ලෝකෙ අතිප්‍රසිද්ධ ව්‍යාපාර අතරේ තියෙන සටන්කාමී තරඟ 7ක්

Business rivalry

බිස්නස් අතරෙ තියෙනව තරඟ. පාතාල ලෝකෙ දේශපාලකයොන්ගෙන් වැඩ ගන්න පාතාල කල්ලි අතරෙ තියෙනව තරඟෙ. හොඳම තේක තමුන්ගෙ කියල කියන්න තරඟෙට අලුත් අවුරුදු උත්සව තියනව. තමුන් තමයි ලොකුම ටෙලිකොමියුනිකේෂන් පාට්නර් කියල කියන්න ශ්‍රී ලංකා කණ්ඩායමේ ටීෂර්ට් එකට රණ්ඩු වෙනවා. එතනින් ගියාම, විකට් එකට, බවුන්ඩ්‍රි ලයින් එකට වගේම, ෆෑන්ස්ලා වනන හතරෙ බෝඩ් එකටත් මේ තරඟෙ තියෙනව. අන්න ඒ විදියට ලෝකයේ අතිප්‍රසිද්ධ සන්නාම අතරෙ තමුන්ගේ නිෂ්පාදනය වෙනුවෙන් තියෙන තරඟ ගැනයි මේ කතාව.

 

1. කොකාකෝලා – පෙප්සි

Business rivalry

Image Source – time.com

මේක ඉතිං කවුරුත් දන්න වලියක්. කොකාකෝලා වලම තරමක පැණි රස සංයෝගය සහ කොකාකෝලා අතර තරඟය සුළු පටු නැහැ. තාමත් දෙන්නා ඇඩ්වටීස්මන්ට්ස් ඇතුළෙ ප්‍රතිවාදියා කවුදැයි කියා හැඟෙන, එහෙත් නීතිමය ක්‍රියාමාර්ග ගත‌ නොහැකි ආකාරයට දෙදෙනාට ප්‍රහාර එල්ල කරගන්නවා. මේ වන විට ශක්තිජනක පානයන් වගේම, සෞඛ්‍යයට හිතකර පානයන් පවා වෙළඳපොලට ඇවිත් නිසා මේ තරඟකරුවන් දෙදෙනාගේම අලෙවිය යම් තරමකින් පහත බැහැලා තියෙන බව දකින්න පුළුවන්. ඒ වගේම පෙප්සි මේ වෙද්දි තමන්ගේ අන්තර්ගතයන්ට සරිලන, ඒ රසම දෙන සෞඛ්‍යාරක්ෂිත බවින් පිරි අන්තර්ගතයන් යෙදීමට වන සූදානම නිසා වැඩි කැමැත්ත සෞඛ්‍යාරක්ෂිත බවට හිමිවෙන්නට පුළුවන්. කොහොම වුනත් මේ වෙද්දිනම් මේ දෙන්නගෙන් ලෝකෙ අංක එකට ඉන්නෙ කොකාකෝලා.

 

2. මාවල් – ඩීසී

Business rivalry

Image Source – hercampus.com

මේකට ‌සමාගම් දෙකට වඩා රසිකයෝ පෙරළි කරගන්නවා. මේ අය මුලින් එකමුතුවෙන් වැඩත් කරා. උදාහරණයකට 1996 අවුරුද්දෙ බැට්මෑන් සහ වුල්වරීන් “ඩාක් ක්ලෝවු” යන නමින් එකතු වෙලා කරපු නිර්මාණ දක්වන්න පුළුවන්. එහෙම වුනත් දෙගොල්ලො අතරෙ සැළකිය යුතු තරඟයක් තියෙනවා. හැබැයි දෙන්නට දෙන්නව නැතිව බැරි ගතියකුත් මේ ඇතුළෙ පේනව. ඒ විදියට අපි කියන්නෙ ඒ අය තමුන්ගෙ ප්‍රතිවාදියාව ගෞරවාන්විත තරඟකරුවෙක් විදියට හඳුන්වාගන්නා නිසායි. දෙන්නා අතරේ තරඟය දෙන්නටම අලුත් නිර්මාණ කරන්න ශක්තියක් නිසා මේක සිද්ධ වෙනව ඇති.

