ආයෙමත් දවසක – සතිපතා නවකතාව

ආයෙමත් දවසක

 

මිත්‍ර සුරනිමල ලියයි

පබ්බත හීන්කෙන්ද අඳියි

 

1 කොටස

 

 

නින්ද ගියේ පුරුදු ඇඳක නෙමෙයි නිසා නදික වෙනදට වඩා උදෙන් ඇහැරුනා. එතකොටම වට්ස්ඇප් මෙසේජ් එකක්. අද සෙනසුරාදා නිසා මධුවිතක් තොල ගාන්න වට්ස්ඇප් ගෲප් චැට් ආරාධනාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්තං කොහේහරි යන්න කතා කරන කෙනා තමයි නදිකගෙ එහා පැත්තෙ නිදියගෙන ඉන්නෙ. උදේ හයහමාරයි. වැල්ලවත්තෙ ස්ටේෂන් එකෙන් පිටවෙච්ච කෝච්චියෙ සද්දෙ නදිකට ඇ‌හුණු නිසාම නදික ගියා ජනේලෙ ගාවට. වටේටම හැදිච්ච අපාට්මන්ට් අස්සෙන් නදිකට පේන්නෙ මූද. ටික වෙලාවකින් නිරුවත් සිරුරක් නදිකගෙ ඇඟට තුරුල් වුනා. දිගින් දිගටම නාද දෙන වට්ස්ඇප් ගෲප් එකට “kella ekka inne. ude ba. hawasa set wemu.” කියන පණිවිඩේ තියල නදික ආයෙත් ඇඳට වැටුන.

නදිකට තාමත් අනාගතේ කරන්නෙ මොනවද කියල හිතන්න ඉඩක් ලැබුනෙ නෑ. ජීවිතේ මහ ලොකු ප්‍රශ්න නැතත් කිසිම දෙයක් කරන්න මූඩ් එකක් නැති නිසා අද ද‌වසෙත් උදේ වරුව ගැහැණියකටයි, හවස් වරුව බෝතලේකටයි බිලිදෙන්න නදික තීරණය කළා. ඒ අතරතුරේ ලැබිච්ච පැය දෙකක වෙලාවෙ නදික ප්ලෑන් කළා අනාගතේ කරන්න පුළුවන් දේවල් ටික. හරිම සරළයි. නදිකට පුළුවන් දෙමවුපියො ඉතුරු කරපු මහා ධනස්කන්ධය බැංකු පොතේ තැම්පත් කරලා පොලියෙන් ජීවත් වෙන්න. ඒ වගේම ඒ ධනස්කන්ධයෙන් අලුත් ව්‍යාපාරයක් අරඹන්න පුළුවන්. එහෙමත් නැතිනම් මේ කම්මැලිකං නැතිවෙන්නත් එක්ක රස්සාවක් කරන්න පුළුවන්. බිස්නස් එකක් පටන් ගන්න එකේ අවදානම එකහෙලාම බැහැර කරන්නට නදික තීරණය කළා. පොලියෙන් කකා බිබී ඉන්න එක අනාගතයෙදි දැනටත් තියෙන කම්මැලිකම වැඩිවෙන්න හේතුවක් වේවි කියල හිතුණු නිසාම නදික ඒ අදහසත් අතහැරියා. ඒ හින්දා කරන්න තියෙන්නෙ ජොලියට රස්සාවක් කරන එක විතරයි.

හෂිනිව ගාලු පාරෙන් බැස්සුවට පස්සෙ නදිකගෙ අවුඩිය දිහා ඉස්සෙල්ලා හෂිනි ඉඳිද්දි බැලුවටත් වඩා කෙල්ලො බලන්න ගත්ත. ඉස්සරනං එහෙම බලන කෙල්ලොන්ට අහංකාර ලුක් එකක් දුන්නත්, අද නදිකගෙ බැල්මම අසරණයි. තාම හිතට හරි තීරණයක් ගැන නිදහසක් නැති හින්දා මේ අවුල වෙන්න පුළුවන් කියන දේ නදිකට තේරුණා. හැම සිද්ධියක්ම හරි විදියට පෙළගස්සගත්තත් මේ කිසිම දේකින් විසඳුමක් ලැබෙන්නෙ නෑ කියලත් නදිකට තේරුණා. ජොලියට රස්සාවක් කරනව කියල හිතුනත් ඒක හිතට කන්ෆර්ම් වෙලා තිබුනෙ නෑ. එහෙම කන්ෆර්ම් වුනානං, කරන්න රස්සාවක්, රස්සාව කරන්න තැනක් ගැනවත් අදහසක් හිතට වදිනවනෙ.

