පළමු ආදරය මතක් වෙනකොටත් පිරිමින්ගේ ඇඟ හීතල වෙලා යනවා. ඒ කාලෙට, ඒ මතක වලට, ඒ සුන්දර අතීතයට නොදැනුවත්වම යන්නේ ඒ ආදරේ කවදාවත්ම අමතක නොවන හන්දයි. ඇත්තටම ඇයි පළවෙනි ආදරය පිරිමි අපට ලේසියෙන් අමතක නොවෙන්නේ..? අන්න ඒ ගැනයි මේ පොඩි විපරමක් දාන්නේ.
1. පළවෙනිම එක, එකම වරයි

Image Source – indibeat.in
ඕනෑම දෙයක් මුලින්ම වෙන්නේ ජිවිතේටම එක පාරයි. ලෝකේ පළවෙනිම ක්‍රිකට් ශතකය ගහපු වාර්තාව කාටවත් කඩන්න බෑ නොවැ. අන්න ඒ වගේ පළවෙනියට කියලා ආදරේකුත් ජීවිතේට එන්නෙ එක පාරයි. ඒක හන්දා ඒක විශේෂයි. සාමාන්‍යයෙන් ඕනෑම පළවෙනි දේකින් අපේ ජීවිතේට අලුත්ම අත්දැකීමක් එකතු වෙනවා. ඒක මීට කලින් නොලැබිච්ච වර්ගයේ එකක්. අන්න ඒ නිසා ඒක මේ පළවෙනි ආදරය හැමදාම මතක තියෙන්න හේතුවක් වෙනවා.
2. පිවිතුරුය පළමු පෙම…

Image Source – anquotes.com
ඕනෑම දෙයක් මුලින්ම වෙද්දී අපි ඒ ගැන හරියට දන්නෙ නැති නිසා අපට වරදින්න වෙන සම්භාවිතාවය වැඩියි. වැරැද්දකුත් නෙමෙයි, පොඩි වයසින් මුල්ම ආදරේ පැටලුණොත් ඔබ ඕනෑවටත් වඩා අනෙකාව විශ්වාස කරනවා. අන්න ඒ විශ්වාසය සහ කිසිම සැකයක් නොමැති කම කියන කාරණා ඔබේ ආදරය ඔබෙන් ඈත් කරත්, ඒ ආදරය ඔබෙන් ඈත් වෙන්නේ කවදාවත් අමතක නොවෙන මතකයක් ඔබට දීලයි.
3. අපේ අහිංසක ආදරේ..!

Image Source – facebook.com
පළවෙනි ආදරය කොල්ලෝ බොක්කෙන්ම කරනවා. කෙල්ල බලන්න යන්න ලෑස්ති වෙන එකේ ඉඳලා කෙල්ල එක්ක කතා කරන ආකාරය දක්වාම කොල්ලෝ ප්ලෑන් කරනවා. අතින් අල්ලන්න කලින්, අල්ලනවද..? නැද්ද..? කියලා දවස් ගාණක් හිතනවා. මෙන්න මේ වගේ අතිශය අහිංසක ආදරයක තමා පිරිමියෙක් මුලින්ම පැටලෙන්නේ. අන්න ඒකත් ප්‍රථම ප්‍රේමය අමතක නොවෙන්න ප්‍රධානම හේතුවක්.
4. අමාරුවෙන් කන කට්ට

Image Source – ilesblog.com
සාමාන්‍යයෙන් මුලින්ම කෙල්ලෙක් දාගන්න කන කට්ටේ අත්දැකීම, දෙවැනි තුන්වැනි ගෑණු ළමයි එක්ක යාලුවෙද්දී ලැබෙන්නෙ නෑ. කෙල්ලෝ උනත් පළවෙනි කොල්ලට උස්සන ගණන් ආයෙත් ජීවිතේට වෙන එකෙක්ට උස්සන්නෙ නෑ. ඒ විතරක්ද..? මුල්ම කෙල්ල හම්බවෙන්න, දකින්න, පණිවිඩයක් දෙන්න කන කට්ට. ඒ කටු, මේ කටු, අර කටු වගේ… මේ හැම කට්ටක්ම නිසා පළවෙනි ආදරේ අමතක වෙන්නෙ නම් නෑ දෙයියනේ කියලා.
5. බොළඳ බව

Image Source – varunamultimedia.com
ඔබේ ප්‍රථම ආදරය හද කම්පා කරගෙන නැගී හිටියේ පාසල් වයසේදී නම්, අන්න පුතේ ඒකත් මේක අමතක නොවෙන්න හේතුවක් වෙනවා. ඇයිද කියලා ඇහුවොත් ඒ කාලේ අපි පට්ට බොළඳයි. කතා කරන වචන, ගන්න තීරණ විතරක් නෙමෙයි, හැසිරෙන විදිහ පවා පට්ට බොළඳයි. අන්න ඒ බොළඳ කම ඔබට කවදාවත් අමතක වෙන්නෙ නෑ. විශේෂයෙන්ම පාසල් කාලයක ආදරයක බැඳුණා කියන්නේ ඒකම ඇති ඔබට කවදාවත් අමතක නොවෙන ආදරයක හිමිකාරයෙක් වෙන්න.
6. එහා ගෙදර නංගියා

Image Source – bustle.com
ගොඩක් වෙලාවට පළවෙනි ආදරය තමන්ට සෙට් වෙන්නේ ළඟපාතින්ම. එක්කෝ ගමේ කෙල්ලෙක්. එක්කෝ අල්ලපු ගමේ කෙල්ලෙක්. අල්ලපු ගෙදර නංගි වෙන්නත් පුලුවන්. අනේ ඉතින් ඔය ඇත්තියෝ සම්බන්ධකම් නැවැත්තුවමත් දවසට කී පාරක් කියලා හම්බවෙනවද..? පළමු ආදරේ එහා ගෙදර නංගිනම් ඉතින් දෙයියන්ගෙම පිහිටයි. කවදාවත් මොහොතකට අමතක කරන්න වෙන්නෙ නෑ. එක ගමේ උනත් එච්චර තමයි. ඈත පළාතකට බන්දලා දෙනකම්ම ප්‍රථම ප්‍රේමය දිහා බල බල, “අතීතය සිහිනයක් පමණයි” සින්දුව මුමුණ මුමුණ ඉන්න තියෙන්නේ.
7. ඊළඟ ප්‍රේමයේ ප්‍රශ්න…

Image Source – bustle.com
අනේ ඉතින් පළවෙනි එකෙන් අපි අයින් වෙලා හරි කෙල්ල අයින් උනා හරි කියමුකෝ. ඊට පස්සේ දෙවැනි සම්බන්ධෙට හේත්තු වුණා. අනේ ඒක ප්‍රශ්න ගොඩක් නම්, හැමදාම ප්‍රශ්න නම්, අඩුවක් නැතුව හැමදාම රණ්ඩු නම්, අනේ පළවෙනියට තමන්ට ආදරේ කරපු කෙල්ල මතක් වෙන එක අහන්න දෙයක් නෙමෙයි. ප්‍රශ්න එන්න එන්න මතක් වෙනවා ප්‍රථම ආදරය. එහෙම මතක් වෙන සමහරු පළමු පෙම නැවත සොයාගෙන යනවා.
මේ හේතු ගොඩක් දෙනෙක්ට පොදු උනාට සමහර අයට වෙන හේතුත් තියෙන්න පුලුවන්. ඉතින් මෙතන නැති හේතුවක් තියෙනවනම් ඔබට පළමු පෙම අමතක නොවෙන්න, පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නනම් එපා.
Cover Image Source – pixabay.com
Leave a Reply