“දහසක් බුදුන් බුදුවුන උදෑසන සියලු ලෝවැසි සත්වයන්ට සැනසිල්ල වේවා”
එකල පාන්දරම රේඩියෝ එකේ ඇහුණු සුන්දර වචන ටිකක් තමයි ඒ. බුදුන් වහන්සේ බුදුවුනාය කියලා සඳහන් වෙන්නේ මේ උදේ පාන්දර බ්‍රහ්ම මුහුර්තයේ. වැදගත් වැඩ රාජකාරි වලට වගේම ලිංගික කටයුතු ආදියටත් බ්‍රහ්ම මුහුර්තය කදිම වෙලාවක් කියලා තමයි ජ්‍යෝතිෂ විද්‍යාවේ සඳහන් වෙන්නේ.
1. මොකද්ද මේ සුබ වෙලාව?

Image Source – meditationtalks.com
ජ්‍යෝතිෂ විද්‍යානුකූලව පුරාණ සෘෂිවරුන් පවසන ආකාරයට සුබ වැඩ ආරම්භ කිරීමට සුදුසු වෙලාවක් වගේම නුසුදුසු වෙලාවක් තියෙනවා. නියම ශාස්ත්‍රයට අනුකූලව නම් ඒ වැඩයේ නිරත පුද්ගලයාගේ කේන්ද්‍රය අනුව, අදාළ කාර්යය අනුව නියම වේලාවක් වෙන් කරගන්න වෙනවා. ඒත් සාමාන්‍ය ව්‍යවහාරයේ රාහු කාලය, සාගර මුහුර්තය ආදිය කිසිදු සුබ වැඩක් පටන් ගැනීමට යොදා ගන්නේ නැහැ. එහෙත් බ්‍රහ්ම මුහුර්තය බොහෝ රාජකාරි සඳහා සුදුසු කාලයකැයි ජ්‍යෝතිෂයේ දැක්වෙනවා.
2. බ්‍රහ්ම මුහුර්තය උදාව

Image Source – meditationtalks.com
බ්‍රහ්ම මුහුර්තය සෑම දිනකම සිංහල පැය 4කට කලින් ආරම්භ වෙනවා. සාමාන්‍යයෙන් ලංකාවට ඉර උදාව එතරම් කාල වෙනසක් නොමැති දෙයක් බැවින් මෙම කාලය වර්තමාන ලංකාවේ සම්මත වේලාවෙන් උදෑසන 4.54 සිට 05.42 දක්වා විනාඩි 48ක කාලය ලෙස සැලකෙනවා. මෙම වේලාවේ දී පිබිදී රාජකාරි කටයුතු මෙන්ම අනෙක් සියලුම සුබ වැඩ ආරම්භ කිරීම සුදුසු යැයි සඳහන් වනවා.
3. බ්‍රහ්ම මුහුර්තයේ පටන් ගත හැකි වැඩ රාජකාරි

Image Source – kurma.com
අෂ්ඨාංග හෘදය නම් ජ්‍යෝතිෂ විද්‍යා කෘතියේ සඳහන් වෙන ආකාරයට පහත කරුණු වල යෙදීම බ්‍රහ්ම මුහුර්තයෙන් ආරම්භ කළ හැකිය.
- මාර්ගඵල හෝ යෝගී ධ්‍යාන අවබෝධයට සිත මෙහෙයවීම
- ස්ත්‍රී පුරුෂයන් අතර සෙනෙහස වර්ධනය කරගැනීම සහ ලිංගික කටයුතු
- උදෑසන පිබිදෙන ඉන්ද්‍රිය පිනවා ස්වයං වින්දනයේ යෙදීම
- නිදිබර ගතිය නැතිවන ලෙස යෝගී ව්‍යායාම ආරම්භ කිරීම
- පාන්දරින්ම කුඩා දරුවන්ට මව්කිරි දීම
- ගහ කොළට සාත්තු කිරීම
- පොත් පත්, ශාස්ත්‍රීය විද්‍යා ගණිත ආදී කටයුතු කිරීම
- නව සොයාගැනීම් ගවේෂණ ආදියට පාඩම් කිරීම හා බුද්ධිය මෙහෙයවීම
ආදී දේ බ්‍රහ්ම මුහුර්තයෙන් පටන් ගැනීම ඒවායේ සාර්ථකත්වයට ඉවහල් වේ.
4. බුදුන් දහම් දැකීමට බ්‍රහ්ම මුහුර්තය

Image Source – postconsumers.com
බුදුන් සිය ධර්මය අවබෝධ කරගත්තා යැයි සඳහන් වන්නේ උදෑසන බ්‍රහ්ම මුහුර්තයේදීය. එසේම රහතන් වහන්සේලා ඇතුළු මාර්ගඵල ලාභියෝත් පාන්දරම පිබිදී කරන භාවනාදියෙන් සිය මග ඵල ලබාගත් බව ශාසන ඉතිහාසයේ ඉගැන්වේ. ඒ අනුව දහමට අනුව සිත මෙහෙයවන අයට පාන්දරම නැගිට භාවනා කිරීම සුබ ඵල උදාකිරීමට හේතු වේ.
5. පාන්දරම නැගිටීමේ ඇති වැදගත්කම

Image Source – tripsavvy.com
උදෑසන 4.48ට අවදි වීම යනු ඉර උදාවටත් පෙර අපේ රාජකාරි පටන් ගැනීමයි. එහිදී ඉර නැගෙන විට අපේ අනෙක් සූදානම් වීම් හමාර කොට රාජකාරිවලට යෑමට හෝ ඒවා ආරම්භ කිරීමට කටයුතු යොදාගත හැකිය. නූතන කාලයේදී වුවත් රූපවාහිනී නරඹමින් කාලය නාස්ති නොකොට ඉක්මනින් නින්දට ගොස්, බ්‍රහ්ම මුහුර්තයේදී අවදි වී, කලබලකාරී බවින් නිදහස් වී පාඩම් වැඩ කිරීම, විභාග වලින් ජය ගන්නට හොඳ මගකි. නිදිමත එන්නේ නම් යෝග ආසන වලට පුරුදු පුහුණු වීම සහ ව්‍යායාම ආදිය කර දවස පටන් ගැනීමෙන් බ්‍රහ්ම මුහුර්තය සාර්ථක කරගත හැකිය.
6. බ්‍රහ්ම මුහුර්තයේ විද්‍යාත්මක පසුබිම

Image Source – pixabay.com
පෑ 6කට වැඩි නින්දක් අවසානයේ බොහෝවිට පෙර දිනයේ ප්‍රශ්න, සිදුවීම් ආදිය අපේ මතකයෙන් මදක් ඈත් වේ. එම වේලාවේදී තිබෙන කාලගුණික තත්ත්වයද වඩාත්ම හිතකර එකකි. පුරාතනයේ සෘෂි වරුන් හා හිමි වරුන් කළුවර වැටුණු කල කලින්ම නින්දට ගොස් ඊළඟ දිනයේ පිබිදී සිය යෝගී කටයුතු කළෝය. එසේම පාඩම් කරන දරුවන්ට සේම විභාග වලට මුහුණ දෙන වැඩිහිටියන්ටද බ්‍රහ්ම මුහුර්තයේදී ඒ කටයුතු කිරීමට හුරු වීම යෝග්‍යය. ඵලදායකය.
දවසේ වැඩ තියෙන තරමට අලුත් දවසක් සතියට දාගන්න වෙයි කියල හිතෙන වෙලාවලුත් අපට තිබෙනවා. ඔබ ඉර උදාවට පස්සේ ඇහැරෙන කෙනෙක් නම් ඊට පැය එක හමාරකට කලින් බ්‍රහ්ම මුහුර්තයේ අවදි වීම ඔබේ වැඩ වලට තවත් පැයක දෙකක කාලයක් ඉතුරු කරගන්න මාර්ගයක් වේවි. වසර දහස් ගණනක් තිස්සේ සෘෂිවරුන් විසින් අනුදත් බ්‍රහ්ම මුහුර්තයේ වැඩ පටන් ගැනීමෙන් ඔබගේ ජීවිතෙත් සාර්ථක කරගන්නට ලොකු හයියක් ලැබේවි.
Cover Image Source -pixabay.com
Leave a Reply