ඔබේ පවුලට සරිලනම අවන්හල විදියට චයිනීස් ඩ්‍රැගන් කැෆේ තෝරාගත යුත්තේ ඇයි?

මේ දවස්වල කාර්යබහුල දිවියක් ගෙවන සාමාන්‍ය පන්තියේ පවුලකට තමුන්ගේ මුළු පවුලම එක්වීමක් දකින්න ලැබෙන්නේ බොහෝවිට එක් ආහාර වේලකදී පමණයි. එනිසාම සතියකට වරක්වත් ලැබෙන එක් ඉඩක තමන්ගේ පවුල සමග අවන්හලක ගෙවෙන සන්ධ්‍යාවක් එම එකමුතුවට වඩා යෝග්‍ය වේවි. ඒ වෙනුවෙන් ඔබට කදිම විකල්පයක් ලෙසින් චයිනීස් ඩ්‍රැගන් කැෆේ අවන්හල ඉදිරිපත් කළ හැකි වුවත්, ඒ ඇයිදැයි කියා ඔබ වෙත අප පැහැදිලි කළ යුතුමයි.

 

1. වාසි රැසක්

Chinese-Dragon-Cafe

Chinese-Dragon-Cafe

චයිනීස් ඩ්‍රැගන් කැෆේ එකේ ලොකු හොඳක් තමයි කොයි කාලෙත් ඔෆර්ස් තිබීම. කෑම ජාති තුනක් ආහාරයට මිලදී ගන්නකොට ලැබෙන වට්ටම්, ලංකාවෙ බොහෝ අවන්හල්වලින් නොලැබෙන වර්ගයේ වන්-ටු-වන් ඔෆර්ස්, අතේ තියෙන බජට් එකට තෝරාගන්නට හැකි මීල් ප්ලෑන්ස් පවා ඔවුන් සතුයි. අන්න ඒ විශේෂ වාසි නිසාම චයිනීස් ඩ්‍රැගන් කැෆේ ඔබේ සතිඅන්ත අවන්හල් අත්දැකීමට තෝරාගැනීමේ විශේෂ වාසියක් තියෙනවා.

 

2. කලක් තිස්සේ

Image Source – facebook.com

චයිනීස් ඩ්‍රැගන් කැෆේ වසර 75කට වැඩි ඉතිහාසයක් තියෙන අවන්හලක්. එනිසාම ශ්‍රී ලංකාවේ දිව පිනන රස වගේම, ලංකාවේ පාරිභෝගිකයා අවන්හලකින් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න පිළිබඳ මනා වැටහීමක් ඔවුන්ට තිබෙනවා. මේ නිසාම අඩු අත්දැකීම් ඇති අවන්හලකට වඩා කලක් තිස්සේ ශ්‍රී ලංකාවේ රස නහර පිනවූ අවන්හලකට ගොඩවීම ඔබට සතුටක් ගෙනේවි.

 

3. පහසුව

Image Source – facebook.com

චයිනීස් ඩ්‍රැගන් කැෆේ ඔබේ පවුලේ අවන්හල ලෙසින් තෝරාගැනීමේ තවත් විශේෂ වාසියක් වන්නේ එහි ඇති පහසුවයි. ඔබට ඩිලිවරි සේවාව අත්විඳීමට හැකියි. අවැසිනම් එය අන්තර්ජාලය හරහා හෝ සාමාන්‍ය ලෙසින් දුරකතනය මගින් සිදු කළ හැකියි.

Image Source – facebook.com

ඒ වගේම මෙම අවන්හල් ජාලයේ ශාඛා බොහෝමයක් තිබෙන නිසා ඔබට නිවසට ආසන්නම අවන්හලක් තෝරාගැනීමට හැකිවනවා මෙන්ම වෙනත් ඩිලිවරි සේවාවල මෙන් ආහාර නිවසට ළඟාවන තුරු බොහෝ වේලා කල් මැරීමට සිදු නොවනු ඇත.

