බුදු දහම වෙත නැඹුරු වූ සුපිරි හොලිවුඩ් තරු

මැවුම්වාදය ප්‍රතික්ෂේප කරන බුදු දහම ලොව බුද්ධිමතුන්ගේ දර්ශනයක් යැයි ප්‍රචලිත වී ඇති දහමකි. බුදු දහම තුළ දෙවියන් වහන්සේ පිනවීම සහ සතුටු කිරීම වෙනුවට තමුන්ගේ සතුට වෙනුවෙන් ජීවිතය හැඩගස්වාගන්නා හැටි පැහැදිලිව දක්වා තිබේ. එම නිසා ලොව පුරා ප්‍රකට කලාකරුවෝ රාශියක්ද මෙම විචාරශීලී බුදු දහම හා බැඳී සිටී. එලෙස බුදු දහමට නැඹුරු වූ හොලිවුඩ් තරුද රැසකි. එයින් කිහිප දෙනෙකු ගැන අපි සොයා බලමු.

 

1. ඇන්ජලීනා ජොලී

buddhist

Image Source – heightline.com

ඇන්ජලීනා ජොලී විසින් දරුකමට ගත් එක් දරුවෙකු බෞද්ධ ආගම අදහන කාම්බෝජ දරුවෙකි. ඇය කාම්බෝජයේ කලක් රූගත කිරීම් වලටද එකතු විය. බුදු දහමට ඇන්ජලීනාගේ සිත ඇදී ගියේ ඒ කාලයේදීය. ඇය කාම්බෝජයේ මිනිසුන්ට, ගහකොළ වලට මෙන්ම එහි සංස්කෘතියටද ආශා කරන්නීය. දෙවියන් යැදීමට වඩා බුදු දහමෙහි දර්ශනය වැදගත් බව ජොලීගේ අදහස වී තිබේ.

 

2. බ්‍රැඩ් පිට්

buddhist

Image Source – usmagazine.com

ඇන්ජලීනා සහ බ්‍රැඩ් කලකදී හොලිවුඩයේ ජනප්‍රියම ජෝඩුවක් වූ නමුත් පසුව එය වෙනස් විය. කෙසේ වෙතත් ඇන්ජලීනා සහ බ්‍රැඩ්ගේ දරුවා වූ කාම්බෝජ සම්භවයක් සහිත මැඩොක්ස් නිසා බ්‍රැඩ්ද බුදුදහමට නැඹුරු විය. කාලයක් බ්‍රැඩ් බුදුදහමේ දහම් කොටස් ගැන නිතිපතා ඉගෙනගත් බවද සඳහන් වේ.

 

3. කේට් හඩ්සන්

buddhist

Image Source – ghanalive.tv

2000-2010 කාල සීමාවේදී කේට් හඩ්සන් ජනප්‍රිය විකට චිත්‍රපට නිලියක් විය. ඇය රොමෑන්ටික් කොමඩි නරඹන හොලිවුඩ් ලෝලීන්ගේ නොමද ආදරය දිනාගත් තාරකාවක් විය. හඩ්සන්ගේ දෙමාපියන් සහ සහෝදරයන්ද සිනමාවට සම්බන්ධ තාරකාවන් විය. සම්භවය අනුව යුදෙව් ආගම අදහන්නට නියම වුවත් කේට්ගේ මව මෙන්ම කේට්ද බුදු දහමට නැඹුරු විය. ඇය මෑතකදී අදහස් දක්වා තිබුණේ දැන් ඇය උදේ සවස විනාඩි 20ක් පමණ භාවනාවේද නිරත වන බවකි.

 

