නම කියන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි. නමෙන් මනුස්සයෙක් හඳුන්වනවට අමතරව ඒ මනුස්සයගේ පෞර්ෂය නංවලා දෙන්නත් හීනියට සේවයක් කරනවා. අද අපි මේ කියන්න යන්නේ තමන්ගේ උපන් නම අත ඇරලා වෙනම නමක් දාගත්තු ජනප්‍රියම පුද්ගලයෝ 10 දෙනෙක් ගැනයි.
1. ඩබ්ලිව්. ඩී අමරදේව – වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා

Image Source – srilankafoundation.org
අමරදේව කියන්නේ ලංකාවේ සංගීතයේ අනන්‍යතාවය කිවුවොත් ඔබත් පිළිගනීවි. අමරදේවයන් උපත ලබන්නේ 1927 අවුරුද්දෙ දෙසැම්බර් පස් වෙනිදා. ඒ ඉපදෙනකොට ඔහුට තිබ්බ නම තමයි වන්නකුවත්ත වඩුගේ දොන් ඇල්බට් පෙරේරා කියන නම. පසුකාලීනව සංගීතයට එළඹෙද්දී මතක හිටින නමක් විදිහට අමරදේව කියන නම යොදාගත් බවයි කියවෙන්නේ.
2. රවීන්ද්‍ර රන්දෙණිය – බොනිෆස් පෙරේරා

Image Source – youtube.com
රවීන්ද්‍ර රන්දෙණිය කියන්නේ ලංකාවේ බිහිවුණු අති විශිෂ්ට රංගන ශිල්පියෙක් නොවැ. රංගනය වගේම කඩවසම් බවිනුත් රවීන්ද්‍රට හිමි වෙන්නේ ඉහළම ස්ථානයක්. මේ වයසට නොයන කලාකරුවාගේ උපතේදී ඔහුට දුන්නු නම ‘බොනිෆස් පෙරේරා.’ පසු කාලීනව චිත්‍රපට කර්මාන්තයට පිවිසෙද්දී ඔහුගේ නම වෙනස් කරගත් බවයි කියවෙන්නේ.
3. අමිතාබ් බච්චන් – ඉන්ක්විලාබ් ශ්‍රීවාස්තව

Image Source – dnaindia.com
ඉන්දියානු සිනමාව කාලයක් සිය තරුණ ජවයෙන් නලවපු, දැන් වියපත් වුණත් ඔහුගේ ප්‍රතිභාපූර්ණ රංගනයන් හරහා ගැලරිය සනසන නලු රජෙක් තමයි අමිතාබ් බච්චන් කියන්නේ. අමිතාබ් සිනමාවට පිවිසෙන්නේ 1969 දී. ඒ ‘සාට් හින්දුස්ථානි’ චිත්‍රපටයෙන්. ඔහුගේ මුල් නම තමයි ඉන්ක්විලාබ් ශ්‍රීවාස්තව. පස්සෙ කාලෙකදී අමිතාබ්ගේ පියාගේ මිතුරෙක්ගේ අදහසකට අනුව තමයි අමිතාබ් බච්චන් කියන නම ඔහුට හිමිවෙන්නේ.
4. අක්ශේ කුමාර් – රජිව් හරි ඕම් භාටියා

Image Source – dnaindia.com
අක්ශේ කුමාර් කියන්නෙ ඉන්දියානු සිනමාව තුළ හාස්‍යමය සහ භාවමය කියන රංගනයන් දෙකම හොඳට ප්‍රගුණ කරපු තරුවක්. ඔහුගේ මුල් නමත් ඒක නෙමෙයි. ඔහුගේ මුල් නම වෙන්නේ ‘රජිව් හරි ඕම් භාටියා.’ අක්ශේ සිනමාවට එන්නේ 1991 දී සෞගාන්ධ් කියන චිත්‍රපටියෙනුයි.
5. වසන්ති චතුරාණි – වසන්තා ඩොරින් පීටර්සන්

Image Source – youtube.com
වසන්ති චතුරාණි කියන්නේ ලංකාව සතු තවත් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියක් නොවැ. හැබැයි ඇයගේ මුල් නම නම් මේ නම නෙමෙයි. ‘වසන්තා ඩොරින් පීටර්සන්’ තමයි ඇගේ මුල් නම වෙන්නේ. ඇගේ මුල් චිත්‍රපටය වන ගැහැණු ළමයි චිත්‍රපටයට තමයි ඇගේ මේ පරණ නම හැළිලා අලුත් නම එන්නේ.
6. ජෝන් ඒබ්‍රහම් – ෆර්හාන්

Image Source – santabanta.com
ජෝන් ඒබ්‍රහම් කියන්නේ ඉන්දියාවේ කඩවසම් නලුවන් අතර ඉහළින්ම ඉන්න කෙනෙක් නේ. ශර්ට් එක ගැලෙවුවොත් කෙල්ලෝ කලන්තේ දාන මට්ටමේ සරාගී ඇඟක් තමයි ජෝන්ට තියෙන්නේ. කොහොම උනත් මේ සරාගී නලුවගේ මුල් නමත් අපි හිතන් ඉන්න එක නෙමෙයි. මෙයාගේ මුල් නම වෙන්නේ ‘ෆර්හාන්.’ ක්ෂේත්‍රයට පැමිණීමත් එක්ක මෙයා නම වෙනස් කරගන්නවා ජෝන් ඒබ්‍රහම් කියලා.
7. අජේ දේවුගන් – විශාල් වීරු දේවුගන්

Image Source – emirates247.com
ඔය කාජල් කියන බොලිවුඩයේ සුපිරි නිළිය බැඳලා ඉන්නේ මෙයා නොවැ. අනික් අතට ගත්තම මෙයා හොඳම නලුවෙක්. මතකනේ ඉළ ඇදෙනකන් හිනා වෙන්න පුලුවන් ගෝල්මාල් සීරීස් එක. ආහ් ඒ මොකක් උනත් මෙයාගේ මුල් නම නම් අජේ නෙමෙයි. මෙයාගේ මුල් නම විශාල් වීරු දේවුගන්. නම දිග වැඩියි කියලා පස්සේ කාටත් කියන්න ලේසි විදිහට නම වෙනස් කරගෙනය කියනවනේ.
8. කේටී පෙරී – කැතරින් හඩ්සන්

Image Source – viagogo.com
මෙයා දන්නවනේ කවුරුත්. හොලිවුඩයේ සුපිරිතම ගායිකාවක්. මෙයාගේ මුල් නම තමයි කැතරින් හඩ්සන්. කේට් හඩ්සන් කියලා රංගන ශිල්පිනියක් ඉන්නවා හොලිවුඩයේ. ඔන්න ඇගේ නමත් එක්ක තමන්ගේ නම පැටලෙයි කියලයි කේටී හඩ්සන් කියන කෑල්ල අයින් කරලා තමන්ගෙ අම්මගෙ නාමේ වෙච්ච පෙරී කියන නම අරගෙන තියෙන්නේ.
9. හැරී කුමාරයා

Image Source – cnbc.com
රජවරුන්ගේ නම් කොහොමත් අමුතුයි නොව. මෙයාට හැරී කිවුවට හැරී කියලා නාමයක්වත් මෙයාගේ නමේ නෑ. මෙයාගේ සම්පූර්ණ නම තමයි හෙන්රි චාල්ස් ඇල්බට් ඩේවිඩ් කියන එක. ඒ නම වෙනුවට හැරී කියලා යොදාගත්තේ ඇයි කියලා අහන්න වෙන්නේ මාධ්‍යවේදීන්ගෙන්ම තමයි. කොහොමත් අර දිග නමේ නැති අමුතු ගතියක් හැරී කිවුවම තියෙනවා කියලානම් අපට තේරෙනවා. හා නැද්ද..?
10. ලේඩි ගාගා

Image Source – harpersbazaar.com
ලේඩි ගාගා කියන්නෙත් ඇමරිකානු සුපිරි ගායිකාවක්. ඇයගේ ඇත්ත නම නම් ඕක වෙන්න බෑ කියලා ඕන යකෙක්ට බැලූ බැල්මට තේරෙනවා. ඇගේ මුල් නම කියවගන්නත් අමාරු දිග එකක්. ස්ටෙෆනි ජොආන් ඇන්ජලීනා ජර්මනෝටා. අපොයි… මේ නම තිබ්බනම් මේ මනුස්සයට කොහෙත්ම ජනප්‍රිය වෙන්න වෙන්නෙ නෑ කියලා තේරෙනවා නේද..?
Cover Image Source – srilankafoundation/youtube.com/dnaindia.com/santabanta.com
Leave a Reply