 

4. ප්‍රිය සාද

Image Source – facebook.com

චයිනීස් ඩ්‍රැගන් කැෆේ තවත් එක් කාරණයක් නිසා අවන්හලක් ලෙසින් සුවිශේෂත්වයක් උසුලනවා. ඒ ඔබේ පවුලේ හෝ ‌පිටස්තර ප්‍රියසාදයක් අවන්හලක් වෙන්කරගෙන පැවැත්විය හැකි නිසායි. උදාහරණයකට කුඩා දරුවෙකුගේ උපන්දිනයකට පවුලේ සැම එක්ව සතුටුවන්නට චයිනීස් ඩ්‍රැගන් කැෆේ අවන්හල් පරිශ්‍රය කදිමයි. ඔබට දිව පිනවන කැමති ආහාරයක් ලබාගැනීමට සේම, බොහෝදෙනෙකු අගය කරන සුහදශීලී කාර්යමණ්ඩලයේ සේවාවනුත් අත්විඳිය හැකියි.

 

5. චයිනීස් නොවන වෙනස් රස දේ

Image Source – facebook.com

චයිනීස් ඩ්‍රැගන් කැෆේ චයිනීස් වූ පමණින් එහි ඇත්තේ චයිනීස් රසම පමණක් නොවන බව සිහි තබාගන්න. චයිනීස් ඩ්‍රැගන් කැෆේ ආහාරවල රසයෙහි ශ්‍රී ලංකාවේ දිව කැමතිම රසය අන්තර්ගත බව එයින් වරක් හෝ ආහාර ගත් අයෙකු දන්නවා ඇති. උදාහරණයකට එහි ඇති තායි ආහාර වේල් ශ්‍රී ලාංකික දිව ආසා කරන ස්වීට් ඇන්ඩ් සවර් මනදොල මෙන්ම දැවිල්ලට ප්‍රිය මනදොලද සපුරනු ඇත. ඔබ අප සමඟින් එකඟ‌ වේවි. තවත් රස බොහෝමයි.

6. සාධාරණ මිල

Image Source – facebook.com

සාමාන්‍යයෙන් චයිනීස් ඩ්‍රැගන් කැෆේ පන්නයේ ඉපැරණි ඉතිහාසයක් ඇති, ශාඛා බොහෝමයක් ඇති, රසැති අවන්හලක පැවතිය යුතු මිල ගණන්වලට වඩා අඩු මිල ගණන් මෙහිදී අත්විඳින්නට හැකියි. උදාහරණයකට මේ පන්නයේ අවන්හල් බොහෝමයක් හා සැසඳීමේදී චයිනීස් ඩ්‍රැගන් කැෆේ මිල අතින් සාධාරණ බව ඔබටම වැටහේවි. එය රසින් වැඩි ආහාරයට හිතැති ඔබේ පොකැට්ටුවටත් වාසියක් වේවි.

7. සරළයි

Image Source – facebook.com

සාමාන්‍යයෙන් මේ පන්නයේ අවන්හල්වලට සාමාන්‍ය වැසියා නොයන එක් හේතුවක් තිබෙනවා. ඒ මෙවැනි අවන්හල් පුහු වැදගත් පෙනුමක් ආරෝපණය කරගෙන, ඉංග්‍රීසියෙන් පමණක් ගනුදෙනු කරමින්, තේරුම් යන වදනින් පැවසුවොත් අනවශ්‍ය පොෂ් බවක් ආරූඪ කරගෙන සිටින නිසායි. නමුත් චයිනීස් ඩ්‍රැගන් කැෆේ සියල්ලන්ට තමන්ගේ සිත්සේ පහසුවෙන් හැසිරිය හැකි වටපිටාවක් නිර්මාණයක් කර, ආහාරයට හිතකාමී ඉඩක් ලබාදෙන අවන්හලක් වීමම එහි සුවිශේෂත්වයක් ලෙසින් සඳහන් කළ හැකියි.

Cover Image Source – independent.co.uk

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *