මිනිස්සු රස්සාවකට යද්දි තමුන් වැඩ කරන්න යන සමාගමේ නම ගැන හිතනවා. ඒක කොච්චර ලොකුද? කොච්චර කල් ඉඳන් තියෙනවද? කොච්චර තැන්වල ශාඛා තියෙනවද? එතන කී දෙනෙක් වැඩ කරනවද? වගේ දේවල් ඒ අතරින් ප්‍රධානයි. හැබැයි ඔය කවුරුත් නොසිතන වාසියක් පොඩි කම්පනි එකක තියෙනවා. ඒක ඇත්තටම අත්විඳින්න මේ වචනයෙන් බෑ. ඒ සතුට විඳින්න පොඩි සමාගමක රස්සාව කරන්නම ඕන. අපි මේ කරන්නෙ ඒ වෙනුවෙන් උත්තේජනයක් ලබාදීම විතරයි.
1. දේශපාලනය අඩුයි

Image Source – tsemrinpoche.com
ඔෆිස් එකක කාගෙන ඉන්න බැරිවෙන ප්‍රධානම හේතුවක් තමයි ඔෆිස් පොලිටික්ස් කියන්නෙ. එකා එකා අනෙකාව කපාගෙන උඩට යන්න දඟලනව, ලොක්කට කේළං කියනව, ලොක්කට ගොට්ට අල්ලනව වගේ සීන් ලොකුවටම සිද්ධ වෙන්න වැඩි ඉඩ කඩක් ලොකු ඔෆිස්වල ලොකුවටම තියෙනවා. ඒක බොහෝමයක් අවංක සේවකයන්ගෙ හිත් රිදවන හේතුවක්. මේ හේතුව නිසාම බොහෝදෙනෙක් කලකිරීමෙන් තමන්ගේ වැඩ කොටස ඇත්හැර දමන්නට හේතු වෙනවා. ඉතිං පොඩි ඔෆිස් එකක එහෙම අවස්ථාවක් නෑ. බොහෝවිට සැමට සමතැන තියෙන නිසා දිය යටින් ගින්දර වැඩ අඩුයි.
2. සැටිස්ෆැක්ෂන් වැඩියි

Image Source – realbusiness.co.uk
ලොකු ඔෆිස්වලට ලොකු ප්‍රොජෙක්ට් තිබුනට ඒවා කරන්නත් ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නව. අනික එකම දේ විස්සක් විතර දෙනා අතින් පොලිෂ් වෙලා යද්දි තමන් කරපු අයිකනික් වෙනස් කමක් ෆයිනල් අවුට්පුට් එකේ ඉතුරුවෙන්නෙ නෑ වගේම තමුන්ට ඒ වැඩේ කළා කියල සතුටකුත් නෑ. මේ වැඩේට සාර්ථක විසඳුමක් පොඩි කම්පනි එකකදි ලැබෙනවා. ඒ තමයි සැටිස්ෆැක්ෂන් එක. තමුන්ට ලොකු කොටසක් කරන්න ලැබෙනවා වගේම, තමුන්ට ඒ වැඩේ කාගෙවත් අත දැමීමක් නැතුව කරන්න ලැබෙන සතුට ඉතිරි වෙනවා. ඒ වගේම ලොකු කම්පනිවල වගේ තමුන්ගෙ වැඩක් පත්තු වෙනකං හත් අවුරුද්දක් බලං ඉන්න වෙන්නෙ නෑ.
3. මීටින් සංසිද්ධිය

Image Source – extraordinaryteam.com
සාමාන්‍යයෙන් ලොකු ඔෆිස් එකක මීටින් එකකට කට්ටිය යන්නෙ හතේ හත වැදිලා. ඇයි? මොකද ඒ අය දන්නවා මේ වෙන් කරන්න හදන කාලය අපරාදෙ විත්තිය. ඇයි ඉතිං කවදාවත් මීටින් එකේ කතා වෙන දේවල් ඒ විදියටම සිද්ධ වෙන්නෙ නැහැනෙ. නිකමට හිතන්නකො මෙහෙම. ඔන්න මාර්ග සංවර්ධනෙන් පාර හදනව. ලංවිමෙන් අධි බල විදුලි රැහැන් එලන්න කියල පාර කඩනව. ඒක මාර්ග සංවර්ධනෙන් ආයෙ හදනව. ටික දවසකින් වතුර බට දාන්න කියල ආයෙ කඩනව. ඒක මාර්ග සංවර්ධනෙන් හදන්නෙ නෑ. එයාලා මෙයාලට ඇඟිල්ල දික් කරනවා. මෙයාලා එයාලට. පොඩි ඔෆිස්වල එහෙම නෑ. ඉන්න හතර පස්දෙනාගෙ එකඟතා මූණටම කියලයි මීටිම ඉවර වෙන්නෙ.
4. අවසර ගැනීම්