පහුවෙන්නෙ බම්බලපිටිය. කලර් ලයිට්වලට නවත්තල තියෙද්දි රතු පාට ලයිට් එකේ සැර ඔලුව ඇතුළටම වදින ගතියක් නදිකට දැනුනා. ඇහැටවත් නොපෙනි වැළලුණු අම්ම තාත්තගෙ තුන් මාසෙ දානෙත් ඉවර වෙලා මාසයක් ගිහින්. මුල් කාලෙම හිතේ අවුල තිබුනෙ ප්ලේන් එකක් කඩාගෙන වැටෙද්දි ඇතිවෙන්නෙ මොනවගේ බයක්ද කියල. ඒ කොහොම වුනත් තවත් දුක් වෙවී ඉන්නවද? නැත්තං මොනවහරි අලුත් වැඩක් කරනවද? කියන අදහසට උත්තරයක් නදිකගෙ අවුරුදු විස්සෙ හිතට ඇවිල්ල තිබුනෙ නෑ. බූදල් පෙරේත කමෙන් ආපූ නෑදෑයින්ව නදික මුහුණ නොදී මගහැරියා. ඇතැම් නෑදෑයො දෙමවුපියන්ගෙ අභාවයත් එක්කම දකින්න නැති වුනා. නදික වැඩිහිටියන්ට කියලා ආශ්‍රය කළේ තමුන්ගෙ අප්පච්චිගෙ මිතුරන්ව විතරයි.

තප්පරෙන් තප්පරේ අඩුවෙවී යන කලර්ලයිට් කවුන්ටර් එක, එකේ ඉලක්කමට වැටිච්ච ගමන් පිටිපස්සෙ හිටපු කාර් කාරයො ටික හෝන් උඩ නගින්න ගත්තු නිසා නදික කලබලෙන් ගැස්සිල අතීත හීනෙන් ඇහැරුනා. කොල්ලුපිටියෙන් ගේ පැත්තට දාද්දි Trish කියල සේවු කරපු නම්බර් එකකින් කෝල් එකක් ආවා. කාලෙකින් එන කෝල් එකට ආන්සර් කරපු ගමන්ම,

“හායි… මොකෝ දැන් ක්ලබ් එක පැත්තෙවත් පේන්න නැත්තෙ?”

“හිත අවුල්”

“තාම අම්මිලා ගැන ඔලුවට වද දෙනවද?”

“දැන් ඊට වඩා ප්‍රශ්න”

“කියන්නකො මට”

“ෆෝන් එකෙන් බෑ…”

“ක්ලබ් එකට එන්න බැරිනං මම එන්නද ඔයා ගාවට?”

“එපා අද යාලුවො එක්ක ඩ්‍රින්ක් එකක් දානව”

“ඩ්‍රින්ක් එක දාන්න ගිය යාලුවවද දෙහිවලින් ඩ්‍රොප් කළේ?”

“ආහ්… ඒක දැකලද ගත්තෙ? අවුල්ද?”

“අයියෝ නෑ… මං දන්නවනෙ ඔයාගෙ හැටි. ඔයාට මට කතා කරන්න ඕනනං කියන්නකො

හරි බායි…”

“සීයූ බබා”

ගෙදරට වාහනේ දාලා වොෂ් එකක් දාගන්න හිතාගෙන කාමරේට යද්දි අප්පු නදිකට කූල්ම කූල් ලයිම් ජූස් එකක් ගෙනත් තිබුනා. පදමට සීනි එක්ක, ලාවට ග්‍රේට් කරපු දෙහි ලෙල්ලෙ පැඟිරි රසින් අනූන බීම එක ටිකෙන් ටික බිවුවම හිතට පුදුම නිස්කලංකයක් දැනුන. ඒ හින්දම හවස සෙට් වෙන කෝල් එක එනකං නදික නින්දක් ගහන්න සෙට් වුනා.

