ලෝකෙට හැංගි හොරා කතා කරන්න ඕන නැහැනෙ. දැන් කාලෙ බොහෝමයක් පෙම් කරන ජෝඩු තමන් ආදරය කරන කාලය ඇතුළත රූම් එකකට යනවා. රූම් එකකට යන එකේ එහෙමත් නැත්තං කොටුවක් පනින එකේ නිරුවත දකිනවාට, විඳිනවාට වඩා එහා දෙයක් තියෙනවා. දෙන්නාට දෙන්නා ගැන ලොකු අවබෝධයක් ලැබෙනවා වගේම, දෙන්නාගේ හැඟීම් සහ අවශ්‍යතාවයන්ට වගේම, ඔවුන්ගේ ආදරයට ලොකු නිදහසක් ඒ ඇතුළෙ ලැබෙනවා. හැබැයි මේ දේ හරියට නොහිතා කරන එකේ ලොකු අන්තරායකුත් තියෙනවා. අපි මේ කතා කරන්න යන්නෙ අන්න ඒ අන්තරායන් ගැන.
1. උකුසු ඇස්

Image Source – focusedcollection.com
ආදරය කරන්න හෝටල් කාමරයක් වෙන් කරගන්න යුවළකට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි තමන් දන්න හඳුනන කෙනෙකුගේ ඇස ගැටීම. මෙහෙම දෙයක් සිද්ධ වුනොත් බොහෝවිට පෙම්වතා මහා වලත්තයෙකු බවටත්, පෙම්වතිය මහා අබිසරු ලියක බවටත් ස්වයංක්‍රීයවම පත්වෙනවා. මේ අවුල ලිහාගන්න පෙම්වතුන් යුවළට තමුන්ගේ බොහෝ දේ කැපකරන්න සිද්ධ වෙනවා. අන්න ඒ නිසා ආදරේ කරන යුවළකට වෙන්න පුළුවන් අකරතැබ්බවලින් ලොකුම එකක් විදියට දන්න හඳුනන අයගෙ උකුසු ඇස් අපි හඳුන්වනවා.
2. කැමරා බිය

Image Source – smartertravel.com
ආදරය කරන්න වැඩි මුදලක් ගෙවලා කාමරයක් ඇතුළට යන්නෙ ඇයි? සරළවම ඒක කරන්නෙ වෙනත් කාටවත් නොපෙනෙන්න. ඉතිං වෙනිං කාටවත් නොපෙනෙන්න කරන දෙයකදි තියෙන ලොකුම බියක් තමයි ඒක වෙනිං කවුරුත් දකියි කියන එක. ඒක වෙන්න පුළුවන් කාමරයේ සඟවපු කැමරාවකින්. කාමරයේ ජනෙල්, මුහුණ බලන කණ්නාඩි, ප්ලග් පොයින්ට් වගේම බිත්තියේ කැඩිලා තියෙන හිලක වුනත් දැන් තියෙන තාක්ෂණය එක්ක කැමරාවක් රඳවන්න පුළුවන්. බොහෝ දෙනෙකු මේ වෙද්දි මේ අකරතැබ්බයට ලක්වෙලා තියෙන නිසා හිතට තියෙන බයත් වැඩියි. මෙන්න මේ අකරතැබ්බය කටකතාවකට වඩා මාරාන්තිකයි.
3. පොලිස් පැන්නුම්

Image Source – adsoftheworld.com
ගෙවල් වලින්වත් දන්නේ හඳුනන්නෙ නැති පෙම්වත් යුවළක් පොලිස් භාරයෙන් බේරාගෙන යන්න ගෙදර අය ආවම ඇතිවෙන ලැජ්ජාව මොනවගේද කියල දැනෙන්න, කෙනෙකුට ඒක සිද්ධ වෙන්නම ඕන නැහැ. ඔබට මවාගෙන බලන්න උනත් පුළුවන්. ඒ නිසාම බොහෝදෙනෙක් හෝටල් කාමරයකට යන්නට මැලි වෙනවා. ඇයි ඉතිං තමුන්ට තමුන්ගේ සහකරුවා විශ්වාස වුනත් යන හෝටලය විශ්වාස නැති නිසා, ඕනම මොහොතක පොලිසියෙන් පනින්න ඉඩ තියෙනවානෙ. මේ වෙලාවට කටගහගෙන ගිහින් දිනන්න පුළුවන් කියල සමහරු කිවුවත්, පොලිසියත් එක්ක වැඩි සෙල්ලං පෙන්නන්න යන්න කට්ටිය බය නිසාම මේ බය බොහෝදෙනෙකුගෙ ඉහට ගහනවා. හැබෑටම පොලිස් රේඩ් එකකට අහුවීම කියන්නෙ නං කොටු පනිද්දි වෙන්න පුළුවන් ලොකුම අකරතැබ්බයක්.
4. ආරක්ෂාව

Image Source – iyangdomingo.blogspot.com
මේ ආරක්ෂාව කියන්නෙ වටින් පිටින් වෙන ආරක්ෂාව නෙමෙයි. මේ ආරක්ෂාව කියන්නෙ තමුන් ලිංගිකව එක්වීම අතරතුර පනවාගන්න ආරක්ෂාව ගැන. ලූප්, කොන්ඩම්, ටැබ්ලට්ස් කියන ඕනම විදියකින් අනවශ්‍ය ගැබ්ගැනීමකින් ආරක්ෂා වෙන්න පුළුවන් වුනත්, ලංකාවේ බොහෝදෙනෙකු මෙකී ආරක්ෂාවන් මගහැරලා තමුන්ගේ වාසනාව උරගා බලන අවස්ථා බොහෝ තියෙනවා. මේ වගේ අවස්ථාවක ඉතිං යුවළටම බිග්ටයිම් කෙලවීමේ සම්භාවිතාව වැඩියි. ඒ වගේම ඇතැම් අය කොතරම් ආරක්ෂා වුනත් ඒ ආරක්ෂාව බිඳී යන අවස්ථාත් තියෙන නිසා, වෙන්න පුළුවන් හොඳවැයින් අකරතැබ්බයක් විදියට ආරක්ෂාව බිඳී යෑම දක්වන්න පුළුවන්.
5. හදිසි අසනීප

Image Source – health.com
කවුද හිතන්නෙ මෙහෙම දෙයක්. ඒත් ඇත්තටම ලංකාවෙ මෙහෙම දේවල් සිද්ධ වෙලා තියෙනවා. දෙදෙනා ප්‍රේමාලිංගනයේ වෙලී සිටින මොහොතක හෝටල් කාමරය ඇතුළත පෙම්වතියට මීමැස්මොරය හැදුනොත්? පෙම්වතාට හෘදයාබාධයක් ඇතිවුනොත්? කාට කියන්නද ඒ දුක? දැන් මොකද කරන්නෙ? සහකරුවා හෝ සහකාරියව කාමරේ ඇතුළෙ දාලා දුවනවද? මේ හදිස්සියෙ උදවු ඉල්ලන්නෙ කාගෙන්ද? දාහකුත් එකක් ප්‍රශ්න ඔලුව ඇතුළෙ කැකෑරේවි. ඉතිං මේ වෙන්න තියෙන ලොකුම ඇබැද්දියක් නෙමෙයිද?
6. ඇඳ ඇතිරිල්ලෙන් ලෙඩක්

Image Source – www.goodhousekeeping.co.uk
මේක බොහෝදෙනෙකුට ඇතිවෙන බියක්. මේක සමහරු අනියත බියක් විදියටත් දක්වනවා. ඇත්තටම ලාබදායී හෝටල් කාමරයකින් මේ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන්. පිරිසිදු නොකළ ඇඳ ඇතිරිලි, වතුර බොන්නට ඇති කෝප්ප, තුවා වගේ දේවල් නිසා බොහෝදෙනෙකුට ලිංගාශ්‍රිත සහ වෙනත් රෝග ඇතිවීමේ ඉඩ වැඩියි. මේ දේවල් ඇහැට පෙනි පෙනී සිද්ධ වෙන දේවල් නොවෙන නිසා ආයෙ හෝවු හෝවු කියල වළකින්නත් බැහැනෙ. ඒ නිසා කරන්න දෙයක් ඇත්තෙම නෑ. මෙහෙම අකරතැබ්බයක් වුනොත් ඉතිං සොරි තමයි.
7. බලහත්කාරකම්

Image Source – 5pillarsuk.com
සැබවින්ම හෝටල් කාමර අසළ අරක්ගත්තු බිල්ලන් ඉන්නවා. මේ අයගෙ උවමනාවන් විවිධාකාරයි. සමහරු බෙල්ලට පිහියක් තියලා සල්ලි ඉල්ලන්න පුළුවන් වගේම තවත් සමහරු බෙල්ලට පිහියක් තියලා නොකපන්නනං ලිංගික අල්ලසක් ඉල්ලන්නත් ඉඩ තියෙනවා. ලොවට හොරෙන් හෝටල් කාමරයකට යන්න කලින් ආලිංගනයේ සතුට හැරෙන්නට මෙහෙම දෙයක් වේවි කියලා කිසිසේත්ම ඔබට නොසිතෙන්නට පුළුවන් වුනත්, මෙහෙම දේවල් වෙන්න පුළුවන්. ලෝකෙට හොරෙන් සැඟවුණු තැනකට යන්න කලින් තියෙන මේ අකරතැබ්බයන් වටහා ගැනීමම අනවශ්‍ය කරදරයක නොවැටෙන්නට උදවුවක් වේවි.
Cover Image Source – lifeprovidr.com/mysalvus.org/uk.businessinsider.com
Leave a Reply