මුලින්ම කියන්න දෙයක් තියෙනවා. මේ ආටිකල් එක අතිශයින්ම කොල්ලන්ට පමණයි. කෙල්ලෝ කියෙව්වට අවුලක් නෑ. හැබැයි මේක වැදගත් වෙන්නේ කොල්ලන්ටයි.
හරි. පටන් ගමු. සාමාන්‍යයෙන් ලංකාව වගේ රටක සෑහෙන ප්‍රතිශතයක් කොල්ලෝ හිතෙන් තැවෙන වදවෙන කාරණාවක් තියෙනවා. ඒ තමයි තමන්ගේ පුරුෂ ලිංගයේ ප්‍රමාණය. මේක ප්‍රශ්නයක් කර නොගත්තු කොල්ලොත් ඉන්නවා. එක්කෝ උන්ගේ පුරුෂ ලිංගය ප්‍රමාණයෙන් සාපේක්ෂව විශාලයි. එහෙම නැතිනම් උන්ට ෂුවර් එකක් තියෙනවා තමන්ගේ “දක්ෂකම්” එක්ක සයිස් එක ප්‍රශ්නයක් නැහැයි කියලා. හැබැයි ඇත්තටම සයිස් එක ගෑණු ළමයින්ට ඕනද? ආන්න ඒ ගැන සාකච්ඡා කරමු තව ඉස්සරහට!
1. ගැහැණු අයට සයිස් එක ප්‍රශ්නයක්ද?

Image Source – thecollegeview.com
කෙලින්ම ප්‍රශ්නයෙන්ම පටන් ගමු. මේකට දෙන්න පුලුවන් උත්තරේ මේකයි. නෑ. දෙවෙනි ප්‍රශ්නය. ගැහැණු අය සයිස් වැඩි ඒවට ආසද? ඒකට උත්තර කීපයක් තියෙනවා. ඔව්, නෑ, සමහර විට. එතකොට ඇයි කෙලින් උත්තරයක් දෙන්න බැරි? සරලයි. මේ දේවල් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. සමහර වෙලාවට එක කාන්තාවක් කැමති වෙන්න පුලුවන් වඩාත් විශාල ප්‍රමාණයකට. තවත් කාන්තාවක් කැමති වෙන්න පුලුවන් ඒ තරම් විශාල නොවෙන මධ්‍යම ප්‍රමාණයකට. ඉතින් එහෙම ගන්නකොට කැමැත්ත අතින් ගත්තහම කාන්තාවකගේ කැමැත්ත විවිධාකාර වෙන්න පුලුවන්. හැබැයි ඉතින් පිරිමින්ගේත් තියෙන්නේ ඔය විදියේ එක එක කැමති අකමැති කම්. සමහරු කැමතියි විශාල පියයුරු වලට. සමහරු කැමතියි විශාල තට්ටම් වලට. හැබැයි මේ කැමතියි කියන එකෙන් අදහස් වෙන්නේ නෑ ඔය දේවල් ප්‍රශ්නයක් වෙනවා කියලා.
2. පිරිමි ඇයි සයිස් එක ගැන හිතන්නේ?

Image Source – sciencemag.org
ඒකට උත්තරය සරලයි. ගැහැණු ඇයි හැම වෙලාවකම පිරිමි අපෙන් අහන්නේ මම මහත් වෙලාද කියලා? ඒක අතිශයින්ම සාමාන්‍ය අනාරක්ෂිත භාවයක්. කාන්තාවක් තමන්ගේ ශරීරයේ හැඩය ගැන පිරිමියෙක්ට වඩා උනන්දුයි සහ සංවේදීයි. එතකොට මහත් වෙලා කියන එකෙන් ලොකු අනාරක්ෂිත හැඟීමක් කාන්තාවකට දැනෙන්න පුලුවන්. ඒ නිසා තමයි මම මහතද කියලා නිතරම අහන්නේ. හැබැයි ඉතින් ඇත්තම කතාව මේකයි. කාන්තාවක් දැඩි ස්ථුල භාවයකින් පෙලෙන්නේ නැති නම් ගොඩක් වෙලාවට චුට්ටක් මහත් වුනා කියලා කැත වෙන්නේ නෑ. චුට්ටක් බඩ ආවා කියලා ලස්සන නැති වෙන්නෙත් නෑ. හැබැයි අපිට ඕක තේරුම් කරලා දෙන්න පුලුවන්ද? බෑ. ආන්න ඒ වගේ තමයි පිරිමි තමන්ගේ පුරුෂ ලිංගයේ ප්‍රමාණය ගැන හිතීමත්.
පිරිමින්ගේ හිත් ඇතුළේ මුල් බැහැගෙන තියෙන හැඟීමක් තමයි සයිස් එක ලොකු වෙන තරමට ලිංගික කාර්යයේ විශිෂ්ටත්වය, තමන්ගේ ලිංගික කාර්යයේ දක්ෂකම වැඩි වෙනවාය කියන එක. ඉතින් එතකොට පිරිමියෙක්ට ලිංගිකත්වය සම්බන්ධයෙන් තියෙන අනාරක්ෂිත හැඟීම් පහසුවෙන්ම ඇති වෙන තැන තමයි පුරුෂ ලිංගයේ ප්‍රමාණය.
3. නෑ ඔයා චුට්ටක්වත් මහත නෑ අනේ!

