවෙන්ම භාවිතා කළ හැකි ගැජට් එකක් සපයාගත හැකියි.

 

4. රිදුම්

peeing

Image Source – buoyhealth.com

මෙම රිදුම් ඇතිවීම බොහෝදුරට මුත්‍රාශයේ ගල් තිබීම හෝ අතිශය අඩුවෙන් ජලය පානය නිසා හටගන්නා වේදනාවක් විය හැකියි. ඒ නැතත් දරුණු වේදනාවක් සමග වමනය යෑම වැනි දෙයක් සිද්ධ වෙනවා නම් ඔබ අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙක් හමුවිය යුතුයි. වෛද්‍යවරයෙකු වහාම හමුවිය යුතු අනෙක් කාරණය වන්නේ මුත්‍රා සමග මිශ්‍රව ලේ ගලා යන තත්ත්වයක් ඇති වුවහොත් වෙයි. සාමාන්‍යයෙන් දුඹුරු පැහැයෙන් මූත්‍රා පිටවෙන පුද්ගලයෙක් නම් ඔබට එහි විශේෂතාවයක් නොදැනුනත්, ඒ සම්බන්ධයෙන් ඔබ අවධානයෙන් සිටිය යුතුමයි. අනෙක් වැදගත්ම කරුණ නම් අතිශය ආයාසයක් දැරුවත් මුත්‍රා පිටනොවීමේ අවදානමයි. මෙම තත්ත්වයේදිත් අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙකු හමුවීම වැදගත්. සාමාන්‍යයෙන් මුත්‍රා පිට නොවේ නම් සිදුකරන ජල කරාමය ඇර තැබීම, දෑත් සීතල වතුරට ඇල්ලීම, මද දුරක් ඇවිද බැලීම වැනි සරළ ක්‍රම අනුගමනය කර බලා ඔබට මෙම තීරණයට පැමිණිය හැකියි.

 

5. නොදැන පිටවීම

peeing

Image Source – wikihow.com

ඔබට නොදැනී මුත්‍රා පිටවීමත් අවුලක්. අවුලක් වුනත් ඒක සමහරුන්ට ඇතිවෙන තත්ත්වයක්. පාලනය කරගත නොහැකි තරම් මුත්‍රාශය පිරී තිබීම සාමාන්‍ය තත්ත්වයක් වුවත්, නියමිත වේලාවට මුත්‍රා නොකිරීමේ වරදට දඬුවමක් ස්වභාවධර්මයාගෙන්ම ලැබුනාට කම් නැහැ. නමුත් ස්ට්‍රෙස් පිට මුත්‍රා පිටවීම සිදුවිය හැකියි. මුත්‍රා රඳවාගෙන සිටින මාංශපේෂීන් දුර්වල වීමෙන් කැස්සකදී හෝ කිවිසුමක් සමග හෝ බිමට නැමුණු අවස්ථාවක මුත්‍රා පිටවීමේ ඉඩකඩක් තියෙනවා. එසේත් නැතිනම් අනවශ්‍ය මොහොතක පවා මුත්‍රාශයට හිස් වන ලෙස ඔබේ මොළයෙන් විධානයක් ලැබිය හැකියි. එසේත් නැතිනම් ඔබේ මුත්‍රාශයට දරා ගැනීමට අපහසු මුත්‍රා ප්‍රමාණයක් ඔබේ සිරුරෙන් නිපදවෙනවා විය හැකියි. මේ සිදුවීම දිගින් දිගටම වෙනවානම් වෛද්‍යවරයෙකු හමුවීම සුදුසුයි.

 

6. චූ සිහිනේ

peeing

Image Source – manrepeller.com

රාත්‍රියට ඔබ මුත්‍රා නොකර නිදාගතහොත් ‌ඇතැම්විට සිහිනයකින් ඔබට ඔබ විසින් වැසිකිළියක සුළු දිය පහ කරණු පෙනෙන්නට ඉඩ තිබෙනවා. මොහොතකින් ඇඳ තෙත්ව ඇති බව දැනුණු විට ඔබට සිහිනය යථාර්ථයක් වී ඇති බව දැනගත හැකියි. මෙය ඔබට නින්දේ ඇති අවශ්‍යතාවය වටහාගන්නා මොළය විසින් ඔබව ඇහැරවන්නේ නැතිව තබන්නට දරණ වෑයමක්. ඔබ දැඩි කුසගින්නේ නිදියන මොහොතක ඔබට ඔබ කැමතිම පන්නයේ ආහාර පිරි දර්ශනයක් සිහිනෙන් දකින්නට ලැබෙන්නේත් එනිසාමයි.

