අපි කටින් ගිය ට්‍රිප් කෙලින් ගියානං මේ වෙනකොට ලෝකෙ වටේ ගිහින් තියෙන්න ඉඩ තිබුනත්, මේ කියන්නෙ අවුරුද්දකට පාරක් ඔෆිස් එකෙන් යන ට්‍රිප් එක ගැන. ඒකෙදි අපි යාලුවො එක්ක සෙට් වෙලා යන ට්‍රිප්වල තරම් විශාල බැඳියාවක් තියෙනවාද කියන එක ප්‍රශ්නයක්. ඒ ඇයි කියල හිතන අයට කියන්න තියෙන්නෙ මෙච්චරයි. ඔෆිස් එක කියන්නෙ පාර්ලිමේන්තුවකටත් වඩා පොලිටික්ස් පිරිච්ච තැනක්. ඒ පොලිටික්ස්වල බැඳියාව නිසාම ඔෆිස් එකේ ඉන්න කිසිවකුට ඒ පොලිටික්ස්වලින් මිදෙන්නට බැහැ. අන්න ඒ නිසා ට්‍රිප් එකක් වුණත් තරමක් රහස් එහෙ මෙහෙ වෙන අමුතු තැනක් බවට ඔෆිස් ට්‍රිප් කියන උප කුලකයේදි පත්වෙනවා. කොහොමින් කොහොම වුණත් ඔෆිස් ට්‍රිප් එකක් ගියාම මේ කියන විදියට ඉන්න එක තමයි හොඳ.
1. ගර්ල්ස්

Source – britco.com
ඔෆිස් එකකදි ගැහැණු ළමයින්ට අවධානය යොමු වීම සහ බැලුම් හෙලීම්, බස් දෙඩීම් වැනි සිදුවීම් බොහෝ සිද්ධ වෙනවා. ඒ වුණත් කාර්යාල නීති රාමු ඇතුළෙදි එයට තරමක ප්‍රතිරෝධයක් කාර්යාලයෙන්ම එල්ල වෙනවා. මේක ඔෆිස් ට්‍රිප් එකකදි තරමක් ලිහිල් වෙනව නිසා ට්‍රිප් එක යන අයියලා නංගිලාව වුමන් කෙනෙක් කරන්න උත්සාහයක නිරත වෙනවා. ඒ තමුන්ගේ වුමන් විදිහට නොව පොදු සමාජයට වුමන් කෙනෙක් කරන්න දරන උත්සාහයක් නිසා ට්‍රිප් එක ඇතුළෙ හිත් නොහොඳ වීම් සිද්ධ වෙන්නට පුළුවන්. ඒක ට්‍රිප් එක ගිහින් හිත් ඇතුළෙ ගොඩ නැගිච්ච යම් තරමක හෝ සතුට නැති කරවන කාරණයක් වෙන්නටත් පුළුවන්.
2. ඔෆිස් වැඩ

Source – trbimg.com
ඔෆිස් වැඩ එදාටවත් අතාරින්න සිහියට ගන්න. මොකද ඔෆිස් එකෙන් සල්ලි වියදං කරල ට්‍රිප් එකක් එක්කගෙන යන්නෙ ලාබෙ අඩු කරගන්න ඕන නිසා නෙමෙයි. වැඩ කරන මිනිස්සුන්ගෙ ඔලුවට සහනයක් දෙන්නයි. ඒ දෙන සහනය ගන්න. එදාටත් වැඩ බදාගෙන ඉන්න එපා. එදාටත් වැඩ කරන්නම වෙනවනම් කට්ටියට කියල එදාටත් ඔෆිස් යන්න. මොකද ට්‍රිප් ගිහින් ලැප්ටොප් දිගෑරගෙන ඉන්න එක ටිකක් අවුල්.
3. බොස්

Source – trbimg.com
ඔෆිස් එකේදි බොස් කෙනෙක් ඉන්නවනෙ. ඒ අත්දැකීම් සහ හැකියාවන් මත උපයාගත්තු තනතුර වෙනුවෙන් යටත් සේවකයන්ගේ ගෞරවයක් අනිවාර්යෙන්ම ලැබිය යුතුයි තමයි. එහෙමයි කියල ට්‍රිප් එකක් ගියාම බොස්ට ගොට්ට අල්ලන එක අනිත් අය විසින් නැවතිය යුතුමයි. එහෙම වුනොත් බොස් අපහසුතාවයකට පත්වෙනවා වගේම ඔෆිස් එකේදි බොස්ට ගොට්ට ඇල්ලුවත් ට්‍රිප් එකේදි ෂේප් එකේ ඉන්න අයටත් තමුන්ගෙ ස්ථාන නැතිවේදෝ යැයි සිත් පීඩා ඇතිවෙන්නට ඒක හේතුවක් වෙනවා. ඇඩ්වෙන්චර් කෑම්ප් එකේදි බොස්වුනත් රොක් ස්ලයිඩින් කළ යුතුයි.
4. වැමෑරීම්

