හස්බන්ඩ්ගේ හොරයක් තියෙනවද කියලා සොයාගන්න වයිෆ් කෙනෙක් දාන ට්‍රික්ස් 7ක්

Detective Wives

යහපත් සම්බන්ධතාවයක පදනම තමා විශ්වාසය කියන්නේ. විශ්වාසය කියන පාලම හරහා තමයි ශක්තිමත් බැඳීමක් වෙත ගමන් කරන්න පුළුවන්.  ඕනම සම්බන්ධතාවකදී වගේම ස්වාමියා භාර්යාව ලෙස අතිනත ගෙන අරඹන ජීවිත ගමනෙත් අනිත් සියළු කාරණා පදනම් වෙන්නේ එකිනෙකා මත පවතින යහපත් විශ්වාසය මතයි. ඉතින් කොහොම උනත් ගැහැණු හිත් හරීම සෝදිසි සිත්නේ. හැමවෙලාවෙම ඉන්නේ අවට ලෝකය ගැන හරිම කල්පනාවෙන්. ඒ වගේම තමයි තමන්ගේ ජීවිතේ බෙදාගන්න තමන්ගේ සැමියා ගැනත් ඉන්නේ හොඳ සෝදිසියෙන්. ඒ නිසාම සැමියාගේ පුංචි වෙනසක් උනත් බිරිඳට හොඳින් වැටහෙනවා. ඉතින් අපේ නෝනලා පුංචි පුංචි දේවල් කර කර කොහොම හරි උත්සාහ කරනවා හස්බන්ඩ්ගේ මේ වෙනස හොයාගන්න. සමහර වෙලාවට කිසිම වෙනසක් නොවුනත් පුරුද්දට වගේත් හස්බන්ඩ්ගේ හොර අල්ලන්න උත්සහ කරන වයිෆ්ලාත් ඉන්නවා. මේ කතාව හැබැයි ලෝකේ හැම වයිෆ් කෙනෙක්ටම අදාළ නම් නෑ… මෙහෙම නොකරන වයිෆ්ලාත්  ඕනතරම් ඉන්නවා.

ඉතින් මොනවද වයිෆ්ලා හස්බන්ඩ්ගේ හොරයක් තියෙනවද කියලා හොයාගන්න දාන පොඩි පොඩි උපක‍්‍රම? අපි හිතුවා අද ටිකක් ඒ ගැන හොයලා බලන්න.

 

1. එක පිට එක ප‍්‍රශ්න කිරීම්

Detective Wives

Image Source – liveabout.com

හස්බන්ඩ්ලා සමහර වෙලාවට වයිෆ්ලාගේ ප‍්‍රශ්න කිරීම් වලට ඒ ඒ වෙලාවට ගැළපෙන පිළිතුරු තමා දෙන්නෙ. බොරුවක් කිව්වොත් නම්  ඕක ටික වෙලාවකින් අමතකයි මොකද්ද කිව්වේ කියලා. හැබැයි වයිෆ්ලා හස්බන්ඩ් කියන හැම වචනෙම හොඳට මොළේට දාගෙන හිතේ තැන්පත් කරගන්නවා. කොච්චර කාලයක් ගියත් මැකෙන්නෙ නම් නෑ. ඉතින් පොඩි හරි හිතේ අවුලක් තියෙනවා නම් ඔන්න ඊට අදාළ සිදුවීම නැවත නැවතත් හස්බන්ඩ්ගෙන් අහන වාර ගාණ වැඩිවෙනවා. කලින්ම දීපු උත්තර එක්ක නොගැළපුනොත් ඔන්න එතන නම් පොඩි කොස්සක් කියලා වයිෆ් හොයාගන්නවා.

 

2. ජංගම දුරකතනය පරික්ෂාවට…

Detective Wives

Image Source – bestcellphonespyapps.com

ජංගම දුරකතනය වර්තමානයේ හරියට බඩගින්නට කෑම වගේ වෙලා. නැතුවම බෑ. කාගෙත් ජීවිත මේ පුංචි උපකරණ අස්සේ හිරවෙලා. සමහරු කැමතිත් නෑ කවුරුත් තමන්ගේ ජංගම දුරකතනය අල්ලනවටවත්. ඒ තරම් පුද්ගලික දෙයක් තමයි මේ. ඉතින් හස්බන්ඩ් ගැන පොඩි හරි කුකුසක් ආවොත් වයිෆ්ලාත් හස්බන්ඩ්ගේ හොර අල්ලන්න පාවිච්චි කරන ප‍්‍රධානම උපක‍්‍රමයක් තමයි හස්බන්ඩ්ගේ ෆෝන් එක චෙක් කරන එක. ඇමතුම් වල ඉතිහාසය පරික්ෂා කරන එක. ඒ වගේම තමයි හස්බන්ඩ් වෙනදාට වඩා වැඩි වෙලාවක් ෆෝන් එකේම ඉන්නවා නම්, දුරකතන ඇමතුම් වලට ප‍්‍රතිචාර දක්වන්න හුදෙකලා තැන් හොයනවා නම් ඔන්න වයිෆ්ට සැකයක් ඇතිවෙන්න පුළුවන් ඉඩ වැඩියි.

