සමහර සත්තු ඉන්නවා දැක්ක ගමන් “අනේ මුං පරිස්සම් කරගන්න ඕන නේද..?” කියලා හිතෙන. තවත් සමහර සත්තු ඉන්නවා දැක්කත් බය හිතෙන සහ ලෝකයේ නොහිටියානම් හොඳයි කියලා හිතෙන. ආන්න ඒ කිවුව දෙවැනි වර්ගේ සත්තු ටික දෙනෙක් ගැනයි අපි මේ කියන්න යන්නේ. මේ අය ඇවිල්ලා ලෝකෙන් වඳ වෙලා ගියපු භයානකම ජීවීන්ගෙන් කිහිප දෙනෙක්. බලන්නකෝ අහලා තියෙනවද මේ අය ගැන කියලා.
1. Gigantopithecus

Image Source – tobylac13.artstation.com
දන්නවද මෙයාලා? අවුරුදු ලක්ෂෙකට විතර කලින් මේ ලෝකෙන් වඳ වෙලා ගියා කියලා කියන මෙයාලාගෙ සයිස් එක දන්නවද ඔයාලා? අඩි දහයක් විතර උසයි. කිලෝ 600ක් විතර බරයි. කින් කොන්ග් වගේ තමයි හරියටම කිවුවොත්. 1935 දී තමයි මෙයා ගැන මුල්ම හෙළිකිරීම සිද්ධ වෙන්නේ. ඒ සොයාගැනුණු අස්ථි කොටසකට අදාළවයි. මෙයා ඉඳලා තියෙනවා කියලා කියන්නේ ඉන්දියාව, වියට්නාමය, චීනය සහ ඉන්දුනීසියාව වගේ ආසියානු රටවල. ඒ කාලේ ලෝකයේ හිටපු ලොකුම ගොඩබිම සත්වයා විදිහට මෙයා හැඳින්වුවත් වරදක් නෑ නේද..?
2. Pulmonoscorpius

Image Source – ark.gamepedia.com
අඟල් තිහක් විතර දිග ගෝණුස්සෙක් දකින්න ලැබුණොත් ඔබ ගන්න පළවෙනි පියවර මොකක්ද..? එහෙම ප්‍රශ්න අද අහන්න වෙන්නෙ නෑ. එහෙම පතරංග ගෝණුස්සෝ දැන් නැති හන්දා. ඒත් මීට අවුරුදු මිලියන 345කට 400කට ඉස්සර එහෙම ගෝණුසු රාළලා ඉඳලා තියෙනවා. ස්කොට්ලන්තෙන් මෙයාලගේ පොසිල වගයක් හම්බවුණා මෑත 1994 වගේ කාලෙදී.
3. Carbonemys

Image Source – deviantart.com
මෙයා ඇවිල්ලා හරියට ඉබ්බෙක් වගේ. වසර මිලියන 60කට කලින් තමයි මෙයාලා හිටියේ අපේ ලෝකේ. අර ඩයිනෝසර් මහත්තුරු ටික විනාශ වුණු උල්කාවෙන්ම මෙයාලත් නැත්තටම නැති වෙලා ගියා කියලයි කියන්නේ. මෙයාලගේ සයිස් එක තමයි විශේෂත්වය වෙන්නේ. මෙයාලගේ කට්ට විතරක් අඩි හයක් දිගයිලු. හා… ඒකෙන් හිතාගන්නකෝ මෙයාගේ සයිස් එක. ඒ් විතරක් නෙමෙයි, මෙයාගෙ ශක්තිවන්තකම කොතෙක්ද කියනවනම් කිඹුල්ලු වගේ සතුන්වත් මෙයා ආහාරයට අරගෙන තියනවා කියලයි විශ්වාස කරන්නේ.
4. Phorusrhacidae
මීටර් තුනක් උස කුරුල්ලෙක්..? ඈ… ඒක වෙන්න බෑ වගේද..? නෑ නෑ… එහෙම උං දැන් නැති වුණාට, මීට අවුරුදු මිලියන 1.8කට පෙර නම් මෙහෙම කුරුල්ලො කට්ටියක් හිටියා. මෙයාලගෙ උස සාමාන්‍යයෙන් මීටර් 1 සහ මීටර් 3 අතර කියලයි කියන්නේ. මේ කට්ටිය හඳුන්වන්න Terror Birds කියන අන්වර්ථ නාමය පාවිච්චි කරනවා. ඒකෙන්ම තේරෙනවනේ මෙයාලගේ සැර වැර ගැන. මෙයාලගේ දිවිල්ල ගැන කියනවනම්, මෙයාලා චීටා වගේ වේගෙන් දුවනවා කියලයි කියන්නේ.
5. Spinosaurus
ඩයිනසෝර්ලා ගැන දන්නවනේ ඉතින්. දැන් ඉන්න හූනන්ගේ, කිඹුලන්ගේ වගේ කට්ටියගේ ඉතා විශාල Version එකක් තමයි ඩයිනසෝර් කියන්නේ. මේ කට්ටියත් මෙලොව අතහැරලා යන්නේ අපි අර කලින් කියපු උල්කාවෙන්ම තමයි. මේ අය හිටපු යුගයට කියන නම තමයි ජුරාසික යුගය.
Spinosaurus කියන්නේ මේ යුගයේ දකින්නට ලැබුණු සුවිශාලම මාංශ භක්ෂක ඩයිනසෝර් වර්ගය. මීටර් 18ක් විතර දිග මේ සත්වයා ටොන් 10ක් විතර බරලු.
6. Titanoboa

Image Source – deviantart.com
කොලොම්බියාවෙදී 2009 අවුරුද්දේදී හම්බවෙන පොසිලයකට අනුව තමයි මේ ජීවියා ගැන තොරතුරු එළියට එන්නේ. අඩි හතලිස් දෙකක් දිග සර්පයෙක්. ඒ කියන්නේ මීටර් 13ක් විතර. බර කිලෝග්‍රෑම් 1135ක් විතර වෙනවලු. මෙයාලා ජීවත් වෙලා තියෙන්නේ මීට අවුරුදු මිලියන 60කට පමණ ඉස්සර. අද ඔය ඇණකොන්ඩා කියන සර්පයා බොහෝ විට දකින්නට ලැබෙන දකුණු ඇමරිකානු ප්‍රදේශවල තමයි මෙයා ජීවත් වෙලා තියෙන්නේ.
7. Megalodon

Image Source – wallpapertag.com
මෙගලොඩොන් කියන්නේ ගොඩබිම හිටපු කෙනෙක් නෙමෙයි. මුහුදේ හිටපු රාක්ෂයෙක්. මෙයා හැඳින්වෙන්නේ ලොකු දතා කියලයි. සොයාගෙන තියෙන පොසිල වලට අනුව මෙයාගේ දිග අඩි 60ක් විතර වෙනවා. අඩි 60ක් කියන්නේ මීටර් 18ක් විතර. හිතාගන්න පුලුවන්නේ තරම. මෙයාගේ දත්වල ආකෘතියක් ඇමරිකානු ජාතික ස්වභාවික කෞතුකාගාරයේ තියලා තියෙනවා. මීට අවුරුදු මිලියන 23ත් මිලියන 2.6ත් අතර කාලය තුළ මෙයා ජීවත් වුණා කියලයි කියන්නේ.
Cover Image Source – dndbeyond.com / deviantart.com
Leave a Reply