එදිනෙදා ජීවිතේ වෙහෙසකාරී බව එක්ක අපි කවුරුත් ආසාවෙන් බලාපොරොත්තු වෙන දෙයක් තමයි පොඩි විවේකයක්, පොඩි නිදහස් වෙලාවක්. දෙන්නෙක් විවාහ වුනාට පස්සේ සුවපහසු ජීවිතයක් වෙනුවෙන් හස්බන්ඩ්, වයිෆ් දෙන්නා ගොඩාක් වෙහෙස මහන්සි වෙනවා. ඉතින් හස්බන්ඩ්ට වගේම වයිෆ්ටත් එදිනෙදා කෙළවරක් නැති වැඩ කටයුතු මැද්දේ නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක් ලැබෙනවා කියන්නේ ඉතින් හරිම වටින දෙයක්නේ. හස්බන්ඩ්ලාට වගේම වයිෆ්ලාටත් නිදහස් කාලයක් ලැබුනොත් එය ගත කරන තමන්ටම අනන්‍ය වුණු විදිහක් තියෙනවා. හැබැයි ඒ හස්බන්ඩ්ලාට වඩා ටිකක් වෙනස් විදිහකට. ගොඩාක් වෙලාවට හස්බන්ඩ්ලා කැමැති රූපවාහිනිය නරඹමින්, නැත්තම් ගේම් එකක් ප්ලේ කරමින් නැත්තම් හොඳ නින්දකින් තමන්ගේ නිදහස් වෙලාව ගත කරන්නනේ. ඒත් වයිෆ්ලාගේ විදිහ ටිකක් වෙනස්.
ඉතින් මේ කියන්න යන්නේ අපේ ආදරණීය වයිෆ්ලා තමන්ට ඉඳලා හිටලා හරි ලැබෙන නිදහස් වෙලාව ගතකරන්න කැමැති විදි ටිකක්.
1. නිදහසේ ස්නානය කොට විවේකයක් ගන්න

Image Source – badwannen-wechsel.ch
ගොඩාක් වෙලාවට වයිෆ්ලාට සිද්ධ වෙන්නේ දඩිබිඩියට නාලා කරලා අනික් වැඩ කරන්න දුවන්නනේ. ඊළඟට කරන්න තියෙන වැඩ ගැන හිත හිත තමා පොඩි වොශ් එකක් උනත් දාගන්නේ. ඉතින් නිදහස් වෙලාවක් ලබුණාම වයිෆ්ලා හරිම කැමතියි නානකාමරේ ශවර් එක යටට වෙලා හිතේ හැටියට නා ගන්න, ලා උණුසුම් වතුර පිරුණු බාත් ටබ් එකකට වෙලා සනීපෙට වැඩිපුර වෙලාවක් ඉන්න. ඇත්තටම එයින් ලැබෙන මානසික සනීපයට කාන්තාවෝ හරිම කැමැතියි.
2. නව ආහාර වට්ටෝරු පරීක්ෂා කිරීම

Image Source – allmediaworldnews.com
ගොඩාක් වයිෆ්ලා තමන්ට විවේක කාලයක් ලැබුනාම අලුත් ආහාර වට්ටෝරු උත්සාහ කරලා බලන්න කැමතියි. කාන්තාවෝ කොහොමත් කැමතියි තමන්ගේ කුසලතා වලින් අනිත් අයව පුදුම කරන්න. ඒ නිසා වයිෆ්ලා අලූත් රෙසිපියක් එහෙම දැක්කාම ඒක අත්හදාබලන්න හරිම කැමතියි. දඩිබිඩියට කෑම හදන එක ඉතින් හැමදාම කොහොමත් කරන්න වෙන නිසා මේ වගේ අලුත් දෙයක් දැක්කාම ඔන්න තමන්ට නිවාඩු පාඩු වෙලාවක් එනකම් බල බලා ඉන්නේ අත්හදා බලන්න.
3. නිවස පිරිසිදු කිරීමේ, පිළිවෙල කිරීමේ කටයුතු

Image Source – pinkladiesmaids.com
සාමාන්‍යයෙන් නිවස පවිත‍්‍ර කිරීමේ කටයුත්තක් කියන්නේ ටිකක් වෙහෙසක් ගෙනෙන දෙයක්නේ. කවුරු හරි මේ කටයුතු තමන්ගේ නිදහස් වෙලාවට කරනවද? ඔව්. වයිෆ්ලා තමන්ට කලාතුරකින් හරි ලැබෙන නිදහස යොදාගන්නේ නිවස සුද්ධ පවිත‍්‍ර කරන කටයුතු වලට. එදිනෙදා කොහොමත් කෙරෙන පිරිසිදුකිරීම් වලට අමතරව ටිකක් කල්වේලා අරන් නිවස පිරිසිදු කරන්න, අලංකාර කරන්න, ගාර්ඩ්න් එක ලස්සන කරන්න වගේ දේවල් ටිකක් වැඩි වෙලාවක් අරන් කරන්න තමන්ට නිදහස් වෙලාවක් ලැබෙනකම් වයිෆ්ලා බල බලා ඉන්නේ. කවුරුත් අසළ ගැවසෙන වෙලාවල් වලට වඩා තමන් තනිවම සිටින වෙලාවල් වල ඔවුන්ට හරි පහසුයි මේ පිරිසිදු කිරීමේ කටයුතු රිසි ලෙස කරගන්න.
4. තමන්ගේ සුන්දරත්වය රැකගැනීමට අවශ්‍ය යමක්

Image Source – .quirkybyte.com
තනිකඩ ජීවිතේදි වගේ නෙමෙයි විවාහ වුනාට පස්සේ තියෙන නොයේකුත් රාජකාරි එක්ක තමන්ගේ සිරුරේ සුන්දරත්වය ගැන වෙහෙසෙන්න වයිෆ්ලාට වැඩි වෙලාවක් ලැබෙන්නේ නැහැනේ. ඉතින් තමන්ට ලැබෙන නිදහස් කාලේදි ඔවුන් තමන්ගේ රුව රැක ගන්න අවශ්‍ය යමක් කරන්න පෙළඹෙනවා. බොඩි ස්ක‍්‍රබ් එකක්, මුහුණට පොඩි පැක් එකක්, දෙපා සත්කාරයක්, නිය අලංකාර කිරීමක්, අලුත් කොණ්ඩා විලාසිතාවක් අත්හදා බැලීමක් වගේ යමක් ඔවුන් තමන් වෙනුවෙන් කරගන්න උත්සාහ කරනවා.
5. තමන්ගේම සිතිවිලි ලෝකයක තනි වීම

Image Source – pixabay.com
අපි හැමෝටම තියෙනවා අපේ හිත් ඇතුළේ තමන්ගේම කියලා හැදුණු ලෝකයක්. ඉතින් වයිෆ්ලාත් කැමැතියි මේ ලෝකේ තනිවෙන්න. අතීතයේ දේවල් මතක් කරන්න, අනාගතය සැලසුම් කරගන්න, වර්තමානය ගැන හිතන්න. සුන්දර අසුන්දර මතක එක්ක ඔහේ කල්පනා ලෝකයේ සරන්න ඔවුන් වඩාත් ප‍්‍රිය කරනවා.
6. අනෙක් ගැහැණු යහළුවන් සමඟ කතා බහ කර කර ඉන්න

Image Source – performanceimpressions.com
ගැහැණු කියන්නේ කොහොමත් කතාවට බර පිරිසක්නේ. හැම කෙනෙක්ටම ඉන්නවා තමන්ගේ හැමදේම කතා බහ කරන්න තමන්ම තෝරාගත්තු පිරිසක්. වයිෆ්ලාත් එහෙමයි. ඔවුන් හරිම කැමැතියි තමන් ඒ තෝරාගත්තු පිරිස එක්ක දවසම උනත් කතා කර කර ඉන්න. මේකට ඇත්තටම කිසිම සීමාවක් අදාළ නැහැ. ලෝකේ දෙකොනේ හිටියත් දුරකථනය හරහා හෝ අන්තර්ජාලය හරහා හෝ සම්බන්ධ වෙලා, තමන් වඩාත් ප‍්‍රිය කරන යෙහෙළියෝ එක්ක තමන්ගේ අදහස් හුවමාරු කරගන්න වයිෆ්ලා හරිම කැමැතියි.
7. රොමෑන්ටික් චිත‍්‍රපටි නැරඹීම

Image Source – phoneenglish.es
තමන්ට හුදකලාවේ, නිදහසේ ඉන්න ලැබුනාම වයිෆ්ලා හරි කැමතියි තමන් කැමැති නළුවෙක්ගේ, නිළියෙක්ගේ චිත‍්‍රපටියක් නරඹන්න. හැබැයි හස්බන්ඩ්ලා වගේ ක‍්‍රියාදාම චිත‍්‍රපටි නම් නෙමෙයි වයිෆ්ලා තෝරාගන්නේ. රොමෑන්ටික්, සංවේදී චිත‍්‍රපටි තමයි ඔවුන්ගේ වැඩි ප‍්‍රියතාව. ගොඩාක් වෙලාවට මේ චිත‍්‍රපටි බල බලා තනිවම අඬන අවස්ථාත් නැතුවම නොවෙයි.
Cover Image Source – pixabay.com
Leave a Reply