චිත්‍රපට කිවුවම ඉතින් එක එක වර්ග වල චිත්‍රපට තියෙනවා නෙව. අපි මීට කලින් බොලිවුඩයේ නිමැවුණු සුපිරිම බයෝ පික් ෆිල්ම්ස් ගැනයි, “හොර” ෆිල්ම් ගැනයි ලිපි අරගෙන ආවා. ආ… ඒ විතරක් නෙමෙයි, ඊට කලින් අපි ඔබට හොඳම “හොරර්” ෆිල්ම් ලැයිස්තුවකුත් අරගෙන ආවා. අද අපි මේ ඔබත් එක්ක බෙදා හදාගන්න යන්නේ සත්‍ය සිදුවීම් ඇසුරෙන් නිමැවුණු සුපිරිම චිත්‍රපට කිහිපයක් ගැන තොරතුරුයි. බලන්නකෝ මේ චිත්‍රපට ඔබත් බලලා තියෙනවද කියලා.
1. Schindler’s List (1993)

Source – medium.com
ඔස්කාර් ෂින්ඩ්ලර් කියන්නෙ ජර්මන් ජාතික ව්‍යාපාරිකයෙක්. එ් වගේම නාසි පක්ෂයේ සාමාජිකයෙක්. ඔස්කාර් ෂින්ඩ්ලර් මහා මානව හිතවාදියෙක් හැටියට ඉතිහාසගත වෙන්නේ දෙවැනි ලෝක යුද්ධයේදි යුදෙවුවන් 1200කගෙ ජීවිත නාසි මරු කටෙන් ගලවාගැනීම නිසයි. එ් කතාව ඉතාම අපූරුවට සිනමාවට නගන්නේ ස්ටීවන් ස්පිල්බර්ග්. 1993 වසරේදී තිරගත කෙරුණු මේ චිත්‍රපටය ඔස්කාර් සම්මාන 7ක් දිනාගන්නට සමත් වුණා.
2. Neerja (2016)

Source – hotstar.com
1986 අවුරුද්දෙදී ත්‍රස්තවාදී සංවිධානයක සාමාජිකයන් කිහිපදෙනෙකුගේ පැහැර ගැනීමට ලක් වුණු මගී ගුවන් යානයක සිටි ප්‍රධාන ගුවන් සේවිකාව වන නීර්ජා බැනොට් ගේ කතාවයි මේ. ත්රස්තවාදීන්ගෙන් මගීන් ආරක්ෂා කරමින් ඇය එදා කළ අමරණීය සේවය මගීන් 359 දෙනෙකුගේ දිවි රැකදෙන්නට සමත් වුණා. සිනෙමාපටයේ නීර්ජාගේ චරිතයට පණ දෙන්නේ සෝනම් කපූර්. සිනෙමාපටයේ අධ්‍යක්ෂණය රාම් මධ්වානිගෙනුයි.
3. Zodiac (2007)

Source – justwatch.com
උතුරු කැලිෆෝනියා ප්‍රාන්තේ කිසිම හේතුවක් නැතුව සිදු කෙරෙන මිනීමැරුම් දාමයක් 1960 සහ 70 දශකයේ දකින්න ලැබෙනවා. මිනීමරුවා එකෙක් බව ඝාතන පරීක්ෂාවේදී පැහැදිලි වුණත් මිනීමරුවා සොයාගන්නට ලැබෙන්නෙ නැහැ. එහෙත් මිනීමරුවාම විවිධ රහස් පණිවිඩ හරහා තමන් මිනීමැරුම් සිදු කළ බව පවසන්නට ගන්නවා. මෙය විසඳෙන්නේ කුමන අයුරකින්ද..? ජේක් ගිලෙන්හාල්, මාක් රෆලෝ සහ රොබර්ට් ඩවුනි රංගනයේ යෙදෙන මෙය අධ්‍යක්ෂණය කළේ ඩේවිඩ් ෆින්චර් විසිනුයි.
4. Darkest Hour (2017)