4. ඕලන්ඩෝ බ්ලූම්

buddhist

Image Source – themarysue.com

ඕලන්ඩෝ බ්ලූම් ලෝඩ් ඔෆ්ද රිංග්ස් හරහා ජනප්‍රිය වූ මිත්‍යා කතා ආදිය රඟපෑමේ දක්ෂයෙකි. ඔහු, ද හොබිට්, ට්‍රෝයි, පයිරේට්ස් ඔෆ් ද කැරිබියන් ආදී ජනප්‍රිය චිත්‍රපට වලටද දායකත්වය සපයා තිබේ. ඉංග්‍රීසි ජාතිකයෙකු වූ ඕලන්ඩෝගේ මව ඉපදී ඇත්තේ ඉන්දියාවේ කල්කටාවේදීය. ඕලන්ඩෝ ජපාන බුදු දහමේ සෝක ගක්කායි නැමැති සම්ප්‍රදායේ අනුගාමිකයෙකි. ඔහු ඒ ඇදහීම් විශ්වාස කර, ඒවාට වන්දනාමාන කරමින් සිය ජීවිතයට ආශීර්වාද ලබාගන්නා බව වාර්තා වල සඳහන් වේ. ඔහුගේ පැරණි පෙම්වතිය වූ කේට් බොස්වර්ත් හා ජීවත් වූ කාලයේ ඔවුන්ගේ නිවසේ වන්දනාමාන කිරීමට වෙනමම අවකාශයක්ද තනා තිබුණු බව පැවසේ.

 

5. ෂැරොන් ස්ටෝන්

buddhist

Image Source – blog.peterdukephotography.com

ෂැරොන් ස්ටෝන් ආන්දෝලනාත්මක ජනප්‍රිය සිනමා නිර්මාණ ගණනාවක් හරහා හොලිවුඩ් සිනමාව සෙලවූ සුන්දර නිළියකි. ඇය 1990 දී දලයි ලාමාතුමාගේ අදහස් වලට පැහැදී ටිබෙට් බුදු දහම වැළඳ ගත්තාය. 2008 සිදුවූ සිචුවාන් භූමිකම්පාවේදී ඔවුන්ට උදව් කරන්නටද ෂැරොන් ස්ටෝන් නොපැකිලිව ඉදිරිපත් වූවාය.

 

6. රිචඩ් ගියර්

buddhist

Image Source – hauteliving.com

රිචඩ් ගියර් 70 දශකයේ සිට මේ දක්වාම හොලිවුඩ් හි විවිධ චරිත නිරූපණය කළ සම්මානනීය නළුවෙකි. ටිබෙට් – චීන ගැටුමේදී, ටිබෙට් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි රිචඩ් ගියර් ටිබෙට් බුදු දහම විශ්වාස කරන්නෙකි. ඔහු කිහිප විටක්ම දලයි ලාමා වෙනුවෙන්ද අදහස් දක්වා තිබේ. ඔහුට වයස 29 දී කළ නේපාල සංචාරයකදී රිචඩ්ගේ සිත බුදුදහම කෙරෙහි ඇදී ගොස් තිබේ. එතැන් පටන් බුදුසමය ගැන පැහැදී කටයුතු කළ ගියර්, ධර්ම්ශාලා හි දලයි ලාමාගේ නිවහන වෙතද අවස්ථා කිහිපයකදීම ගොස් උන්වහන්සේ බැහැදැක තිබේ.

 

7. සාරා ජෙසිකා පාකර්

buddhist

Image Source – people.com

ජීවිතයට සැනසීම ගෙන එන සරල දහමක් වන බැවින් බුදුදහම බොහෝ ජනප්‍රිය තරු අතර ජනප්‍රිය වූ දහමකි. වරක් ජෝන් එෆ් කෙනඩි ජූනියර් සමඟද සම්බන්ධතාවයක් තිබූ දක්ෂ නිරූපිකාවක සහ සම්මානනීය නිළියකි ජෙසිකා පාකර්. ජෙසිකා හීබෲ ඇදහීම් සහ බෞද්ධ දර්ශනය හදාරා තිබේ. එසේම බුදු දහම ගැන ඇගේ පැහැදීමක් ඇති බව ප්‍රසිද්ධියේම කියා තිබේ.

 

8. ස්ටීවන් සීගල්

buddhist

Image Source – theactionelite.com

ක්‍රියාදාම නළුවෙකු ලෙස ජනප්‍රිය වූ ස්ටීවන් සීගල් ටිබෙට් බුදු දහමට ඇලුණු තරුවකි. ඔහු ටිබෙට් සම්ප්‍රදායේ එක් නිකායක් සඳහා ආන්දෝලනාත්මකව සහාය දී තිබෙන අතර ඒ වෙනුවෙන් ආධාර උපකාරද නොපැකිලිව ලබා දී තිබේ.

Cover Image Source – pmsl.com/rigpa.org.au/

 

zvr
Your Reaction

Comments