දරුවෙක් කෑමක් ආසාවෙන් කනවා දකින්න දෙමවුපියො හරිම කැමතියි. මොකද ළමයි හැමතිස්සෙම උත්සාහ කරන්නෙ බාගෙට කාලා පැනලා යන්නනෙ. ඒ වුනත් ඕනම කෑමක් දරුවට දෙන්න කලින් දෙපාරක් ඒ ගැන හිතන්න දෙමවුපියන්ට සිද්ධ වෙනවා. මොකද සමහර කෑම ළමයින්ගෙ වයස් මට්ටම් සහ පෝෂණ මට්ටම් එක්ක බැලුවම නොපෑහෙන්න ඉඩ තියෙන නිසා. ඒ නිසාම අපි මේ කියන කෑම හිතූමතේ දරුවන්ට දෙන්න කලින් දෙපාරක් හිතන්න.
1. මී පැණි

Image Source – beeculture.com
ඔබේ දරුවාට වයස අවුරුදු දෙකක් වන තුරු මී පැණි නොදෙන ලෙසයි සඳහන් වෙන්නේ. ඒ මී පැණි තුළ අඩංගු බැක්ටීරියාවක් නිසායි. එය වැඩිහිටියන්ට බලපෑමක් නොකළත් කුඩා දරුවන්ට සැළකිය යුතු නරක බලපෑමක් සිදුකරන බවයි පැවසෙන්නේ. ලංකාවෙ නම් කුඩා දරුවන්ට බඩේ අමාරුවලට මී පැණි දුන්නත්, මී පැණි යොදා පිසින ලද ආහාර දරුවාට ලබා නොදෙන ලෙසයි පවසන්නේ.
2. ඇපල් ජූස්

Image Source – lewismeat.com
ඇපල් ජූස් වැනි බීම වර්ග කිසිසේත්ම දරුවන්ට නුසුදුසු යැයි පවසන්නේ බොහෝමයක් පළතුරු බීම සහිත පැකට් වර්ග අතිශය ඉහළ සීනි ප්‍රමාණයක් අඩංගු කර නිපදවන නිසායි. බොහෝමයක් දෙමවුපියන් දරුවන්ට මෙම බීම වර්ග ලබා දීමත් සමග දරුවන් වැඩි වශයෙන් සීනි රසට හුරුවීම අර්බුදයක් කර දැක්වෙනවා. සාමාන්‍යයෙන් සෑම වර්ගයකම ජූස්වර්ග තුළ මෙම අර්බුදය පැන නැගුනත්, මේ අතරින් ප්‍රධාන කොට දක්වන්නේ ඇපල් ජූස් වීම විශේෂයි. ඒ බොහෝමයක් දෙමවුපියන් දොඩම් වැනි දේට වඩා ඇපල් ගුණදායකයැයි යන මතයේ සිටින නිසා ඇපල් ජූස් ලබා දීමේ හේතුවෙනි.
3. රස කළ සෝඩා වර්ග

Image Source – medicaldaily.com
මේ ගැන අමුතුවෙන් කියන්නට දෙයක් ඇත්තේ නැහැ. බොහෝ රස කළ කාබනේටඩ් බීම වර්ග සෘජුවම දියවැඩියා තත්ත්ව, අධික තරබාරුව සේම කුඩා දරුවන්ගේ නොසන්සුන්තා කෙරෙහි බලපානවා. නමුත් බොහෝ දෙමවුපියන් විසින් දරුවන් ඉල්ලූ සැනින් මෙවැනි දෑ ලබා දීම නිසා සැළකිය යුතු හානියක් කුඩා දරුවන්ගේ සිරුරට සිදුවෙනවා. සාමාන්‍යයෙන් කුඩා දරුවන් පානය කරන අවුන්ස 20ක බීම බෝතලයක සීනි ග්‍රෑම් 60ක් පමණ තිබිය හැකි නිසා එය දරුවන්ට කිසිසේත්ම ඔරොත්තු නොදෙන සීනි ප්‍රමාණයක් බවයි සැළකෙන්නේ.
4. ටින් මාළු

Image Source – abcan.pl
ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් අඩංගු නිසා මාළු කියන්නේ ඔබේ දරුවාට අතිශයින්ම යෝග්‍ය ආහාරයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. නමුත් මැකරල් වැනි රසදිය සංයුතිය ඉහළ මාළු වර්ග දරුවන්ගේ ස්නායු පද්ධතියට සෘජුව බලපෑම් කරන්නට ඉඩ ඇති නිසා, එයින් මිදීම අතිශය වැදගත්. නමුත් එම තත්ත්වයෙන් මුදවා දරුවාට මාළු ආහාරයට ලබා දීමට හැකි බොහෝ ක්‍රම තිබෙනවා.
5. ශක්තිජනක පානයන් (Energy Drinks)

Image Source – psmag.com
ක්‍රීඩාවේදී ප්‍රයෝජනවත් වන ශක්තිජනක පානයන් ඔබේ දරුවාට ලබාදීමේ කිසිඳු අවශ්‍යතාවයක් නැහැ. අතිශය මහන්සි දනවන ව්‍යායාමයකට පසු ඉක්මනින් අවශ්‍ය වන කැලරි ප්‍රමාණයක් කුඩා දරුවකුට අවශ්‍ය වන්නේ නැහැ. එනිසා කුඩා දරුවකුට මෙවැනි පානයක කිසිඳු යෝග්‍ය බවක් ඇත්තේ නැහැ. ඇතැම් මොහොතක වෙහෙස වුණු දරුවකුට පවා වතුර පමණක් ප්‍රමාණවත් වනු ඇති.
6. සෝස් වර්ග

Image Source – restaurace-spindl.cz
ඔබේ දරුවාට එළවලු වැනි ගුණදායක දේ ආහාරයට හුරු කරවීමට හේතුවක් වනවා නම් හැරෙන්නට කෙචප් වැනි ඩිපින් සෝස් වර්ග කිසිසේත් ඔබේ දරුවාට හුරු නොකරන්නට දෙමවුපියන් අවධාරණය කරගත යුතුයි. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් වැනි දෙයක් ආහාරයට ගන්නවානම් එයට කෙචප් වඩා යෝග්‍ය වුවත් සෝස්වලට දරුවා ඇබ්බැහි වීම සෑම ආහාරයකටම (බත්වලට පවා) දරුවාට සෝස් උවමනා වන තත්ත්වයක් ඇති කරවන්නට ඉඩ තියෙනවා. එනිසාම දරුවාට සෝස් බෝතලයම ලබා නොදී, යම් සුළු ප්‍රමාණයක් පමණක් ලබාදෙන්නට දෙමවුපියන් සිතට ගත යුතුයි. දරුවන්ට අහිතකර නොවන සෝස් වර්ගද ඔබට සොයාගන්නට හැකියාව තිබෙනවා.
7. එළ කිරි

Image Source – onegreenplanet.org
වැඩිහිටියන් සෑම උදෑසනකම වගේම ප්‍රධාන ආහාර වේල් අතරේත් එළ කිරි පානය කරන්නට පුරුද්දකට ගෙන සිටිනවා සේම එළ කිරි පාශ්චරීකෘත කිරිවලට වඩා ගුණදායක බවින් ඉහළ යැයි යන මතයේත් සිටිනවා. නමුත් වැඩිහිටියන්ගේ තරම් කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩී නොමැති නිසා දරුවන්ට එය නොයෙක් ලෙඩ රෝග ඇති කරවන්නට ඉඩ තියෙනවා.
Cover Image Source – arstechnica.com / imgur.com / industryrules.com / organics.org
Leave a Reply