කුරියර් කියන්නේ අපි යන්නෙ නැතිව අපේ බඩු තැනකින් තැනකට යවන්න පුලුවන් සාර්ථක ක්‍රමයක්. ලංකාවෙදි ඩොමෙස්ටික් කුරියර් හෙවත් ලංකාව තුළ බඩු බාහිරාදිය එහෙ මෙහෙ ගෙනියන සමාගම් රැසක් තිබෙනවා. ඒ වගේම වඩාත් විශ්වාසනීයව රටකින් රටකට බඩු ගෙනයන ජාත්‍යන්තර කුරියර් සේවාවන් කිහිපයකුත් ලංකාවට සිය සේවාව සපයනවා. අපි ඒවා කිහිපයක් ගැන සොයා බලමු.
1. ප්‍රොන්ටෝ

Image Source – huffingtonpost.com
ප්‍රොන්ටෝ කියන්නේ කලක පටන් ලංකාවේ ජනප්‍රියතම කුරියර් සර්විස් එකක්. ප්‍රොන්ටෝ වල බ්‍රාන්චස් ලංකාවේ හැමතැනම වගේ විසිරිලා පැතිරිලා තියෙනවා. ඒ ඒ නගරවල කන්ටැක්ට් කරගන්න ලොකේශන් ටිකත් ප්‍රොන්ටෝ වෙබ් අඩවියේම දක්වලා තියෙනවා. මේකෙදි ඩොකියුමන්ට් සර්විස්, කුරියර් සර්විස්, ලොජිස්ටික් බෑන්කින් සර්විස් වගේ සේවා ගණනාවක්ම ප්‍රොන්ටෝ හරහා ලබාගන්නට හැකියාව තියෙනවා.
දුරකථන – 0112369001 – 4
2. ඩොමෙක්ස්

Image Source – facebook.com
අවශ්‍යනම් රාත්‍රී කාලයේ වුවද ඩිලිවරි කරන ඩොමෙක්ස් සර්විස් එක සෙනසුරාදත් වැඩ. ලංකාවේ නගර උපනගර 30ක ඩොමෙක්ස් ශාඛා පිහිටලා තියෙනවා. ඒ ඒ ඩොමෙක්ස් ශාඛාවන් අතරින් ඔබට ආසන්නතම ඩොමෙක්ස් එකට කතා කළොත් ඔයාට ඉක්මනින් සේවාව ලබාගන්නට හැකි වේවි.
දුරකථන – 0117306307
3. සර්ටිස් ලංකා

Image Source – facebook.com
සර්ටිස් ලංකා කියන්නේ සෙකියුරිටි සර්විස් එකක් විදියට ජනප්‍රිය නාමයක් වගේම එයාලාගේ කූරියර් සේවාවත් බොහොම විශ්වාසනීය සේවාවක් සපයනවා. ඉන්ටනැෂනල් කුරියර් සර්විස්, ආයතනික ලියුම් කියුම් ප්‍රවාහනය සහ හදිසි ප්‍රවාහන කටයුතු කරදෙන්න සර්ටිස් ලංකා සූදානමින් ඉන්නවා. එයාල වෙබ් එකෙන් වගේම ෆෝන් එකෙනුත් මේ නම්බර් වලින් සම්බන්ධ කරගන්න පුලුවන්කම තියෙනවා.
4. FedEx

Image Source – en.wikipedia.org
ෆෙඩෙක්ස් සේවාව ලංකාවෙන් පිටතට බඩු යවන අය අතර ජනප්‍රිය සේවාවක්. විශ්වාසනීය සේවාවක් දෙන ෆෙඩෙක්ස් හරහා තමන්ගේ පාර්සලය තිබෙන්නේ කොහේද කියන එකත් බලාගන්නට ලෙහෙසියෙන්ම හැකියාව ලැබෙනවා. ෆෙඩෙක්ස් ශාඛා 5ක් ලංකාව තුළ පිහිටා ඇති අතර ඒවා හරහා පිටරට යවන්නට පාර්සල් බාර දෙන්නට හැකියාව තියෙනවා.
5. EMS

Image Source – elakiri.com
වඩාත් ලාබදායීව පාර්සලයක් යවන්න ඊ එම් එස් කියන්නේ කියාපු විසඳුමක්. ඊ එම් එස් නම් අපි ඉන්න තැනට ඇවිත් පාර්සලය ගන්නේ නැහැ. ඒත් ප්‍රධාන තැපැල් ස්ථානයකට ගිහින් ඊ එම් එස් සේවාව ලබාගන්නට හැකියි. ඊ එම් එස් හරහා බඩු භාණ්ඩ යැවීමේදී සහ ගෙන ඒමේදී පාර්සලයට අදාළ රේගු නිශ්කාෂණ කටයුතු ආදියත් කොළඹ තැපැල් කාර්යාලයේදීම කරගන්න හැකියාව තියෙනවා.
6. DHL

Image Source – businesswire.com
රටකින් රටකට බඩු භාණ්ඩ යවද්දි වේගය කියන එක වැදගත්. වේගවත්ව අපේ ඩොකියුමන්ට්, පාර්සල් සහ වෙනත් දේ ගෙනියන්න ඩී එච් එල් තරම් ජනප්‍රිය සේවාවක් නැති තරම්. ඔවුන් අපේ පාර්සලය හැකි ඉක්මනින් අපි අපේක්ෂා කරන ලෝකයේ ඕනෑම තැනකට ගෙනිහින් දෙන්නට සූදානමින් ඉන්නවා. ඩී එච් එල් වෙබ් අඩවියේ ලියාපදිංචි වී අවශ්‍ය තොරතුරු ලබාගන්නට හැකියාව තිබෙනවා.
7. TNT

Image Source – myintegrator.com.au
පැරණි එහෙත් විශ්වාසනීය සේවාවක් වන ටී එන් ටී ආසියානු රටවල ස්ථාන කරා බඩු බාහිරාදිය ගෙන යෑමට යොදාගත හැකි සේවාවකි. ටී එන් ටී සේවාව ගැනද විස්තර එක් දුරකථන ඇමතුමකින් හෝ වෙබ් අඩවිය හරහා ලබාගන්නට හැකියාව තියෙනවා.
8. Register Parcel Post

Image Source – newsfirst.lk
eBay, AliExpress, වගේ සයිට් වලින් බඩු ඇනවුම් කළාම බොහෝවිට ලාභදායී බඩු බාහිරාදිය එන ප්‍රධානතම ක්‍රමය තමයි රෙජිස්ටර් පෝස්ට්. මේ හරහා ලංකාව ඇතුළත වුවත් පාර්සලයක් යවන්නට හැකියි. තැපැල් කාර්යාලයකට ගොස් අදාළ ආකාරයට පාර්සල් කරලා මුද්දර ගහලා තමයි පාර්සලය යවන්න වෙන්නේ. මෙතනදි අපේ තැපැල් සේවය හරහා සෙල්ලම් බඩු, විසිතුරු බඩු වැනි බිඳෙනසුලු දේ යැවීම තරමක අවදානමක්. පාර්සලය ලැබෙන්නත් දවස් දෙකක් විතර ගතවෙන මෙම ක්‍රමය ලාභදායී නිසාම ජනප්‍රිය ක්‍රමයක්.
9. කූරියර් ඩොට් එල් කේ

Image Source – courier.lk
කුරියර් ඩොට් එල් කේ සමාගම කූරියර් සේවාවන් කිහිපයක සේවාවන් වඩාත් පහසුවෙන් ළඟාකර දෙන්නට සමත් වෙනවා. ජාත්‍යන්තර වශයෙන් ජනප්‍රිය සේවාවන් ඔස්සේ කුරියර් එල් කේ සේවාවන් සපයනවා. වඩාත් ලාභදායී සේවාවක්ද? නැතිනම් වේගවත් සේවාවක්ද යන ආකාර වලින් කැමති ආකාරයකට තෝරාගත් මාදිලියකට අනුව පාර්සල් යැවීමේ පහසුව කුරියර් ඩොට් එල් කේ හරහා ඔබට ලැබෙනවා.
දුරකථන – 0114321000
10. IML

Image Source – expertise.com
ජාත්‍යන්තරයට පාර්සල් යවන්න පහසු ක්‍රමයක් වන අයි එම් එල් තුළින් ලාභදායීව පාර්සල් යවන්නට හැකියි. ලංකාවේ ස්ථාන 7කින් බඩු බාරදෙන්න පුලුවන් අයි එම් එල් හරහා තරමක විශාල පාර්සල්ද යවන්නට හැකියාව තියෙනවා. කස්ටම් ක්ලියරන්ස්, ලොජිස්ටික් සේවාවන්, ගුවන් සහ නැව් මගින් බඩු ප්‍රවාහනය, ලංකාව තුළ පැතිරුණු බඩු ප්‍රවාහන ජාලය ආදී සේවාවන් කිහිපයක්ම අයි එම් එල් වෙතින් ලබාදෙනවා.
වෙනත් රටකට අපේ පාර්සලයක් යවද්දි ට්‍රැකින් හරහා එය තිබෙන තැන සොයාගන්නට අපිට අවස්ථාව ලැබෙනවා. ඒ වගේම අවශ්‍ය නම් වටිනා බඩු පාර්සල් ඉන්ෂුවරන්ස් කර යවන්නත් ජාත්‍යන්තර කුරියර් සේවාවන් වලදී අවස්ථාව ලැබෙනවා. ඔබට තැනකින් තැනකට පාර්සලයක් යවන්න තිබෙන අවස්ථාවන් ගැන දැන් යම් වැටහීමක් ඇතිවෙන්නට ඇති.
Cover Image Source – expertise.com / asapcourierfl.com / nindelivers.com
Leave a Reply