නව තාක්ෂණෙත් එක්ක වැඩිපුරම දියුණු වෙච්ච දේ තමයි කමියුනිකේෂන් කියන්නෙ. ඇයි ඉතිං ස්පීඩ් වැඩිවීම්, සබඳතා ක්ලියර්වීම්, බොහෝ දුරකට සිග්නල් නොකැඩී පැතිරීම්, ස්මාට්ෆෝන් වගේ හැමදේම ඒ වෙනුවෙන් සුබවාදීව සෙට් වුනානෙ. හැබැයි ඉතිං ඉස්සර තිබුණු කමියුනිකේෂන් සිස්ටම්වල ආතල් එක දැන් ගන්න අමාරුයි. අන්න ඒ නිසා මේ දේවල් මතක් කරද්දි සමහරුන්ට හීල්ලෙන්න පුළුවන්.
1. පොත් අස්සෙන්
දැන් නං වට්ස්ඇප් ගෲප් තිබ්බට ඉස්සර ඉතිං ක්ලාස් එකේ ඔය කතා බතා ෂෙයා වෙන්නෙ පොතක් හරහා තමයි. සර්ට නොපෙනෙන්න පොතක් අස්සෙ දාපු චිට් කෑල්ලක් යාලුවොන්ට පාස් කරන්නෙ පණිවුඩ දෙන්න විතරක්මත් නෙමෙයි. ඔවුව අස්සෙ තිබුණා මඩ. තවත් වෙලාවකට ආදර කතා. තවත් වෙලාවකට කාට හරි බයිට් එකක් දෙන්න ගහන ප්ලෑනක්. කොහොමවුනත් පාඩම් වැඩක් ඇරෙන්න අනිත් හැමදේම ඔය පොත් අස්සෙ තිබුණා. සමහර දවස්වලට කරුමෙ හොඳටම පීක් එකේ තියෙද්දි සර් ඉස්සරහ ඔය පොත ඇතුළෙ තියෙන චිට් එක බිම වැටුණා.
2. වෑන් එනකං
කෙල්ල යන ස්කූල් වෑන් එක එනකං ඔන්ටයිම් බලාගෙන හිටපු කොල්ලො ගැන දැන් කට්ටිය කියන්න දන්නෙ නෑ. දැන් අය ඉතිං ටක් ගාලා ෆෝන් එකෙන් මෙසේජ් එකක් දාලා කෙල්ලව හම්බෙනවනෙ. හැබැයි ඉස්සර එහෙම නෑ. කෙල්ලගෙ ඉස්කෝලෙ ගාවට ඒ ඉස්කෝලෙ ඇරෙන ටයිම් එකට යන්න නං මේ ඉස්කෝලෙ ඉවරවෙන්න පැය බාගෙකට කලින්වත් පනින්න ඕන. ඊටපස්සෙ කෙල්ල ස්කූල් ගේට් එකේ සිට ස්කූල් වෑන් එකට යන තත්පර 12ක කාලය ඇතුළත, වෑන් ඇන්ටිගෙ ඇස් වහලා ගේමක් ගහන්න ඕන. ඔවුව හින්දි ෆිල්ම්වලවත් නැති විකාර කතන්දර මහත්තයො.
3. කඩේ කෝල්
හැම ගෙදරටම ටෙලිෆෝන් නැහැනෙ ඉතිං ඉස්සර. ගෙවල් ගාව කඩේට තමයි ෆෝන් එකක් තියෙන්නෙ. ගෙදරට කතා කරන්න ඕන මනුස්සයා කඩේට තමයි කෝල් එක දෙන්නෙ. කඩේට කෝල් එකක් දීලා කිවුවම කඩෙන් යවනව නියෝජිතයෙක් අදාළ පුද්ගලයගෙ ගෙදරට. පොර ඉතිං ගිහින් ගෙදර අදාළ මනුස්සයව කතා කරගෙන එනකං කෝල් එක ගන්න මනුස්සයා කනේ තියං ඉන්න ඕන ෆෝන් එක. සමහර වෙලාවට එච්චර වෙලා බලං ඉඳලා අර ගෙදර මනුස්සයා නෑ. ඉතිං ඔය කඩේ කෝල් සිස්ටම් එක අතිශය අසාර්ථක, එහෙත් කරන්න දෙයක් නැති කමට අතිශය හදිස්සි අවස්ථාවක විතරක් පාවිච්චි කරපු ක්‍රමවේදයක්.