 

2 කොටස

 

එක දිගටම නද දෙන්නෙ ජෝතිපාල… ඒ කියන්නෙ විරහවට තිත. ආතල් ලෝකයක්… ඉස්සර කට්ටිය සින්දුවක් කියන්න පටන්ගත්තොත් කියන්නෙම මිල්ටන් සහ කපුගේ මික්ස් එක. අද ඒක ජෝතිට මාරු වෙලා. ඒක ගොඩක් දුරට “මං අවුලෙන් ඉන්නෙ” කියල නදික කියපු නිසාම වෙන්න පුළුවන්.

මලක් වගේ ඔබ තියලා රන් ඔංචිල්ලේ…

රුකුල් දෙමින් පදින්නකෝ මා සියුමැල්ලේ…

වටින් පිටින් සිහිල් සුළං පවා ඇදෙන්නේ…

ඔබෙයි මගෙයි කතන්දරේ තමා කියන්නේ…

එතනම කොච්චර ආදරයක්ද? මේ ආතල් එක දෙගුණ තෙගුණ වෙන්න  ඔලුව මත් කරපු බමණ මතෙත් හේතුවක් වුනා. ඒ කොහොම වුනත් මේ සතුට නදිකට විඳින්න පුළුවන් වෙන්නෙ මේ යාලුවො එක්ක විතරයි. මොකද උන් ගාව කවදත් සෙට්වීමකදි තිබුනෙ දේවල් දෙකයි. එකක් රසකතා. අනික සින්දු. ගොඩක් සෙට්වීම්වල තියෙන දේශපාලනය, කලාව, රැකියා ධූරාවලි, පවුල් අර්බුද සාකච්ඡා වගේ දේවල් මෙතන තිබුනෙ නෑ. දෙයක් ගැන අලුතෙන් ඉගෙනගන්න, අහන්න නොවුනත් මේ ආතල් එක නිසාම නදික මේ සෙට්වීමට ආශා කළා. මුලින්ම වාදකයො දෙන්නගෙ මේස තට්ටුව හෙමීට වියැකිලා ගියා. ඊළඟට ගායකයො වියැකීගෙන යද්දිම ගීතය යූටියුබ්වලට භාර වුනා. කඩන්නෙ නෑමයි කියපු අන්තිම බෝතලේ අඩියටත් පාරක් වැදෙද්දි නදිකට හිතුනා තමුන් ජොබක් කරන්න ඕන කියල. මෙහෙම හිතුනෙ බීපු නිසාද කියලත් හිතුනා. බෝතලෙත් ඉවර වෙලා නිසා යූටියුබ් ප්ලේ ලිස්ට් එකට ඔහේ වැයෙන්න දීලා කට්ටිය හිටපු සැප පුටුවලටම බර වුනා.

*****

ඔලුව පොඩ්ඩක් කකියන නිසා පාන්දරම මුස්පේන්තු ගතියක් තිබුනෙ. එහෙමයි කියල මධුවිතට බනින්න බැහැ. දිවග තෙමාගන්න දෙයක් ෆ්‍රිජ් එකෙන් හොයද්දි ඔරේන්ජ් ජූස් එකක් හම්බුනත්, ඒකෙ පමණටත් වැඩියෙන් වොඩ්කා කවලම් වෙලා තිබුනා. ඒ නිසාම නදික අයිස් වතුර වීදුරුවක් බොන ගමන්, අයිස් වතුර ජොග්ගුවක් මූණට හේත්තු කරගෙන හිටියා. අප්පු කෑම ලෑස්ති කළා. යාලුවොත් ඇහැරුනා. අමාරුවෙන් කට්ටිය පිටවුනා. නදික ආයෙත් තනිවුනා. ඒ එක්කම ඇඳේ ඇලවුනත් නදික ආයෙත් ඉක්මනින්ම කෙලින් වුනා. ඊයෙ රෑ හිතුණු දේ. රන් පැහැ දියරයෙන් වීදුරුව රැළි නග නග පිරෙද්දි හිතට ආපු දේ. ජොබක් කරන්න ඕනමයි.

