කාන්තාවක් සම්පූර්ණයෙන්ම වෙනස් කළ හැකි සිදුවීම් තමා ගර්භණීභාවය හා දරු ප්‍රසූතිය කියන්නේ. ඔබේ අලුත උපන් දරුවා ඔබේ අතේ සිටිනා විට ඔබේ ප්‍රමුඛතා සියල්ල වෙනස් වෙනවා. දිවා රැයේ ඔබේ ප්‍රධානම කාර්යය වන්නේ දරුවා වෙනුවෙන්, අවශ්‍ය කටයුතු වෙනුවෙන් මහන්සි වීමයි. ඔබට ඔබම අමතක වී යයි. සමහර මව්වරුන්ට මේ ශාරීරික වෙනස දරා ගැනීමටත් අපහසුවෙන අවස්ථා නැතුවාම නෙමෙයි. කාලයක් ගතවන තුරු නිවසින් පිටට නොයන්නට තරම් මානසිකව බිඳවැටුන මව්වරුත් මේ අතර දැක ගන්න පුළුවන්. වැදගත්ම කාරණය ඔබ වටහා ගතයුතුයි. ඒ තමයි ගර්භණී අවධියේ සිදුවු සියළු වෙනස්වීම් දරු උපතින් පසුව එක්වරම යථා තත්ත්වයට පත් නොවෙන බව. එයට යම් කාලයක් ගතවේ. කාලය මෙන්ම ඔබේ උත්සාහයද ඉතා අවශ්‍යයි.
පුංචි පැටියාගේ කටයුතුත් එක්ක තියෙන වැඩ කන්දරාව අස්සේ කණ්නාඩිය ඉදිරියට වෙලා හූල්ලමිනුත් කාලයක් ගත නොකර මෙන්න මේ වගේ පුංචි පුංචි දේවල් ටිකක් කරමු ඒ වෙනුවෙන්.
1. මැලි නොවී උදව් අරගන්න

Image Source – kidsmentalhealthinfo.com
ඔයාටම කියලා කාලයක් ඔයා වෙනුවෙන් හදාගන්න නම් ඔයා වෙනුවෙන් ඉදිරිපත් වෙන උදව් ඔයා ආදරයෙන් බාර ගන්න ඕන. හස්බන්ඩ් එහෙම නැත්නම් නැන්දම්මා නැත්නම් ගෙදර වෙනත් කෙනෙක් එක්ක පැටියාව ටිකකට තියලා ඔයා පුංචි හරි විවේකයක් ලබා ගන්න එක හරීම වැදගත් . සමහර අලුත් අම්මලා පැටියාව කාගේවත් අතකටවත් දෙන්න කැමති නැහැ. කාගෙවත් උදව් ඉල්ලන්න කැමතිත් නැහැ. ඉතින් එහෙම තනියමම මේ කටයුතු කරගන්න උත්සහ කරාම ඔයාට දැනෙන මහන්සිය වැඩියි. පොඩ්ඩක් රිලැක්ස් වෙන්න බලන්න.
2. ජලය පානය කරන්න

Image Source – parenting.firstcry.com
ජලය ඔයාගේ හොඳම මිතුරෙක් කරගන්න. දිනකට ප්‍රමාණවත් ප්‍රමාණයක් ජලය පානය කරන්න. බබාට මව්කිරිත් දෙන නිසා ශරිරයේ තෙතමනය රඳවා ගන්න ජලය ඉතාම අවශ්‍යයි . ප්‍රසූතියෙන් පස්සේ හමේ සුන්දරත්වය යථා තත්ත්වයට ගේන්න ජලය හරිම වැදගත්.
3. පිරිසිදු වෙන්න

Image Source – workingmother.com
පුංචි පැටියෙක් ඔයා ළඟ ඉන්නකොට පොඩ්ඩා කක්කි, චූ දාපු රෙදිපිළි වගේම ඔයාගේ මැටිනිටි පෑඩ් වගේ දේවල් එක්ක නිතර ගනුදෙනු සිදුවෙනවානේ. එය මව්පදවියට ආවේණික සිදුවීම්. නමුත් ඔයාගේ පිරිසිදු බව පවත්වා ගැනීමට ඔබ නිතර උනන්දු විය යුතුයි. ස්නානය කරලා හොඳින් පිරිසිදු වෙන එක හරීම වැදගත්. එය ඔයාගේ ශරීරය වගේම මනසත් නැවුම්ව තියන්න හරිම වැදගත්.
4. පොඩි දුරක් හරි ඇවිදලා එන්න

