විනෝදාත්මක

මෑත කාලයේ ආපු සුපිරියටම අඬන සින්දු 10ක්

අඬන සින්දු ගැන කියන්නයි යන්නේ මිත්‍රවරුණි. හැබැයි මේ ලිපිය කියවලා, මේ සින්දු ටික අහලා, හෝන්දු මාන්දු වෙලා ගිහිල්ලා පොලොවේ හැපී හැපී අඬනවා එහෙම නෙමෙයි. බලන්නකෝ මේ ඔක්කොම එක හුස්මට අහන්න පුලුවන්ද කියලා.

 

1. දිගු දෑස දුටුවාම

Image Source – youtube.com

රොමේශ් සුගතපාලගේ මේ ගීතය තමයි හැඬුම් ගීත කලාවේ ආරම්භය විදිහට සලකන්න පුලුවන් වෙන්නේ. මේකේ ගීත රචනයේ ඉඳලා, ගායකයගේ ඉඳලා, විශුවල් එකේ රඟපාන නලුවා දක්වා ඔක්කෝම අඬනවා. ඒ කාලේ හරි හරියට කට්ටිය මේක ඇහුවා.

දිගු දෑස දුටුවාම…
හැඬෙනවා පෙර සේම…

කියලා පටන් ගත්තු ඇඬිල්ල තමයි තවත් හැඬීමේ ගීත කිහිපයකටම ප්‍රාණ ජීවය ලබා දුන්නේ.

 

2. හදාගන්න මේ හිත මාගේ

Image Source – youtube.com

සෙන්ටිග්‍රේඩ්ස්ලටත් අඬන්න හිතුණා 2013 අවුරුද්දෙදී. අන්න එතකොට තමයි මේ සින්දුව එළියට එන්නේ. මේ සින්දුවෙත් කොල්ලා කෙල්ලගෙන් අහන්නේ මේ වර්ගේ හැම සින්දුවකදීම කොල්ල කෙල්ලගෙන් අහන ප්‍රශ්න ටිකම තමයි. හැබැයි පොඩ්ඩක් හිතලා බලද්දී මේක ඇවිල්ලා ඒ කාලෙදී සෙන්ටිග්‍රේඩ්ස් වලින් අයින් වුණු උදය ශ්‍රී ට කියන සින්දුවක්ද කියලත් හිතෙනවා.

හදාගන්න මේ හිත මාගේ
හිනාවෙන්න මා රවටා
දමා යන්නදෝ ළං වූයේ
කියාදෙන්න වරද සොයා

 

3. හිත අස්සට

Image Source – youtube.com

අතුල කියන්නේ ඉතින් කාලෙක පට්ට හිට් එකක් වෙලා හිටපු ගායකයෙක් නොවැ. අතුලගේ කටහඬත් පොඩ්ඩක් හැඬුම්බරයි. අඬන්න වගේ ගතියක් තියෙනවා ඒකේ ස්වභාවයෙන්ම. මෙන්න මේ කටහඬින් ඇඬෙන වචන තියෙන සින්දුවක් කියන්න හම්බවුණොත් අන්න ඒ කම්බිනේශන් එක කොහොම වේවිද..? අන්න ඒක තමයි මේ තියෙන්නේ.

හිත අස්සට හීන ගොඩක් ගෙනැල්ල දුන්න
ඔය ඇස් දෙක අමතක කර හිඳින්නෙ කොහොම..?
සුළඟ වගේ මා අතහැර දුරක යන්නට
වරද මගේ රත්තරනේ කියලා දෙන්න

 

4. හැමදාම හඬන සිත හඬන්න

Image Source – giphy.com

රොමේශ්ගේ තව අඬන සින්දුවක් තමයි මේක. රොමේශ්ගේ ගායන හැකියාව බොහෝ ගීත වල උපරිමයෙන් අපට දකින්න ලැබෙනවා. අඬන සින්දුවක් වුණාට මේකෙ රොමේශ්ගේ හඬේ ප්‍රබලතාවය ඉහළින් ඉස්මතු වෙලා පේන බව කියන්න ඕන. ඕන හොඳ දෙයක අවුල් දෙයක් තියෙන්න පුලුවන් වගේම, ඕන අවුල් දෙයකත් Plus Point එකක් තියෙන්න පුළුවන් නොවැ.

