දූපත් රාජ්‍යයක් වන ලංකාවද සංචාරකයින් අතර ප්‍රසිද්ධම දිවයිනකි. ලංකාවේ නම් එක් පසෙක සිට අනෙක් පසට විටෙක කිලෝමීටර 400කට වඩා වැඩි දුරක් ගමන් කළ යුතු වේ. එහෙත් නිවර්තන කළාපයේ පිහිටි සුන්දර කුඩා දිවයින් රැසක් සංචාරකයින් අතර පරිසරය විඳිමින් නිවාඩු ගත කිරීමට ප්‍රසිද්ධ වී තිබේ. එවැනි සංචාරකයින් නිවාඩු ගත කිරීමට ඇදෙන දූපත් රැසක් ලොව තිබෙන අතර, එයින් කිහිපයක් ගැන අපි විස්තර ටිකක් දැනගමු.
1. සැන්ටෝරිනි

Image Source – telegraph.co.uk
පුරාණ කතාන්දර වල දැක්වෙන ඇට්ලාන්ටිස් නැමැති මහා රාජධානියේ අගනුවර ලෙසද සැලකෙන සැන්ටෝරිනි, ක්‍රිස්තු පූර්ව 1650 දී පමණ සුවිශාල ගිනිකඳු පිපිරීමකට හසු වූ දිවයිනකි. සුසුදු පැහැයෙන් දිස්වෙන කමණීය ගොඩනැගිලි සහ කදිම වෙරළ තීරය සන්ටෝරිනී හි සංචාරක අගය තවත් වැඩිකරයි. සැන්ටෝරිනි හි පාට කිහිපයක් ඇති වෙරළ තීර සංචාරකයින් අතර ගොඩක් ජනප්‍රියයි. මේ සැන්ටෝරිනි පිහිටලා තියෙන්නේ දකුණු දිග ග්‍රීසියේ. ජනගහණය 15,000ක් තරම් අඩු මේ දිවයින වර්ග කිලෝමීටර 76ක් තරමේ කුඩා එකක් වුනත්, මේ දිවයින කරා ඇදෙන සංචාරකයින්ගේ නම් අඩුවක් නැහැ.
2. හොනොලුලු ඔආහු (Honolulu – Oahu)

Image Source – brewscruise.com
ඇමරිකාවේ බටහිර වෙරළේ සිට කිලෝමීටර 4000කට එහා පැසිෆික් සාගරයේ හවායි දූපත් පිහිටා ඇත. හවායි දූපත් වල අගනුවර ලෙස සැලකෙන හොනොලුලු පිහිටා ඇත්තේ ඔආහු නැමැති දූපතේය. හවායි දූපත් පෙළින් වඩාත් ලස්සනම දූපත ඔආහු දූපත ලෙස සැළකේ. ඇමරිකාවේ බටහිර වෙරළේ ලොස් ඇන්ජලීස් සිට මෙම හොනොලුලු වෙත පැමිණීමට ගුවන් යානාවක පැය 5කුත් විනාඩි 50ක කාලයක් ගත වේ. දෙවන ලෝක යුද්ධයේදි පැසිෆික් සාගරයේ ගැටුම් වල මතක සටහන් දැක්වෙන ජාතික මධ්‍යස්ථානයක් හොනොලුලු හි පිහිටා තිබේ. සුපිරි මට්ටමේ අවන්හල්, සංස්කෘතික සංදර්ශන, හවායි සංස්කෘතිය විදහාපාන දර්ශන ආදිය හොනොලුලු වෙත යන අයෙක්ට විඳගත හැකිය.
3. අන්දමන් සහ නිකොබාර්

Image Source – zookatravels.com
අන්දමන් යනු ලංකාවේ නැගෙනහිර වෙරළේ සිට කිලෝමීටර දහස් ගණනක් ඈතට වෙන්නට පිහිටි ඉන්දියාවට අයිති දූපත් පෙළකි. මෙම දූපත් හි වාසය කරන ජරාවා ගෝත්‍රිකයෝ වටපිටාවේ ඇති කිසිදු දිවයිනක නැති තරම් තද කලු පැහැති සමැති අයය. මේ දූපත් පෙළෙහිම එක් දූපතක සිටින සෙන්ටිනලිස් නම් දූපත් වාසීහු තවමත් ශිෂ්ඨාචාර ලෝකය සමග කිසිදු ගනුදෙනුවක් නැතිව සිටිති. අන්දමන් දූපතේ එ් ආසන්නයේ කිමිදීම, දූපතේ සිරි නැරඹීම ආදිය ඉන්දියානු සංචාරකයින් අතර ජනප්‍රිය විනෝදාංශයකි. ඉන්දියානුවන්ගේ නොමනා ක්‍රියාකලාපයන් නිසා දැනටමත් අන්දමන් දූපතේ සිටින දුර්ලභ ගෝත්‍රිකයින් සාමාන්‍ය මිනිසුන් බවට පත් වී අවසානය. කෙසේ වෙතත් සමුද්‍ර ජීවීන් මෙන්ම වනාන්තර තීරයකින්ද හෙබි අන්දමන් දූපත් යනු සුන්දර නිවර්තන දූපත් සමූහයකි.
4. බාලි, ලොම්බොක්

Image Source – hauteresidence.com
2018 අගෝස්තුවේදී ප්‍රබලතම භූ කම්පන වැලකට මුහුණ දුන් ලොම්බොක් දිවයින රිච්ටර් මාපකයේ 6ට වැඩි භූමිකම්පා 5කට වඩා ප්‍රමාණයකින් බැටකෑවේය. දූපත් පමණක් 17,000ට වැඩි ඉන්දුනීසියානු රාජ්‍යයේ ප්‍රකටම සංචාරක දිවයින බාලි දිවයින වේ. මුලු මහත් ඉන්දුනීසියාවම මුස්ලිම් වුවත්, බාලි දිවයින හින්දු භක්තිකයින් බහුතරයක් සිටින දිවයිනකි. බාලි දිවයින අසල මුහුදේ අදද පෞරාණික බෞද්ධ සිද්ධස්ථාන වල නටඹුන් දකින්නට ලැබේ. අලංකාර කෙත්වතු, දර්ශනීය වෙරළ තීරයන් බලාගත හැකි බාලියේදී සංචාරකයින් කැමති උත්සව සංදර්ශන ආදිය නිතරම පැවැත්වේ.
5. මාලදිවයින්

Image Source – enchantingtravels.com
දූපත් පෙළක් ලෙස ලංකාවට ආසන්නතම මාලදිවයිනට ලංකාවේ සිට ගුවන් ගමන් රැසක් ක්‍රියාත්මක වේ. අනාගතයේ මාලදිවයින් ගිලී යා හැකියැයි අනතුරු අඟවා තිබුනත්, මාලදිවයින යනු ලොව මිල අධික මධුසමය ගත කිරීමේ නවාතැන්පොලකි. ලොව පුරා ධනවත් ජෝඩු සිය මධුසමය අවස්ථාව නිදහසේ ගත කිරීමට මාලදිවයිනේ නොගැඹුරු මුහුදේ තැනූ කදිම කුටියක් වෙන් කරගැනීමට සිහින දකිති. සංචාරක කර්මාන්තයේ ඉහළ පෙළ පිරිස් ආකර්ෂණය වන මාලදිවයින මුස්ලිම් රටක් වුවත් එහි සංචාරක අගය නම් ඒ නිසා කිසිදු අඩුවක් වී නොමැත.
6. තායිලන්තයේ ෆුකට්