 

3. නොදන්නා දුරකතන අංකයකින් කෙටි පණිවිඩ…

Detective Wives

Image Source – macworld.co.uk

හස්බන්ඩ්, නොදන්නා කෙනෙක්ගෙන් එන කෙටි පණිවිඩ වලට ප‍්‍රතිචාර දක්වන විදිහ අනුව ඔහුගේ ක‍්‍රියාකලාපය මැන ගන්නත් වයිෆ්ලා උත්සාහ කරලා බලනවා. ඔහු නොදන්න අලුත් අංකයකින් දිගින් දිගටම කෙටි පණිවිඩ යවලා ඔහුව ආකර්ෂණය කරගන්න පුළුවන්ද කියලා දැනගන්නත් ඇය උත්සාහ කරන්න පුළුවන්. ඒ වගේමයි දුරකතනය පරික්ෂා කරලා තමන්ම වෙන අංකයකින් යැවූ කෙටි පණිවිඩ වලට හස්බන්ඩ් මොකද කළේ කියලා බලන්නත් ඔවුන් නොඉවසිලිමත්. ඒ ගැන හස්බන්ඩ් තමන් සමග කතාබහ කරනවාද කියලාත් ඔවුන් බලාගෙන ඉන්නවා. එහෙම කතාබහ කරා නම් ඔන්න නිකරුණේ ඔහුව සැක කළේ කියලා ඇය දුක්වෙන්නත් පුළුවන්.

 

4. නොදන්නා ගෑණු ළමයෙක්ගෙන් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක්…

Detective Wives

Image Source – youtube.com

ඕනම දෙයක් යහපත්ව වගේම හානිකර විදිහටත් යොදාගන්න පුළුවන්නේ. තාක්ෂණය උනත් එහෙමයි. සමාජජාලා හරහා වර්තමානයේ සිදුවෙන දේවලත් හොඳ නරක මිශ‍්‍ර වෙලායි තියෙන්නෙ. මුහුණු පොත කියන්නේ ලෝකේ වැඩිම පිරිසක් තමන්ගේ ජීවිතය ලෝකෙට මුදාහරින ක‍්‍රමයක්. මුහුණු පොතට එක්වෙන සෑම නව සාමාජිකයෙක්ම සැබෑ ලෝකේ කාන්තාවක්ද පිරිමියෙක්ද කියා හඳුනාගැනීමට නම් කිසිම උපක‍්‍රමයක් නෑ. එහි ඇතුළත් තොරතුරු මත පමණයි අපට යමක් දැනගන්න ලැබෙන්නේ. මුහුණු පොතේ අවභාවිතය නිසා සුන්දර ජීවිත විනාශ වුන අයුරු ගැන බොහෝම දේවල් අපට අසන්නට ලැබෙනවානේ. ඉතින් වයිෆ්ලාත් තමන්ගේ හස්බන්ඩ්ලාගේ හොර වැඩ අල්ලගන්න මුහුණු පොතෙන්, ඒ කියන්නේ ෆේස්බුක් එකෙන් උදව් සොයන වෙලාවල් තියෙනවා. ෆේක් ප්‍රොෆයිල් එකක් හරහා හස්බන්ඩ් එක්ක චැට් කරලා බලලා ඔහු දක්වන ප‍්‍රතිචාර මොනවගේද කියලා බලන්න උත්සාහ කරන එකත් වයිෆ්ලා කරන තවත් එක උපක‍්‍රමයක්.

 

5. සාක්කුවේ සාක්ෂියක්?

Detective Wives

Image Source – today.com

හිතේ කුකුසකින් ඉන්න වයිෆ්ලා, හස්බන්ඩ්ලාගේ ඇඳුම් පැළඳුම් ගැනත් හරීම සැලකිළිමත්. එකපාරටම හස්බන්ඩ් සාමාන්‍ය අඳින පළඳින රටාව වෙනස් කරලා ජැන්ඩි පහට අඳින්න උත්සාහ කරනවා නම් ඔන්න වයිෆ්ට පොඩි ඉවක් දැනෙනවා. කණ්ණාඩිය ඉදිරියේ ගතකරන කාලය එන්න එන්නම වැඩි වෙනවා නම්, පෙනුම ගැන අනවශ්‍ය විදිහට වදවෙනවා නම්, මොකක් හරි අවුලක් කියලා නම් බිරිඳට හිතෙන එක අනිවාර්යයි. ඉතින් ඇය පෙළඹෙනවා මේ හොරේ හොයන්න. සාක්ෂියක්??? ඒ වෙනුවෙන් සාක්ෂියක් හොයාගන්න හස්බන්ඩ්ගේ කලිසම් සාක්කු, මුදල් පසුම්බිය වගේම නිතරම හස්බන්ඩ් භාවිතා කරන බෑග් ආදිය ඔහු නොදැනම වයිෆ්ගේ පූර්ණ පරීක්ෂාවට ලක්වෙන්න පුළුවන්.