හැමදාම හඬන සිත හදන්න ඔබ ළඟ නෑනේ…
කවුරුවත් එපා ඔබ හැරුණම දුක දැනුණාවේ…

 

5. මං හඬපු හැමදාම

Image Source – youtube.com

කාගෙ කාගෙත් ඇඬිල්ලෙන් පස්සේ 2014 අවුරුද්දේ තමයි මිහිඳු හේරත්ගේ මේ සින්දුව කල එළි බහින්නේ. මේකෙ කියන විදිහට වෙනදට කොල්ල අඬද්දී, කෙල්ල ළඟ ඉඳන් සනසලා තියෙනවා. දැන් මේ කොල්ල අහන්නේ ඉස්සරහට අඬද්දී සනසන්නේ කවුද කියලයි. කෙල්ල කොල්ලව දාල ගිහිල්ල මයෙ හිතේ.

මං හඬපු හැමදාම
නුඹ හිටිය සනසන්න
දුක දැනෙන මතුදාට
සනසන්න නුඹ කොහිද..?

 

6. හිමි නොවුණු නෙතු

Image Source – lankamusicportal.com

බාචිත් 2014 අවුරුද්දෙදි අඬන සින්දුවක් එළියට දැම්මා. ඒක ඇවිල්ලා සුපිරි හිට් එකක් වුණා. හේතුව තමයි බාචිගේ ගායන හැකියාව සහ බොක්කටම වදින වචන ටික. බාචි මේකට පස්සෙත් මෙහෙම සින්දු ගහන්න ට්‍රයි එකක් දුන්නත් වැඩේ හරිගියේනම් නෑ. ඒ හන්දා මේක බාචිගේ ජනප්‍රිය වුණු එකම අඬන සින්දුව විදිහට ඉතිහාසගත වුණා.

හිමි නොවුණු නෙතු ඇඳුණු සිතුවම් අරන්
සුසුමක් පුරා හෙවුවෙ ඔය නිල් නුවන්
කඳුලකට අත වනන හදවත කොණෙන්
මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්

 

7. පූජා කරන්නම්

Image Source – giphy.com

බාචිලගෙ, රොමේශ්ලගේ අතේ තිබ්බ අඬන සින්දු බැටන් එක 2016 දී වගේ සඳුන් පෙරේරලගේ, සමිත් සිරිමාන්නලගේ අතට යනවා. අන්න එහෙම ආපු සින්දුවක් තමයි මේ. මේක ඇවිල්ලා පට්ටම හිට් එකක් වගේම විවේචන ගොඩකට බඳුන් වුණු ගීතයක්. හා… විවේචන වලට බඳුන් නොවී තියේයැ. කෙල්ල වෙනුවෙන් පන්සලට මලක් පූජා කරලා, ඒකත් සින්දුව ඇතුළේම කියනවනේ මේ හාදයා. තනිකරම සින්දුව ආගමික ශාස්ත්‍රාලයක් වගේ. සින්දුව පටන් ගන්න හැටියෙන්ම ඒක නම් තේරෙනවා.

පිංවන්ත වූ ඔයා
අමනාප වී එදා
අවලංගු කාසියක් කියා කිවුවේ ඇයි මෙමා..?

 

8. පිං මදිද දන්නෙ නෑ

Image Source – giphy.com

සඳුන් පෙරේරා එක්ක 2016 දීම ගේමට බහින්නේ සමිත් සිරිමාන්න. පිං මදිද දන්නෙ නෑ.. කරුමයද දන්නෙ නෑ… කියලා බෞද්ධ ආගමේ හරයාත්මක ධර්ම කොටස් කිහිපයක් සාකච්ඡාවට බඳුන් කරමින්මයි මේ අඬන ගීතය පටන් ගන්නේ.

පිං මදිද දන්නෙ නෑ
කරුමයද දන්නෙ නෑ
ගිලිහී ගියේ ඔයා මගෙන්
යළි නොඑන සේ එදා

 

9. දුකක් දැනෙන්න එපා

Image Source – youtube.com

“දුකක් දැනෙන්න එපා” කියලා මහ හයියෙන් කෑ ගහලා පටන් ගන්න මේ සින්දුවේ ආරම්භයම දුකක් කියලා හිතුණනම් ඒක ඔබේ වැරැද්දක් නෙමෙයි. ගායකයා සඳුන් පෙරේරා. ඔහුගේ හද පතුලෙන්ම එන හැඟුම්බර ගායනය හමුවේ මේ ගීතය ඇතුළේදී අපේ හදවත් විතරක් නෙමෙයි, කන් පවා දෙදරුම් කනවා.