Image Source – blackloveadvice.com
ඔව්, දැන් උඩ කියපු කාරණාවෙදී නෝනා අපෙන් අහනකොට “මම මහත් වෙලාද” කියලා, නෝනා චුට්ටක් මහත් වෙලා වුනත් අපි කියන්නේ “නෑ අනේ ඔයා පොඩ්ඩක්වත් මහත නෑ” කියලනේ. ඇයි එහෙම බොරුවක් කියන්නේ? ඇත්තටම ශරීර සෞඛ්‍යයට ප්‍රශ්නයක් වෙන විදියට නෝනා මහත් වෙලා නෑ. එතකොට අපිට කියන්න පුලුවන් “ඔව් චුට්ටක් මහත් වෙලා, ඒක ගාණක් නෑ, ඔයා ලස්සනයි” කියලා. හැබැයි පිංවතුනි ඒක නෙවෙයි නිවැරදි උත්තරේ වෙන්නේ. නිවැරදි උත්තරේ වෙන්නේ නෝනා අහන්න බලාපොරොත්තු වෙන එක. ඒ තමයි “ඔයා චුට්ටක්වත් මහත් වෙලා නෑ, ඔය ඉන්නේ ලස්සනට” කියන එක. ආන්න ඒ වගේ තමයි දැන් ඔය අපි කියපු පුරුෂ පාර්ශවයේ හිත් තැවුල ඇතිකරන සිද්ධියත්. “මගේ එක ගැන ඔයා මොකද හිතන්නේ” කියලා පිරිමි ගොඩක් වෙලාවට අහනවා ලිංගික කර්තව්‍යයට පස්සේ. එතකොට ගොඩක් වෙලාවට නෝනා කියයි “සුපර් අනේ” කියලා. හැබැයි ඒ කියන්නේ ඒක මාර ලොකුයි, මම දැකලා තියෙන ලොකූම එක වගේ කතන්දරයක් නෙවෙයි. හැබැයි නෝනා කියන්නේ බොරුවකුත් නෙවෙයි!
ඒ ගැන අපි අන්තිමට කියනවා.
4. ඇයි ලොකු ඒවාට ආස වෙන්නේ?

Image Source – blackloveadvice.com
මෙන්න ප්‍රශ්න! පිරිමි ඇයි ලොකු තට්ටම් තියෙන කාන්තාවකට ආස වෙන්නේ? ඒ ලිංගික ආකර්ෂණය ඇස් හරහා ඇතිවෙන නිසා. විශේෂයෙන්ම පිරිමින්ට කාන්තාවකගේ පෙනුම ගැන අරම වෙන්න ඕන, මෙහෙම වෙන්න ඕන වගේ අදහස් තියෙන්නේ පිරිමියෙක් ලිංගිකව බැඳෙන්න ඇස් හරහා මූලික වැඩකොටසක් කෙරෙන නිසා. කීමට කියන්නේ කාන්තාවක් ආකර්ෂණය වෙන්නේ ඇස් හරහා නෙවේ කියලනේ. ඒක ඇත්ත. හැබැයි සීයෙට සීයක් ඇත්ත නෙවෙයි. ආන්න ඒ නිසා තමයි යම් කිසි කාන්තාවක් විශාල පුරුෂ ලිංගයකට ආස කරනවා නම් ආස කරන්නේ.
5. ලොකු ඒවාගෙන් වැඩි තෘප්තියක් ලැබෙනවද?

Image Source – nypost.com
ශාරීරිකව ගත්තොත් එහෙමයි කියන්න බෑ. සාමාන්‍ය ප්‍රමාණයේ පුරුෂ ලිංගයක් වුනත් හොඳටම ප්‍රමාණවත් කාන්තාවක් තෘප්තිමත් කරන්න. අනෙක් අතට සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉතාමත් විශාල පුරුෂ ලිංගයක් දැක්කහම කාන්තාවක් ආස කරන්න පුලුවන්. හැබැයි ඇත්තටම ලිංගික කර්තව්‍යයේදී පමණට වඩා විශාල ලිංගයකින් ලබා දෙන්නේ සතුටට වඩා වේදනාවක් වෙන්න පුලුවන්. හැබැයි අනෙක් අතට ලිංගික කාර්යයේදී වේදනා ලබන්න කැමති කාන්තාවක් ඒකට කැමති වෙන්නත් පුලුවන්! කොටින්ම කියනවා නම් මේ කාරණය පුද්ගලානුබද්ධයි. කාන්තාවක් කැමති දේ වෙනස් වෙන්න පුලුවන්, පිරිමියෙක් කැමති යම් යම් කාරණා වෙනස් වෙනවා වගේම. හැබැයි මේ එක කාරණයක්වත් තෘප්තිමත් ලිංගික ජීවිතයකට ලොකු ගැටලු මතු කරන්නේ නෑ. ඇත්තටම ගැටලුව වෙන්නේ තමන් පදින කාර් එකේ ප්‍රමාණය නෙවෙයි. තමන් කොයි තරම් දක්ෂ රියැදුරෙක්ද කියන එක!
6. ඔබත් දක්ෂ රියැදුරෙක් වෙන්න!

