තිබුනා නම් හුඟක් ලොකු මිල මුදල් අපි අතේ අපිට ඕනි තරම් වියදම් කරලා ට්‍රිප් එකක් ගිහින් ආතල් අරං එන්න පුලුවනි. ඒත් එහෙම නෑනේ. අනික් දේවල් වලට වියදම් කළාට පස්සේ ට්‍රිප් එකක් යන්න, ආතල් එකක් ගන්න අපි ගාව ඉතුරුවෙන්නේ පොඩි මුදලයි. ඒ ටයිට් බජට් එකට හරියන්න ට්‍රිප් එකක් සැලසුම් කරගන්නේ කොහොමද? ඒකාකාරී ජීවිතයට පොඩි වෙනස් කික් එකක් දෙන ට්‍රිප් එකක් යෑම කියන්නේ සෑම වෙලාවේම ලොකු මුදලක් වැය වෙන දෙයක් නෙමෙයි. අපි බලමු බජට් ට්‍රිපක් ගහගන්න විදිය ගැන.
1. සීසන්ද ඕෆ් සීසන්ද බලමු

Image Source – mensjournal.com
ටුවරිස්ට්ලා වැඩි සීසන් එකට හැම තැනක්ම පොඩ්ඩක් ගණන්. ලෝන්ග් වීකෙන්ඩ් වලදිත් අපේ රටේ ලස්සන තැන්වල තියෙන හෝටල කාමර ඉක්මනින්ම ඉවර වෙනවා. ටුවරිස්ට්ලා හයි සීසන් එන කාලෙටත් සීගිරිය, හික්කඩුව, ඇල්ල වගේ පැතිවල කාමර පොඩ්ඩක් මිල වැඩියි. ඒකෙම අනික් පැත්ත ගත්තොත් සංචාරකයින් වැඩිය නැති කාලවලදී හෝටල බොහොමයක් යන්නේ බජට් ලයින්. එතකොට ඒවායේ මිලත් අඩු වෙනවා. කෑම බීම වගේ දේවලුත් මිල අඩුයි. ට්‍රිප් එකක් ප්ලෑන් කරද්දි ඒ අදාළ ස්ථානයේ ටුවරිස්ට් පීක් කාලසීමාව අන්තර්ජාලයෙන් පහසුවෙන් හොයාගන්න හැකියි. ඒ වගේම බුකින් සයිට් එකකට ගිහින් බැලුවාම ඒ පළාතේ ගොඩක් තැන් බුක් වෙලා වගේනම් ඒ කියන්නේ ඒ පළාත ටිකක් බිසී වෙලා. ඒ විදියට වැඩිම සීසන් එක මග ඇරලා හෝ කලින්ම බුක් කරලා යන්න පුලුවන් නම් ඒක අපේ ටුවර් බජට් එකට වටිනවා.
2. ගමුද ටෙන්ට් එකක්? ගහමුද කෑම්ප් එකක්?

Image Source – visitsanjuans.com
යාලුවෝ සෙට් එකට නොහිතූ වෙලාවක දවස් දෙක තුනක පොඩි නිවාඩුවක් සෙට් වුනා. යන්න වාහනත් නතින්. ඒත් යන්න තැනක් නැහැ. ආන්න ඒ වගේ වෙලාවක ටෙන්ට් එකක් දෙකක් දාගෙන සෙට් එකත් එක්ක කෑම්පින් පාරක් කරන්න ලොකු ගාණක් වියදම් වෙන්නේ නැහැ. යන යන තැන කාමර නවාතැන් හොය හොයා ලතවෙන්නේ නැතිව ටෙන්ට් එක ගහන්න පුලුවන් ඕනිම තැනක හරි ලස්සනට රැය පහන් කරන්න ටෙන්ට් එකක් අරං ගියොත් පුලුවන් වෙනවා. හෝටලයකදි වගේ කෑම බීම නැතිවුනත් අපිම වරද්ද වරද්දා පොඩි ලිපක් අටෝලා නූඩ්ල්ස් ටිකක් හදාගත්තාම ඒකෙනුත් වේලක් ශේප් කරගන්න පුලුවන්. නාකියාගන්න වැඩ නම් ඉතිං ටිකක් අපහසුයි තමයි. ඒත් රජරට, නැගෙනහිර පළාත, උඩරට පළාතේ යනවා නම් ගම්වල මිනිස්සු නාන කියන ලස්සන ප්ලේස් තියෙනවා. ඒ වගේ තැනකට බැහැලා, නාලා පිරිසිදු වෙන එකේ තියෙන ආතල් එක කවදාවත් හෝටලේක ශවර් එකකින් නම් ගන්නත් අමාරුයි.
3. ට්‍රාන්ස්පෝට් බජට් එක

Image Source – travelvoice.com
දුර පළාතක තියෙන තැනකට යනවා නම් ගොඩක්ම සුදුසු ඒ ගමනේ කෙළවර ටවුමට පොදු ප්‍රවාහනයක ගිහින්, එතන ඉඳන් වාහනයක් කුලියට අරං වටපිටාවේ සංචාරය කරන එක. උදාහරණයක් විදියට නැගෙනහිර පළාතේ හෝ යාපනයේ යනවා නම් ඒ දෙපැත්තටම රෑට යන සැප බස් තියෙනවා. එයින් එකක ගිහින් එතනින් බයික් හෝ කාර් හෝ පොඩි වෑන් එකක් සෙට් කරගෙන, ඒ වටේ තියෙන හැමදෙයක්ම බලලා එන එක වාසි වැඩක්.
4. ට්‍රෙකින්, හයිකින්