ජොබක් කරනවනං හිත දාගත්තු කන්ඩිෂන් ටිකක් නදිකට තිබුනා. අංක එක, මහ වැඩක් නැති වෙන්න ඕන. අංක දෙක කාටවත් සර් කියන්න බෑ. අංක තුන කැමති වෙලාවට නිවාඩුවක් ගන්න පුළුවන් වෙන්න ඕන. මෙහෙම රස්සාවල් මේ ලෝකෙ නෑ කියල මතක් වුනාම නදිකට හිනාත් ගියා. හිනා යද්දිම මතක් වුනා ඊයෙ ආපු කෝල් එක. නදික ට්‍රිෂ් ට රිංග් කළා.

“ආ… මතක් වුනාද?”

“ඔවු”

“මොකෝ ඊයෙ රෑ වුනේ? මුළු ඇඟේම නියපොතු පාරවල්ද?”

“මම ඇත්තටම යාලුවො එක්ක සෙට් වෙලා හිටියෙ”

“හරි මට කමක් නෑ ඔයා බොරු කිවුවත් ඇත්ත කිවුවත්”

“මං ගත්තෙ කතාකරන්න”

“ඉතිං කියන්න”

“මට ජොබ් එකක් කරන්න ඕන”

“පිස්සුද?”

“නෑ ඇත්තට?”

“තව මොනව හම්බුකරන්නද?”

“මට ඕන ආතල් එකට ජොබක් කරන්න”

“ඇයි?”

“මෙහෙම බැංකු පොලියෙන් ජීවත් වෙවී ඉන්න ගියාම මට කම්මැලියි”

“ඉතිං ඔහොම ආතල් ජොබ් කරන්න තැනක් තියෙනවද?”

“ඇති. කොහෙහරි.”

“හොයාගත්තද?”

“නෑ. ඔයාට ඒ ගැන අයිඩියා එකක් තියෙනවද?”

“ඔයාට දුවෙක් බන්දලා දෙන්න කැමති අංකල් කෙනෙක්ගෙ කම්පැනියක් තමයි හරියන්නෙ එහෙනං”

“එහෙනං ඔයාගෙ තාත්තව තමයි?”

“මට බෑ ඔයාව බඳින්න.”

“ඇයි?”

“ඔයාටයි මටයි අලුතෙන් එක්ස්ප්ලෝ කරන්න දෙයක් නෑ නදික. අපි අපේ හැම අඟලක් ගැනම දන්නවනෙ”

“එහෙනං කවුද?”

“තව කාටද දුවලා ඉන්නෙ?”

“අනේමන්දා…”

“එහෙනං කම්පැනි තියෙන අංකල්ලා කවුද ඉන්නෙ?”

“අප්පච්චිගෙ යාලුවො ටික දෙනෙක් නං ඉන්නව.”

“හොඳම කෙනාව තෝරලා කෝල් එකක් දෙන්න එහෙනං”

“හා… තෑන්ක්ස්”

“එනිටයිම් බබා”

නදික ඩිමෙල් අංකල්ට ගත්තා කෝල් එකක්. ඩිමෙල් අංකල් නදිකගෙ තාත්තගෙ යාලුවෙක්. සීල් තියපු පෙට්ටිය ගාව ඉඳන්, ඩිමෙල් අංකල් නදික එක්ක කතා කරපු වචන ටික නිසා නදිකගෙ ඔලුවෙ ඩිමෙල් අංකල් ගැන ලොකු විශ්වාසයක් තිබුනා. ඩිමෙල් අංකල්ගෙත් නදිකගෙත් කෝල් එකේ කෙටි හරය වුනේ, නදිකට ජොබ් එකක් කරන්න ඕනමනං ඒක ඩිමෙල් අංකල්ගෙ කම්පනි එකේ කරන්න කියන එක. නදික ඒකට කැමති වුනා. ඒ හින්දම නදික ගියා ඩිමෙල් අංකල් හම්බෙන්න. ඩිමෙල් අංකල් කියපු විදියටම ඉන්ටවිවු එකකට වගේ ඇඳුමක් ඇඳලා, ඩිමෙල් අංකල් කියපු විදියටම ගෙදර තියෙන වාහන තුනම වෙනුවට බස් එකේ. බොරුවට සෙට් කරගත්තු ෆයිල් එකකුත් අරගෙන. කාවහරි රවට්ටනව වගේ සතුටක් නදිකට තිබුනා.