Source – bbc.com
මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ වින්ස්ටන්ට් චර්චිල් ගැන කියැවෙන මේ කතා පුවත සත්‍ය කතාවක් මත පදනම් වූවක්. දෙවැනි ලෝක යුද්ධය ඇරඹීමත් සමග මහා බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වුණ චර්චිල්ගේ හිස මතට විශාල බරක් පැමිණෙන්නේ රටේ ඒ වන විට තිබූ යුද්ධමය බියත් සමගයි. ඒත් සමගින් ඔහුට තීරණය කරන්නට සිදුවෙනවා නාසීන්ට එරෙහිව යුද්ධ කරනවාද නැද්ද යන වග. සිදුවන්නේ කුමක්දැයි දැනගැනීමට චිත්‍රපටය අවසානය තෙක් නැරඹීම ඔබට භාරයි. ගැරී ඕල්ඩ්මන් චර්චිල්ගේ චරිතයට පණ පොවන මේ සිනමාපටය අධ්‍යක්ෂණය කළේ ජෝ රයිට් විසිනුයි.
5. 127 Hours (2010)

Source – justwatch.com
ඇරොන් රැල්ස්ටන් කියන සාමාන්‍ය තරුණයා 2003 අවුරුද්දෙ දවසක ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ තියෙන ග්‍රෑන්ඩ් කැනියොන් බලන්න යනවා. ඒ යද්දි එහි අතිශය ජන ශූන්‍ය ප්‍රදේශයකදී ඉහළින් වැටෙන ගලක් සහ දැඩි බිත්තියක් අතර ඔහුගේ අත හිරවෙනවා. අත එතනින් බේරාගත නොහැකි තැන ඔහු තීරණය කරනවා අත කපා ජීවිතය බේරාගන්නට. මේ දිරිය තරුණයාගේ කතාව 2010 දී තිරයට නැගෙද්දී ඇරොන්ගේ චරිතයට ජේම්ස් ෆ්රැන්කෝ විසින් පණ පොවණු ලැබුවා. අධ්‍යක්ෂණය ඩැනී බොයිල් විසිනුයි.
6. American Hustle (2013)

Source – deadline.com
මේක මොළකාර හොරෙක්ගේ කතාවක්. මේකත් ඇත්තම කතාවක් කියලයි කියවෙන්නේ. විස්තර කියනවට වඩා බලන එකම තමයි හොඳ. මෙහෙම කියමුකෝ. පොලිස් අත්අඩංගුවට ගන්න හොරෙක් තමන්ට වඩා ලොකු හොරෙක් අල්ලගන්න පොලීසිය සමග එකතු වෙලා වැඩ කරන්න පටන් ගන්නවා. මේක 1970 ඇමරිකාවේ නිවු ජර්සි ප්‍රාන්තයේ පොලීසියට ඇත්තටම මුහුණ දෙන්න වුණු සිදුවීමක් බවයි කියවෙන්නේ. ක්‍රිස්ටියන් බේල්, බ්රැඩ්ලි කූපර් රංගනයේ යෙදෙන මෙහි අධ්‍යක්ෂණය ඩේවිඩ් ඕ රසල් ගෙන්.
7. The Wolf of Wall Street (2013)

Source – itcher.com
ජෝඩන් බෙල්ෆෝට් කියන කොටස් වෙළඳපොළ ආයෝජකයගේ ඉහළට ඒමේ සහ පහළට යාමේ කතාව තමයි මෙලෙස දිගහැරෙන්නේ. 90 දශකයේ කොටස් වෙළඳපොළ කරලියට එන බෙල්ෆෝට්, අයථා ලෙස මුදල් ඉපයීම හරහා FBI අවධානයටද ලක් වෙනවා. චිත්‍රපටයේ බෙල්ෆෝට්ගේ චරිතය රඟපාන්නේ ලියනාඩෝ ඩි කැප්රියෝ. අධ්‍යක්ෂණය මාටින් ස්කෝසීස් ගෙන්.
8. Hotel Rwanda (2004)

