කෙල්ලෝ ෆේස්බුක් එකෙන් කොල්ලන්ව හොයන හැටි

stalking

කොල්ලන් ගැන හොයන්න ඒ කාලේ තමයි යාළුවන්ගේ උදව් පතන්න ඕනි වුණේ. දැන් ඔය වැඩේ තනියම කරගන්න පුළුවන්. සකර්බර්ග් අයියාගේ පිහිටෙන් ඒ වැඩේට යන්නේ මිනිත්තුවයි දෙකයි. මොනම විදියකින්වත් චාටර් වීමක් නැහැ මොකද කොල්ලා දන්නෙත් නෑ තමන් දිහාට රේඩාර් පද්ධතියක්ම යොමු වෙලා කියලවත්. හීන් නූලේ කරගන්න මේ වැඩේ කෙල්ලෝ ගොඩදාගන්නේ මෙහෙමයි.

 

1. ප්‍රොෆයිල් එක සොයාගැනීම

stalking

Image Source – facebook.com

කොලුවාගේ නමේ කෑල්ලක් හරි හොයාගත්තට පස්සේ ඕක සර්ච් බාර් එකේ ටයිප් කරලා සජෙෂන්ස් ටික බලනවා. උදාහරණයක් විදියට නම කසුන් නම් කසුන් කියලා ඉස්සෙල්ලාම බලනවා. හැබැයි මේ රටේ කෙල කෝටියක් කසුන්ලා ඉන්න නිසා වැඩේ සාර්ථක නැහැ. සමහර අයට ලක් එක නිසා සෙට් වෙන්න පුළුවන්. ඕක තව ටිකක් පෙරලා කරලා ගන්න පුළුවන් ඉගෙනගන්නේ කොහේද රස්සාව කරන්නේ කොහේ ද වගේ දන්නවා නම් නමත් එක්ක ඒකත් ටයිප් කරලා බලනවා. උදාහරණයක් විදියට “kasun university of colombo”. එතකොට කොළඹ කැම්පස් යන කොල්ලෝ ටික වැටෙනවා. එහෙම කරලා ඉස්සෙල්ලාම ප්‍රොෆයිල් එක හොයාගන්නවා.

 

2. මියුචුවල් බැලීම

stalking

Image Source – facebook.com

මේක දෙවිදියකට විස්තර කරන්න පුළුවන්. පළවෙනි කාරණේ තමයි ප්‍රොෆයිල් එක හොයාගන්න මියුචුවල් උදව් වෙන විදිය. ඒකට හැබැයි මේ කොලුවාගේ ගජයෝ දෙන්නෙක් කෙල්ලගේ බුකි මිතුරෝ වෙලා ඉන්න ඕනි. දෙන්නගේ මියුචුවල් අස්සේ අනිවා ඉන්නවනේ ඉතින්. දෙවෙනි කාරණේ තමයි අදාළ පුද්ගලයා එක්ක බුකි මිත්‍රත්වයක් හදාගත්තට පස්සේ එයයි ඔයයි අතර ඉන්න මියුචුවල්ලා හොයන එක. ඒක කරන්නේ ඉතින් මොන වගේ උන් එක්ක මෙයා පයුරුපාසානමක් පවත්වනවා ද බලන්න. බොක්කේ ෆිට් එකක් හෙම හිටියොත් හීනියට දේවල් එයාගෙන් අහගන්න පුළුවන්. තේඋඩිච්චියක් හිටියා නම් පුද්ගලයා ගැන අයිඩියා එකක් ඔලුවට දාගන්න එකත් කරනවා.

 

3. පුද්ගලයාව හඳුනාගැනීම

stalking

Image Source – facebook.com

“About” කියලා තියෙන තැනින් එයා ගැන පොඩ්ඩක් උඩින් පල්ලෙන් දැනගන්නවා. එයාගේ විනෝදාංශ, බලන චිත්‍රපට සහ අහන සින්දු ගැන දැනගන්න පුළුවන්. ඒ මුකුත්ම නැති ගොබ්බයෙක් ද කියලා දැනගන්න වුණත් පුළුවන්. සමහරුන්ගේ ඔය ගැජමැටික් කෑල්ල පබ්ලික් නැහැ. එහෙම වෙලාවට ටැග් වෙච්ච පොටෝස් කාරිය බලලා මේ ඉන්නේ ගෙදර ඉඳන් පිදුරංගල යන වුන්ට පද හදන එකෙක් ද එහෙමත් නැත්නම් ජීවිතේ ඇත්තටම විඳින එල කොල්ලෙක් ද කියලා හොයාගන්නවා.