 

3 කොටස

 

නදික ගිය කම්පනි එකේ මේන් කලර් එක ලස්සන නිල් පාටක්. නිල් පාටෙ ප්‍රභේද ගොඩක් තිබුනට මේ මොකද්ද කියල හිතාගන්න නදිකට බැරි වුන නිසා දන්න එකම නිල් පාට වෙච්ච නේවි බ්ලූ කියල නදික හිතාගත්ත. නදික ගිහිල්ල ලොක්කව හම්බෙන්න ඕන කිවුවම රිසෙප්ෂනිස්ට් බැලුවෙ චෙයාමන් කවද්ද සුළු සේවකයො ඉන්ටවිවු කළේ? වගේ ලුක් එකකින්. රිසෙප්ෂනිස්ට්ට වඩා ලස්සන කෙල්ලො ගොඩක් පහු කරගෙන නදික ගියා ඇතුළට. ඔලුවෙන්ම ඇතුළට එන්න කියල කියපු ඩිමෙල් අංකල් දොර වැහිච්ච ගමන්ම කතාව පටන්ගත්ත.

“මං රිසෙප්ෂනිට්ස්ගෙ කෝල් එක එනකංම පුතා ඒවි කියල හිතුවෙ නෑ”

“අංකල් හිතුවෙ මං බොරු කිවුව කියලද?”

“මටත් ඔය වයසෙ ළමයි ඉන්නවනෙ පුතා…”

“ඉතිං…”

“ඔයාලා කවද්ද ප්ලෑන් කරපු දේවල් කළේ…”

“මට ඇත්තටම නිකං ඉන්න කම්මැලි නිසායි ආවෙ අංකල්…”

“හ්ම්ම්ම්…”

“ඒකෙන් අංකල්ලගෙ ඔෆිස් එකට පාඩුවක් වෙයි කියල මට බයයි”

“ඇයි එහෙම හිතුවෙ?”

“මං නිකං කම්මැලිකමට ආවෙ. ඒ හින්දා වැඩ හරියට වෙයිද කියල දන්නැහැනෙ”

“මං පුතාට දෙන්නං සුපවයිසර් කෙනෙක්”

“එතකොට?”

“එයා ඔයාව පොලිෂ් කරාවි”

“හ්ම්ම්… සැර කෙනෙක්ද?”

“හහ්… සැර ගැන හිතල බැහැ පුතා. හැබැයි එයා ඔයාව හොඳට හදලා ගනීවි”

“හ්ම්ම්ම්…”

නදික කාමරෙන් එළියට ආවෙ දෙගිඩියාවෙන්. ඩිමෙල් අංකල් කියපු විදියටනං ඔය කියන සුපවයිසර් එදා ඇවිල්ල නැති නිසා නදිකට එදා හම්බෙන්න විදියක් නැහැ. නදිකට සෙට් වෙන්න වෙන්නෙ ඩිමෙල් අංකල්ගෙ රබර් වත්තෙ බිස්නස්වලට. එකවුන්ට්ස් කියන වචනෙ ඇරෙන්න ජොබ් එක ගැන කිසිම හැඟීමක් නදිකට නෑ. ඒලෙවල් මැත්ස් කරපු නිසා එකවුන්ට්ස් කියලා මතක ඕලෙවල් ටිකක් විතරයි. සුපවයිසර්ගෙ භූතාත්මෙ ඔලුවෙ කැරකෙන නිසා නදිකට ඇතුළට යද්දි බැලු බැලු අත පෙනිච්ච ලස්සන රූප එකක්වත් එළියට එද්දි දැක්කද කියල මතක නෑ. මේ ස්ට්‍රෙස් එක යවාගන්න ඕන. එනිසාම නදික හෂිනිට කෝල් එකක් ගත්ත බස් එ‌කට නැගපු ගමන්.

“හායි…”

“මොකද කරන්නෙ?”

“මං ඇඳේ ඉන්නෙ අනේ… ඔයා පාරෙද?”

“ඔවු”

“පුදුමයි අද මතක් වුනා”

“ඇයි?”