Image Source – travelandleisure.com
මුහුදෙන් ඉහළට මහා කණු මෙන් ඉස්සී පෙනෙන තායිලන්තයේ ෆුකට් දිවයින ආසන්නයේ ඇති දිවයින් පෙළ සිනමා සිත්තම් සඳහාද යොදා ගන්නා දර්ශනීය කොටසකි. තායි හි ෆුකට් දිවයින පිහිටා ඇත්තේ මැලේසියාව දෙසට වන්නට දකුණු තායිලන්තයේය. අන්දමන් මුහුදේ පිහිටා ඇති ෆුකට්, සංචාරකයින් අතර රාත්‍රී සාද සඳහා පතල තැනකි. රති සුව පිණිස තායිලන්තය වෙත ඇදෙන දහස් ගණන් සංචාරකයින්ගේ මූලික නවාතැන්පොලක් ලෙස ෆුකට් කාලාන්තරයක් තිස්සේ ජනප්‍රිය වී තිබේ.
7. ඇන්ටිගුවා (කැරිබියන් දූපත්)

Image Source – youtube.com
කැරිබියන් දූපත් වල නිවර්තන කාලගුණය යටතේ නිවාඩුවක් ගත කරන්නට යුරෝපීය සහ ඇමරිකානු සංචාරකයින් ආශා කරති. කැරිබියන් දිවයින් කරා ඇමරිකාවේ සිට සුවිශාල සුඛෝපභෝගී නෞකාවන්ද පැමිණේ. ඇන්ටිගුවා, ජැමෙයිකා, බාබඩෝස් ආදී කැරිබියන් දිවයින් රැසක් සංචාරකයින් අතර ජනප්‍රිය වී තිබේ. වර්ග කිලෝමීටර 281ක වපසරියකින් යුතු ඇන්ටිගුවාවේ ජනගහනය 80,000කට ආසන්නය. කැරිබියන් දූපතේ දූපත ඇතුළත සවාරි මෙන්ම මුහුද ආශ්‍රිතව කරන ක්‍රියාකාරකම්ද සංචාරකයින් අතර ජනප්‍රිය විනෝදාංශ වේ.
8. සීෂෙල්ස් දිවයින

Image Source – dreamyachtcharter.com
අප්‍රිකාවට කිලෝමීටර 1500ක් ඈතින් ඉන්දියානු සාගරයේ සීෂෙල්ස් දිවයින් පිහිටා ඇත. වර්ග කිලෝමීටර 459ක් තරම් වූ සීෂෙල්ස්හි ජනගහණය ලක්ෂයකට ආසන්න වේ. කොරල් සහිත ජලයේ කිමිදීම, දූපතේ ඇති කුඩා වනාන්තර පරිසරය විඳගැනීම, මාළු ඇල්ලීම ආදී දේ සීෂෙල්ස් වෙත පැමිණෙන සංචාරකයින්ගේ විනෝදාංශ වේ. සීෂෙල්ස් ප්‍රධාන දිවයින සේම තවත් දිවයින් කිහිපයක්ද යාබදව ඇති අතර, ඒවායේ ගොස් කුරුල්ලන් ගවේෂණය කර, දූපත් දැකබලාගැනීමට සංචාරකයෝ අමතක නොකරති.
දූපත් සංචාර යනු වෙරළබඩ පරිසරය විඳගැනීමට කදිම මගකි. අපට හිරුරැස් යහමින් තිබෙන නිසා එතරම් අගයක් නැති මුත්, නිවර්තන වෙරළකට වැටෙනවාක් වැනි තද හිරුරැස් ඇඟට පතිත වීමට සෞම්‍ය කළාපයේ වැසියෝ ගිම්හානය එනතෙක් මග බලාගෙන සිටිය යුතු ය. ඇතැම් දූපත් වල සොබාව සෞන්දර්යයටත් වඩා ඒවායේ නිමවී ඇති සංචාරක වටපිටාවම සංචාරකයින් ආකර්ෂණය කරගැනීමට සමත්ය. උදාහරණ ලෙස රාත්‍රියේ පැවැත්වෙන සාද, උත්සව ආදියෙහිදී රට රටවල ජනයා එකතු වී ප්‍රීති වීම ඇතැම් සංචාරක දිවයින් වල සුලබ දසුනකි.
Cover Image Source – meets.com / top10mag.org/ 7-themes
Leave a Reply