චිත්‍රපට වල එන සුපිරි වීරයන්ට වීරත්වයක් ආරෝපණය වෙන්නේ ඔවුන් සතුව තියෙන සුපිරි බලයන් නිසාමයි. හැබැයි ෆිල්ම් වල විතරක් නෙමෙයි, සුපිරි බලයන් සාමාන්‍ය මිනිස්සුන්ටත් තියෙනවා. මේ එහෙම සුපිරි හැකියාවන් තියෙන මිනිස්සු ගැන විස්තර ටිකක්.
1. විදුලි මිනිහා

Image Source – youtube.com
චීනේ ජීවත් වෙන මා සියන්ගැන්ග් ට ගොඩක් අය කියන්නේ විදුලි මිනිහා කියලයි. එහෙම කියන්නේ නිකම්ම නම් නෙමෙයි. මා ට හැකියාව තියෙනවා සජීවී විදුලි රැහැන් කිසිම කරදරයකින් තොරව ස්පර්ශ කරන්න. කිසිම වේදනාවක් නැතුව මා මේ කාරිය අපූරුවට කරනවා. ඒ විතරක් නෙමෙයි. බල්බ් එකක් පත්තු කරන වගේ සුලු සුලු විදුලිය සම්බන්ධ වැඩ ඔහුගේ ස්පර්ශයේ දායකත්වයෙන් කරන්නත් ඔහුට හැකියාව තියෙනවා.
2. මනුස්ස පරිගණකය

Image Source – elearningcivil.blogspot.com
ශාකුන්තලා දේවි කියන්නෙ ඉන්දියානු ලේඛිකාවක්. ලියන්න පුලුවන්කම කොහොමද අරුම පුදුම හැකියාවක් වෙන්නේ? නෑ නෑ… ඇගේ විශේෂ හැකියාව ඒක නෙමෙයි. 1982 අවුරුද්දෙදී ඇයට පුලුවන්කම තිබ්බා ඒ කාලේ තිබ්බ පරිගණක වලට වඩා ඉක්මනට ගණන් හදන්න. ඒ හැකියාව නිසා ඇයට 1982 ගිනස් වාර්තා පොතටත් යන්න හැකියාව ලැබෙනවා.
3. මිනිස් එක්ස් රේ මැෂිම

Image Source – youtube.com
නටාශා ඩෙම්කිනා කියන්නේ රුසියානු කාන්තාවක්. ඇයට දැන් වයස අවුරුදු 31යි. ඇයට තියෙන විශේෂ බලය තමයි රෝගීන්ගේ අස්ථි ආබාධ වල මූලයන් හොයාගන්නට ඇයට තියෙන හැකියාව. කොහොමද ඇය එහෙම හොයාගන්නේ..? ඇය කියන විදිහටනම් ඇයට රෝගීන්ගේ සිරුරු අභ්‍යන්තරය පේනවා. ඇය රෝග ගැන කියන කාරණා නිවැරදි බවට වෛද්‍යවරුත් සාක්ෂි දරනවා.
4. මිස්ටර් ෆැන්ටෑස්ටික්

Image Source – ppcorn.com
ෆැන්ටෑස්ටික් ෆෝ එකේ එන, ඉලාස්ටික් වගේ ඇදෙන හමක් තියෙන සුපිරි වීර චරිතය මතකද..? අන්න එයා හැබෑ ලෝකයේත් ඉන්නවා. එයත් ඉන්නේ ඇමරිකාවෙයි. එයාගෙ නම තමයි ගැරී ටර්නර්. මෙයා තමයි ලෝකයේ වැඩියෙන්ම ඇදෙනසුළු සමට හිමි ගිනස් වාර්තාවට හිමිකම් කියන්නෙත්. මෙයාගෙ රැකියාව විදිහට මෙයා කරන්නේ සර්කස් ශිල්පියෙක් විදිහට ඉදිරිපත් කිරීම් කරන එකයි. සර්කස් බලන්න එන අය අතරෙත් මෙයා ගොඩක් ජනප්‍රියයිලු.
5. නින්දක් නැති මිනිහා

Image Source – superhumansencyclopedia.com
නිදාගන්නැතිව ඔබට කොච්චර කලක් ඉන්න පුලුවන්ද..? දවස් දෙකක්..? තුනක්..? ජීවිත කාලෙදීම නිදාගන්නේ නැති පුද්ගලයෙකුත් මේ ලෝකේ හිටියා කියලා නිදිමත හැදෙන හැම වෙලාවකදීම මතකයට නගා ගත්තොත් හොඳයි. එයා ජීවත් වුණේ 1853 ඉඳලා 1947 වෙනකනුයි. එයාගේ නම අල් හර්පින්. මෙයා ජීවත් වුණෙත් ඇමරිකාවෙමයි. මේ කතාව මුලින්ම ඇහුවම විද්‍යාඥයෝ පවා මේක විශ්වාස කළේ නෑ. ඒත් පස්සේ ඒ අයටත් මේ කතාව විශ්වාස කරන්න උනා. කියන හැටියට මේකට හේතුව මෙයා ඉපදෙන්න ඉන්නකොට මෙයාගේ මව දරුණු අනතුරකට භාජනය වීමලු. මේක ඒ නිසා ආපු සංකූලතාවයක් කියලයි විශ්වාස කරන්නේ.
6. අයිස් මිනිහා

Image Source – ascendbodymind.com
අයිස් මිනිහා කියලා අන්වර්ථ නාමයෙන් විම් හොෆ් හඳුන්වන්න ප්‍රධානම හේතුව තමයි අධික සීතල ඔහුට එච්චර ගාණක් නොවීම. අයිස් ගහන එක ලේසි උනාට, අයිස් තුළ ඉන්න එක ලේසි වැඩක් නෙමෙයි. මෙයා නෙදර්ලන්ත ජාතිකයෙක්. සෙල්සියස් අංශක සෘණ විස්ස වගේ වෙන අයිස් තුළ පැය දෙකකට ආසන්න කාලයක් අපහසුවකින් තොරව ඉඳලා මේ අයිස් මිනිහා ගිනස් වාර්තාවකටත් හිමිකම් කියනවා.
7. සෝනාර් කොල්ලා

Image Source – oppressedpeoplesonlineword.com
ඇස් දෙකෙන් ලෝකය දැකීම බෙන් අන්ඩර්වුඩ්ට අහිමි වෙන්නේ අවුරුදු තුනේදීයි. ඒ පිලිකාවක් වැළඳීම නිසයි. ඒත් ඔහු අනිත් අන්ධ ළමයින්ට වඩා සුවිශේෂී උනා. ඔහු ඔහුගේම තාක්ෂණයකින් ලොව දකින්න ගත්තා. ඒක හරියට මුහුද පතුල බලන්න භාවිතා කරන සෝනාර් ක්‍රමය වගේ ක්‍රමයක්. බෙන් සාමාන්‍ය ළමුන් කරන ක්‍රීඩා වන පාපන්දු, පැසි පන්දු වගේ ක්‍රීඩාවන් සාමාන්‍ය ළමුන්ටත් වඩා හොඳට කළා. ඒ ඔහුගේ මේ අධිතාක්ෂණ හැකියාව භාවිතයෙන්. අවාසනාවකට ඔහු වයස අවුරුදු 17 දී මිය ගියා. පල්ලෙහයින් තියෙන්නේ ඔහුගේ වෙබ් අඩවිය.
Cover Image Source -scienceinschool.com
Leave a Reply