Image Source – vpsrilanka.com
අතේ තියෙන්නේ බොහෝම සුලු ගාණක් නම් කඳු නැගීම කියන්නෙත් අඩු බජට් එකකින් ගන්න පුලුවන් සැර විනෝදයක් ලැබෙන වැඩක්. ලංකාවේ කඳු නගින්න එවරස්ට් යන්න වගේ ලොකු ගියර්, ඇඳුම් ආයිත්තම් අවශ්‍ය නැහැ. ඇඳන් ඉන්න ශෝට පිටින් තව ඇඳුමක් දාගෙන, පාර දන්න යාලුවෙකුත් සෙට් කරගෙන කන්දක් නැගීම කියන්නේ ඇඟට හොඳ ව්‍යායාමයකුත් ලැබෙන බජට් ටුවර් මෙතඩ් එකක්.
5. ගෙදර ක්‍රමයට ඇත්තටම ගෙදරින් කෑම

Image Source – migrationology.com
අපේ ජනතාව ආගන්තුක සත්කාරයට ලැදියි. දුර පළාත් වල සංචාරයට ගියාම කන්න තැනක් ළඟපාතක නැත්නම් ළඟපාත නිවසකට දෙකකට පොඩ්ඩක් කතා කළොත් ඒ අය කන බොන විදියටම අපිටත් කෑම වේලක් හදවාගන්න අමාරු වෙන්නේ නැහැ. ගම්බද පළාත්වල මිනිස්සු කඩෙන් කනවා අඩුයි. ඒ නිසා ටිකක් දුර බැහැර ඇවිදින්න හෝ කඳු නගින්න ගියාම කෑම කඩ හොයාගන්නත් අමාරුයි. ඒ වගේ වෙලාවට ගාන්ධිතුමා වගේ නිරාහාරව ඇවිදිමින් ධ්‍යාන ලබාගන්න උත්සාහ කරන්නේ නැතිව, පොඩ්ඩක් ළඟපාත ගෙදරක් ටෝක් කළොත් එයාලට කෑමට පොඩි වියදමක් දීලා අපිට බඩ උල් වෙනකල් කාලා එන්න පුලුවන් වෙනවා. ඇතැම් වෙලාවට එහෙම සෙට් වෙන තැන් වල කෑම රස නැති වෙන්න පුලුවන් වුනත් බොහෝවිට ආගන්තුකයින්ට තමුන්ට හැකි උපරිමයෙන් සැලකීම ගොඩක් ගම්වල තවමත් දකින්නට තියෙන හොඳ පුරුද්දක්.
6. කණ්ඩායමක් එකතු වීම

Image Source – indiahikes.com
කණ්ඩායමක් ඉද්දි අපිට කෑම, නවාතැන් වගේම බෝට්ටු සවාරි, වාහන වෙන්කරගැනීම් වගේ දේවලදිත් වාසියක් වෙනවා. යම් තැනකට යන්න වාහනයක් හොයද්දි කිහිප දෙනෙක්ම ඉන්නවා නම් අපිට ඒකට එක් අයෙක්ට යන වියදම් අඩු කරගන්නට හැකියි. ඒ වගේම නවතින්න තැනක් හොයද්දිත් සෙට් එකම බැහැලා හොයද්දි හෝටලේ අයිති අයියා හෝ ඇන්ටී වුනත් පොඩි ඩිස්කවුන්ට් එකක් වුනත් දෙන්න ඇඹරෙන්නේ නැහැ.
අවසාන වශයෙන්…

Image Source – thegrandwinetour.com
ටුවර් එකේ ටයිප් එක හෙවත් යන්නේ වට වන්දනාවක්ද? හයික් එකක්ද? බීච් ටුවර් එකක්ද? කැලේ සවාරියක්ද කියන එක මුලින්ම හිතන්න ඕනි. ඊළඟට අපි ඒක යන්න යොදාගන්න මාධ්‍යය මොකද්ද? හයික් එකක් වුනත් අපි ඒ කන්ද හෝ ලොකේශන් එක තියෙන තැනට යන්න ඕනා නේ. ඒ වගේ ට්‍රාන්ස්පෝට් ප්ලෑන දෙවැනියට හිතන්නට ඕනා. ගිය තැනක නවතින්නේ කොහොමද? නවතින්න සාමාන්‍යයෙන් යන වියදම කොහොමද? කියලා අපි තුන්වෙනියට හිතන්නට ඕනි. මේ දේවල් හැම එකක්ම ටිකක් හොයාලා බලාලා, ගිහින් කරන්න තියෙන ඇක්ටිවිටි ආදියත් ප්ලෑන් කරගෙනම ගියානම් අපේ නිවාඩුවේදි පර්ස් එකට වදයක් නොවී, හිතටත් වදයක් නොවී, ලස්සන ටුවර් අත්දැකීමක් ලබන්නට අපිට හැකි වේවි.
Cover Image Source – dreamtravelssrilanka.com
Leave a Reply