දුකක් දැනෙන්න එපා
ඔබට නම් කිසිදා
ගියත් මගෙන් පෙරදා
නොගැලපෙන බව කියා

 

10. රත්නත්තරේ පිහිටයි

Image Source – giphy.com

ඔබ හිතුවද ලිපිය ඉවර හන්දා ඔබට රත්නත්තරේ පිහිට පැතුවා කියලා. නෑ නෑ. මේත් සින්දුවක්. මේක සමිත් සිරිමාන්නගේ. සමිත් සිරිමාන්නගේ “පෙනෙනා තෙක් මානේ” ගීතයේදී ඔහුගේ දක්ෂතාවය වඩා ඔප්නැංවිලා පෙනුනත්, ඊට පස්සේ ආපු ගීත වල ඔහු ඔහුගේ දක්ෂකම් වලින් ප්‍රයෝජන ගත්තේ නැති බවනම් කිව යුතුමයි. මේකත් ඇවිල්ලා ආගමික පසුබිමක් තියෙන ගීතයක්. පඬුරක් පවා මේ සින්දුව ඇතුළේදී ගැටගැහෙනවා දාලා ගියපු කෙල්ල නමින්. වෙන මොන කතාද..?

රත්නත්තරේ පිහිටයි මැණික මගේ සදා
ඉල්ලන්න බෑ වැඳලනම් යන්න එපා මා දමා
හොඳ දේ හොඳයි නරක වැරදියි
දන්නවනේ දැන් ඉතින් ඔයා…
හැරයන්න ගැලපෙන්නෙ නැතිනම් මා දමා…

ඉතින් ප්‍රිය රසික රසිකාවියනි… මෙහෙම ගියොත් සිංහල ගීත කලාවටනම් “රත්නත්තරේ පිහිටයි” තමා…

Cover Image Source – meekiri.com/ elakiri.com /youtube.com

admin

Share
Published by
admin

Recent Posts

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ කාරණා ඔබ දැනගෙන හිටියාද?

සැටලයිට් නැතිනම් චන්ද්‍රිකා ගැන මේ දවස් වල සෑහෙන කතාබහක් ඇතිවෙලා තියනවානේ. ඒ කතා බහ පටන්…

7 months ago

දරුවන් හදන කොට දෙමව්පියෝ කරන වැරදි, හැබැයි සමාජයේ ගොඩක් අය හිතාගෙන ඉන්නේ මේවා තමයි දෙමාපියන්ගේ ආදරය කියලා!

දරුවන් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. දෙන්නෙක් කසාද බැඳලා සෙක්ස් කිරීම පමණක්, ඒ සෙක්ස් කිරීමේදී…

8 months ago

කොල්ලගේ අම්මා එක්ක මෙන්න මේ දේවල් කවදාවත් කරන්න යන්න එපා!

මේ ආටිකල් එක අපි ලියන්නේ ගෑනු ළමයින් වෙනුවෙන්මයි. දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඉන්න ගෑණු ළමයෙක්…

8 months ago

ශිෂ්‍යයෙක් විදිහට ඔබගේ අනාගත වෘත්තීය ක්ෂේත්‍රය තෝරා ගන්නේ මෙහෙමයි!

දැන් පුංචි කාලේ අපෙන් කවුරුහරි ඇහුවොත් ලොකු වෙලා කවුරු වෙන්නද කැමති කියලා, අපිට කියන්න ගොඩක්…

8 months ago

ජීවිතේ උවමනාවට වඩා ඕනෑම නැති දේවල් කිහිපයක් – 2 කොටස

"ඕනෑවට වඩා ඕනෑම දෙයක් ඕනෑම නැත" කියල කතාවක් තියෙනවනේ. ඕකම තමයි සුද්දා කියලා තියෙන්නේ "ටූ…

8 months ago

ඇමෙරිකානුවන් සඳ මත පා තැබීම බොරුවක්ද? ඒක බොරුවක් නෙවෙයි කියන්න සාධක මෙන්න

ඇත්තටම මිනිස්සු හඳට ගියාද? ඔය ප්‍රශ්නේ, ලෝකෙ පුරා ඉන්න ගොඩක් අය අහන දෙයක්. එහෙම අහන්න…

8 months ago