Image Source – xtralarge.in
මෙන්න මේක තමයි අපි කියන්න ආපු ඇත්තම කාරණාව. පිරිමියෙක් වුනහම තමන්ගේ පුරුෂ ලිංගයේ ප්‍රමාණය ගැන වදවීම, පුරුෂ ලිංගයේ ප්‍රමාණයෙන් තමන්ගේ පිරිමිකම මැනීම කියන්නේ ගොන් වැඩ. ඇත්තටම කරන්න ඕන නියමාකාරයෙන් ලිංගිකත්වය ගැන ඉගෙන ගැනීම. ලිංගික එක්වීමක් කියන්නේ මොකක්ද, තමන්ගේ කාන්තාව උපරිමයෙන් තෘප්තිමත් කරන්න නම් වැඩකරන්න ඕනෑ කොහොමද වගේ කරුණු කාරණා නිවැරදිව හැදෑරීම. කොටින්ම කියනවා නම් ලිංගිකත්වය කියන ආට් එක ප්‍රගුණ කිරීම. මේවා ඉතින් පංති දාලා උගන්නන්න ඕන දේවල් නෙවෙයි. මූලිකවම තමන්ගේ සතුටට වඩා අනෙකාගේ සතුට ගැන හිතන එකෙන් වැඩේ පටන් ගන්න පුලුවන්. ඉතින් ආන්න ඒ විදියේ දක්ෂ ඩ්‍රයිවර් කෙනෙක් වුනාට පස්සේ ඉතින් සයිස් අදාළම නෑ. ඕනම හයි වේ එකක, ඕනම කඳු පාරක ගාණට බැලන්ස් එකේ වාහනේ ගෙනියන්න පුලුවන්. අන්න ඒක තමයි වටින්නේ!
7. ආදරේ, ආකර්ෂණේ… මේවා නිකම්ම වචන නෙවෙයි!

Image Source – blackloveadvice.com
ඔන්න අර අපි අන්තිමට කියනවා කියපු කාරණේ. පිරිමියෙක්ගේ හිතේ ඉන්න සිහින කුමාරිට තියෙන්නේ විශාල පියොවුරු වෙන්න පුලුවන්. හැබැයි ඒ පිරිමියා සාමාන්‍ය පියොවුරු තියෙන කාන්තාවක් එක්ක ආදරෙන් බැඳුනට පස්සේ එයාට කියනවද ඔයා සිලිකන් සර්ජරි එකක්
කරගන්න කියලා? නැහැනේ. මොකද ආදරේට ඔය එකක්වත් අදාළම නෑ. බැරි වෙලාවත් පිරිමියෙක් තමන් එක්ක ඉන්න ගෑණිට අරක ලොකු කරගන්න, මේක ලොකු කරගන්න කියලා කියනවා නම් ඌ බිංදුවක්වත් ඒ ගෑණිට ආදරෙත් නෑ. ඔන්න ඕක තමයි බොටම් ලයින් එක. ආදරේ, ආකර්ෂණය ඇති වෙන්නේ ලිංගික අවයව වල ප්‍රමාණය මත නෙවෙයි. ඒවා මත සාමාන්‍ය ලිංගික ආකර්ෂණයක් ඇති වෙන්න පුලුවන්. හැබැයි ඒවා තාවකාලිකයි. ආදරය, ආකර්ෂණය ඇති වෙන්න වෙනත් කරුණු කාරණා විශාල ගාණක් බලපානවා. එතකොට මනුස්සයා ආකර්ෂණීය නම්, කරන්ට් වදිනවා වගේ දෙන්නා අතරේ ඉලෙක්ට්‍රිසිටි එකකුත් දුවනවා නම්, විශේෂයෙන්ම මනුස්සයා අති දක්ෂ ඩ්‍රයිවර් මහත්තයෙක් නං, ආන්න සයිස් එක කොහොමටවත් අදාළ වෙන්නෙ නෑ!
Cover Image Source – medium.com/ anith.com
Leave a Reply