“ඉගෙන ගන්න කාලෙ ඉගෙන ගන්න ඕන. අනම් මනම් මගුල් නොකර” කියලා තරහ ගිය වෙලාවට අම්ම බැන්නට ඒ කාලෙදී අතට ආදායමක් එන පාට් ටයිම් වැඩක් කළොත්නම් අම්මා බනින එකක් නෑ පුතී. ඒ හන්දා ඉගෙන ගන්න කාලෙදී තමන්ගේ වියදම් තමන්ම කළමනාකරණය කරගන්න කීයක් හරි හොයාගන්න පොඩ්ඩක් අත හිත යෙදෙවුවට වැරැද්දක්නම් වෙන්නෙ නෑ. විශේෂයෙන් ඉතින් කොල්ලොන්ටනම් පාට් ටයිම් ආදායම් මාර්ග කියන්නේ හිත ඇත්නම් කරන්න පුලුවන් මරු වැඩක්. ඉතින් අපි මේ කතා කරන්න යන්නේ කොල්ලොන්ට ඉගෙන ගන්න අතරේ කරන්න පුලුවන්, අන්න එහෙම අමතර ආදායමක් අතට ගන්න පුලුවන් විදිහේ වැඩ පිලිවෙලවල් කිහිපයක් ගැන.
1. ටියුශන් ක්ලාස්

Image Source – right-tuition.co.uk
ටියුශන් ක්ලාස් එකක් කරන එක ටිකක් භාරදූර වැඩක් බව ඇත්ත. ඒ මොකක් උනත් උසස් අධ්‍යාපනය ලබන එකෙක්ට ටියුශන් පන්තියක් කරන එක මහ අමාරු වැඩක්නම් වෙන්නෙ නෑ. හැබැයි ඉතින් යමක් හරියට තේරුම් කරන්න හරිහමන් හැකියාවක් ඒකට තියෙන්න ඕන. ඒකනම් ඉතින් සමහර විට පුරුද්දත් එක්ක ලැබෙන්න පුලුවන්. පාට් ටයිම් කරන්න ගත්තු ටියුශන් දැන් ෆුල් ටයිම් කරන ටියුශන් ගුරුවරුත් ඉන්නවා. ඒ හන්දා ටියුශන් කියන්නේ එක අතකින් ආදායම් මාර්ගයක්. අනිත් අතට ගුරුවරයෙක් වීමෙන් ලැබෙන පිනත් ඔබට ලැබෙනවා. පැයකට 1000 ගාණෙ ගත්තත් මාසෙකට කීයක්ද..?
2. අපි වගේ ලිවිල්ල

Image Source – medium.com
අපි වගේ ලිවිල්ල කියන්නේ, ඔබට ලියන්න හැකියාව තියෙනවනම් ඔබේ හැකියාවට තැනක් දෙන වෙබ් අඩවි එහෙම ලංකාවේ ඕනෑ තරම් තියෙනවා. පොඩ්ඩක් හොයලා බැලුවොත් ඔබට අවස්ථාවක් නොලැබෙන එකක් නෑ. හැබැයි ඉතින් ඔබේ ලිවීමේ හැකියාව මේකට අනිවාර්යයෙන් තිබිය යුතුයි. නැත්නම් ඉතින් මේ ක්‍රමෙන් හම්බකරන්න හැකියාවක් නෑ ඔබට. එක ලිපියකට 1000 ගාණෙ ගත්තොත් නරක නෑනේ ඒ එන ගාණ.
3. යූ ටියුබර් කෙනෙක් වෙන එක

Image Source – youtube.com
ලංකාවේ දැනට ට්‍රෙන්ඩින්ම පාට් ටයිම් ආදායම් මාර්ගය තමයි යූ ටියුබර් කෙනෙක් වෙන එක. යූ ටියුබර්..? ඈ ඒ මොකාද..? යූ ටියුබ් එකේ චැනල් එකක් පටන් අරගෙන ක්‍රියේටිවු විදිහට හිතලා, ඒකට වීඩියෝස් අප්ලෝඩ් කරලා, වීවුස් ගාණ වැඩි කරගෙන හොඳ පොපියුලර් තැනකට චැනල් එක ගේන එක තමයි ඔබට ලැබෙන වගකීම. ඒකට අදාළ විදිහට ඔබට ගෙවීමත් ලැබෙනවා. ඔය අපි ආසාවෙන් බලන යූ ටියුබ් වීඩියෝස් කරන්නේ අන්න එහෙම ගොඩ ආපු දක්ෂ ක්‍රියේටිවු යූ ටියුබර්ස්ලා කියන එක දැනගෙනම ඒව බලන්න අමතක කරන්නෙපා.
4. ෆොටෝග්‍රැෆර් කෙනෙක්..?