Source – borgenmagazine.com
රුවන්ඩා රාජ්‍යයේ එක් ජන කොට්ඨාසයක් විසින් තවත් ජන කොට්ඨාසයකට අයත් ජනතාව සංහාරය කිරීමට පෙළඹෙන්නේ 1994 අවුරුද්දේදියි. මේ ජන කොට්ඨාස දෙක පිළිවෙලින් හූටු සහ ටුට්සි ලෙස හැඳින්වෙනවා. මෙහිදී එක් හූටු හොටෙල් කළමනාකරුවෙක් විසින් අසරණ වූ ජනතාව ආරක්ෂා කිරීමට ගන්නා ප්රයත්නය ගැනයි මේ සිනෙමාපටයේ කියවෙන්නේ. 2004 සිනෙමාවට නැගුණු මෙය අධ්‍යක්ෂණය කළේ ටෙරී ජෝජ් විසින්. ඩොන් චීඩල් ප්‍රධාන චරිතය නිරූපණය කළා.
9. Catch Me If You Can (2002)

Source – brooklynfitchick.com
අවුරුදු දහ නමය වෙද්දී හොර චෙක්පත් දහස් ගණනක් මුද්‍රණය කොට ලබා ගන්නා මුදල් වලින් ඩොලර් මිලියනපතියෙක් වෙන්න පුලුවන් කාටද..? එහෙම පුලුවන්නම් ඒ පුලුවන්කම තියෙන්නේ ෆ්රෑන්ක් ඇබග්නේල්ට විතරයි. 70 දශකයේ ඇමරිකාවේ ෆෙඩරල් රහස් ඔත්තු සේවය සසල කිරීමට සමත් වූ මේ ඇබග්නේල් ගේ චරිතයට මේ සිනෙමාපටය තුළ පණ පොවන්නේ ලියනාඩෝ ඩි කැප්රියෝ. අධ්‍යක්ෂණය සුපිරි අධ්‍යක්ෂක ස්ටීවන් ස්පිල්බර්ග් ගෙන්.
10. Apollo 13 (1995)

Source – drinkinggamezone.com
ඇපලෝ 13 යානය අභ්‍යවකාශ ගත වුණේ 1970 අවුරුද්දෙදියි. මේ අභ්‍යවකාශ යානය නැවත පෘථිවිය වෙත ගෙන ඒමේදී, යානය වීනාශ වීමකින් තොරව පෘථිවි ගත කරන්නට මෙහි සිටින ගගනගාමීන්ට දැඩි වෙහෙසක් ගන්නට වෙනවා. එයට හේතුව යානය තුළ සිදුවන විශාල අභ්‍යන්තර හානි කිහිපයක්. මේ සිනෙමාපටය අධ්‍යක්ෂණය කළේ රොන් හොවාර්ඩ් විසින්. ඒ 1995 අවුරුද්දේදියි.
11. Special 26 (2013)

Source – in.bookmyshow.com
මේක ඇවිල්ලා 1987 අවුරුද්දෙදි ඉන්දියාවේ වෙච්ච මහා සොරකමක් මත පදනම්ව නිපැයුණු චිත්‍රපටයක්. ඉන්දියාවේ “මධ්‍යම රහස් පරීක්ෂක ආයතනය එහෙමත් නැත්නම් CBI” විදිහට වෙස් වලාගන්න හොර කණ්ඩායමක් සිදු කරගෙන යන හොරකම් මාලාවක් ගැනයි කතාවේ කියවෙන්නේ. ආක්ශේ කුමාර් තමයි ප්‍රධාන චරිතය රඟපාන්නේ. අධ්‍යක්ෂණය නීරාජ් පාන්ඩේගෙනුයි.
මේ චිත්‍රපට බලලා තියේනම් දැන් ඔබ දන්නවා චිත්‍රපට පිටුපස තියෙන ඇත්තම කතාව. ඔබ බලපු තවත් සත්‍ය සහ රසවත් සිදුවීම් වලින් පිරි චිත්‍රපටි තියෙනවනම් පල්ලෙහයින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.
Cover Image Source – Lifie Graphics
Leave a Reply