“ඇයි ඉතිං මීට කලින් සෙක්ස් කළාට පස්සෙ දවස් තුනහතරක් යනකං කෝල් නැහැනෙ”

“එහෙනං මං තියන්නද?”

“එපා අනේ…”

“මට ඔයාව හම්බෙන්න ඕන”

“අදත්? හා!”

“මං අපාට්මන්ට් එකට එන්නද?”

“එන්න… ඔයා ඇත්තටමද අහන්නෙ”

“ඔවු”

“හවු ස්වීට් ඔෆ් යූ”

“මං එන්නෙ මගේ ප්‍රශ්නයක් කියන්න හෂී”

“එහෙමහරි කමක් නෑ… මං උයන්නද?”

“හා”

“මොනවද?”

“චිකන්, පොල් සම්බෝල, අල බැදුම්, පපඩම්”

“අම්මෝ… එච්චර බෑ අනේ මේ ඩිංගට”

“ඔයා නිදහසේ උයන්න මං පැය තුනකින් විතර එන්නං…”

පැය තුනකට පස්සෙ ඇරුණු හෂිනිගෙ අපාට්මන්ට් දොර වහන්නෙත් නැතුවම දෙන්නගෙ දෙතොල් එක්වුනා. ඒක දෙතොලින් අනෙක් සියළු අවයව කරා පැතිරුණා. චිකන්, පොල් සම්බෝල, අල බැදුම්, පපඩම් එක්ක බත්, මේසෙ උඩ වහන්නෙවත් නැතුව තියෙද්දි දෙන්නා මගදිගට ඇඳුම් හල හල කාමරේට ගියා. කාමරේදි උනන්න එකඳු ඇඳුමක් ඉතිරි නොවුනත් ඔවුන්ට කරන්නට ඕනතරම් වැඩ තිබුනා. ඔවුන්ගේ අවයව එකිනෙකා ගැන මාර කෑදරකමකින් බලාගෙන හිටියා. අනවරත දෙවරක කූඨප්ප්‍රාප්තියකින් පස්සෙ ගැහැනු සිරුර උඩ පිරිමි සිරුර වෙලෙමින්ම ‘මං රස්සාවකට යන්න හිතුව’ කියල නදිකගෙ කටින් පිටවුනා. හෂිනිට කතා කරගන්න පණක් තිබුනෙ නෑ. උඩු කය පුරාම රත් පැහැ සීරීම් උඩට ගලන දාඩිය ගෑවෙද්දි දැවිල්ලක් දැනුනා. ඇත්තටම ඒ කතාවට කියන්න උත්තරයක් ඒ වෙලාවෙ හෂිනිට හිතුනෙත් නෑ.

දෙන්නගෙ කතාව ආයෙ පටන්ගත්තෙ නිරුවතින්ම කෑම කන්න පටන්ගත්තම

“ඇයි ඇත්තටම ජොබ් එකක්..?”

“කම්මැලියි අප්ප”

“ඉතිං ඔයා මෙහෙට එන්නකො.”

“ඔයා ජොබ් එකට ගියාම මොකද කරන්නෙ?”

“ම්ම්ම්ම්…”

“ඇයි අද නිවාඩු…”

“එදා ඔයා එක්ක ඉඳල ගෙදර ආපු ගමන් නින්ද ගියා. ඉරිදත් නිදාගත්ත.. අදත් කම්මැලිකමක් ආවා”

“ඕක ඉතිං හැමදාම නැහැනෙ”

“මං ගෙදර ඉඳන් ෆ්‍රීලාන්ස් වැඩක් කරන්නද?”

“එපා! මං මේකට යන්නං”

“කොහෙද තැන”

“අප්පච්චිගෙ යාළුවෙකුගෙ ප්ලේස් එකක්”

“හ්ම්ම්ම්… එතන ලස්සන කෙල්ලො ඉන්නවද?”

“අන්න ඇඟවල්.. ෂහ්!”

“එහෙනං හරි. මාව අමතකම වෙයි”

“ඒකට ඔයා මට ඔයාව අමතක වෙන්න දෙන්නෙපා…”

“හාහාහා.. අත හෝදල එන්න!”

ආයෙමත් දවසක හමුවෙමු…

 

 

zvr
Your Reaction

Comments