Image Source – diyphotography.net
මේක තමයි ගොඩක් අය දැනට තෝරගෙන තියෙන පාට් ටයිම් ආදායම් මාර්ගය. ෆොටෝග්‍රැෆි. මේකත් ඇවිල්ලා ක්‍රියේටිවිටි එක්ක ගහන්න තියෙන ගේමක්. ඒ වගේම කැමරාවේ තාක්ෂණික කරුණු දැනගෙන තිබීමත් අත්‍යවශ්‍යයි. ඔය ඔක්කොම දැනගෙන හිටියත් වැඩක් නෑ කැමරාවක් නැත්නම්. දෙයියනේ කියලා මේ වැඩේට බහිනවනම් ඒ ගැන අධ්‍යයනය කරලා, ටිකක් හෝ ඉගෙන ගෙන බහින්න. නැත්නම් ඔබවම තමයි අපහසුතාවයට පත් වෙන්නේ. පැය දෙකක වගේ ශූට් එකකට 3000ක් ගත්තොත් මදි වෙන්නෙ නෑ නේද..?
5. චිත්‍ර, අත්කම් පුලුවන්නම්…

Image Source – kreyolicious.com
ඔබට චිත්‍ර අඳින්න පුලුවන්ද..? අත්කම්..? පාට් ටයිම් ජොබ් එකක් විදිහට පෙන්සිල් ආට්ස් කරන කොල්ලෝ බොහොමයක් ඉන්නවා. සමහරු පැන්සලෙන් විතරක්, තවත් සමහරු කොලාජ් ක්‍රමයට, තවත් සමහරු ඩිජිටල් ක්‍රමයට තමන්ගේ හැකියාවන් පානවා. මේ මොන ක්‍රමේට උනත් චිත්‍ර අඳින්න, අත්කම් කරන්න හැකියාව සහ නිර්මාණශීලීත්වය වැදගත්ම කාරණයක් බවත් අමතක කරන්න හොඳ නෑ. එක චිත්‍රයක් දැන් අඩුම යන්නේ 3000කට වගේ.
6. දත්ත සහායක

Image Source – indorejobcart.com
ඒ මොකක්ද ඒ..? ඇත්තටම මේක පාට් ටයිම් ජොබ් එකක්. ඔබ පොඩ්ඩක් ගූගලයේ සර්ච් කරලා බැලුවොත් Data Entry Operators In Sri Lanka කියලා, ඔන්න එනවා ලැයිස්තුවක්ම. එක එක ආයතන වල විවිධ ආකාර වල දත්ත පත්‍රිකා ගෙදර ඉඳලම පුරවන්න තමයි ඔබට තියෙන්නේ. ඒකට ඔබට ගෙවීමක් ලැබෙනවා. ඔබේ ක්‍රියාශීලීත්වය මත, කාර්‍යක්ෂමතාවය මත ආදායම වැඩි කරගන්න ඔබට හැකියාව තියෙනවා. නිකන් ඉන්නෙම නැතුව පොඩ්ඩක් ට්‍රයි කළොත් නරකද..?
7. ඩිලිවරි රයිඩර්

Image Source – rd.com
පීසා හට් වල තව තව කෑම කඩවල සහ වෙනත් ව්‍යාපාර ආයතන වල ආහාර පාර්සල් සහ වෙනත් පාර්සල් බෙදාහරින එක පාට් ටයිම් ජොබ් එකක් විදිහට ඔබට කරන්න හැකියාව තියෙනවා. ගොඩක් වෙලාවට ඔබට විවේකයක් තියෙන්නේ රාත්‍රී කාලයටනම් ඒ ඒ ආයතන එක්ක කතා කළාම අදාළ විදිහට ඔබට වෙලාවන් සකසලා දේවි. බයික් එක දෙන්නේ එයාලා. තෙලුත් එයාලගෙන්. ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ ඉක්මන් ප්‍රවාහනය විතරමයි.
Cover Image Source – moneycrashers.com
Leave a Reply