Source – wikihow.com
මේ දේ සමහරු අතින් සිද්ධ වෙන අතිශය නරක ක්‍රියාවක්. කොටිම්ම ළිඳ වටකර කාන්තාවො කරන චාටර් වැඩක්. ට්‍රිප් එකක් ගිහින් ඔෆිස් එකට ආවම ට්‍රිප් එකේ ඇතැම් පිරිසට වුණු අලකලංචි මතක් කරමින් ආතල් දෙන්නෙකු වෙන්නට උත්සාහ දැරීම තරමක් ලැජ්ජාශීලී තත්ත්වයක්. ඒ නිසා පසු ප්‍රයෝජනයට ට්‍රිප් එකේ කණ්ඩායම කරන වැඩ වීඩියෝ කරමින් සිටීම සැවොම එක්වී විරුද්ධ විය යුතු තත්ත්වයක්. එය පොදු සතුටින් විතැන් වූ කාරණයක් නම්, එය කිසිසේත්ම සිදු නොවිය යුතු බව සිහියට ගත යුතුමයි.
5. බැබලීම්

Source – jp.lt
ආයෙ ඉතිං බැබලීම් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. කට්ටිය ආසයි බැබලෙන්න, මිනිස්සුනෙ. හැබැයි ඉතිං ඔෆිස් ට්‍රිප් එක ගිහින් මං පොර වෙන්න හදන්න එපා. සාමාන්‍ය විදියට ජීවත් වෙලා ආතල් එකක් අරගෙන එන්න. හැම සින්දුවම කෑ ගහල කියන්න, තමුන්ට ඕන සින්දුම කියන්න, වීරයා වගේ නීට් ගහන්න, දුරම පීනන්න හදන්න එපා. චාටර් වෙයි.
6. ඇරියස්

Source – youtube.com
අරක්කු බිවුව කියල ඇරියස් එළියට දාගන්න එපා. ගෙදර ප්‍රශ්න සහ ඔෆිස් ප්‍රශ්න එකට කැටිකොට සාදා ගත් ඝන කර්කෂ ප්‍රශ්න අපේ ඔළුව උඩ තියාගෙන අපි ට්‍රිප් යනවා. ඒ දේවල්, සැඟවුණු වචන එළියට ගැනීමේ හැකියාවැති ද්‍රාවණයන් පානය කරන පිරිස අතින් ට්‍රිප් එක අවස්ථාවේ එළියට එන්නට ඉඩ තියෙනවා. මිතුර, ඔබ ඇයි මාගේ විදෙස් සංචාර අවස්ථාව පැහැරගත්තේ? මිතුරිය, මීළඟට මෙම කුටුම්භයේ දෙවැනි තැන වීමට පසුවූයේ මා වුවත් එක් ක්ෂණයකින් ඔබ එම ස්ථානය උදුරාගත්තේ කෙලෙසකද? සොහොයුර, අප එක්ව මධුපැන් පානය කර චපල ස්ත්‍රියක සේ මා කිවූ දෑ ඉවක්බවක් නැතිව මහතැනගේ කනේ තැබූයේ මන්ද? වගේ දෙබස් ට්‍රිප් එකේදි ඇති නොකරගන්නා තරමට හොඳයි.
7. වාත

Source – daviantart.com
අපි මේ දේ හංගලා කිවුවත්, පාඨක ඔබ එය විවර කර තේරුම් ගනියි යැයි අප විශ්වාස කරනවා. ට්‍රිප් ගියාම ඇඟ රත්වෙන්න ගිනි මැලයක්ම ඕන නැති නිසා ඒ දේ වෙනුවෙන් මිනිසා විසින් මිනිසාටම නිපදවූ භාණ්ඩ මිනිසා විසින් භාවිතා කරනවා. මේ භාණ්ඩ පමණ ඉක්මවා පානය කිරීම ඔෆිස් ට්‍රිප් එකක් පමණක් නොව ඕනම ට්‍රිප් එකක් ව්‍යසනයක් බවට පත් කරන්නට සමත්. ඒ වගේම එය ඔෆිස් ට්‍රිප් එකකදි ව්‍යසනයේ ප්‍රතිශතය වඩාත් ඉහළ නංවනවා. එය ඔබත් සමග එකම කල්ලියේ වැඩ කරන පිරිසට මහත් අපහසුතාවයක් වේවි. මේ ට්‍රිප් එකෙන් පසු ඔබ යළිත් ඔෆිස් යායුතුයි. එය සිහි තබාගත යුතුමයි. වමනෙ අදින්නයි, දෙහි ගාන්නයි තියන්නෙපා. ප්ලීස්!
Cover Image Source – mymemes.biz/ ommzi.com
Leave a Reply