කොළඹ සහ ප්‍රධාන නගරවලදී ට්‍රැෆික් එකේ ඩ්‍රයිව් කරනවාට වඩා ටැක්සියක් ගන්න එක හැම අතින්ම වාසියි. ලංකාවේ ඩ්‍රයිවින් කියන්නේ ලේසි නෑ. අනෙක් පැත්තෙන් ක්ලච් බ්‍රේක්, ඇක්සලරේටර් අතරේ කකුල් ගෙනිහින් ලොකු අවධානයක් ඒ වෙනුවෙන් දෙන්නත් ඕනා. ඒ නිසා කාර්යාල වැඩකට, ගෙදර වැඩකට උනත් ටැක්සියක් අරගන්න ගොඩක් අය පෙළඹිලා. වාහනයක් නැති කෙනෙක්ට වුනත් අද ටැක්සියකින් එහෙ මෙහෙ යන එක බොහොම සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා.
1. නිවැරදි වාහනේ තේරීම

Image Source – pickme.lk
පාරට අත දැමූ සැනින් නම් බොහෝ වෙලාවට එන්නේ ත්‍රී වීලර්. ගොඩක් තද බල ට්‍රැෆික් එකක උනත් අතනින් මෙතනින් දාගෙන ගමනක් යන්න ත්‍රී වීලර් එක මරු. ඒත් ටිකක් ඩීසන්ට් විදියට යන්න ඕනි තැනකට නම් ත්‍රීවීලර් එක ගැලපෙන්නේ නැහැ. පාටියකට, ඉවෙන්ට් එකකට ගිහින් ඒකේ ගේට් එක ළඟින් ත්‍රීවීලර් එකෙන් බැස්සම එතන ඉන්න ආරක්ෂක නිලධාරියාවත් තමන්ව ගණන් ගන්න එකක් නැහැ කියලා සමහරුන්ට හිතෙනවා. ඒ වගේ වෙලාවට කාර් එකක් බුක් කරගන්න එක වටිනවා. කාර් වුනත් ටිකක් සැපට යන්න ඕනි නම් නැනෝ, මරුති, ස්ටින්ග්‍රේ නැතුව පොඩ්ඩක් වැඩියෙන් වියදම් කරලා හොඳ කාර් එකක් ඌබර් හෝ පික් මී වලින් වෙන්කරගන්න හැකියි.
2. රේට් එක

Image Source – bbc.co.uk
කිලෝමීටරේට රුපියල් 40 වගේ ගණන් වල ඉඳලා ටැක්සි සේවාවන් ක්‍රියාත්මක වෙනවා. මේ අතර හොඳ කාර් නම් ටිකක් මිල වැඩියි. ඒ වගේම දැන් පික් මී අයගේ වෑන් වෙන්කරගන්නත් අවස්ථාවක් තියෙනවා. අපි දහ දොළොස් දෙනෙක්ට කොළඹ ළඟ තැනකට සෙට් එක පිටින්ම බහින්න ඕනි නම් ආයේ කාර් දෙක තුනක් ඕඩර් කරන්න ඕනා නැහැ. 1500/=ක් වගේ ගාණකින් ආරම්භ වන හොඳ KDH එකකින් ඒ ගමනට යන්නට හැකියාව තියෙනවා. මෙතනදි කිලෝමීටරයට චාජ් වෙන ගාණ විතරක් නෙමෙයි, වෙයිටින් කීයක් වැටෙනවාද කියලත් ටිකක් හොයලා බලන්නට ඕන. ඌබර් වල එහෙම පීක් ටයිම් හෙවත් කාර්යබහුල වෙලාවට මිල ටිකක් වැඩියි. ඒ වගේම වැඩිපුර හයර් නොවැටෙන වෙලාවට ගාස්තු අඩු කරන්නත් එයාල කටයුතු කරනවා.
3. වෙන් කරගන්නා මාධ්‍යය

Image Source – gavinmatthew.com
ස්මාට්ෆෝන් ගැන වැඩි ටච් එකක් නැති කෙනෙක්ට ටැක්සි බුක් කරන්න විතරක් ස්මාට්ෆෝන් එක පාවිච්චි කරන්න අමාරුයි. එතකොට කෝල් එකෙනුත් ටැක්සි ලේසියෙන් බුක් කරගන්න පුලුවන් ක්‍රමයක් වටිනවා. උදාහරණ විදියට අපේ අම්මල, තාත්තලා, නැන්දලා වැඩිය ස්මාට්ෆෝන් එකෙන් ටැක්සි වෙන් කරගන්න දන්නේ නැතිනම් එයාලට ටැක්සියක් වෙන්කරගන්න අවශ්‍ය වෙලාවකට කෝල් කරලා බුක් කරගන්න පුලුවන් සර්විස් එකක් හොයලා දෙන එක වැදගත්. ෆෝන් ඇප් එකෙන් ටැක්සිය බුක් කරද්දි හරියටම යන තැනට අනුව අපිට ඒ අදාළ මුදල කලින් දැනගන්න පුලුවන්. ඒ වගේම ට්‍රැෆික් අඩු රූට් එකකින් ප්ලෑන් කරලා ගමන යන්නත් ඇප් එකේදි පුලුවන්.
4. ගෙවන මාධ්‍යය