Image Source – gsb.stanford.edu
පොඩි ඔෆිස් එකක වැඩක් ඉක්මන් වෙන සහ ලේසි වෙන තවත් හේතුවක් තමයි පොඩි ඔෆිස්වල අවසර ගැනීමේ ප්‍රොසෙස් එක වේගවත්. ලොක්කා කියන මනුස්සයාත් පොඩි ඔෆිස් එකකදි ලොක්කා වගේම සේවකයාගේ භූමිකාවත් නිරූපණය කරනව. ඉතිං “අයියෙ මෙහෙම කරමු නේද?” කිවුවම ඇති. ලොකු ඔෆිස් එකකනං ධූරාවලියෙන් ධූරාවලියට අවසර ගැනීමේ ප්‍රොසෙස් එක ඉවර වෙලා එද්දි කරන්න තියෙන වැඩෙත් අමතකයි.
5. නීති රීතිවල ලිහිල් බව

Image Source – thebalancecareers.com
පොඩි කම්පනි එකක රස්සාවට යන අයට විඳින්න පුළුවන් විශේෂ වාසියක් තමයි මේ. ෂර්ට් යට කරලා, සපත්තු දාලා වැඩට බහින්න ඕන නෑ. ඔෆිස් ක්‍රවුඩ් හිර වෙන වෙලාවල්වල අපා දුක් විඳගෙන බස්වල බඩගාන්න ඕන නෑ. දකින දකින මනුස්සයට සර් කිය කිය නොඉඳ ආත්මාභිමානයෙන් වැඩ කරන්න පුළුවන්. ඒක රස්සාවක් සාර්ථකව කරන්න හොඳ උත්තේජනයක් සපයන කාරණයක්.
6. ආතල් ප්ලෑන්ස්

Image Source – thebalancecareers.com
ලොකු ඔෆිස් එකක ට්‍රිප් එකක් යද්දි කට්ටිය යන්න කැමති සීතල පැතිද? ශුෂ්ක කැලෑද? මුහුදුද? කියල බලන්නෝන. මස් කනවද? මාළු විතරද? හොදි විතරද? කියල බලන්න ඕන. බොනවද? නැද්ද? යන්නෙ මොකේද? කියල හිතන්න ඕන. පස් හය දෙනෙක් ඔෆිස් ඉඳිද්දි ඔය ප්‍රශ්න නෑ. ඒ වගේමයි පාටියක් දාද්දිත්. බර්ත්ඩේ එකක් තිබ්බොත් ලොකු ඔෆිස් එකකනං කට්ටියට පුංචි කේක් කෑල්ලක් දෙන්න රුපියල් හාරදාහක් විතර වියදං කරන්න ඕන. පොඩි ඔෆිස් එකකනං කට්ටියට ලාජ් පීසා දෙකක් ගෙනත් දෙන්න පුළුවන් රුපියල් හාරදාහෙන් බඩ පිරෙන්න කන්න.
7. ටීම් ගොඩක් නෑ

Image Source – videoblocks.com
ලොකු ඔෆිස් එකක ටීම්ස් ගොඩක් ඉන්නවා. පොඩි ඔෆිස් එකක ටීම්ස් ගොඩක් නෑ. ඉන්න පස් හය දෙනා එක ටීම් එකක වගේ. එනිසා අනිත් ටීම් එක කපලා උඩට යන්න හේතුවක් නෑ. ඒ වගේම ඉන්න පස්හය දෙනා එකම සෙට් එකක් වගේ සෙට් වෙන නිසා ඕනම ප්‍රශ්නයක් විසඳගෙන ඉස්සරහට යන්න පහසුයි වගේම කට්ටිය අතර අන්‍යෝන්‍ය දැනීම නිසා ඕනම ටාස්ක් එකක් පහසුවෙන් ගොඩදැමීමේ හැකියාව ඒ අයට තියෙනවා.
Cover Image Source – nexushub.com / theofficepass.com/ redoakproperties.com
Leave a Reply