සමහර වෙලාවට අපි විහිලුවට වගේ කියනවා “සතෙක් වුණානම් මීට හොඳයි දෙයියනේ” කියලා. ඒ අතරේ මේං මට ලැයිස්තුවක් හම්බවෙනවා ලෝකේ වැඩිම ආදායමක් හොයන සුරතල් සත්තු ගැන. ඇත්තටම කියනවනම් මනුස්සයෙක් විදිහට ලොකු කලකිරීමකින් තමයි මේ ලිපිය ලියන්නේ. ඇත්තටම සතෙක් වුණානම් මීට වඩා දෙයක් අපට කරන්න තිබුණා මේ ලෝකෙට. එහෙම වුණානම් මීට වඩා කීයක් හරි හම්බකරන්නවත් තිබ්බ. ඔබටත් එහෙම හිතුණොත් පුදුම වෙන්න දෙයක් නෑ මේ ලැයිස්තුව දැකලා.
1. GRUMPY CAT

Image Source – maxim.com
මෙයා ඔරවන එකෙන් සල්ලි හොයන පූසෙක්. මෙයා ඉන්නේ ඇමරිකාවේ. ඒත් මෙයාගේ එරවිල්ල ලෝකේ හැම අතකම ප්‍රසිද්ධයි. එහේ මෙහේ හැම රටකම එක එක ආතල් ෆොටෝස් වලට, මීම්ස් වලට මෙයාගේ මූණ වැටිලා තියෙනවා. ඒ අතින් බැලුවම මෙයා ජනප්‍රියම තරුවක්. අනෙක් පැත්තෙන් සල්ලි කඳක්. එහෙන් මෙහෙන් ලැබෙන වාර්තා වලට අනුව මෙයා 2014 අවුරුද්ද වෙනකොට මෙයාගේ අයිතිකාරයට ඩොලර් මිලියන සීයක් හම්බකරලා දීලා තියෙනවලු. කොහොමද ගාණ..? අති විශිෂ්ටයි නේද..?
2. BOO

Image Source – getwallpapers.com
බූ කියන්නේ බල්ලෙක්. මෙයාට අර අනිත් බල්ලොන්ට කියන “බලු තඩියා” කියන වචනේනම් පාවිච්චි කරන්න බෑ. හේතුව තමයි මෙයා ඇවිල්ලා පොඩිම පොඩි හුරතල් බලු පැට්ටෙක්. මෙයා ඇවිල්ලා ඇමරිකානු බලු වැසියෙක්. මෙයා පොමරේනියන් කියන බලු ජාතියට තමා අයිති. විශ්වාස කරන්න මෙයාගේ ෆේස්බුක් එකේ මෙයාට ඉන්නවා මිලියන 16 ක අනුගාමිකයෝ ටිකක්. අවුරුද්දකට ඩොලර් මිලියනයක් විතර මෙයා මෙයාගේ ස්වාමියාට හොයලා දෙනවය කියලනේ කියන්නේ. මෙන්න බල්ලෝ. නැද්ද..?
3. JIFF

Image Source – pinterest.com
බූ විතරද පොමරේනියන් බල්ලෙකුට ඉන්නේ. නෑ අපට ජිෆුත් ඉන්නවා. ජිෆ් කියන්නේ නරි මූණක් තියෙන පුංචි බලු රාල කෙනෙක්. මෙයාගේ නමයි ජාතියයි එකතු කරලා “ජිෆ්පොම්” කියලත් හුරතලේට මෙයාට කියනවා. මෙයාට මෙයාගෙම කියලා වෙබ් සයිට් එකකුත් තියෙනවා. පල්ලෙහායින් තියෙන්නේ ඒකෙ ලින්ක් එක. ඒ වගේම මෙයාගේ මූණේ හුරුවට ඇඳපු චිත්‍ර, කාටූන් ආදියට ඉමහත් ජනප්‍රියත්වයක් හිමි වෙලා තියෙනවා. ඉන්ස්ටග්‍රම් එකේ මෙයාට අනුගාමිකයෝ මිලියන 9 ක් විතර තියෙනවා. මෙයා අවුරුද්දකට ඩොලර් එක්ලක්ෂ පනස්දාහක් විතර හොයනවා කියලයි ආරංචිය.
4. CRYSTAL THE MONKEY

Image Source – commons.wikimedia.org
ක්‍රිස්ටල් නම් වඳුරා කියලා මේක සිංහලට පරිවර්තනය කරන්න එපා. මොකද මෙයා වැඳිරියක්. නිලි වැඳිරියක්. ඇමරිකාවේ තියෙනවා ඔය චිත්‍රපට වල රඟපාන්නම සත්තු පුහුණු කරන තැන්. අන්න එයින් එකක තමයි මෙයා හැදුණේ. මෙයා ඇනිමල් ප්‍රැක්ටිස් ටීවී සීරීස් එකේ සහ නයිට් ඇට් ද මියුසියම් වගේ චිත්‍රපටි වල සෑහෙන්න රඟපාලා තියෙන ප්‍රතිභාපූර්ණ නිලියක්ය කියනවනේ. ආදායම කොහොම ඇතිද ..? ඇනිමල් ප්‍රැක්ටිස් සීරීස් එකේ එක එපියකට ඩොලර් 12,000 ගාණෙ ගත්තලු. ඒ ඇති නේද..?
5. Bodhi

Image Source – express.com
බෝධි හඳුන්වන්නේ MENSWEAR DOG කියලයි. ඕක නිකන් එකට තියෙද්දී හෙන ලටපැවිලි වචනයක් වගේ පෙනුනට ඕක දෙකට බෙදුවම තියෙන්නේ MENS WEAR කියලනේ. “පිරිමි ඇඳුම් අඳින බල්ලා” කියලා අපි බෝධිව හඳුන්වමු. ඇත්තටම බෝධි කියන්නේ හොඳ නිරූපණ ශිල්පියෙක්. ලෝකේ හොඳම විලාසිතාමය බල්ලා කියලා කියන්නේ බෝධි ට. ඇත්තටම බෝධිගේ රාජකාරිය තමයි අලුත් පිරිමි නිමි ඇඳුම් ජනප්‍රිය කරන්න නිරූපණ දායකත්වය ලබා දෙන එක. ඒකෙන් මාසෙකට මෙයා ඩොලර් 15,000 ක් විතර හම්බකරනවලු නේ. මේ තියෙන්නේ බෝධිගේ නිරූපණ සමග නිවුයෝක් ටයිම්ස් පුවත්පතේ පලවුණු ලිපියක්.
6. MARU

Image Source – oregonlive.com
ලංකාවේ ඉන්නවා මරු පොරවල්. මරු සිරාලත් ඉඳලා හිටලා හම්බවෙනවා. ඒ අතරේ මෙන්න ජපානෙන් මරු පූසෙක් හම්බවෙනවා. මෙයාගේ නම “මරු”. මරු කියන්නේ අමුතු විදිහට ජනප්‍රිය වුණු පූසෙක්. මෙයා තමයි “වැඩිම යූ ටියුබ් නැරඹුම් සහිත සත්ව වීඩියෝවේ හිමිකරුවා” විදිහට ගිනස් පොතේ නම ලියාගෙන තියෙන්නේ. ඒ 2016 අවුරුද්දෙදියි. මිලියන 325 ක් නැරඹුම් මෙයාගේ වීඩියෝවකට හිමිවුණ එකටයි ඒ ජයග්‍රහණය හිමිවුණේ. දැනට මෙයාගේ MUGUMOGU කියන යූ ටියුබ් චැනල් එකට සබ්ස්ක්‍රයිබ්ස් ලක්ෂ හයකට වඩා තියෙනවා. හිතාගත හැකිනේ හම්බකරන ගාණත් ඒකෙන්ම.
7. VENUS THE TWO FACED CAT

Image Source – news.nationalgeographic.com
එකම මූණේ පාට දෙකක් තියෙන පූසෙක්. ඔබට විශ්වාස කරන්න පුලුවන්ද ඒක මේ ඡායාරූප දැක්කම. ඒත් වාසනාවට හෝ අවාසනාවට ඒ ඡායාරූප ඇත්තක්. මෙයාගේ මූණ මෙහෙම වුණේ ඇයි කියන එක සත්ව විද්‍යාඥයන්ටත් ගැටලුවක්. ඒකට හොඳම සාක්ෂිය මේ NATIONAL GEOGRAPHIC ලිපියෙන් ඔබට හොයාගන්න පුලුවන්. සමහර අය කියන්නේ වීනස් කියන්නේ පුරාණ කතා වල එන ආකාරයේ සතුන් දෙදෙනෙක්ගේ එකතුවෙන් හැදුණු කයිමිරා නම් සතෙක් බව. මේ කතා මොකක් වුනත් වීනස්ට ඉන්ස්ටග්‍රම් එකේ ලක්ෂ 15 ක අනුගාමිකයන් පිරිසකුත්, ෆේස්බුක් එකේ ලක්ෂ 13 ක අනුගාමිකයන් පිරිසකුත් ඉන්නවා. මෙයා හම්බකරන නිශ්චිත ගාණක් සඳහන් වෙලා නැති වුණත් , සෝශල් මීඩියාස් වල අනුගාමිකයෝ ඉන්න තරමට ඉතින් හම්බකරන ගාණ හිතාගන්න පුලුවන් ඇති නොව.
Cover Image Source – time.com / mensweardog.tumblr.com/ youtube.com
Leave a Reply