 

4. ලිට්මස් පරික්ෂාව

stalking

Image Source – ui-patterns.com

ෆේස්බුකියෙන් කොල්ලෝ හොයන කෙල්ලන් ආසම කරන දෙයක් තමයි මේ. මේ කොල්ලට කෙල්ලෙක් ඉන්නවද? එහෙමත් නැත්නම් කෙල්ලෝ ගොඩක් වටකරන් පොටෝස් ගන්න නිකන්ම නිකන් අහිංසක හාදයෙක් ද කියලා හොයලා බලන පරික්ෂාව තමයි මේ. සමහර කෙල්ලෝ ෆේක් අකවුන්ට් එකක් පවා පවත්වාගෙන යනවා මේ වැඩේට. එතකොට චැටක් දාලා මනුස්සයාගේ හැටි දැනගන්න පුළුවන් නිසා. ප්‍රොෆයිල් පික්චර් එකට හෙම “තාත්ති අයි ලව් යූ” වගේ කොමෙන්ට් දාලා තියේ නම් කෙල්ලෙකුත් ඉන්නවා නේ.

 

5. ෆේස්බුක් ගෘප් එක්ක සම්බන්ධ වීම

stalking

Image Source – therapybeyondthecouch.com

කොල්ලා සක්‍රීයව දායකත්වයක් සපයන ෆේස්බුක් සමූහයක සාමාජිකයෙක් වීමෙන් නම් ලැබෙන සේවය සෑහෙන වටිනවා. එතකොට මිතුරුකම් නැතුව වුණත් අප්ඩේට් එකක් ලබාගන්න පුළුවන්. මාළු ටැංකි තියා ගෙදර බල්ලෙක් පූසෙක්වත් නැති කෙල්ලෝ “සුරතල් මසුන් ඇතිකරන්නන්ගේ සංගමය”ට බැඳිලා සාරි ගප්පි ගැන එයාගේ පෝස්ට්වල කොමෙන්ට් එහෙම දානවා. ගෙදර ඉන්න අයියට මල්ලිට බයික් නිසා කුණුකතන්දර කිව්වත් මෙන්න එක පාරට “Bike World–බයික් ලෝකය” වගේ සමූහවලට බැඳෙනවා.

 

6. බේබදු පරික්ෂාව

stalking

Image Source – bestdrugrehabilitation.com

මංගල කිංකිණිවල පුතා සුරාවෙන් සූදුවෙන් තොරයි කියලා අම්මලා දැම්මට නස්පුක් වෙන්න ගහන ඩයල් එකක් වෙන්න පුළුවන්. ඒත් රූපමය සාක්ෂි තියෙද්දී ඒ වගේ සෙල්ලම් බැහැ. සමහර කොල්ලෝ ඉන්නවනේ තේ හැන්දක තරම් ඩිංගක් බීගන්න පුළුවන් වුණාට අපි හෙනම බෙබාලා කියලා ලෝකෙට පෙන්වන. ඉතින් ඒකට හොඳම තැන තමයි බුකිය. ඒ වගේ ෂෝකාරයෙක් ද කියලා දැනගන්නත් පුළුවන් ඉතින්.

 

7. ලජ්ජා බය නැති කරගැනීම

stalking

Image Source – giphy.com

වටෙන් පිටෙන් පොලිස් ලුක් එක දාගෙන ඉඳලා හිතට පොඩ්ඩක් ධෛර්යය ශක්තිය ආවාම මැසේජ් කරලා කොමෙන්ට් කරලා පොඩ්ඩක් අඳුනාගන්න උත්සාහ කරනවා. සමහර කෙල්ලන්ට ෆේස්බුක් එකෙන් විස්තර හොයා හොයා ස්ටෝක් කරන්න තරම් හිතෙන්නේ නිකන් ම නිකන් ක්‍රෂ් එකක් නම් විතරයි. හැබැයි ඉතින් සීරියස් කරලා බුකි වැටලීම විවාහයෙන් කෙළවර වෙන අවස්ථාත් තියෙනවා.

තමන්ට ස්ටෝකර් කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තම කොල්ලගේ හිතෙත් මල් පූදින් නැතෑ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *