ඇපල් කිවුවම දැන් පළතුරක්ද කියල නොහිතෙන තරමට ඒක තාක්ෂණේටම යටවෙලා. මේ දවස්වල අලුත් ඇපල් නිසා, මේ කතාව ටෙක්නොලොජි ලෝකෙ ට්‍රිලියනේ ගහපු දැවැන්ත ඇපල්වලටම සින්න වෙච්ච කතාවක් නෙමෙයි. මේකෙ තියෙනව වෙන කතා ටිකක්. ඒ හැම කතාවම වගේ ඔයාලත් දන්නව ඇති. හැබැයි මේ හැම කතාවම එකතු වෙන්නෙ මේ පළතුර වෙනුවෙන් නිසා අපි ඇපල් ගැන කියන්නම ඕන. වෙන රටවල මිනිස්සු ඇපල් වෙනුවෙන්ම ෆෙස්ටිවල් හදාගෙන සමරණ නිසා මේ කතාවත් අපි ලියල තියන්න ඕනමයි.
1. ආදම් සහ ඒවා

Image Source – commons.wikimedia.org.com
මේ කතාවෙ ඇපල් ගෙඩිය නැත්තං අපි ලොවෙත් මැරෙන්නෙ නෑ. එහෙනං බෙහෙත් ඕනෙත් නෑ. කවදාවත් නොමැරෙන හින්දා ආයුධ ඕනෙත් නෑ. හැබැයි ඉතිං ලංකාවෙ දේශපාලනේනං තවත් වලපල්ලට යයි එහෙම වුනොත්. කතාව සිද්ධ වෙච්ච විදිය ගැන නොයෙක් කතා තියෙනවා. කොහොමහරි ඇපල් ගෙඩිය නොකා බඩගින්නේ හිටියනං, එහෙමත් නැත්තං අපේ රටේ දැන් හැම බස් හෝල්ට් එකකම ඉන්න චීන අයියලා වගේ ගහේ එතිලා හිටපු නයාට බැස්ටිය දුන්නනං අපිට මේ කිසි කරදරයක් නෑ. එහෙනං අපි ඉන්නෙ සැපේ. මොකෝ ලෙඩක් දුකක් හැදෙන්නෙත් නැහැනෙ.
2. දොස්තර ඈත් කරන ඇපල්

Image Source – pinkladyapples.co.uk
‘ඇපල් අ ඩේ කීප් ද ඩොක්ටර් අවේ’ කියලයි කතාවට කියන්නෙ. එහෙම බැලුවොත් ඇපල් කියන්නෙ මේ ලෝකෙ නප්පියට පාඩං කරන පට්ට මීටර් ඩයල් ටිකගෙ පොදු හතුරා. GMOA එක පාරට බහින්න ඕන ඕවට මහත්තයො. එයාලා මේ කාර් පර්මිට් එකකට, ළමයින්ගෙ ඉස්කෝලෙකට නැහුනට මේ ඇපල් ගෙඩිය හින්දා ඔය ගන්න වාහනේ සර්විස් කරන්න තියා, ළමයගෙ ඉස්කෝලෙ පහසුකං ගාස්තු ගෙවාගන්නවත් බැරිවෙනවා. අන්න ඒ නිසා මේ රටේ දොස්තරලා ස්ට්‍රයික් කරන්න ඕන ඇපල්වලට විරුද්ධව.
3. අයි ඇපල්

Image Source – commons.wikimedia.org
අයි ඇපල් කියන්නෙ මම ඇපල් කියන එක නෙමෙයි. දැන් අවුරුදු ගාණකට කලින් ඉඳන් තියන කම්පියුටර් කම්පනි එකක්, දැනට අවුරුදු දහයකට විතර කලින් හඳුන්වලා දුන්නා ස්මාට්ෆෝන් එකක්. එදා ඉඳන් තමයි මේ රටට හෙණ ගැහුවෙ. පොඩි කොල්ලො සිස්සත්වෙ ලියල ඇවිල්ල පේපරේ හදපු බුවාට එරෙහිව රැප් එකක් ගයලා දැම්මා ෆේස්බුක්, මොඩ්ල් ෂූට්ස් දෙකක් කරල තියෙන අපේ රටේ තරු ඉන්ස්ටග්‍රම්වල ඉන්ෆ්ලුවෙන්ෂල් කැරැක්ටර්ස් වෙන්න ගත්තා. දැන් ඇපල්වල තරඟකාරයා වෙච්ච ඇන්ඩ්‍රොයිඩ් උපාංග නිසා ඇපල්වලින් ෆෑන්බේස් හැලුනත්, එයාලා ඇපල්වල ගණං බස්සන්නෙ නැති එකට ඇපල් ගෙඩි ඉන්නෙ හරිම ආඩම්බරෙන්.
4. උගුරෙ හිරවෙච්ච ඇපල්

Image Source – disney.wikia.com
අර කවුද මන්දා ප්ලාස්ටික් බෝනිකි කට් එකක් තියෙන කුමාරියෙකුට ගේම දෙන්න කුඩම්ම කවනවනෙ විස දාපු ඇපල්. ඔය සුරංගනා කතාවෙන් පස්සෙ සිස්ටන් කැඩිච්ච කොමෝඩ් මූණු තියෙන උන් පවා ඇපල් කන්නෙ පරිස්සමෙන්. අනේ ඉතිං උන්ට කවුරු වහ දෙන්නද? හැබැයි මහත්තයො ඇපල් කෑල්ල වැටිච්ච ගමන් වහ ටිකත් අයින් වෙච්ච එකනෙ පුදුමෙ. ඔවුවට “සුරංග නාන” කතා කිවුවට මම දන්න තරමින් නං ඔය තරං නාන කතා සුරංගයා කියන්නෙ නෑ. දැන් ඉතිං හොය හොය සුරංගලා ටැග් කරන්නෙපා.
5. පරිභෝජනයට නුසුදුසු ඇපල්

Image Source – sugarspiceetc.com
අනේ ඉතිං ලංකාවෙනුත් තියෙනව ඇපල් කතාවක්. අපේ රටට එන ඇපල්වල තියෙනව ස්ටිකර්. එවුව ගහල එන්නෙ ඉම්පෝටඩ් කියල පෙන්නන්න වුනාට, එවුව යට තියෙනවලු ඇපල් ගෙඩියට රසායනික එක්කරපු ඉක්ජෙක්ෂන් මාක් එක. ඊට හපං ඇපල් ගෙඩිය කිරි ටොයියා වගේ තියන්න ගාන වැක්ස් එක. එහෙම ඇපල් ගෙඩියක් කෑවම අර කීප් ද ඩොක්ටර් අවේ කියපු කටට ගහගන්න ඕන පොල්ලකින්. ඔය සීන් එක දන්න නිසා වෙන්නැති පාදෙනිය මහත්තයල ඔවුවට පාරට බහින්නෙ නැත්තෙ.
6. නිවුටන් ඇපල්

Image Source – flickr.com
ඉස්කෝලෙ කාලෙ ෆිසික්ස් ඉගෙනගත්තු මිනිස්සු දන්නවා නිවුටන් කියන යකා කරපු ගොන්කමේ තරම. අතිශය සරළ දෙයක් හොයාගත්තා කියල උඩ පැන්නට ඕකගෙ කටේ ඔබන්න ඕන අර හිම කුමාරිගේ කටේ ඔබපු වහ ඇපල්. ඇයි යකෝ පුංචි කාලෙ ඉඳන් චූ කරපුවා ගියේ අහසටද? පොර ඕක හොයාගත්තට පස්සෙද මිනිස්සු බිමින් යන්න පටන් ගත්තෙ? ගොං පාට්නෙ මහත්තයො. නිකං මොකක් හරි කියන්න ඕනවට ගාවගත්තා ඇපල් ගෙඩිය. අපේ රටෙත් ඉන්නව නාථ දෙයියොන්ට ඔය හෙනේම කරපු ප්‍රාඥයෙක්.
7. කොල ඇපල්

Image Source – eatingwell.com
රතට රතේ දිලිසි දිලිසි තිබුනට අපේ උන්දැලා රතු ඇපල් කන්නෙ පුංචි කාලෙ විතරයි. ඊටපස්සෙ ඉතිං කොල ඇපල්ම තමයි. බලන්න එපැයි මධුවිත වීදුරුවක් අතට ගත්තම කොකාකෝලා වලට බැනලා සෝඩා දාගන්න, මස් කෑල්ලට බැනලා ගම්මිරිස් තැවරිච්ච ඇපල් කෑල්ලක් ගන්න මහත්තුරුන්ගෙ උජාරුව. එතනෝල් බිබී හෙන සවුක්කිය සම්පන්න ඩයල්ස් වගේ තමයි ඒ අය හැසිරෙන්නෙ.
බෝනස් – ගේන්න තහනං ඇපල්

Image Source – wikiwand.com/facebook.com
ඔන්න මේ තමයි වහ දාපු ඇපල් කටේ ඔබන්න ඕන අනිත් අය. රටකදි විදේශයකින් එද්දි ගේන්න තහනම් දේවල් තියෙනවා. බලධාරීන්ගෙ ඇස් වහලා ඕනතරං දේවල් එහා මෙහා වුනාට ඇපල් වගේ ගෙඩි පිටින් අහුවෙන දේවල් රට ඇතුළට ගේන්න දෙන්නෙ නෑ බොහෝ හේතූන් මත. එවුව ඉතිං රටට එද්දි දැනගන්න ඕන දේවල්. තමුන් නීතිය දන්නෙ නෑ කියන එක නීතියෙන් බේරෙන්න හේතුවක් නෙමෙයිනෙ. වෙන රටවලදිනං ඇපල් ගෙඩියත් දීලා දඩයකුත් කන්න වෙනවා. අපේ ඇපල් ගෙඩිය ගත්තම වීරයො වගේ ෆේස්බුක් වීඩියෝ දානව. ඇයි ඉතිං හිට්ස් ගන්න ඕන දෙයක් විකුණන බුවාලා ඒවා ඔටෝ හිට් කරලා දෙනවනෙ.
Cover Image Source – commons.wikimedia.org.com
Leave a Reply