Image Source – gethealthyu.com
බබා ලැබුනාම අම්මා ගෙදරටම හිරවෙන්න ඕනයි කියලා දෙයක් නැහැ. චූටිම පැටියෙක් නම් පුංචි වෙලාවකට ගෙදර කෙනෙක්ගේ ආරක්ෂාව එක්ක තියලා, අම්මා පොඩි දුරක් හරි හෙමි හෙමින් ඇවිදලා එන්න. වටපිටාවේ දේවල්, නැවුම් හුළඟ ඔයාට මානසිකව විශාල සුවයක් ගෙනේවි. ඒ වගේම ගර්භණී සමයේ ටිකක් මහත් වුන ශරීරයටත් පොඩි හරි ව්‍යායාමයක් වේවි. ටික ටික පුරුදු වුනාම දවසින් දවස දුර ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් වැඩි කරගන්නත් පුළුවන් වේවි.
5. නින්ද හරීම වැදගත්

Image Source – thebump.com
අලුත ඉපදුන පුංචි පැටියෙක් ඉන්න නිවසක අම්මා තාත්තාට අඩුවෙන්ම ලැබෙන දේ නින්ද වෙන්න පුළුවන්. පැටියා නිදි අතර දඩි බිඩියට අනෙක් වැඩ කරගන්න අම්මා පැටියා ඇහැරුනාම චූටි පැටියා එක්ක කාලය ගත කරන නිසා නිදාගන්න නම් වෙලාවක් එන්නෙම නැති තරම්. පුංචි පැටවු හරි දක්ෂයිනේ රාත්‍රියට අවදිවෙලා ඉන්න. ඒත් නින්ද අලුත් අම්මාට කායික මානසික මේ හැම අතින්ම හරිම වැදගත්. ඉතින් පැංචා නිදි අතරේ අම්මාත් නිදාගන්න එක තමා හොඳම දේ. සමේ වර්ණය වෙනස් වීම්, ඇස් යට කළු වීම් වගේම ඔයාගේ සෞඛ්යටත් නිදි මරණ එක කොහොමටවත් හොඳ නැහැ. ඒ නිසා නින්දක් සඳහා ඉඩ ලැබෙන කිසිම අවස්ථාවක් මඟ හරින්න එපා.
6. කන්නෙ බොන්නේ මොනවාද?? ප්‍රවේසමෙන්!

Image Source – dietitiannalini.com
බබා ලැබුනාට පස්සේ ඔයා හොඳින් ආහාර ගන්න ඕන. මව් කිරි දෙන ආදරණීය අම්මා කෙනෙක් සමබල ගුණදායී ආහාර වේලක් ලබා ගන්න එක හරීම වැදගත්. ඔයාගෙ සුන්දරත්වය රැකගන්න මේ නැවුම් ගුණදායී ආහාර අවශ්‍යයි. ඒ වගේම ඔයා ලබාගන්නා ආහාර පිළිබඳව සැලකිල්ලෙන් පසුවෙන්න ඕන. අධික සීනී, පිටි ආහාර හැකි තරම් මඟ හරින්න.
7. හිසට සාත්තුව

Image Source – resoulution.ca
ගර්භණී සමයෙන් පසු කාලයේ අලුත් අම්මලා මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි හිසකෙස් හැලී යාම. ගර්භණී සමයේ ලබා ගත්තු විටමින් හා වෙනස් වුන හෝමෝන ක්‍රියාකාරිත්වය සමඟ ඉතාම අලංකාර ලෙස වර්ධනය වුන හිස කෙස් දැන් ඉතා ඉක්මනින්, විශාල වශයෙන් හැලී යන්න පටන්ගෙන. මේ තත්ත්වය මඟ හැරගන්න හොඳින් ස්නානය කර හිස් කබලේ පිරිසිදු බව පවත්වා ගැනීම හරිම වැදගත්. ගැළපෙන ෂැම්පූ එකක් හා කන්ඩිෂනර් එකක් භාවිතාකරන්න. තෙල් සාත්තුවත් ඉතා වැදගත්.
ඒ වගේම කොණ්ඩය තදින් ගැටගසන්නත් එපා. එය කෙස් තව තවත් හැලී යාමට මඟ පෑදීමක්. ඒ වගේමයි හොඳින් කොණ්ඩය පීරන්නත් අමතක කරන්න එපා. අනෙක් වැඩකටයුතු අස්සේ හිස පීරන්න අමතක කළොත් කෙස් ගැට ගැසී, කෙස් කැඩී යාවි. ඒ වගේම විටමින් බී සහ විටමින් සී බහුල ආහාර ලබාගන්න.
Cover Image Source – nutritionnews.abbott.com/ pregnancyandbaby.com/ mothercirclekingston.com
Leave a Reply