බ්‍රා එකක් කියන්නෙ කාන්තා අපිට නැතුවම බැරි අත්‍යාවශ්‍ය ඇඳුමක්. වැඩිවිය පැමිණුනාට පස්සෙ ඉඳන්ම අඳින්න ගන්න මේ බ්‍රා එක ජීවිත කාලයක්ම සමහරු අඳින්නෙ වැරදි සයිස් එකෙන් කියල කිව්වොත් ඔබ පුදුම වෙනවද? ලංකාවෙ නෙවෙයි ලෝකයේම කාන්තාවන්ගෙන් 85%ක පමණ ප්‍රමාණයක් අඳින්නෙ නිවැරදි බ්‍රා සයිස් එක නෙවෙයි. අද අපි ඔබට කියන්න හදන්නෙ කොහොමද ඔබේ සිරුරේ හැඩයට ගැලපෙනම බ්‍රා එක තෝරගන්නෙ කියල. හිමින් සීරුවේ කියවල බලන්නකො, බ්‍රා සයිස් එක හොයාගන්න එක රොකට් සයන්ස් නෙවෙයි 😉
නිවැරදි බ්‍රා සයිස් එක නොඇඳීමෙන් පෙනුමට වඩා හානියක් ඔබේ සෞඛ්‍යට වෙන්න පුළුවන්. ස්නායු, නහර සහ වසා ගැටිති සිරවීමෙන් පියයුරු වල වේදනාවක් ඇති වෙන්න පුළුවන්. කාලයත් සමඟ නොයෙක් අතුරු ආබාධ ඇති වෙන්නත්, ගැටිති, කැපුම් තුවාල, දද සහ කුශ්ට රෝග මතු වීමටත් හැකියාවක් පවතිනව. මීට අමතරව වැරදි බ්‍රා සයිස් එකක් ඇඳීමෙන් ඔබේ ඉරියව් වලට වැරදි විදියට බලපෑම් එල්ල කරනව. ඒ මඟින් කල්යත්ම කොඳු ඇට පෙළේ ආබාධ ඇති වෙන්න පුළුවන්.
පමණට වඩා බුරුල් බ්‍රා එකක් ඇඳීමෙන් පියයුරු එල්ලා වැටීම වෙන්න පුළුවන්. තද බ්‍රා ඇඳීමෙන් පියයුරු පිම්බිලා ඉස්සිලා පෙනීම, පිට පැත්තෙන් තද වී ඉලිප්පී පෙනීම, අත් වලට යටින් පියයුරු පිටට පැන තිබීම වෙන්න පුළුවන්. මේ විදියට පෙනෙන එකෙන් අපි උඩින් මොන තරම් වටිනා ලස්සන ඇඳුමක් ඇන්දත් ඒකෙ පෙනුම නැති වෙලා යනව.
අවුරුදු දාහතරෙන් පහලවෙන් අඳින්න ගන්න බ්‍රා සයිස් එක අඳින්න බැරි තරමට හිර වෙනකම්ම හුඟක් යුවතියන් වෙනස් කරන්නෙ නෑ. වයසත් එක්ක, කාලයත් එක්ක ඔබේ සිරුරේ හැඩය වෙනස් වෙනව. ඊට අනුකූලව බ්‍රා සයිස් එක වෙනස් කරගැනීම අනිවාර්යයයි. ඇඟේ බර අඩු වැඩි වීමට සාපේක්ෂව බ්‍රා සයිස් එක වෙනස් වෙනව. අනිත් කාරණය නම්, ඔබගේ හෝමෝන වෙනස්වීමත් සමඟම බ්‍රා සයිස් එක වෙනස් විය හැකි බැවින් සෑම මාස 6කට වරක්ම තම සයිස් එක මැනගෙන නිවැරදි බ්‍රා එක තෝරාගන්න එක වැදගත්. මේ ආකාරයට නිතරම ඔබ අඳින බ්‍රා එක ඔබේ සිරුරට ගැලපෙන ප්‍රමාණයෙන් ගැනීමට මතක තබා ගන්න.
මනින්න කලින් ඔයා ළඟ තියෙන වඩාත් තදත් නැති බුරුලුත් නැති බ්‍රා එකක් ඇඳල අත්පටි එජෙස්ට් කරගෙන, පියයුරු සෘජුව හිටින විදියට සකසා ගන්න. දැන් මනිමු.
සෙ.මි 13 වෙනසක් නම් කප් සයිස් – A
සෙ. මි 15 වෙනසක් නම් කප් සයිස් – B
සෙ. මි 17 වෙනසක් නම් කප් සයිස් – C
සෙ. මි 19 වෙනසක් නම් කප් සයිස් – D
සෙ. මි 21 වෙනසක් නම් කප් සයිස් – DD නැත්නම් E
වෙනස අඟල් 5ට වඩා වැඩි නම් කප් සයිස් එක බ්‍රෙසියර් බ්‍රෑන්ඩ් එකට අනුව වෙනස් වෙනවා. හොඳ වර්ගෙක බ්‍රෑන්ඩ් එකක් සහිත බ්‍රා එකක් නම් ඔවුන් ළඟ ඇති බ්‍රා සයිස් චාර්ට් එකට අනුව ඔබට ලබාගන්න පුළුවන්.
මේ කියපු විදියට බ්‍රා සයිස් එක තෝරගන්න එක ගැටළු සහගතයි නම් පැකිලීමකින් තොරව එම වෙළඳසැලක සහායිකාවකගෙන් උදව් ඉල්ලන්න. ඔවුන් බොහෝවිට ඔබට ගැලපෙනම බ්‍රා එක තෝරාදෙන්න තරම් දැනුවත්.
වෙළඳපොලේ නානාප්‍රකාර බ්‍රා වර්ග තියෙනව. ඒ වගේමයි විවිධ හැඩයේ සිරුරු සහිත, විවිධ හැඩයේ පියයුරු සහිත කාන්තාවනුත් ඉන්නව. ඒ ඒ සිරුරු වලට ගැලපෙන ආකාරයට තමන්ගේ පෝස්චර් එක එහෙමත් නැත්නම් ඉරියව්ව වඩාත් හොඳින් පවත්වා ගන්න පුළුවන් බ්‍රා එකක් ඔබ අනිවාර්යයෙන් තෝරාගත යුතුයි.
පේව්මන්ට් එකෙන් ලාබෙට ගන්න බ්‍රා එකකින් අපිට නියම ප්‍රමිතියක් බලාපොරොත්තු වෙන්න අමාරුයි. බ්‍රා කියන්නේ අල්මාරියක් පිරෙන්නම අරගන්න ඇඳුමක් නෙවෙයි නිසා ගන්න බ්‍රා කීපය හොඳ ප්‍රමිතියක් ඇති බ්‍රෑන්ඩ් එකකින් ලබාගන්න මතක තියාගන්න. ඒ වගේම නිතරම එක බ්‍රෑන්ඩ් එකකට පුරුදු වෙන්න. ඔබේ බ්‍රා සයිස් එක වෙනස් උනත් පහසුවෙන්ම නියම බ්‍රා සයිස් එක තෝරගන්න ඒකෙන් ඔබට හැකියාව ලැබෙනව.
Cover Image Source – nite.com / Triumph Lanka/ tatacliq.com
සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ දවස් වල සෑහෙන කතාබහක් ඇතිවෙලා තියනවානේ. ඒ කතා බහ පටන්…
දරුවන් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. දෙන්නෙක් කසාද බැඳලා සෙක්ස් කිරීම පමණක්, ඒ සෙක්ස් කිරීමේදී…
මේ ආටිකල් එක අපි ලියන්නේ ගෑනු ළමයින් වෙනුවෙන්මයි. දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්න ගෑණු ළමයෙක්…
දැන් පුංචි කාලේ අපෙන් කවුරුහරි ඇහුවොත් ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියලා, අපිට කියන්න ගොඩක්…
"ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නැත" කියල කතාවක් තියෙනවනේ. ඕකම තමයි සුද්දා කියලා තියෙන්නේ "ටූ…
ඇත්තටම මිනිස්සු හඳට ගියාද? ඔය ප්‍රශ්නේ, ලෝකෙ පුරා ඉන්න ගොඩක් අය අහන දෙයක්. එහෙම අහන්න…