 

7. පිරිසුදුකම

peeing

Image Source – allaboutthewoman.com

මුත්‍රා ලෙසින් පිටවෙන්නේ ඔබේ සිරුරට අනවශ්‍ය දේ නිසාම මුත්‍රා සම්බන්ධ කාරණාවලදී පිරිසුදුකම කියන දේත් අතිශය වැදගත්. එනිසාම ඔබ නිතර ගමනේ යෙදෙන අයෙකු නම්, බොහෝ විට පොදු වැසිකිළි භාවිතා කරනවානම්, බොහෝවිට ඉඩක් ලැබෙන මගක මුත්‍රා කිරීමට පුරුදු වී සිටිනවා නම් කරුණාකර ඔබ සමග කුඩා පිරිසුදුකාරකයක් පිරවූ බෝතලයක් තබාගෙන එයින් දෑත් පිරිසුදු කරගන්න.

 

8. බෝතලේකට

peeing

Image Source – exploreinspired.com

අසනීප වුණු කෙනෙකුට හැරෙන්නට මේ කියන්න යන්නෙ කම්මැලි‌යොන්ට පාඩමක්. සමහරුන්ගෙ ටොයිලට් තියෙන්නෙ ගෙදරින් එළියෙ. සමහරුන්ගෙ උඩ තට්ටුවෙ. සමහරුන්ගෙ කාමරේ ඇතුළෙම තිබුනත් මහ රෑට ඇඳෙන් බහින්න තරම් කම්මැලිකමක් තියෙනවා. අන්න ඒ වෙලාවට භාවිතා කරන්නට පුළුවන් බෝතලයකට මුත්‍රා කිරීම කියන ක්‍රමවේදය. මේක සරළයි. හැබැයි වටේට ඉහිරෙන්නෙ නැතිවෙන්න කරන්න ඕන. මේක වඩාත් කම්මැලිකමට ඇඳේ නිදාගෙනම කරන්න ගියොත් අවදානම ඉහළයි. ඒවගේම මේ බෝතලය දිනපතා පිරිසුදු කිරීම වගේම දරුවන්ට අහුනොවෙන විදියට තියාගැනීමත් වැදගත්. පරිස්සමට කරන විදියනං ඉන්ටනෙට් එකේ ඕනතරං තියෙනවා. ඕකටම සුවිශේෂ බෝතල් තියෙනවා. හොයාගන්න බැරිමනං කට ලොකු වයින් බෝතලයක් වුනත් ෂේප් ඉතිං.

 

9. එළිපහලියේ මුත්‍රා කරද්දි

peeing

Image Source – kateehendrickson.com

එළිපහලියේ මුත්‍රා කරද්දි අනිවාර්යයෙන් හිතන්න ඕන දේවල් ටිකක් තියෙනවා. මේක ඉතිං ගැහැණු  කාණ්ඩෙට අපහසු දෙයක්නෙ. දැන් ඉතිං ජෙන්ඩර් ඊක්වල්ටි ඉල්ලන ‌ෆෙමිනිස්ටියො අපිට ගහන්න උරුක් කරගෙන එන්නෙපා. එවුව ඔයාලා ස්වභාවධර්මයත් එක්ක බේරගන්න ඕන කතා. හදිසි අවශ්‍යතාවයක් ඇතිවෙලා මහ මග මුත්‍රා කරන්නට අවශ්‍ය වුනොත් කුඩා දරුවන් සහ කාන්තාවන් අවට නොසිටිනවාද කියන එක මුලින්ම ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒ වගේම කිසිම මොහොතක පාසලක්, පෙරපාසලක් හෝ ළමුන් ගැවසෙන ස්ථානයක් අසළ ළමුන් නොමැති අවස්ථාවත් මුත්‍රා කරන්නට සූදානම් වෙන්න එපා. ඒ වගේම බිත්තියකට මුත්‍රා‌ නොකරන්නටත් වග බලාගන්න. එවිට මුත්‍රා නැවත ඔබේ සිරුරට විසිවෙන්නට ඉඩ තිබෙනවා. එනිසා සැමවිටම වැලි හෝ තණකොළ මතට මුත්‍රා කරන්න.

Cover Image Source – pmsl.com/en.wikipedia.org

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *