කෙල්ලෙක් කොල්ලෙක් ඉතිං ආදර හැඟුම් මෝදු වෙන්න පටන් ගත්තු කාලේ ඉඳන්ම ප්‍රාර්ථනා කරන්නේ තමන් එක්ක අත් අල්ලං පැද්දි පැද්දි යන්න ආත්මයෙන් ආත්මයේ පතාගෙන ආපු ආදරවන්තයෙක් හරි ආදරවන්තියක් හරි තමා. සමහරු නං ඉතින් බොහොම වාසනාවන්තයි. ඇටෙන් පොත්තෙන් ඉදීගෙන එනකොටම දෙයියනේ කියලා ආදරේ කරන්ඩ කෙනෙක් සැට් කොරගෙන, හේනක් කොටාගෙන ඉන්නවා. හැබැයි ඉතින් අනෙක් උදවියට ගෑණු ළමයෙක් හරි පිරිමි ළමයෙක් හරි හොයාගන්න වෙන වෙන ක්‍රම සහ විධි ගැන හොයලා බලන්න පුලුවන්.
මේ කාලේ ගෑණු ළමයෙක් පිරිමි ළමයෙක් හොයාගන්න ලේසිම තැන ෆේස්බුක් එක කියලනේ කියන්නේ. ඒක පෙරාපු ඇත්ත. හැබැයි ඉතින් එතන විතරක් නෙවෙයි තැන. තව තැන් තියෙනවා. සමහරු ඒ තැන් දන්නවා. ඒ තැන් ගැන දන්නෙ නැති අයට අපි අද කියලා දෙනවා! කපු ගාස්තු වැඩක් හරිගියාට පස්සේ ගන්න බැරියැ!
1. Lanka Love

Image Source – lankalove.com
මේ තියෙන්නේ ඔය ඩේටින්ග් සයිට්ස්, ඩේටින්ග් ඇප්ස් තියා ෆේස්බුක්වත් නොතිබුණු කාලේ සිරි ලංකාවේ කොම්පියුටර් එකක් අතපත ගාන්න, ඉන්ටර්නෙට් යන්න දන්න කොල්ලෝ කෙල්ලෝ ගොඩ ගියපු වෙබ් සයිට් එකක්. හදවතින්ම සිරි ලාංකිකයි. මේකේ ඕනෑ ජාතියකට ආස ඈයින්ට ඕනෑ ජාතියකින් පාට්නර් කෙනෙක්ව හොයාගන්න පුලුවන්. එතකොට ඔය ඒ කාලේ තිබුණු අනික් දහපදුරා ඩේටින් සයිට් වල වගේ ෆොටෝ පෙන්නලා, හිත අවුස්සලා, හිත ගියපු කොල්ලෙක් කෙල්ලෙක් එක්ක කතා කරන්න නං රෙජිස්ටර් වෙලා සයිට් එක හරහා විතරයි කතා කරන්න ඕන වගේ හයිරං පාට් තිබුණෙ නෑ. කෙලින්ම ඕනම කෙනෙක්ට තමන් කොයි වගේද, තමන් කැමති කොයි වගේ කෙනෙක්ටද කියලා දාලා ටෙලිෆෝන් නොම්බරේ වුනත්, ඊමේල් ඇඩ්‍රස් එක වුනත් දාලා ඇඩ් එකක් පෝස්ට් කරන්න තියෙන්නේ. බොහොම සරලයි.
ඇත්තටම මේ සයිට් එක කිසිම ගින්නක් නැතුව අදටත් ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඉතින් ඉස්සර වගේ ජෙනුයින් ඩයල්ස් නං මේකේ අඩුයි කියලා තමයි අහන්න ලැබෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් පර්සනල් ඇඩ්ස් පීරලා හිතට යන කෙනෙක්ව තෝරගන්න වෙනවා.
2. Tinder

Image Source – play.google.com
ස්මාට්ෆෝන් ආවට පස්සේ ඩේටින්ග් ඇප්ස් ආවනේ. Tinder කියන්නේ ඒ ඇප්ස් වලින් ලංකාවේ බොහොම ජනප්‍රිය, ඒ වගේම පාවිච්චියටත් බොහොම පහසු ඇප් එකක්. Tinder ඇප් එකට ලොග් වෙන්න ෆේස්බුක් එකවුන්ට් එකක් තිබ්බත් ඇති. දැන් ෆේස්බුක් ප්‍රොෆයිල් එකේ තියෙන තමුන්ගේ විස්තර, ෆොටෝ එක එහෙම ඇතුළත් වෙනවා ප්‍රොෆයිල් එකටත්. මේ ඇප් එක ක්‍රියාත්මක වෙන්නේ තමන් ඉන්න තැනත් එක්ක. ඒ කියන්නේ තමන්ට ළඟම දුර ප්‍රමාණයන්ගෙන් ඉන්න අයව තමයි මුලින්ම පෙන්නන්නේ. ටිකෙක් ටික ඒ දුර ප්‍රමාණය වැඩිවෙන්න පුලුවන්. ඒත් ඉතින් ලංකාවෙන් එහාට යන්නෙ නැති තරමටම ලංකාව ඇතුලේ සෑහෙන්න පිරිසක් Tinder එකේ ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, ලංකාවට සංචාරයට ආපු වෙන රටවල අයත් මේ ලිස්ට් එකේ පෙන්නනවා. දැන් කරන්න තියෙන්නේ මේ ලිස්ට් එකෙන් තමන් කැමති කෙනෙක් ඉන්නවා නම් දකුණටත්, අකමැති කෙනෙක් නම් වමටත් Swipe කරන එක තමයි. එහෙම කැමතියි කියලා ලයික් කරපු අයත් අපිට කැමති වෙලා චැට් එකක් පටන් ගත්තොත් එතනින් එහාට වැඩේ ගෙනියන්නයි තියෙන්නේ.
3. OKC

Image Source – play.google.com
කියුපිඩ් ස්මාට්ෆෝන් ඇප් ලෝකෙට ඇවිත් හදලා තියෙනවා ඔන්න OKCupid හෙවත් හැමෝම ලේසියට කියන විදියට OKC! මේක ඇත්තටම ලංකාවේ වගේම ජාත්‍යන්තරයේත් සෑහෙන්න ජනප්‍රිය ඩේටින්ග් සර්විස් එකක්. හැබැයි පටන් ගන්නකොට පොඩ්ඩක් වැඩ තියෙනවා. තමන්ගේ මූලික විස්තර ලබාදීලා, ෆොටෝ එකක් දෙකක් එහෙමත් දාලා, ඉන්පස්සේ තියෙන්නේ ප්‍රොෆයිල් එක හදාගන්න. ඒකට තමන් කැමති අකමැති එක එක දේවල් ගැන ලියන්න පුලුවන්. ඕන නම් නොකර ඉන්නත් පුලුවන්, හැබැයි තමන් ගැන කෙනෙක්ට හිත යන විදියේ විස්තර තියෙන එක වාසියි. ඉන් පස්සේ මේකේ තියෙනවා තමන් ගැන අහන එක එක දේවලට උත්තර දෙන්න. ඇත්තටම වැඩියෙන් ප්‍රශ්න වලට වැඩියෙන් අවංකව උත්තර දෙන තරමට හොඳයි. මොකද ඒ උත්තර වලින් තමයි මේ සේවාව අපිට ගැලපෙනම අය කවුද කියලා මැච් කරගන්නේ. ලේසියෙන්ම සමානව හිතන කෙනෙක් එක්ක ෆිට් වෙන්න පුලුවන් එතකොට!
4. Grindr

Image Source – play.google.com
මෙන්න මේකත් ස්මාට්ෆෝන් වලට දාගන්න පුලුවන් ඇප් එකක්. හැබැයි පොඩි විශේෂත්වයක් තියෙනවා. මේ ඇප් එක හදලා තියෙන්නේ ගේ අය වෙනුවෙන්. ඒ කිවුවේ සමරිසි ආදරවන්තයෝ වෙනුවෙන්. මේකෙත් තියෙන්නේ ලොකේෂන් එක අනුව ආසන්නයේම ඉන්න සමරිසි ආදරවන්තයෝ පෙන්නන විදියේ වැඩක්. දැන් එහෙම පෙන්නන ලිස්ට් එකට ගිහින් බලන්න පුලුවන් දාලා තියෙන ෆොටෝ සහ ප්‍රොෆයිල්. ඊට කලින් තමන්ගේත් ප්‍රොෆයිල් එකක් හදාගන්න වෙනවා, විස්තර එහෙම දාලා. දැන් ඒකෙන් හිතට අල්ලන කෙනෙක් එක්ක බොහොම ලේසියෙන් චැට් එකක් පටන් ගන්න පුලුවන්. එතනින් එහාට චැට් එකෙන් කරදරයක් නැතුව කතාබස් කරගන්න පුලුවන්. තමන්ගේ හිතට ගැලපෙනවා වගේ නම් එතනින් එහාට ඩේට් අවුට් එකකට වුනත් යන්න පුලුවන්.
5. CMB Free Dating

Image Source – play.google.com
ඔව්, දැන් CMB Free Dating කියලා දාලා තිබුණට මේකේ ඇත්ත නම තමයි Coffee Meets Bagel. ඇයි එහෙම කියන්නේ? දැන් ඩේට් අවුට් එකකට යනවා කියන්නේ කෝපි එකක් බොන්න යන එකනේ ගොඩක් වෙලාවට. ගිහින් අර බේග්ල් කියන පෝලන්තෙන් ආපු බනිසක් කාලා, තේ එකක් බීලා චැට් එකක් දාලා එන එක. ලංකාවේ හැටියට ඉතින් ඉස්සො වඩේ එකක් කෑවත් අවුලක් නෑ. කොහොමහරි ඔය වැඩේට කෙනෙක්ව සෙට් කරගන්න එකට තමයි Coffee Meets Bagel ඇප් එක තියෙන්නේ. ලංකාවේ අති විශාල පිරිසක් මේ ඇප් එක පාවිච්චි කරන්නෙ නෑ. හැබැයි ඒක හොඳයි. අඩු පිරිසක් ඉන්නකොට තරගේ අඩුයිනේ! කොහොම වුනත් මේකේ තියෙනවා මේ ඇප් එකටම ආවේණික, ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් වෙන්න පුලුවන් කියලා හිතෙන කෙනෙක්ව සෙට් කරගන්න ක්‍රමයක්. හැබැයි ඉතින් පොඩ්ඩක් ඉවසීමත් ඕනා.
6. චැට් රූම්

Image Source – kaputa.com
ඉස්සර ඔය ඇප් නොතිබුණු කාලේ ගොඩක් අය යාලු මිත්තරයෝ, පාට්නර්ස්ලා හොයාගත්තේ චැට් රූම් වලින් තමයි. හැබැයි අලුත් ඇප්, අලුත් වෙබ්සයිට්, අලුත් සෝෂල් මීඩියා ආවා කියලා මේ චැට් රූම් අභාවයට ගිහිල්ලා නැහැ. ඉස්සරට වඩා මේ වල කොලිටිය පිරිහිලා කියලා මැසිවිලි නැගීම් නම් අහන්න ලැබෙනවා. හැබැයි එහෙම වුනත් මේ චැට් රූම් වල අදටත් ශ්‍රී ලාංකිකයෝ ඕනෑ තරම් ඉන්නවා. හැබැයි ඉතින් මේ kaputa.com හරි infolanka.com වගේ චැට් රූම් වලට යනවා නම් තමන්ගේ පරෙස්සම තමන්ම බලාගන්න ඕන කියලත් අපි අනතුරු අඟවලා ඉන්න කැමතියි.
7. Badoo

Image Source – play.google.com
ලංකාවේ සෑහෙන්න පිරිසක් මේ වෙනකොට මේ Badoo ඇප් එකේ ඉන්නවා මේ ඇප් එක හදපු කට්ටිය කියන දෙයක් තියෙනවා. ඒ අය කියන්නේ ඒ ගොල්ලන්ට ඕන නිකම්ම ස්මාට්ෆෝන් ස්ක්‍රීන් එකෙන් දෙන්නෙක්ව මැච් කරන එක නෙවෙයි, ඇත්ත ලෝකේ ඇත්ත ජීවිතේ දෙන්නෙක් ඇත්තටම මුණගස්වන එක කියලා. හැබැයි ඒක Badoo ඇප් එකෙන් හොඳටම කරනවා කියලත් අපිට බය නැතුව කියන්න පුලුවන්. ඒ කියන්නේ මේ ඇප් එකෙන් ළඟ පාත ඉන්න අයව පෙන්නනවා විතරක් නෙවෙයි, අපිට ඒ අයව ඇත්ත ජීවිතේ අහම්බෙන් හරි මුණගැහෙන්න ඉඩ තියෙනවා නම් ඒකත් කියනවා. මැප් එකක තමයි මෙහෙම අලුත් යාලුවන්ව පෙන්නන්නේ. ඉන් පස්සේ ඉතින් කැමති නම් චැට් එකක් එහෙම දාලා තව පියවරක් ඉස්සරහට යන්න පුලුවන්…
Cover Image Source – pixabay.com/hackernoon.com/gazettereview.com
Leave a Reply