ආදර කතා වලට රඟපෑම ලෙහෙසි වැඩක් නෙමෙයි. තියෙන ආදරේ ලොවට පෙනෙද්දි තමයි නියම ආදර ජවනිකාවක රසය චිත්‍රපටය බලන අයට යන්නේ. එහෙම චිත්‍රපට වල ආදර කතා වල ඇතැම් ඒවා තිරෙන් පිටුපස්සෙත් හොරෙන්ම වගේ ඇක්ටිව් වෙන වෙලාවන් තියෙනවා. බොලිවුඩ් සිනමාවේ එදා පටන් මෙහෙම තරු අතර ආදර කතා රැසක් තිරය පිටුපසින් ඇදී ගියා. ඇතැම් ඒවා අවුරුදු ගණන් ගිය දීර්ඝ පෙම් කතා බවටත් පත් වෙලා තිබුණා. අපි එයින් බිඳී ගිය ආදර කථා කිහිපයක් ගැන බලමු.
1. රන්බීර් – දීපිකා

Image Source – dnaindia.com
රන්බීර් සහ දීපිකා උස මහත අනුව තිරයට කදිමෙට ගැලපෙන යුවලක්. මේ දෙදෙනා එකට තිරයට එන්නට වූ මුල් කාලයේදීම ඔවුන් අතර සම්බන්ධයක් ඇතිවෙලා තිබුණා. ඔවුන් දෙදෙනා හමුවුණු චිත්‍රපට වලදී වගේම ඉන් පිටත් රන්බීර් සහ දීපිකා පෙනී සිටි බොහෝ තැන්වල ඔවුන්ගේ බැඳීම සඟවන්නට බැරිවුණා. රන්බීර් කියන්නේ එදා ඉඳන්ම කත්‍රිනා එක්ක නම කියවෙන කෙනෙක්. කත්‍රිනාගේ සම්බන්ධයත් රන්බීර් දිගට ගෙනියලා තිබුණා. අවුරුදු දෙක තුනක් ජයට ගිය මේ සම්බන්ධය දැන් නම් දෙදරලා ගිහින්. දීපිකා දැන් විවාහ වෙන්නට හොඳ අයෙක් තෝරාගෙනත් ඉවරයි.
2. අමිතාබ් – රේඛා

Image Source – dnaindia.com
මේ සිද්ධිය නම් අනූව දශකයටත් එහා යන සිදුවීමක්. අමිතාබ්ගේ පුතා අභිශේක් පවා දැන් විවාපත් වෙලා ඔවුන්ටත් දරුවෙක් ඉන්නවා. අමිතාබ් සහ රේඛා රිදී තිරයේ දී හොඳට ගැලපුණු ජෝඩුවක්. අමිතාබ් මේ ගැන වැඩි දෙයක් නොකිව්වත් රේඛාගේ මුවින් නම් එදා අමිතාබ්ට ආදරය කළ බව කියවිලා තිබුණා.
3. සංජේ දත් – මධුරි

Image Source – bolly.com
මධුරි ඩික්ෂිත් කියන්නේ 90 දශකයේ බොලිවුඩ් හි අංක එකේ තාරකාව. ඇය රඟපෑ චිත්‍රපට මාස ගණන් සිනමා ශාලාවල වැල නොකැඩී සෙනඟ ඇදී එන චිත්‍රපට බවට පත් වුණා. සිනමාවෙදි වගේම ඉන් පිටත් සන්ජේ සහ මධුරි අතර සම්බන්ධයක් තිබුණා. ඒත් සන්ජේට අවාසනාවන්ත විදියට අවිආයුධ චෝදනාවකට සිරගත වෙන්නට සිදුවීමත් එක්ක ඒ සම්බන්ධය එහෙමම නැවතුණා.
4. සනී ඩියොල් – ඩිම්පල් කපාඩියා

Image Source – pinterest.com
අමිතාබ්ගේ පරම්පරාවට පෙර සිටි ජනප්‍රියම සිනමා තරුවක් තමයි රාජේශ් ඛන්නා. රාජේශ් කසාද බැන්දේ ඩිම්පල් කපාඩියාව. ඩිම්පල් බඳිනකොටත් ඩිම්පල්ගේ හිතේ සනී ඩියොල් හිටියා කියලා තමයි ආරංචිය තියෙන්නේ. ඩිම්පල් සනී එක්ක ගුවන් ගමන් වලත් එහෙ මෙහෙ ගිහින් තියනවා කාටත් හොරෙන්ම ඒ කාලේ.
5. අනිල් කපූර් – ශ්‍රී දේවී