 

3. UPS – FedEx

Business rivalry

Image Source – labs.ebanx.com

මේක ගොඩබිමයි අහසෙයි ගේමක්. ඇයි අපි එහෙම කියන්නෙ? ඇත්තටම මේ සමාගම් දෙකම භාණ්ඩ ප්‍රවාහනයේ යෙදෙන ලෝ ප්‍රකට නම් දෙකක්. හැබැයි දෙන්නගෙ වැඩි බලය තියෙන්නෙ පැති දෙකකින්. UPS වැඩි බලය පෙන්වන්නෙ ගොඩබිම ඔවුන්ගේ රථ සංඛ්‍යාව නිසා වගේම FedEx තමුන්ගෙ හැකියාව පෙන්වන්නෙ අතිවිශාල ප්ලේන් සංඛ්‍යාවෙන්. දවසකට මේ දෙගොල්ල අතරෙ මිලියන තිහ පන්නපු පැකේජ එහා මෙහා වෙනවා. සාමාන්‍යයෙන් භාණ්ඩ ප්‍රවාහනයේ අපහසුම කාරණේ නිවසටම ගෙනයාම කියලයි කියන්නෙ. ඒ වෙනුවෙන් අලුත් තාක්ෂණයන් නිපදවමින්, ජීපීඑස් ඇතුළුව සැටලයිට් භාවිතය හරහා UPS සමාගම කරන පෙරළිය නිසාම ඔවුන් මේ සටනේ ඉදිරියෙන් ඉන්නවා. හැබැයි සටනේ අවසානයක් නැහැ.

 

4. මැක්ඩොනල්ඩ්ස් – බර්ගර් කිංග්

Business rivalry

Image Source – youtube.com

ලංකාවෙ අපිට බර්ගර් එකක් කියන්නෙ තරමක ලක්ෂරියස් කෑමක්. අපි මැක්ඩොනල්ඩ්ස් යන්නෙම හැමදාම දකින දේට වඩා ආනන්දයක් විඳින්න. අන්න ඒ නිසා ගාණ අනිත් කෑමවලට වඩා සැර වුනත් අපිට මැක්ඩොනල්ඩ්ස් හෝ බර්ගර් කිංග් බිල කියන්නෙ එච්චර හිත සැලෙන දෙයක් නෙමෙයි. හැබැයි මහත්තයො ඕවා 50-60 දශකෙ ඉඳන් සාමාන්‍ය කඩ වෙච්ච ඇමරිකාව ඇතුළෙ ඊට වඩා තරඟයක් තියෙනවා. කවුද ලාබම, රසම බර්ගර් එක දෙන්නෙ? මුලින්ම දෙන්න අතරෙ ගේම් එක ගියේ සයිස් එකට. නෝමල් මැක්ඩොනල්ඩ්ස් බර්ගර් එකේ ගාණ ඩබල් කරලා බර්ගර් කිංග් හැදුවා වුපර් එකක්. ගාණ නෙමෙයි සයිස් එකයි වැදගත් කියල හිතපු මැක්ලත් හැදුවා බිග්මැක් එකක්. ශාඛා ගාණෙන් නං මැක්ලා බීකේලව දෙගුණයකින් පසු කරන්නට ආසන්නයි. ඊටපස්සෙ කට්ටිය රණ්ඩු වුනේ කාගෙ නගට් එකේද රසම මස් තියෙන්නෙ කියල. අපේ රටේ මේ දෙකේම නගට් කටේ තියන්න බැරි වුනත්, එහේනං එහෙම නෑ කියලයි කියන්නෙ. ඇයි ඉතිං තරඟෙනෙ. දැන් එයාලා බර්ගර් රස කිරිල්ල පැත්තකින් තියල අලුත් කෑම ජාති තරඟෙට හොයනව. මිනිස්සු දැන් දැන් කටට රසට කලින් ඇඟට හොඳට කන්න හිතන හින්දා දැන් සැලඩ් එහෙමත් තියෙනවනෙ.

 

5. ෆෝඩ් – ජෙනරල් මෝටර්ස්

Business rivalry

Image Source – cursor.org

මේක කාර් කතාවක්. කතාව මෙහෙමයි. 1912 වෙද්දි වැඩිම කාර් ප්‍රමාණයක් ලෝකෙ පුරා පැතිරෙවුවෙ ෆෝඩ් සමාගම. ඒකට ප්‍රධානම හේතුවක් වුනේ එයාලගෙ අති සාර්ථකම නිෂ්පාදනයක් වෙච්ච මොඩ්ල් ටී කියන කාර් එක. ඕකත් එක්ක තරුණයො හුඟක් කාර් පැදලා සොමියක් ගන්න ගත්තා. ඔන්න ඉතිං ෆෝඩ් එකට චුට්ටක් එහායින් හදාගත්තු ජෙනරල් මෝටර්ස් කර්මාන්තශාලාව නවකයෙක් විදියට අළු ගසලා දාලා එන්නෙ 1930 ගණං වලදි. එහෙම ඇවිත් එච්චර කල් ෆෝඩ්ලගෙ තිබ්බ ඒකාධිකාරය කඩලා දාලා එයාලත් කාර් අලෙවියෙ ඉස්සරහට එන්න ගන්නව. ඊට පස්සෙ දශක අටකටම ජෙනරල් මෝටර්ස් මුල් පුටුවෙන් හොල්ලන්න වුනේ නෑ. දෙන්නගෙ ගේම එතනින් ඉවර නෑ. තාමත් ෆෝඩ් අළු ගසා දාලා නැගී සිටින්න දත කනවා. ඒ නිසා ඒ ගේම් එක තාමත් පත්තු වෙනව කියල පේන්න තියෙනවා.

 

6. නයිකි – රීබොක්

Business rivalry

Image Source – youtube.com

ඔන්න වැඩේ ආවා ෆැෂන් පැත්තට. සාමාන්‍යයෙන් අපිට පාරට බැස්සම නයිකි හෝ රීබොක් නිෂ්පාදන දාගත්තු බොහෝදෙනෙක් දැකගන්න පුළුවන්. ඒ වුනත් ඒවායේ මිල අධිකම නිෂ්පාදනයක් පහසුවෙන්ම රුපියල් මිලියනය පන්නනවා වගේම මිල අඩුම නිෂ්පාදනයක් වුනත් ලංකාවෙ අපිට දැනෙන මිලක් බව කිව යුතුමයි. ලොස් ඇන්ජලීස් ඔලිම්පික්ස්වල කාල් ලුවිස් නයිකි සපත්තු දෙකක් දාගෙන ගෝල්ඩ් මෙඩ්ල් 4ක් දිනුවත් රීබොක්වල විකුණුම්වලට මහා වෙනසක් කරන්න නයිකි වෙළඳපොලට හැකි වුනේ නෑ. හැබැයි මේක වෙනස් කළේ මයිකල් ජෝඩ්න්. අපි එහෙම කියන්නෙ ඇයි කියල නයිකි ඔෆීෂියල් පේජ් එකේ තියෙන එයාජෝඩ්න්ස් සපත්තු ටික සාක්කි. අන්න එතනින් බිඳෙන්න පටන්ගත්තු රීබොක් 2005දි අඩිඩාස් සමාගම විසින් මිලට අරගෙන මේ සටන නිමාවුනත්, තවමත් ගැනුම්කරුවො රීබොක්ද අඩිඩාස්ද කියල සීතල යුද්ධෙක ඉන්නව.

 

7. එයාබස් – බෝයිං

Business rivalry

Image Source – financialtribune.com

අන්තිමටම අපේ කතාව නතරවෙන්නෙ අහසෙන්. ඔයාලා වැඩිපුරම අහලා තියෙන මගී ප්‍රවාහන ගුවන් යානා දෙක මොනවද? සරළයි. ඒ එයාබස් සහ බෝයිං. ප්‍රධාන වශයෙන්ම චීනය ඇතුළුව ලොකුවටම එයාලයින් මාකට් එකේ ඉන්න රටවල්වලට ඒ සැපයුම සිද්ධ වෙන්නෙ මේ සමාගම් දෙකෙන් තමයි. මේ දෙන්නා මාරුවෙන් මාරුවට වෙළඳපොල බලවතාගෙ තනතුර මාරු කරගන්නවා වගේම ‌සාමාන්‍ය ජනතාවට පෙප්සි-කොකාකෝලා වගේ ටීවී ඇඩ්වලින් නොපෙනෙන වලියක් මේ දෙන්නා අතරේ තියෙනවා. මේ වෙළඳපොල ටිකක් විතර ගේමක්. මොකද මෙතනදි ආරක්ෂාව අතිශය වැදගත්. මගී ජනතාව ගෙනයන අතිවිශාල ගුවන් යානා වගේම පෞද්ගලික ගුවන් යානා (බොහෝ බලවතුන්ගේ) වල ආරක්ෂාකාරී ක්‍රියාමාර්ග සමග මේ අයගෙ වෙළඳපොල රැඳී තිබෙනවා.

Cover Image Source -tallyphysics.wordpress.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *