දැන් ලංකාවේ කොළඹ සහ අවට තියෙන ත්‍රීවිල් වලින් වැඩි හරියක් මීටර් එක්ක දුවන්නේ. ඒ නිසා දවල් වෙලාවක හදිසියකට ත්‍රීවිල් එකක් අල්ල ගන්න එක ඒ හැටි අමාරුවක් නෑ. හැබැයි ඉතින් රෑ පානේ වාහනයක් ඕනෑ වුණු වෙලාවක, කැබ් එකක් ගන්න ඕන වුණු වෙලාවක, එහෙම නැතිනම් ගාණ ෂුවර් එකට දැනගෙන ත්‍රීවිල් එකක් අල්ල ගන්න වුවමනා වුණු වෙලාවක පාවිච්චි කරන්න පුලුවන් ටැක්සි සේවාවන් තියෙනවා. මේ ගොඩක් ටැක්සි සේවාවන් වල තියෙන වාසිය තමයි තාක්ෂණයේ පිහිටෙන් වැඩේ ගොඩදාගන්න පුලුවන් වීම. ඒ කියන්නේ ස්මාට්ෆෝන් එකෙන් බලලා වාහනයක් ගෙන්න ගන්න පුලුවන්. එහෙම නැතිනම් ඉතින් කෝල් කරලා ගෙන්න ගන්නත් පුලුවන්. මේ වගේ ටැක්සි සේවාවක හිතූ හිතූ ගණන් කියන්නවත්, මීටරේට තමන්ට ඕන ගණන් දාලා දුවන්නවත් බෑ. කොම්පැණියෙන් කියලා තියෙන ගාණ තමයි. ඒ නිසාම රියැදුරාට කරදරයකුත් නෑ, මගියාට කරදරයකුත් නෑ. මේ තියෙන්නේ අන්න ඒ වගේ සේවාවන් කීපයක්!
1. PickMe

Image Source – play.google.com
පික්මී නම් ඉන්ස්ටෝල් කරලා නැති ස්මාට්ෆෝන් එකක් තියෙන්න විදියක් නෑ. සාමාන්‍යයෙන් දිනපතා වාහනේක කොළඹ එන කෙනෙක් වුනත් පික්මී ඇප් එක ෆෝන් එකේ තියාගෙන ඉන්නේ හදිසියකට ත්‍රීවිල් එකක් හොයාගන්න පහසු එක ක්‍රමයක් නිසාම තමයි. මේකෙන් අපිට ආසන්නයේ ඉන්න රියදුරු මහතෙක් හොයාදුන්නාට පස්සේ අපිට රියල් ටයිම් බලන්න පුලුවන් වාහනේ අපි ගාවට එනවා. පාරවල් දන්නෙ නැතුව පිස්සු කෙලින ඩ්‍රයිවර්ලත් නැතුව නෙවෙයි. හොඳම ක්‍රමේ තමයි අපිට කෝල් කරනකල් බලාගෙන ඉන්නෙ නැතුව, ඩ්‍රයිවර් මහත්තයාව කන්ෆර්ම් වුනාට පස්සේ අපි කෝල් එකක් දීලා හරියටම එන්න ඕන තැන කියන එක. සමස්තයක් විදියට ගත්තහම ගාණත් අඩුයි කියන්න පුලුවන් පික් මී සේවාවේ.
2. Uber

Image Source – play.google.com
සාමාන්‍යයෙන් ඌබර් කියන්නේ බොහොම පොෂ් පෙළැන්තියේ උදවියගේ ඉන්ටර්නැෂනල් ටැක්සි සේවාවක් කියලා තමයි කාලයක් මතය තිබුණේ. හැබැයි ඉතින් ඒක එහෙම නෙවෙයි කියලා දැනගන්න තියෙන පහසුම ක්‍රමය තමයි ඇප් එක දාගෙන ඌබර් එකක ගිහිල්ලම බලන එක. ෂේප් ගාණක් ගෙවලා, කාර් එකක ඒසී එකේ සැපට යන්න පුලුවන් ඌබර් එක්ක. ඕනෑ නම් දැන් ඌබර් වලින් ටුක් ටුක් සේවයකුත් හඳුන්වලා දීලා තියෙනවා.
3. Budget Taxi

Image Source – play.google.com
සෑහෙන කාලයක් අපි පික්මී එහෙම ඇප් හඳුන්වා දෙන්න කලින් අඩු ගාණට ගියපු ටුක් ටුක් සේවාව තමයි බජට් ටැක්සි. කරන්න තිබුණේ බජට් ටැක්සි නොම්බරේට කථා කරලා ඉන්න තැනයි යන්න ඕන තැනයි කියන එක විතරයි. ඔපරේටර් චෙක් කරලා ළඟපාත ඉන්න ටුක් ටුක් එකක් ගේ ගාවටම එවනවා. ඕන නම් කලින් බුක් කරලා තියන්නත් පුලුවන්. ගණන් මාරම අඩුයි. දැන් ඔන්න බජට් ටැක්සි ඇප් එකකුත් තියෙනවා. බොහොම ලේසියෙන් ටැක්සියක් හොයාගෙන, සාධාරණ ගාණකට තමන්ගේ ගමන ගිහින් එන්න බජට් ටැක්සි වටිනවා.
4. RIDE – Taxi.lk

Image Source – play.google.com
මේකත් ඔය අලුතෙන් ආපු ටැක්සි ඇප් එකක්. ඇත්තටම ride.lk වෙබ් අඩවියේ ඇප් එක තමයි මේක. වෙබ් අඩවියෙන් ලබාදෙන සේවාවේ නම් ලොකු අවුලක් නැතත්, ඇප් එක නම් තව දියුණු වෙන්න ඕන කියලා තමයි ගොඩක් දෙනෙක් කියන්නේ. හැබැයි ඉතින් හදිසියකට පික්මී, බජට් ටැක්සි, ඌබර් ඔය මොකක්වත් හොයාගන්න බැරි වුණු තැනකදී විකල්පයක් හරි තියෙන්න ඕනනේ. ඒ නිසා මේ වගේ ඇප් එකක් එක පාරක්වත් ට්‍රයි කරලා බැලුවට වරදක් නෑ.
5. Kangaroo Cabs

Image Source – play.google.com
අලුත් අලුත් ටැක්සි සර්විස් මල්ලිලා ඇවිත් මාකට් එක අල්ලන්න කලින් කැබ් මාකට් එක රන් කරපු අයියා කෙනෙක් තමයි කැන්ගරු කැබ්ස් කියන්නේ. ලක්ෂරි කැබ් සේවාවක් වෙන කැන්ගරු කැබ් එකක ගිහින් ලක්ෂරි ගාණක් ගෙවන්න ලෑස්ති වෙලා ඉන්න ඕන. හැබැයි දැන් අලුත් ටැක්සි ඇප්ස් ඇවිත් මාකට් එක වෙනස් වුනා කියලා කැන්ගරු කැබ්ස් ලොකු වෙනසක් වෙලා නෑ. හැබැයි ඉතින් එයාර්පෝට් එකට එහෙම යනකොට හැම විනාඩි දහයකට පහළොවකට සැරයක් කැන්ගරු කැබ් එකක් දකින්න පුලුවන්. මේ අයගේත් ඇප් එකක් තියෙනවා. හැබැයි ඇප් එක තව ඩිවලොප් වෙන්න ඕන කියලා හැමෝම කියනවා. ඒ නිසා හොඳම වැඩේ තමයි ඇප් එක අප්සට් නම් පරණ විදියටම 011 2588588 කැන්ගරු කැබ්ස් හොට්ලයින් එකට කතා කරන එක.
6. Colombo Airport Taxi

Image Source – play.google.com
මේකත් තනිකරම එයාර්පෝට් ෂට්ල් එකක් විදියට තමයි සේවාව ලබාදෙන්නේ. විශේෂත්වය තියෙන්නේ පැය විසිහතරේම කාර්, වෑන්, මිනි බස් ලබාගන්න පුලුවන් වීම. හැබැයි කලින් බුක් කරන්න ඕන. ගාණත් ඒ වෙලාවේම කැල්කියුලේට් කරලා කියනවා. බණ්ඩාරනායක එයාපෝට් එකට එන කෙනෙක්ට කලින් බුක් කරලා තිබුණා නම්, මේ අයගේ වාහනේක ලංකාවේ ඕනම තැනකට යන්න පුලුවන්. බඩු බාහිරාදිය වාහනේට දාගන්න, වාහනෙන් බාගන්න එහෙමත් උදවු ලැබෙනවා කියලා මේ කට්ටිය කලින්ම කියනවා.
7. Drink Drive

Image Source – play.google.com
මේ සේවාවත් අපි ලිස්ට් එකට දාන්නේ, මේ සේවාවේ තියෙන ප්‍රයෝජනත්වය නිසාමයි. දැන් ඉතින් ඔය කොල්ලෝ කෙල්ලෝ සමහර දවසට සෙට් වෙනවනේ. සෙට් වුනාට පස්සේ රෑ වෙලා ගෙදර යන්න ඕන වෙනවනේ. හැබැයි ඉතින් මත්පැන් පානය කොරලා වාහන එලවන්න තහනම්නේ. අනික් එක බීලා එලවනවා කියන්නේ ඇක්සිඩන්ට් එහෙමත් වෙනවනේ. ආන්න ඒ නිසා තමයි අපි කියන්නේ Drink Drive ඇප් එක පාවිච්චි කරන්න කියලා. මේ ඇප් එකෙන් ඩ්‍රයිවර් මහත්තයෙක්ව ගෙන්න ගන්න පුලුවන්. එතකොට එයා අපිව පරිස්සමට යන්න ඕන තැනට ගිහින් දානවා. ඊට අමතරව ඩිලිවරි එකක් කරගන්න වුනත් මේ ඇප් එක හරහා පුලුවන්. එතකොට මේ ඇප් එකෙන් ෆ්‍රී වයි-ෆයි තියෙන තැන් හොයාගන්න පුලුවන් වීමත් අමතර වාසියක්.
Cover Image Source -play.google.com/medium.com
Leave a Reply