Image Source – creativenashvilleweddingphotograpers.com
අනිල් සහ ශ්‍රී දේවි එක කාලයක තිරයේ පෙම්වතුන්. ඒත් තිරයෙන් එහාත් අනිල් – ශ්‍රී දේවී ආදර කතාවක් හැංගිලා තිබිලා තියෙනවා. ශ්‍රී දේවී බැන්දේ අනිල්ගේ ලොකු සහෝදරයා වෙච්ච බොනීව. ශ්‍රී දේවිගේ අවසානය වෙලාවෙත් ළඟ හිටියේ බොනී. එදා මිස්ටර් ඉන්දියා හි රඟපෑ අනිල් – ශ්‍රී දේවි තිරයේදීත් අමරණීය චරිත බවට පත් වෙලා තියෙනවා.
6. මිථුන් – ශ්‍රී දේවි

Image Source – pinterest.com
ශ්‍රී දේවි – මිථුන් කතාව නම් එක් අවස්ථාවකදී මිථුන්ගේ පවුල් ජීවිතයට පවා දැඩි ලෙස බලපාන තත්ත්වයකට ඇවිත් තිබුණා. එහිදී මිථුන්ගේ බිරිය සියදිවි නසාගන්නට පවා උත්සාහ කර ඇති බවට ඇතැම් පුවත් වල වාර්තා වී තියෙනවා. ශ්‍රී දේවි සහ මිථුන් ටික කලක් හෝ නාමිකව විවාහ ගිවිසගෙන හිටියා කියලත් ආරංචි මාර්ග කියනවා.
7. ආක්ශේ – ශිල්පා

Image Source – thefansworld.com
ආක්ශේ සහ ශිල්පා අතර වයස පරතරය ටිකක් වැඩි වුනත් මේ දෙපළ තිරයේදි බොහොම කැපෙන ජෝඩුවක්. ශිල්පා යාලුවෙක් එක්ක කියලා තිබුණ විදියට ආක්ශේ කියන්නේ එයාට අමතක කරන්න බැරි විදියට බැඳිලා හිටපු චරිතයක්.
8. රන්වීර් සිං – අනුශ්කා ශර්මා

Image Source – breakup.com
චිත්‍රපටයක රඟපෑමෙන් මිතුරු වූ මේ යුවල එහිදී හොඳින් සිය දර්ශන රඟපාන්නට සමත් වුණා. ඒ චිත්‍රපටය “බෑන්ඩ් බජා බාරාත්”. ඉන් පස්සේත් මේ දෙන්නා එකට යනු, එනු, හැසිරෙණු දකින්නට තිබුණා. අනුශ්කා – රන්වීර් එකට දැකපු අය කියන විදියට එයාල අතර තිබිලා තියෙන්නේ හොඳ බැඳීමක්.
9. ගෝවින්දා – රාණි මුඛර්ජි

Image Source – dailymotion.com
ගෝවින්දාගේ පවුල් ජීවිතයටත් යම් යම් රතු එළි නිකුත් කළ රාණි – ගෝවින්දා ආදරය එදා චිත්‍රපට රූගත කිරීම් වලින් පිටුපස තිබුණ ලස්සන ආදර කතාවක් වුණා. පසුකලෙක රාණි මේ සම්බන්ධයෙන් අයින් වෙලා අජේ දේව්ගන්ට එකතු වුණා.
10. ශාරුක් – ප්‍රියංකා

Image Source – boom.pk
ශාරුක් කියන්නේ හොඳ පවුල් ජීවිතයක් ගෙන යන අයෙක් ලෙස බොලිවුඩ් වල එදා පටන් නමක් තියෙන කෙනෙක්. ඒත් ශාරුක්, ප්‍රියංකාට තැන ලබා දෙන්න එක එක අධ්‍යක්ෂකවරුන්ට සහ චිත්‍රපට කාර්යමණ්ඩලවලට ගිහින් ඉල්ලීම් කරපු අවස්ථා ගැන ආරංචි තිබුණා. මේ දෙන්නා කැනඩාවේ ටොරන්ටෝවෙදි මෙයාලගේ යාලුවන්ටම හමු වෙලා තිබුණු බවටත් ආරංචියක් පැතිරුණා. අදටත් මේ දෙදෙනා අතර සම්බන්ධයක් තිබුණාද නැද්ද කියන එක ගැන බොලිවුඩ් රසික රසිකාවියන් වාද කර ගන්නවා.
දෙදෙනෙක් එකට ගමනක් ගියාට, එකට පෙනී සිටියාට ඒ අය ආදරේ කරනවා සහ ඔවුන් අතර සම්බන්ධයක් තියෙනවාමය කියන්නට අමාරුයි. ඒත් ඉතින් තමුන්ට නියමිත සම්බන්ධකම් තියෙද්දිත් වෙන අයව සතුටු කරන්න මේ විශාල තරු වලට වෙලාව ඉතිරිවෙලා තියෙනවා. ආදරය සහ වියෝව නිතර රඟදක්වන මේ හින්දි තරු වලට සැබෑ ජීවිතයේදීත් නිතර නිතර ඇතිවෙන නැතිවෙන ආදර වෘත්තාන්ත තිබීම, ඔවුන්ගේ සිනමා රඟපෑම් වලටත් පහසුවක් වෙනවා ඇති.
Cover Image Source – guysworld.in
Leave a Reply