Image Source – premier401000.com
ටැක්සි සර්විස් එකකදි ගමනාන්තයේදී මුදල් ගෙවීමේදී ඇතිවෙන එක අමාරුවක් තමයි මාරු සල්ලි. මහ රෑ ටැක්සියෙන් බහිද්දි රුපියල් දාහක් මාරු කරගන්න ටැක්සි රියදුරු ගාවත් අපි ගාවත් නැත්තං එතනදි ලොකු අමාරුවක වැටෙනවා. පික් මී සහ ඌබර් වලදි ටැක්සි සර්විස් එකට අපේ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න හැකියි. එතනදි මාසෙට කොපමණ ටැක්සිවලට අපි වියදම් කරනවාද කියලත් මාසෙ අවසානේ කාඩ් බිල් එකෙන් අපිට බලාගන්නට පුලුවන්.
5. ප්‍රමෝශන් ඔෆර්ස්

Image Source – premier401000.com
ටැක්සි සර්විස් වලින් අපේ මොබයිල් නම්බර් එක රෙජිස්ටර් කරගත්තාම එයාල අපිට තියෙන ප්‍රමෝශන් ගැන මැසේජ් එවනවා. වෙලාවකට වදයක්. ඒත් ඒ වගේ ප්‍රමෝශන් ගැන දැනුවත් වෙලා අපේ ගමන ප්ලෑන් කරගත්තොත්, ප්‍රමෝශන් එකේදි හොඳ වාසියක් ගන්නත් අපිට පුලුවන්කම ලැබෙනවා.
6. නිතර ගන්න රියදුරු

Image Source – twitter.com
අපි සමහර අය ආසයි දේශපාලනය, ආගම වගේ දේවල් කතා කර කර ටැක්සියේ යන්න. එතනදිත් ටැක්සි රියදුරා අපේ දේශපාලන පක්ෂයේ නම් ලේ කෝප වෙනවාත් අඩුයි. ඔය ටැක්සි එකේ ඉන්න පොඩි කාලෙටත් අපිට නොදිරවන එක එක කතා කියන රියදුරෝ එක්ක ගමන් යන්න ගියාම එපා වෙනවා. සමහර රියදුරන් නම් බොහොම සංවරයි, කතාකරන්නේ අඩුවෙන්. කොහොම වුනත් නිතර ටැක්සි වල ගමන් යන අයෙක් නම් කැමති රියදුරෙක් දෙදෙනෙක් වෙන්කරගෙන, එයාලගේ කන්ටැක්ට් තියාගත්තොත් අපිට පොඩ්ඩක් කලින් කෝල් එකක් දීලා එයාල වෙන්කරගන්න පුලුවන්.
7. ටැක්සි සේවයේ දුර්වලතා

Image Source – readme.lk
අනෙක් හැමදේදිම වගේම ටැක්සි සේවාවන් වලදිත් අපිට නොයෙක් අකරතැබ්බ වලට මුහුණදෙන්නට වෙනවා. අපි සේවාව ලබාගත් යම් ටැක්සි සේවාවකින් යම් අකටයුත්තක් වුනා නම්, අපිට එයාලට ඒ ගැන දැනුම් දෙන්නට පුලුවන්. ඒ වගේම සර්විස් එක ගත්තට පස්සේ අපිට ලැබුන සර්විස් එක ගැන රේට් කරන්නත් ටැක්සි ඇප්වලදී පුලුවන්. මොනාහරි යම් අකටයුත්තක් වුනානම්, “වැඩක් නෑ ඕවාට කියලා” කියල කර අරින්නේ නැතිව ඒ අදාළ සර්විස් එකට දැනුම් දීම තමයි වඩාත්ම හොඳ. එතකොට ඒ ගැන අඩු වශයෙන් රියදුරාට දැනුම් දීමක් හරි කරාවි ටැක්සි සර්විස් එකෙන්.
ටැක්සි පාවිච්චි කරද්දි ඒ සම්බන්ධ අත්දැකීම් ටික කාලයක් යද්දි අපිට ඉබේම ලැබෙනවා. අපේ පොදු ප්‍රවාහනයේ තියෙන හොඳ කම නිසාම ජනප්‍රිය වෙලා තියෙන ටැක්සි සේවාවන් නිසා අපිට ලොකු වාසියක් ලැබෙන අවස්ථා තියනවා. පොදු ප්‍රවාහනයට වඩා ඉතාම කෙටි කාලයකින් සුපිරි සේවාවක් ලබාදෙන්න ටැක්සි සේවාවන්ට හැකි වෙලා. ඉස්සර අපි ටැක්සියක් ගනිද්දි ගිහින් වාහනයකට කතා කරන්නේ මේ ගමනට කීයක් කපාවිද කියන දෙගිඩියාවෙන්. ඒත් අද දියුණු ටැක්සි සේවාව නිසා මූණ බලලා ගණන් කියන අයගෙන් ගැලවිලා, සමාන මිලකට අපි හැමෝටම සර්විස් ලබාගන්නට හැකිවෙලා තියනවා. මීට අවුරුදු 5-10කට කලින් තිබුන තත්ත්වයට වඩා අද ටැක්සි සේවාවන් තියෙන්නේ බොහොම සතුටුදායක තත්ත්වයක.
Cover Image Source – crete-taxi-services .com/ uber.com
Leave a Reply