4. පේෆෝන් බොක්ස්
කාඩ් වගේම කාසි එක්ක ගනුදෙනු කරපු පේෆෝන් බොක්ස්, රාත්‍රියට හරිම ලාබදායී කමියුනිකේෂන් ක්‍රමවේදයක්. හැබැයි ඉතිං පස්සෙ කාලෙක කොල්ලො තනිකරම ෆෝන්වල එල්ලිලා හිටපු නිසාමද කොහෙද පේෆෝන් බොක්ස්වල රිසීවර් එක යකඩෙන් හැදුවා. පේෆෝන් බොක්ස් වෙනුවෙන් නිකුත් කරපු කාඩ් අතරේ 1996 ලෝක කුසලානය දිනපු කණ්ඩායම ඇතුළත් කාඩ් එකට තිබුණෙ ඉහළ ප්‍රසාදයක්. ඉස්සර ඉස්කෝලවල ප්‍රිෆෙක්ට්ස්ලත් පර්ස් එක මහ ලොකුවට පිරෙන්න පේෆෝන් කෝල් කාඩ් පුරවගත්තු කොල්ලොන්ව අල්ලලා සමස්ථ ශිෂ්‍ය ප්‍රජාවෙම හතුරෝ වුනා.
5. නෝ රීඩයල්
ඇත්තටම ඩයල් කරන කට්ට ලොකුවටම තිබ්බෙ ඉස්සර පෙට්ටි ෆෝන් වල. ඇඟිල්ල දාන්න ඕන අදාළ අංකය තියෙන හිලට. ඉස්සර ටෙලිෆෝන් නොම්බරේකට අංක හයයි. පස්සෙනෙ තව ඉලක්කමක් ඉස්සරහට දැම්මෙ. කොහොමවුනත් ඔය අංක හය කරකවන්නත් නියම කට්ටක් කෑවෙ. දැන් වගේ හෑන්‌ඩ්ෆෝන් එකකට අංක දහයක් කරකවන්න වුනානං පිස්සු හැදෙනව සර්. ෆෝන් එක තියෙන අවට බුදුකුටිය වගේ තමයි. ඇයි ඉතිං ටෙලිෆෝන් ඩිරෙක්ටරිය, ඒ අසලින් අම්මා ලියපු නෑදෑයොන්ගෙ නොම්බර පොත, තව නෝට් බුක් එකක්. ටෙලිෆෝන් එක වදින මහා ඝෝෂාකාරී සද්දෙට මුළු ගෙදරම එතන.
6. කොපි කරද්දි
දැන්නං කොපි කරන්න එන කොල්ලො එන්නෙ ඉයර්ෆෝන් ගහගෙන, හැබැයි ඉස්සර කොපි කරන්නෙ අමුතුම ක්‍රමවලට. ඉස්සර කොපි කරද්දි කමියුනිකේෂන් සිස්ටම් වැඩකරන්නෙ හස්ත මාර්ගයෙන්. කොටිම්ම තනි අතෙන් 48 කියන ප්‍රශ්න අංකෙ පෙන්නන්නත් හැකියාව තිබුණු කොල්ලො අපි. ඒ දේවල් කරපු විදිය ආයෙ ක්‍රියාවට නැංවෙන එකක් නැහැ. මොකද දැන් ඉතිං ලේසියෙන්ම චූටි ෆෝන් එකක් ගෙනිහිං ඔය ගේම ඔයිට වඩා ලස්සනට ගහන්න පුළුවන්නෙ.
7. සීනි බාසාව
අපේ රැහෙන් පිට එවුන් ඉස්සරහ රැහේ අනන්‍යතාවය තියාගෙන කතාකරන්න ඉස්සර අපිට භාෂාවල් කිහිපයක් තිබුණා. එයින් ප්‍රසිද්ධම එකක් තමයි සීනි භාෂාව. දැන් අකුරක්වත් මතක නැතත්, ඉස්සර මන්තරයක් වගේ මතුරන්න පුළුවන්කම තිබුණු නිසා සීනි භාෂාව සමහර වෙලාවට අමතක වෙලා ගෙදරදිත් කියවුණු වෙලාවල් තියෙනවා. කොහොමත් ඉතිං ඒවා තනිකරම අතීතෙ. අපිට දැන් මතක නැතත්, ඔයාලට සීනි භාෂාවේ පේළියක් හරි මතකනං අපිටත් අනිත් අයටත් දැනගන්න එක්කම කියන්න.
Cover Image Source – pxhere.com
Leave a Reply