 

6. මත් බවෙන් ඔත්තුවක්…

Detective Wives

Image Source – wikihow.com

හස්බන්ඩ්ලා මත්පැන් පානය කරනවාට නම් ආසියානු වයිෆ්ලා ඒ තරම් මනාපයක් නෑ. ඒත් ඒ අමනාපේ වගේ නෙමෙයි ලැබෙන අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගන්නත් වයිෆ්ලා අමතක කරන්නේ නෑ. සමහර නිහඬ පිරිමි අය හඬ අවදි කරන්නේ ටිකක් සප්පායම් උනාමනේ. මේක දන්න වයිෆ්ලා සැමියාගේ වැඩක් සම්බන්ධයෙන් තමන්ට හිතේ ඇතිවෙලා තියෙන අපැහැදිලි තැන් ගැන ප‍්‍රශ්න කරන්න මේ වෙලාව යොදාගන්නවා. මේකත් හස්බන්ඩ්ගේ හොර අල්ලන වයිෆ්ලාගේ පොඩි ට්‍රික් එකක්. කලින් කතා බහ කරපු දෙයක් උනත් හිතට ටිකක් සැකයි නම් ඒකේ ඇත්ත නැත්ත දැනගන්න හොඳම වෙලාව ලෙස මේ වේලාව යොදාගන්නත් වයිෆ් උත්සාහ කරලා බලන්න පුළුවන්.

 

7. දිගින් දිගට කෝල්ස්…

Detective Wives

Image Source – imgur.com

හස්බන්ඩ් ගැන හිතේ පොඩි නොපැහැදීමක් ඇති වෙලා නම්, ඔහු ගැන කුකුසක් ඇතිවෙලා නම් වයිෆ්ලා ගොඩාක් වෙලාවට දවසම ගෙවන්නේ ඒ ආතතියත් එක්ක කනස්සල්ලෙන්. ඉතින් හස්බන්ඩ් ගැන හොඳ සෝදිසියෙන් තමයි ඉන්නේ. හස්බන්ඩ් ඉන්නේ දෑසට නොපෙනෙන මානයේ නම් දුරකතනය තමයි වයිෆ්ට තියෙන එකම සහනය. ඉතින් කෝල්ස්, කෝල්ස්, කෝල්ස්. ඉන්නෙ කොහෙද? කා එක්කද? මොකද කරන්නේ? කීයටද එන්නෙ? ප‍්‍රශ්න කෝටියයි. කෙලින්ම මේ ප‍්‍රශ්න ටික ඇහුවේ නැතත්, තමන්ට අවශ්‍ය පිළිතුරු ටික ලබා ගන්න පුලුවන් විදිහේ කතාබහක් කරන එකත් වයිෆ්ලාගේ පොඩි උපක‍්‍රමයක්. ඒ අතරේ වටපිටාවේ ශබ්ද වලටත් හොඳින් ඇහුම්කන් දීලා හරියටම හස්බන්ඩ් ඉන්න තැන ගැන අවබෝධයක් ගන්නත් උත්සාහ කිරීම තවත් පොඩි රහස් උපායක්.

 

ඉතින් කොහොම උනත් සම්බන්ධතාවයක් කිසිම වෙලාවක හිතින් බලෙන් රඳවා ගැනීමට හැකියාවක් නැති නිසා දෙදෙනාම දෙදෙනාට අවංක වෙන එකයි යහපත් හා දිගුකාලීන සම්බන්ධතාවයක රහස. හස්බන්ඩ් ගැන පොඩි හරි කුකුසක් හිතට ඇතිවෙලා නම්, යහපත් කතාබහකින් විසඳුමක් හොයන එක තමයි වඩාත් හොඳ. මොකද අවිශ්වාසෙන් බලන්න බලන්න සෑම දේකම වරදක් පෙනෙන්න ගන්න එක හරිම සාමාන්‍යයි. ඉතින් වැරදි වැටහීමක් නිසා නිකරුණේ සිත රිදවාගන්නවාට වඩා විවෘත මනසකින් දෙදෙනාම දෙදෙනා ගැන අවබෝධයෙන් ජීවත් වෙන්න උත්සහ කරන එක තමයි වඩාත් වැදගත්.

Cover Image Source – youtube.com

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *